දෙමළ ජාතික සන්ධාන නායකයන් නිදහස් දිනයට සහභාගි වීම හා දෙමළ ජාතිවාදීන්ගේ විරෝධය

දෙමළ ජාතික සන්ධානයේ නායක දෙපලක් වන සම්බන්ධන් හා සුමන්තිරන් ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුමට සහභාගි වීම දෙමළ ජාතිවාදීන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබේ. 

'නිදහස් සැමරුමට සහභාගී වීමට දෙමළ සන්ධානය වශයෙන් සාමූහික තීරණයක් ගෙන තිබුණේ නැහැ. ඒ වගේම මෙම උළෙලට සහභාගී වුවහොත්, දෙමළ ජනයාගේ අනාගතයට ඉන් බරපතල අනර්ථයක් වන බව ඊට පෙරදා අපි සම්බන්ධන් හා සුමන්තිරන්ට ඉතා පැහැදිලිව කියා සිටියා'යි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතිවාදයට පක්ෂපාතී සිංහල වෙබ් අඩවියක් වන JDS හා කියා සිටි බව වාර්තා කර තිබිණි. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෙසේ ද කියා තිබිණි.'අප විසින් පළකළ විරෝධය නොතකා මේ උළෙලට සහභාගී වීම ඉතාමත්ම කළකිරවන සුළුයි. දෙමළ ජනයාගේ සාමූහික අභිලාශයට විරුද්ධව කටයුතු කිරීම දෙමළ ජාතික සන්ධානයේ නායකයාට කිසිසේත් ගැළපෙන්නේ නැහැ.' 

එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පැරදවීමටත්, මෛත්‍රීපාල සිරිසේන දිනවීමටත් දෙමළ ජනතාව ඡන්දය දුන්නේ දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම වූ ජනාධිපතිවරණය වර්ජනය කිරීම ප්‍රතික්ෂේප කරමිනි. 

දෙමළ ජාතික සන්ධානය මේ වන විට වත්මන් ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියා කරයි. එය නරක දෙයක් ද? 

නිදහස් දින සමරුව යනු තවත් එක් කැලැන්ඩර් සැමරුම් දිනයක් මිස ගැඹුරු දේශපාලන හරයක් ඇති එකක් නො වේ. සමාජයේ මෙවැනි උත්සව තිබීම අප විසින් ඉවසිය යුතු කාරණයකි. සම්බන්ධන් මෙවැනි මඟුල් ගෙදරක ආවා ය කියන එක එතරම් කලබල විය යුතු කාරණයක් නො වේ. 

නිදහස් දිනයේ ප්‍රවර්ධනය කෙරෙන සිංහලයන් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩනගන ලද සිංහ කොඩිය ගැන හා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ගැන නම් සමාජයේ වැදගත් සාකච්ඡාවක් තිබේ. කොටි සංවිධානය සිංහයා වෙනුවට කොටියා යොදාගෙන නිර්මානය කරන ලද කොටි කොඩිය වෙනුවට උතුරු පළාත් සභාවට පළාත් කොඩියක් නිර්මානය කර ගැනීමෙන් හා දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම ගීයක් නිර්මානය කර ගැනීමෙන් සිංහ කොඩිය හා ජාතික ගීය එහෙම ම තිබියදී දෙමළ අනන්‍යතාව උත්කර්ෂයට නංවා ගන්නට හැකියාව තිබේ.

දෙමළ ජනතාව විසින් කළ යුතුව තිබෙන්නේ සිංහල මූලික ආණ්ඩුව විසින් බන්දේසියක තබා ජාතික විමුක්තිය ලබා දෙන තෙක් බලා සිටීම නො වේ.

එහෙමත් නැතිනම්, ත්‍රස්තවාදය යළි පණ ගන්වාගෙන යුද්ධයෙන් ඊලාම් රාජ්‍යයක් දිනා ගැනීමට සිහින දැකීම ද නො වේ.

ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පාලනය බලයේ තබා ගනිමින් දකුණේ පාලනය අස්ථාවර කර, සිංහල සමාජය ජාතිවාදයට තල්ලු කර ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ඔස්සේ ඊලාම් රාජ්‍යයක් දිනා ගැනීමේ උපායමාර්ගය ද දෙමළ හා මුස්ලිම් ජනතාව විසින් තීරණාත්මකව පරාජය කර තිබේ.

