Posts

Showing posts with the label දෙමළ ජාතික සන්ධානය

දෙමළ ජාතික සන්ධාන නායකයන් නිදහස් දිනයට සහභාගි වීම හා දෙමළ ජාතිවාදීන්ගේ විරෝධය

Image
‍ දෙමළ ජාතික සන්ධානයේ නායක දෙපලක් වන සම්බන්ධන් හා සුමන්තිරන් ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුමට සහභාගි වීම දෙමළ ජාතිවාදීන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.  'නිදහස් සැමරුමට සහභාගී වීමට දෙමළ සන්ධානය වශයෙන් සාමූහික තීරණයක් ගෙන තිබුණේ නැහැ. ඒ වගේම මෙම උළෙලට සහභාගී වුවහොත්, දෙමළ ජනයාගේ අනාගතයට ඉන් බරපතල අනර්ථයක් වන බව ඊට පෙරදා අපි සම්බන්ධන් හා සුමන්තිරන්ට ඉතා පැහැදිලිව කියා සිටියා'යි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතිවාදයට පක්ෂපාතී සිංහල වෙබ් අඩවියක් වන JDS හා කියා සිටි බව වාර්තා කර තිබිණි. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෙසේ ද කියා තිබිණි.'අප විසින් පළකළ විරෝධය නොතකා මේ උළෙලට සහභාගී වීම ඉතාමත්ම කළකිරවන සුළුයි. දෙමළ ජනයාගේ සාමූහික අභිලාශයට විරුද්ධව කටයුතු කිරීම දෙමළ ජාතික සන්ධානයේ නායකයාට කිසිසේත් ගැළපෙන්නේ නැහැ.'  එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පැරදවීමටත්, මෛත්‍රීපාල සිරිසේන දිනවීමටත් දෙමළ ජනතාව ඡන්දය දුන්නේ දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම වූ ජනාධිපතිවරණය වර්ජනය කිරීම ප්‍රතික්ෂේප කරමිනි.  දෙමළ ජ...

දෙමළ සන්ධානයේ වලිය

දෙමළ ජාතික සන්ධානයේ වලියකි. මම නම් දකින පරිදි යා දෙක රත නො රත - එකට පෑහීමක් නැත යන කියමන මෙහිදී අදාළ ය. ඒ අනුව, දෙමළ ජාතිවාදී ප්‍රවණතාව නියෝජනය කරන එම්.කේ.සිවාජිලිංගම් වැනි ඩයස්පෝරා ඉත්තන්ට හා විග්නේශ්වරන් වැනි දෙමළ ලිබරල්වාදීන්ට එක ගෙයි කෑම අසීරු ය. වෙන් වීම සිකුරු ය. එසේම, දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් (දෙමළ රාජ්‍ය) පක්ෂ ආධිපත්‍යයට එරෙහිව කැරළි ගසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ්, සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් හා සිවාජිලිංගම් අයත් වන ‍ටෙලෝ කියන්නේත් එකට සිටිය හැකි පක්ෂ නො වේ. එහෙත්, මහින්ද රාජපක්ෂ පාලනය යනු මේ කියමන බොරු කළ එකකි. එහි නම් පට්ට ජාතිවාදී විමල් වීරවංශ හා ෆෙඩරල්වාදී ඩිලාන් පෙරේරා එක ලෙස රාජපක්ෂ පවුලට කඩේ යති. එම සාර්ථකත්වයේ රහස අන් කිසිවක් නොව, උපයෝගිතාවාදයයි. උතුරේ ඒක පාක්ෂික උපයෝගිතාවාදී සන්ධානයක් හා ඒකාධිපති පාලනයක් බිහි වනවාට වඩා මේ දේශපාලන පක්ෂ වෙන් වී බහු පක්ෂ ක්‍රමයක් බිහි වීම හොඳ ය. මුල් අදියරේදී ලිබරල් හා ජාතිකවාදී ආකාරයෙන් බෙදීම සිදු විය හැකි ය. ජාතිකවාදී එක ද පසුව එක ම රාමුවක් තුළ කටයුතු කරන්න...

උතුර අවුල්! අපි නම් ෂෝක්!