දෙමළ ජනතාව මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ බලය බෙදා ගැනීමේ පවතින ව්‍යූහයන් භාවිතා කරමින් හා ඒවායේ බලතල පුළුල් කර ගන්නට අරගල කරමින් සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමයි. සිංහල ජනතාව ජාතිවාදයෙන් මිදෙන්නට කැමැත්තක් පළ කර ඇති මොහොතක යළි ඔවුන් ජාතිවාදය වෙත තල්ලු කිරීමට උත්සාහ නො කළ යුතු ය.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් දෙමළ ජාතිවාදය තුළින් සෙවීම හෝ සිංහල ජාතිවාදී පදනමින් එයට එරෙහි වීම හෝ නවින දේශපාලනික ක්‍රියාමාර්ග නො වේ.

අප අරගල කළ යුත්තේ ලාංකීය පදනමින් වඩා පුළුල් දේශපාලන ප්‍රජාවක් ගොඩනගා ගැනීමටයි.

වාමාංශිකයන්ගේ හා ප්‍රගතිශීලීන්ගේ කාර්යය වන්නේ සිංහල හෝ දෙමළ හෝ ජාතිවාදීන් සමග එකතු වි එක් ජාතිවාදයකට එරෙහිව වෙනත් ජාතිවාදයක් ප්‍රවර්ධනය කිරීම නො වේ.

අප කළ යුත්තේ ජාතික සීමාවන් අතික්‍රමණය කළ පුළුල් දේශපාලන ප්‍රජාවන් වෙනුවෙන් පෙනි අරගල කිරීමයි.

සම්බන්ධන් හා සුමන්තිරන් නිදහස් උත්සවයට සහභාගි වීම ජාතිවාදී පදනමකින් විග්‍රහ කිරීම ඉතා ප්‍රතිගාමී ක්‍රියාවකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කතාව ඇත්ත තමයි.

    ඒත් ජාතිවාදීන් වීමේ වාස්තවික තත්වයන් නොමැතිවම සමහර සිංහලයන් ජාතිවාදීන් වෙද්දී දෙමළ අය ජාතිවාදීන් වීමේ අරුමයකුත් නෑ.

    මේ ජාතිවාදය පරාජය කිරීමට උපායශීලී වියයුතු බවයි මගේ මතය. ඒත්, වඩාත් සුදුසු උපාය මාර්ගය මොකක්ද කියන එක මාත් තවමත් සොයමින් ඉන්නේ.

    ReplyDelete
  2. pla ponnya yanna. ponna wadura. naki hiwala. OL pass nati mati rilawa. athal wade kiyanne dan thota hodata banna haki apita. thitai thoge daruwantai paramparawatai jathiyaka sapaya. danatama gedara kalabala neda???

    ReplyDelete
    Replies
    1. ඔය සියල්ල ඔබම ගන්න.

      Delete
    2. අඳුරේ සැඟවී වෙන උන්ට කුණුහරුප කියන්නෝ මානසික රෝගිහුය... මෙවන් අමනයින් අරගෙන ගොස් පිස්සන්කොටුවේ දමා නිසි ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙලක් ද මේ රටට අවශ්‍ය වන හැඩයි ....