Image
දෙමළ ජාතික සන්ධානය දිනුවත්, උතුරු පළාත් සභාව අවුල් යයි දකුණේ සිංහලයෝ සතුටු වෙති.  තවම බෝනස් ආසනවලට පත් කරන අය ගැන හා ඇමති මණ්ඩලය ගැන දෙමළ ජාතික සන්ධානය තුළ සංවාද තිබේ.  දකුණේ නම් එහෙම නැත. පළාත් සභාවලට තරග කරන්නේත්, දිනන්නේත් මැති ඇමතිවරුන්ගේ පවුල්වල සාමාජිකයෝ ය. බෝනස් ආසන දෙන්නේත්, මහ හා පොඩි ඇමතිවරු පත් කරන්නේත් ජනාධිපතිට ඕනෑ හැටියට ය. ඕනෑවට වඩා නටන්නට ඇවිත් පස්ස බිම ඇන ගත් එක්කෙනෙක් අද අවසන් ගමන් ගියේ ය. දකුණේ සංවාද නැත. ඇත්තේ රාජපක්ෂ පවුලට ඕනෑ හැටියට වැඩ කිරීමයි. ඉතින් සතුටුද? උතුරේ සංවාද ය. බෝනස් ආසනයක් මුස්ලිම් ජාතිකයකුට  දීමට යෝජනාවක් තිබිණි. ‍එයට එතරම් විරෝධයක් නැත. එසේම කාන්තාවනට, වෙනත් සුළු ජාතීන්ට, සුළුතර ආගමික නියෝජිතයන්ට බෝනස් ආසනයක් මාරුවෙන් මාරුවට දීමේ යෝජනාවක් ද තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය කාන්තාවක් විසින් දිනා ගත්ත ද කාන්තා නියෝජනය මදි බවට අදහස් තිබේ. වයඹ හා මධ්‍යම පළාත් සභාවල‍ට කාන්තාවන් කීදෙනෙකු පත් වී තිබේ ද යන්න පිළිබඳ කිසිදු විමසුමක් දකුණේ තිබේ ද?  ආණ්ඩුකාරයා ඉදිරිපිට දිවුරුම් නො දීමට ද ජනාධිපතිවරයා යාපනයට ගෙන්වා ඔහු ඉද...

ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ

Image
නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් සන්ධානයක හැදෙන්නට ඔන්න, මෙන්න තත්වයකට ගොස් අකුරණ මුස්ලිම් ජාතිකයකු වූ ඇමති රාවුෆ් හකීම් නිසා එය වළක්වා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් වී තිබේ.  එකම බස කතා කරන එකම ජාතික මූලයක් සහිත මෙම ජනවර්ග දෙකේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය අතර මැතිවරණ සන්ධානයක් ගොඩනැඟුනානම් එය ඓතිහාසික දේශපාලන සන්ධානයක් වනු ඇත. දෙමළ හා මුස්ලිම් ජනවර්ගයන් අතර යහපත් සම්බන්ධයක් නැති මුත්, සෙස දේශපාලනසන්ධානය එවැන්නක පදනමක් වන්නට ඉඩ තිබිණි.  මෙම පක්ෂ දෙක අතර සන්ධානයකට මුල පිරුණේ නෝර්වීජියානු මැදිහත්වීමකින් බව දි අයිලන්ඩ් පුවත්පත පවසයි. එහි සත්‍ය අසත්‍යභාවය කෙසේ වෙතත්, එවැනි සන්ධානයක දේශපාලන වැදලත්කම ‍දෙමළ ජාතික සන්ධානය හෝ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවා බැරෑරුම් ලෙස ගත් බවක් දක්නට නො ලැබිණි.  මෙම සන්ධානය බිහි වූවා නම් බොහෝ දුරට නැගෙනහිර පළාතේ බලය එම සන්ධානයට හිමි වන්නට තිබිණි.  ශ්‍රී ලංකා මුස්ලිම් කොංත්‍රසය මුලදී මහ ඇමතිකම, ඇමති තනතුරු දෙකක් හා බෝනස් මන්ත්‍රීකම් තුනෙන් එකක් දෙන්නේ නම් පමණක් ප්‍රධා...

උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වන බව කියන්නට දෙයක් නො වේ

Image
කළ යුත්තේ වංචනිකව හෝ බල කිරීමෙන් හෝ කොඩිය අතට දීම නොව අවබෝධයෙන් ඉදිරියට යාමයි උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වේ යයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා ඇත.  මෙය අමුතුවෙන් කියන්නට දෙයක් නො වේ. උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වන අතර දකුණ අයිති සිංහල ජාතිකයන්ට පමණක් නො වේ.  එහෙත්, ලංකාවේ ජාතීන් අතර මේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව කවුරුත් දන්නා කරුණකි. ලංකවේ නිදහසින් පසු ඉතිහාසය මුළුමනින් ම මේ ප්‍රශ්නයේ ඉතිහාසයකි. රට වැනසූ තිස් අවුරුදු යුද්ධයකින් පසුව ද යමෙක් එවැනි ප්‍රශ්නයක් ඇති බව දැකීමට අසමත් වන්නේ නම් එය බරපතල ප්‍රශ්නයකි. උතුරේ ජීවත් වන බහුතරය දෙමළ ජනයා ය. යුද්ධය ඇරඹෙන්නට පෙර පවා තත්වය එසේ ය. එහෙත්, උතුරේ ආරක්ෂක, දේශපාලන, පරිපාලන, ආර්ථික ආදී සෑම ක්ෂේත්‍රයක ම බලය පතුරුවන ආරක්ෂක හමුදාවන්ගෙන් 99%ක් ම සිංහල ය. ඔවුහු වැඩි දෙනෙක් දෙමළ බස දන්නේවත් නැත.  දකුණේ මාතර දිස්ත්‍රික්කය පුරා දෙමළ හමුදා කඳවුරු පිහිටුවා එහි සියලු පාලනයට හමුදා මැදිහත් වන තත්වයක් තිබේ යයි සිතන්න.  එතැන ප්‍රශ්නයක් නැති යයි ඔලුවෙන් හිටගෙන කීවත් ලෝකය පිළි ගන්නේ නැත. බ්‍රිතාන්‍ය තානාපති...

සිංහල වෙනම රාජ්‍ය සංකල්පය පරදවමු! ලංකාව දිනවමු!

Image
අපූරු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.  සිංහල ජාතික පෙරමුණ නම් පක්ෂයක ලේකම් බව කියන ජයන්ත ලියනගේ නමැත්තකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙන් දෙමළ, දෙමළ ජාතික හා ඊලාම් වැනි වදන් සිය නමෙහි භාවිතා කරන දේශපාලන පක්ෂ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගෙන කටයුතු කරන බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තිබේ.  අප සාකච්ඡා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ගැන නොව, මේ තර්කය ගැනයි.  කිසියම් දේශපාලන පක්ෂයක් සිංහල හෝ මුස්ලිම් යන වදන් සිය නමෙහි භාවිතා කරනවා නම් එම පක්ෂ ද ඒ අනුව වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා විය යුතු ය. මන්ද, ලංකාවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවිය නො හැකි අන්දමින් ම වෙන ම සිංහල හෝ මුස්ලිම් රාජ්‍යයක් ද පිහිටුවිය නො හැකි ය.  එම තර්කය අනුව ලංකාවේ වසන එක ම ජාතිය ලාංකික ජාතිය පමණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ශ්‍රී ලංකාව වනාහි ශ්‍රී ලාංකික ජාතියේ දේශයයි. මෙම තර්කය අනුව, දේශපාලන පක්ෂයක් බව කියන සිංහල ජාතික පෙරමුණ ද, ජාතික හෙළ උරුමය ද, මුස්ලිම් කොංග්‍රසය ද, තවත් එවැනි පක්ෂ ද සිංහල හා මුස්ලිම් වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා ය.  ඇත්ත...

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී පුතා ජනාධිපති, ආරක්ෂක ලේකම් හා සරත් ෆොන්සේකා මරන්න හැදුවා ය කියා නඩු

Image
කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ රැඳී සිට කොටින්ගේ පරාජයත් සමග අවතැන් වූ ජනයා සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන පුරා මාස අටක පමණ කාලයක් කොළඹ අත්අඩංගුවේ තබාගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් රජය 2010 ජනවාරි මස විසින් නිදහස් කර තිබේ. ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නඟා නො තිබිණි. කනගරත්නම් මන්ත්‍රීවරයා යුද්ධයේ අවසන් අදියරේදී යුද මුක්ත කලාපයේ සිදු වූ සිදුවීම් පිළිබඳ ප්‍රබල සාක්ෂියකරුවකු වීම ඔහු මෙසේ රඳවා තබා ගැනීමට හේතු විය. සතාසිවම් කනගරත්නම් නිදහස් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමේ කොන්දේසියක් පිට බව දෙමළ ජාතික සන්ධානය පැවසී ය. මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහුට පොරොන්දු වී තිබුණු බව ඒ දිනවල වාර්තා විය. එසේම යුද්ධයේ අවසන් දිනවලදී ඔහු දුටු කිසිවක් ප්‍රකාශ නො කරන ලෙස ද ඔහුට උපදෙස් දී ඇති බව දැනගන්නට තිබිණි. කනගරත්...

රජය හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා හිර වේ; ඉදිරිය කුමක් ද?

(2011 අගෝස්තු 04,   W3Lanka )  ශ්‍රී ලංකා රජයත්, දෙමළ ජාතික සන්ධානයත් අතර බලය බෙදා ගැනීම පිළිබඳ සාකච්ඡා අවසන් වෙමින් ඇති බව පෙනේ. මෙම දෙපාර්ශ්වය අතර 10වන සාකච්ඡා වටය අගෝස්තු 04දා පැවැත්වුණ අතර 11වන වටයට දින යොදාගෙන නැත. දෙමළ ජාතික සන්ධානය කරුණු තුනක් ගැන රජයේ නිශ්චිත පිළිතුරක් ලබා දීමට දින 10ක කාලයක් ලබා දී තිබේ. රජය යෝජනා කරන බලය බෙදා ගැනීමේ ව්‍යුහයේ ස්වභාවය, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුවේ විෂයයන් පිළිබඳව හා මූල්‍යමය තත්වයන් පිළිබඳ කරුණු පැහැදිලි කර දෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලා ඇත. මේ වනාහි මෙම සාකච්ඡාවල තර්කානුකූල අන්තයයි. රජය සාකච්ඡා අතරමගදී කියා සිටි කරුණක් වන්නේ දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සියලු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවයි. දැනට දැන ගන්නට ලැබී ඇති අන්දමට, ‍එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ වැනි කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයක් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යාමට අදහසක් නැත. කෙසේ වෙතත්, රජය මේ මොහොතේ නම් ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන කතා කරන්නේ ද නැත. රජය උතුරු පළාත් සභාව පිහි...

රට බෙදමු ද? නො බෙදා රැක ගනිමු ද? / Shall we divide Sri Lanka or keep the unity?

Image
(2011 ජුලි 28,   W3Lanka )  පසුගිය කාලයේ ආණ්ඩුවේ ඇතැම් බලවේග විසින් දෙමළ නාසිවාදියකු ලෙස හඳුන්වන ලද එම්. ඒ. සුමන්තිරන් නම් දෙමළ ජාතික සන්ධාන මනිත්‍රීවරයා හොඳ ළමයකු බව ආණ්ඩුවට එක පාරට ම තේරී ඇත. අද දිනමිණේ මුල් පුවත ද සුමන්තිරන් ගැන ය. වැඩි දෙනා කැමැති විසඳුම පිළිගන්න දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්දිරන්ගෙන් දෙමළ ප්‍රජාවට අවවාදයක් රටින් පිට වී සිටින දෙමළ ජනතාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය වෙනස් කිරීමේ කාලය එළඹී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ලන්ඩනයේ දී ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ සටන ගැන එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාව ප්‍රශ්න කළ අවස්ථාවේ දී සුමන්දිරන් මහතා එසේ ප්‍රකාශ කර තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ලන්ඩන් ශාඛාව විශේෂ රැස්වීමක් සංවිධාන කර තිබූ අතර, එම රැස්වීමට එල්ටීටීඊ හිතවාදීන් මෙන්ම මධ්‍යස්ථ මතවාදීන් ද සහභාගී වී සිටි බව අපේ ලන්ඩන් නුවර වාර්තාකරු සඳහන් කරයි. සුමන්දිරන් මහතා මෙම රැස්වීම අමතද්දී එල්ටීටීඊ හිතවාදීහු දිගින් දිගටම ඒ මහතාට බාධා කළහ. එහිදී ඉතා දැඩි ලෙස අදහස් දැක්වූ සුමන්දිරන් මහතා කියා සිටි...

ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීමේදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කාරණාවලදි කෝ?

(2011 ජුනි 29,   W3Lanka )   උතුරු නැගෙනහිර ප්‍රශ්නය සඳහා විසඳුමක්‌ ඉදිරිපත් කිරීම රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට පැවරීමට තමන් තීරණය කළ බවත් ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවල එකඟතාවෙන් යුතුව සම්මත කරන ඕනෑම විසඳුමක්‌ තම රජය භාරගන්නා බවත්, පාර්ලිමේන්තු කාරක සභාවක්‌ තරම් එයට සුදුසු වෙනත් විකල්පයක්‌ නැති බවත්  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි.   ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේ ඊයේ (28 දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග සුහද හමුවේදීය. හා, හා, ඉතා ම ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක්! ඒත්, රටේ ලොකු ම ප්‍රශ්නය විසඳීමේ ලා ඇති මේ 'ප්‍රජාතන්ත්‍රවාදය' කෝ මේ ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කරුණුවලදී? මෙහෙම ස්ථාවරයක ඉඳිමින් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා වට හතක් (අද සාකච්ඡාවත් සමග) පැවැත්වූයේ පාර්ලිමේන්තුවෙන් අහලා ද? මීට පෙර පත් කරන ලද තිස්ස විතාරණ සමසමාජ ඇමතිගේ සභාපතිත්වයෙන් යුත් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සාකච්ඡා වට සියයකට වැඩි ගණනකින් පසු සම්පාදනය කරන ලද වාර්තාව තිස්ස විතාරණත් සමග ම කුණු කූඩයට විසි කළ...

ඉන්දියාවේ ලංකා ආණ්ඩුවේ කණෙන් අල්ලා හොල්ලා කී පසුවත් බැරි නම් ඉතින් බැරි දේ බෑ ම ය

(2011 මැයි 20,   W3Lanka )   විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්දියාවට ගියේ නම් එහි නායකයන් හමු වී රජය දරුස්මාන් වාර්තාව නමින් හඳුන්වන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට උපදෙස් දීම සඳහා පත් කළ කමිටුව විසින් සකසන ලද වාර්තාවට එරෙහිව ඉන්දියාවෙන් ප්‍රකාශයක් ලබා ගන්නටයි. දැන් මේ වාර්තාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට රටවල් සොය සොයා ඇවිද්දත්, ඇත්තෙන් ම ආණ්ඩුව මෙම කමිටුව හමු වී කරුණු ඉදිරිපත් කර ඇත. එහෙත් බාගෙට ය. ව විදේශ ඇමතිවරයා ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිං, විදේශ කටයුතු ඇමැති එස්.එම්. ක්‍රිෂ්ණා, මුදල් ඇමති ප්‍රනාබ් මුඛර්ජි, ජාතික ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් හා විදේශ ලේකම් නිරූපමා රාඕ සමග සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව, ඔහුගේ ගමන ඉහළ පෙළේ දූත ගමනක් බව පෙනේ. බොහෝ විට එය ලංකාවේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ලැබුණු ඉහළ ම අවස්ථාව වන්නට පුළුවන. නැතිනම් මේ වෙලාවේ යා යුතුව ඇත්තේ ජී.එල්. පීරිස් නොව බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි අයයි. මේ අය මින් පෙර ඉන්දියා ගොස් එකඟ වී ආ දේ නො කළ නිසා දැන් ඉන්දියාවට ආපසු පය ගහන්නට බැරි තත්වයක් තිබෙනවා විය හැකි ය. මී බෙටිත් බෙහෙතට ඕනෑ වනවා සේ ...

ජයලලිතා නම් අවාසනාවේ සාධකය | Jayalalitha the factor of misfortune

Image
(2011 මැයි 15,   W3Lanka )  ප්‍රභාකරන්ට වරදින විට සියල්ල වැරදුණේ ය. 2009 මැයි මස ප්‍රතිඵල නිකුත් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් කොංග්‍රසය ජය ගැනීම ද ජයලලිතා ජයරාම්ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වයෙන් යුක් සන්ධානය තමිල්නාඩුවේ පරාජය වීම ද ප්‍රභාකරන්ට අවාසිදායක ලෙස බල පෑවේ ය. ලංකාවේ යුද්ධයට එරෙහිව තමිල්නාඩුවේ ජනතාව තීරණාත්මක ලෙස පුබුදුවා ගැනීමට කොටි සංවිධානය අසමත් විය. මහ ඇමති කරුණානිධි සහ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකාවේ දෙමළජනයාගේ ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුමක් ලංකාවේ රජයෙන් ලබා දීමට කටයුතු කරන බවට තමිල්නාඩුවේ දෙමළ ජනයාට පොරොන්දු වූයේ ය. කොටි සංවිධානය සමූලඝාතනය කිරීම පිණිස අවසානයේදී ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේත්, තමිල්නාඩු රජයේත් පූර්ණ අනුග්‍රහය ලැබිණි. කොටි නායක ප්‍රභාකරන් ඝාතනය කර තව දින කීපයකින් දෙවසරක් පිරෙයි. ලංකාවේ දෙමළ ප්‍රශ්නයට තවමත් ස්ථිර විසඳුමක් දී නැත. තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයෙන් ලංකාවට විරුද්ධ නායිකාවක වන ජයලලිතා ජයරාම් ජයගෙන ඇත. ජයලලිතා ලංකාවේ නායකයන් යුද අපරාධ අධිකරණ වෙත ගෙන යා යුතු බව ප්‍රසිද්ධියේ පවසන්නියකි. එපමණක් නොව, ඉන්දියාව විසින් 1970 දශකයේ...

උතුරු නැගෙනහිර ඡන්දවලින් දිනුවේ කවුරුද? | Who won elections in north and east

(2010 අප්‍රේල් 12 -  W3Lanka )  යාපනයේ වලංගු ඡන්ද 721,359කින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 148,503ක් පමණි.  21%ක් පමණ වන මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයටත් වඩා අඩු ය. මෙය විශේෂයක් වන්නේ යාපනය 1995 සිට ම හමුදා පාලනය යටතේ පවතින 'නිදහසේ' කේන්ද්‍රස්ථානය නිසා ය.  ඡන්දය දුන් දෙමළ ජනයා ද දෙමළ ජාතික සන්ධානයට හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හට ඉතා හොද ප්‍රතිචාරයක් දක්වා නැත. එම පක්ෂය මෙම මැතිවරණය සඳහා ෆෙඩරල් මූලධර්ම මත පිහිටි බලය බෙදීමක් පිළිබඳ කියැවෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.  දෙමළ ජාතික සන්ධානයෙන් කැඩී ගිය වඩා ජාතිකවාදී ප්‍රවණතාවක් වන, කොටි සංවිධානයට වඩාත් සමීපව සිටි කුමාර් පොන්නම්බලම්, කේ. ගජේන්ද්‍රන් හා පද්මිනී සිදම්බරනාදන් යන හිටපු මන්ත්‍රීන් නියෝජනය කළ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට ලැබුණේ 5%ටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි. ඔවුන්ගෙන් කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නැත.  ආනන්ද සංගරී නායකත්වය දෙන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද, මඩකලපු දිස්ත්‍රික්කයට වෙනම තරග කළ පිල්ලෛයන්ගේ නායකත්වයෙන් යුත් ටී.එම්.වී.පී. පක්ෂය ද වන...

දෙමළ ජාතික සන්ධානයේ අර්බුදය දේශපාලනිකව කියවමු | Let us read the Tamil National Alliance problem politically

(2010 පෙබරවාරි 25- W3Lanka )   මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ඇති වී තිබෙන අර්බුදය දෙමළ ජාතික දේශපාලනයේ අර්බුදය ප්‍රකාශ කරන කැඩපතක් ලෙස දැකිය හැකි ය. මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීන් ගණනාවකට මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි වී තිබේ. නාම යෝජනා අහිමි වූ මන්ත්‍රීන් අතරින් ඇතැමෙක් ආණ්ඩුවට කඩේ ගිය අය වෙති. එහෙත් ඇතැමෙකුට නාම යෝජනා අහිමි වීම පිටුපස ඇත්තේ දේශපාලනික කාරණයකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික බෙදීම සලකුණු වන්නේ එතැනිනි. දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා අහිමි වඩාත් දේශපාලනික කොටස වනාහි දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය අවධාරණය කරන දැඩි ජාතිකවාදීහු වෙති. එහෙත්, මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ බලය හිමි වී තිබෙන්නේ ෆෙඩරල් පක්ෂය, ඊ.පී.ආර්.එල්.එෆ් හා ටෙලෝ යන පක්ෂ නියෝජනය කරන ලිබරල්වාදීන්ටයි. ඔවුහු මේ වන විට ඉන්දීය හා කොළඹ ආණ්ඩු සමග එක්ව සීමිත බලය බෙදීමක් භාර ගනිමින් ඒකීය ලංකාවක රාමුව තුළ ධනේශ්වර දේශපාලනයකට කැමැත්ත දක්වන පිරිසකි. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රමුඛ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය හා කොටි සංවිධානයට හිතවත්ව සිටි පිරිස් දෙමළ ජාතිකවාදී සටන් පාඨ අතහැර දැමීම පිළි...

දෙමළ බළල්ලු තිදෙනෙක් ආණ්ඩුවට එක් වෙති

Image
බළලා යනු කොටියාගේ මලයා ය. (2010 පෙබරවාරි 22- W3Lanka )   තංගේෂ්වරී කදිරගාමන්, එස්. කනගරත්නම් සහ ශිවනාදන් කිෂෝර් යන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තංගේෂ්වරී මන්ත්‍රීවරිය 2004 මහ මැතිවරණයේදී කොටි සංවිධානය විසින් මඩකලපු දිස්ත්‍රික් ලැයිස්තුවට එක් කරන ලද කරුණා ගැති කාන්තාවකි. සිවනාදන් කිෂෝර් පසුගිය සමයේ දිගින් දිගට ම ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ පුද්ගලයෙකි. ඉහත පළ වූ ඡායාරූපය අරලියගහ මන්දිරයේදී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිප වැළඳ ගනිද්දී ගනු ලැබූවකි. එස්. කනගරත්නම් මන්ත්‍රීවරයා වසරක පමණ කාලයක් තමන් නියෝජනය කළ කොටි පාලන ප්‍රදේශයේ රැඳී සිට යුද්ධයේ අවසානයත් සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණ අවතැන් කඳවුරක සිටියදී අත්අඩංගුවට ගෙන මාස අටකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ රඳවාගෙන සිට කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කරන ලද පුද්ගලයෙකි. මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහ...

දෙමළ ජාතික සන්ධානය බිඳවැටෙයිද?

Image
(2010 පෙබරවාරි 20- W3Lanka )   දෙමළ ජාතික සන්ධානය මේ වන විට දැඩි ලෙස ධනේශ්වර හා ඉන්දීය ගැති බලවේගවල ග්‍රහණයට ලක් වෙමින් ඇති බව ද, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ගණනාවකට ම නාම යෝජනා නො ලැබෙනු ඇති බව ද වාර්තා වේ.  පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ එම්.කේ. සිවාජිලිංගම්, එන්.ශ්‍රීකාන්තා, කේ. තංගේෂ්වරී, එස්. ගජේන්ද්‍රන්, පද්මිණී සිදම්බරනාදන්, සිවනන්ද කිෂෝර්, එස්. කනගරත්නම්, ටී. කනගසබෛ, සී.චන්ද්‍රනේරු ආදී මන්ත්‍රීවරු රැසක් නාම යෝජනා නො ලැබෙන පිරිස අතර වෙති.  මේ වන විට ‍දෙමළ ජාතික සන්ධානයේ ආධිපත්‍යය ආර්. සම්බන්ධන් (ඉලංකෛ අරසු කච්චි), සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් (ඊ.පී.ආර්.එල්.එෆ්.) හා සෙල්වම් අඩෛකලනාදන් (ටෙලෝ) වැනි පිරිසක් අතට පත්ව තිබේ. කොටි සංවිධානය බලවත්ව සිටි සමයේ එහි බලපෑමෙන් නාම යෝජනා ලැයිස්තුවලට ඇතුළත් වූ පක්ෂවලට අයත් නො වන මන්ත්‍රීන් හා ඉහත කී පිරිස අතර මේ වන විට ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.   කෙසේ වෙතත්, දෙමළ ජාතිය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සමගිය ආරක්ෂා කර ගන්නැයි දෙමළ ජනයා ...

ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමග එකඟතාවකට සැරසේ

(2010 පෙබරවාරි 13- W3Lanka )  මහ මැතිවරණයෙන් පසු බලය බෙදීම පිළිබඳ එකඟත්වයක් ඇතිව දෙමළ ජාතික සන්ධානය සමග මැතිවරණ ගිවිසුමකට එළඹීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය එජනිස සමග සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ නම් තම සන්ධානය ද ඊට සූදානම් බව එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත. මේ වන විටත් මෙම දෙපාර්ශ්වය අතර නිල නො වන සාකච්ඡා සිදු වෙමින් ඇති බව දැනගන්නට ඇත. එජනිස මෙම තීරණය සිංහල - දෙමළ සහභාගිත්ව දේශපාලනය අගයන අපගේ ගෞරවයට පාත්‍ර වේ. එජනිසට දැනට සබඳතා ඇත්තේ කොටි විරෝධී පදනමින් බිහි වූ අතුරු හමුදාවන් හා සම්බන්ධ දේශපාලන කල්ලි සමග ය. පශ්චාත් යුද කාලීන දෙමළ සමාජයේ මෙම බලවේග ප්‍රතික්ෂේප වී ඇති බව පසුගිය ජනාධිපතිවරණයෙන් ඔප්පු විය. මෙම කල්ලිවලට ඡන්ද සුළු ප්‍රමාණයක් හෝ ලබා ගැනීමට ඉවහල් වන භීෂණ තත්වයක් දිගට ම පවත්වාගෙන යාම යුද්ධයක් නැති පසුබිම තුළ දුෂ්කර ය. එබැවින් ජන බලයක් ඇති දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානයකට යාම ඉතා හොඳ දෙයකි. එමගින් එජනිස තුළ ඇති සිංහල ජාතිවාදී ප්‍රවණතා...

හිරේ ඉන්න පුතා බේරගන්න නිදහස ලද දෙමළ සන්ධාන මන්ත්‍රී මහින්දට වැඩ

Image
(2010 ජනවාරි 17 -W3Lanka)  වසරක පමණ කාලයක් තමන් නියෝජනය කළ කොටි පාලන ප්‍රදේශයේ රැඳී සිට යුද්ධයේ අවසානයත් සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණ අවතැන් කඳවුරක සිටියදී අත්අඩංගුවට ගෙන මාස අටකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ රඳවාගෙන සිට කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කරන ලද දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් නිදහස් කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමේ කොන්දේසියක් පිට බව දෙමළ ජාතික සන්ධානය පවසයි. මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහුට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.  එසේම යුද්ධයේ අවසන් දිනවලදී ඔහු දුටු කිසිවක් ප්‍රකාශ නො කරන ලෙස ද ඔහුට උපදෙස් දී ඇති බව දැනගන්නට ඇත.  දැනට මෙම මන්ත්‍රීවරයාට වවුනියාවේ මන්නාරම් පාරේ අලුතින් ඉදි කරන ලද රජයේ සංචාරක බංගලාවක් ද, රජයේ වාහනයක් සහ පොලිස් ආරක්ෂාව ද සපයා තිබේ.