      Delete
  3. ඔය සිංහළ දරුවන්ට දෙමළ උගන්වන එකයි.. දෙමළ දරුවන්ට හින්ගල උගන්වන එකයි.. ජාතික අපරාධයක්.. කාළය කා දැමීමක්.. මම හිතන්නේ දරුවන්ගෙන් 5% ක් වත් ඕකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ.. අනික ඒ දේ කළා කියලා ජාතික සමගිය ඇති වෙන්නේ නෑ. ඒ පීරියඩ් එකේ ස්පෝකන් ඉන්ගිලිසි උගන්වන එක ඊට වඩා ප්‍රයෝජනයි. හින්ගල හෝ වේවා දෙමළ හෝ වේවා කිසිම ජාතිවාදියකුට ජනමාධ්‍ය තුල ඉඩ දිය යුතු නෑ. ජනමාධ්‍ය නිදහසය කියලා.. ප්ලේබෝයි චැනල් එකත් දාන්නේ නෑ නේ.. මේ රට ත්‍රස්තවාදයෙන් බැට කෑවා හොඳටෝම ඇති. මාතලන්ගේ අදහස නම් සියළුම ජාතීවාදින්ට මාධ්‍ය තුල කිසිම අවස්ථාවක් ලබා දිය යුතු නෑ. මුස්ලිම් මිනිස්සුන්ගේ ලේ ඉල්ලන නානසාරට නම් අවස්ථාව අහිමි කරලා තියෙනවා. ඒත් තව දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ගම්මන්පිල හා මුසම්මිල්, ඔවුන්ගේ මාධ්‍ය සාකඡ්චා කවර් කලාට අවුලක් නෑ.. ඒත් ජාතිවාදී මතයන්ට ප්‍රසිද්ධ මාධ්‍යය තුල ඉඩදිය යුතු නෑ.. ඒ වගේම ඔවුන් සජීවී සකඡ්චා සඳහා කැඳවිය යුතුත් නෑ.. වචන අවි වලට වඩා ප්‍රභලයි.. සුළු ජාතින්ගේ සිත් තවත් රිදවිය යුතු නෑ.. අනික අස්සයා පැන ගියයින් පස්සේ ඉස්තාලේ වහලා ඉස්පිරිතාලේ ඕපන් කරගෙන ඉඳලා වැඩකුත් නෑ.. ඒක සුළු ජාතින්ටත් අදාලයි..

    නැත්නම් ඉතින් මාධ්‍ය නිදහස කියලා අයිසීස් කාරයොන්ගේ මතයත් මේ රටේ වපුරන්න එයි.. නියපොත්තෙන් කඩන්න තියෙන දේ.. නියපොත්තෙන්ම කඩා දැමිය යුතුයි..

    ReplyDelete
  4. පැරා, හෙනහුරා හා මාතලන් මේ සියළු දෙනාගෙම අදහස් ඉතා වැදගත්. සමාජයේ බහුතරයකට මෙම පණිවිඩය ලබාදියහැකි යාන්ත්‍රණයක් සෙවීම ඊටත් වඩා වැදගත්!

    ReplyDelete
  5. Mata hithenne Sambandan saha Sumanthiran yana paare issarahinma inna ona Vigneshwaran. Janathaa adhikaranaya ganna theendu Aluthkade theendu walata wadaaa wenas. Vigneshwaran eka therum ganna ona.

    ReplyDelete
  6. මාතලන් ගේ අදහසට එකඟ වෙන්න අමාරුයි. විය යුත්තේ කාගෙවත් අදහස් වාරණය කිරීම නොවෙයි. ප්‍රතිපක්ෂ මත ගැටෙන පසුබිමක් ජන මාධ්‍ය තුළ ඇතිකිරීම සහ ජනතාවට ඒවායින් නිසි අවබෝධය ලබාගත හැකි මට්ටමට අධ්‍යාපනයෙන් ජනතා චින්තන මට්ටම ඉහලට ගෙන ඒමේ ප්‍රබල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතු බව අප කියන්නේ එනිසයි. අකුරු කියවා ගැනීමේ හැකියාව සියයට කීය වුණත් අපි රටක් විදියට නුගත්, මෝඩ ,ගෝත්‍රික රටක්. ජාතිවාදය මෙච්චර ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ එනිසයි.

    ReplyDelete
  7. Jathin Athara samagiya Athikaranawa wenuwen,isalamikaranaya Nodekka wage indeemath maha waradak para,oya isis genawath wachanaya kiyanne/liyanneneththe,.Athe watalappanda?,Kate Buriyanida?

    ReplyDelete
    Replies
    1. අපගේ පැරණි ලිපි අතර සොයා බලන්න. අපි ඉස්ලාම් අන්තවාදය ගැන ඕනෑ තරම් ලිපි ලියා ඇත. අපේ රස්සාව මුස්ලිම් භීතිකාවක් නිර්මානය කිරීම නො වේ. ඒ රස්සාව සඳහා ගලගොඩඅත්තේ ඥානසාර වැනි අය සිටිති. අනෙක් පැත්තෙන් අයිඑස් ත්‍රස්තවාදීන් වෙනුවෙන් ලංකාවේ සහෝදර මුස්ලිම් ජනතාව පළි නැත. අයිඑස් සමග සටන් කරන්නට කැමති අයට ඉරාක හෝ සිරියා තානාපති කාර්යාල හරහා ඒ සඳහා අවස්ථාවක් ඉල්ලා සිටිය හැකි ය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා