නවක වධය හා අපායේ ඉන්ටවල් එකේදී දේශපාලනය කිරීම

මේ දිනවල නැවතත් රැග් කිරීම ගැන කතිකාවක් ඇති වී තිබේ. නවක වධය හේතුවෙන් මානසික ගැටලුවකට මුහුණ දුන් සිසුවියක සිය දිවි නසා ගැනීම එයට හේතුවයි.

ඇත්තෙන්ම නවක වධය විශ්ව විද්‍යාලවල බරපතල ගැටලුවකි. දේශපාලන කණ්ඩායම් ද සාමාජිකයන් බඳවා ගැනීම සඳහා නවක වධය භාවිතා කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ. සාමාන්‍යයෙන් මෙම වාමාංශික කණ්ඩායම්වල නිර්මානාත්මක චින්තනය ඉතා දුර්වල ය. මර්දනකාරී, ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා ගන්නා ලද ජනතා ක්‍රියාමාර්ග හමුවේ පවා ඔවුහු අවුල් වී සිටිති. මර්දනකාරී පාලනයක් නොමැති සංදර්භයක් තුළ දේශපාලනය කරන හැටි නො දන්නා ඔවුන් සරසවිවලදී නවක වධය නැති සංදර්භයක් තුළ දේශපාලනය කරන හැටි නො දැන සිටීම ගැන පුදුම විය යුතු නැත. 

නවක වධය යනු සරසවිවල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල පමණක් දක්නට ලැබෙන දෙයක් නො වේ. පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගන්නා මොහොතේ පටන් ම රජය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විදුහල්පතිවරු හා ගුරුවරු දරුවන් ද දෙමව්පියන් ද වධයට භාජනය කරති. විදුහල්පතිවරුන් මව්පියන්ට රැග් කරන්නේ විවිධ සම්මාදම්, ශ්‍රමදාන ආදිය හරහා ය. ගුරුවරියෝ රැග් කරන්නේ තමන්ගේ ටියුෂන් පංතියට ළමයින් ගෙන්වා ගැනීම, ගෙදර වැඩ ආදිය හරහා ය. 

එතැන් සිට පාසල් අධ්‍යාපනය පුරාවට විදුහල්පතිවර, ගුරුවරු, පංති නායකයෝ, ශිෂ්‍ය නායකයෝ, කැඩෙට් සාජන්ලා, ක්‍රීඩා නායකයෝ ආදීහු සිසුන්ට වධ දෙති. 10 ශ්‍රේණියේදී ළමයින් දිග කලිසම් ඇන්ද විට ලොකු අයියලා කප්පම් ගනිති. විශ්ව විද්‍යාලයට යන්නේ සිය පාසල් ජීවිතය පුරාවට අනුන්ගේ වධයට ලක් වූ හා අනුන්ට වධ දුන්, පරපීඩනය සමාජ සම්බන්ධකම්වල කොටසකැයි සිතන පිරිසකි. 

වයසින් වැඩිකම, ජ්‍යේෂ්ටත්වය, තනතුරෙන් ඉහළ වීම, පූජකවරයකු වීම, මාධ්‍යකරුවකු වීම, නඩුකාරයකු වීම, වෘත්තිකයකු වීම, වෘත්තීය සමිති නායකයකු වීම, පොලිසියේ හෝ වෙනත් ආරක්ෂක අංශයක හෝ සාමාජිකයකු වීම, ධනවතකු හෝ බලවතකු හෝ වීම වැනි හේතු මත මේ සමාජයේ මිනිස්සු නිතිපතා අනෙකා වධයට බඳුන් කරති.

කනිෂ්ඨයන් වධයට පාත්‍ර කිරීම ආරක්ෂක හමුදා, පොලිසිය, හෙද වෘත්තිය වැනි ඇතැම් රැකියාවල ආවේණික ලක්ෂණයකි. 

මේ සමාජයේ හැටි එහෙම ය. සාමාන්‍ය මිනිසකු නිල ඇඳුමක් අන්දා ගේට්ටුවක් ළඟ තැබූ විට එම පුද්ගලයා ඉතා පහසුවෙන් බලයෙන් අන්ධ වෙයි. රජයේ කාර්යාලයක ආරක්ෂක නිලධාරියකු ගැන විමසා බලන්න. එම පුද්ගලයා ඉන්නේ එතැනට සේවය ලබා ගැනීමට එන අයට උදව් කරනවාට වඩා ඔවුන් පෙළීමටයි. අපේ වගකීම සමාජයේ සෙසු සාමාජිකයන්ගේ කටයුතු පහසු කරමින් අප ද පහසුවෙන් ජීවත් වීම බව අප තේරුම් ගත යුතු ය. දැන් සිදු වන්නේ අප විවිධ සමාජ සන්නාහ ඇඳ පැළඳගෙන අනුන්ට වධ දෙමින්, ඊටත් වඩා අප වධයට බඳුන් වීමයි.

මේ බරපතල සමාජ ගැටලුව තේරුම් ගන්නට මෙම බ්ලොග් අඩවියේ පළ වන  කමෙන්ට් පමණක් වුව සෑහේ.

නවක වධය නැති කිරීම හුදෙක් නීතිවලින් පමණක් කළ නො හැකි ය. සමස්ත සමාජය ම ප්‍රජාතන්ත්‍රීයකරණය කළ යුතු ය. මෙය පටන් ගත යුත්තේ පාසලෙනි. 

එසේම, ලංකාවේ සියලු දේශපාලන පක්ෂ මෙන් ම සමස්ත සමාජයමත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජීවත් වන ආකාරය ගැන නැවත සිතා බැලිය යුතු ය. 

මන්ද, ප්‍රජාතන්ත්‍රවාදය දැන් අපට දරා ගත නො හැකි බරපතල ගැටලුවක් වී තිබේ. රාජාණ්ඩු හා මර්දනකාරී පාලකයන් ඉල්ලමින් ජනතාව වීදි බසින්නේ ඒ නිසා ය. 

පොලිසිය හා හමුදාව පුරවැසියන් මරා නො දමන, නීතියේ ආධිපත්‍යය පවතින, බිය වන්නට ත්‍රස්තවාදියකු නැති, දේශපාලකයන් සොරකම් නො කරන, රාජ්‍ය සේවය කාර්යක්ෂම, ආර්ථිකය සංවර්ධනය වන හා සාමකාමී වටපිටාවක ජීවත් වන්නේ කෙසේ ද යන්න ගැන ලංකාවේ සමස්ත සමාජයට ම පුහුණුවක් අවශ්‍ය ය. මන්ද, අප දැන් සිටින්නේ අප කැමති නම් ඉහත කී තත්වයන් සාපේක්ෂ වශයෙන් හෝ ඇති කර ගත හැකි මොහොතක ය. 

වාමාංශික සහෝදරවරුන් හා විමල් වීරවංශ වැනි රාජාණ්ඩුවාදීන් එකා මෙන් නැගී සිටිමින් එක හඬින් කියන්නේ මෙය අපායේ ඉන්ටවල් එකක් ය කියා ය. හොඳයි, මේක අඩු තරමේ ඔබේ ජීවිත කාලය තරම් දිග ඉන්ටවල් එකක් වුණොත් ඔබ කරන්නේ කුමක් ද?  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පරපීඩාකාමුකත්වය සියළුම ක්ශේත්‍රවල තිබෙන දෙයක්.පරපීඩාකාමුකත්වය එළියට පනින අවස්ථාවල ඊට වෙන වෙන නම් දෙන්නෙ නැතිව පරපීඩාකාමුකත්වය ලෙස හදුනාගන්න ඕන.ළමයින්ට කාන්තාවන්ට හිංසා කරන අය , ගමේ නගරයේ චන්ඩිය,ගුරුවරු, ආරක්ෂක අංශ වල අය වෙනත් නිළධාරීන්, නවක වදය දෙන අය මේ හැමෝම පරපීඩාකාමුකත්වයෙ ගොදුරු.
    මුලින්ම එය පරපීඩාකාමුකත්වය ලෙස හදුනාගත යුතුයි.ඊට වීරත්වය, යුක්තිගරුක බව , එයාගෙ හැටි වගෙ වෙනත් වචන භාවිතවන නිසයි.
    පරපීඩාකාමුකත්වයට විසදුමක් සොයා ගත යුතුයි.

    ReplyDelete
  2. මම පෑරා ලොක්ක එක්ක එකඟ වෙනව ....ඒත් පෑරා ලොක්ක හෑමදාම හෑමදේම විවේචනය කරනව....කවදාවත් ප්‍රශ්නයක් විසඳන විදිය කියන්නෙ නෑ....

    මම කියන්නෙ නෑ...පෑරා ලොක්ක දන්නේ විවේචනය කරන්න විතරයි කියල....

    ReplyDelete
    Replies
    1. මට සන්නස්ගල මතක් වෙනවා......"බාරගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ....."

      මට මාරයියා මතක් වෙනවා........"අන්න නයා. මෙන්න පොල්ල. අපි නම් සිල්....."

      Delete
    2. මාද්‍යකරු‍වා කියන්නේ ප්‍රශ්න විසඳිය හැකි කෙනෙක් නෙමෙයිනේ. ප්‍රශ්න විසඳිය යුත්තේ ප්‍රතිපත්ති සම්පාදකයෝයි. අපට පුළුවන් මග පෙන්වීමක් කරන්න විතරයි.

      Delete
    3. /මට මාරයියා මතක් වෙනවා........"අන්න නයා. මෙන්න පොල්ල. අපි නම් සිල්....."/

      මට මතක හැටියට නම් මාරයියා කිව්වෙ "මෙන්න මම...ඔන්න නැවුණා...අනේ මන්දා සරත්" කියලා.

      Delete
    4. umbe gaaenita sampadanaya karapan prathipaththiyak minissunta kathaa karana haeti, salakana haeti

      Delete
    5. පෑරා...නියම උත්තරයක් දීල තියෙන්නෙ ඔය....ඈයි පෑරා කියන විදියට මාධ්‍යකරුවෙක්ට සමාජයට පනිවිඩයක් ගෙනියන්න බෑරිද? ... මම නම් දන්න විදියට මාධ්‍යකරුවෙක්ට තමයි ඒක කරන්න ලේසී..පෑරා කියන විදියට ප්‍රශ්ණ වලට විසඳුම් සොයන්නෙ ප්‍රතිපත්ති සම්පාදකයො වෙන්න ඈති. මාධ්‍ය කරුවාගේ වගකීමක් මෙන්ම යුතුකම වන්නේ අන්න ඒ තෑනට හරි පනිවිඩය ගෙනියන එක....

      ප.ළි.
      මම හිතන්නෙ පෑරා ට මම කියන දේ තෙරෙන්න ඈති......

      Delete
  3. මේ දවස් වල මහින්ද රජා නැති වේදනාවෙන් විලාප තියන්නෙත් මෙම මානසිකත්වයට ගොදුරු වූවන්ය. මොවුන් යම්කිසි භීතියක් එටලස භීතිය පතුරු වන්නෙක් සටීමට කැමතිය.මෙම තත්වය තුල ඔවුන් නිර්මාණ්‍ය කර තිබූ රජා නොමැතිවීම ඔවුනට අදහාගත නොහැකිය.
    මෙම තත්වය නිවැරදි වීමට පැරා යෝජනා කරන පරිදිම වහල් මානසිකත්වයෙන් පාසැල් ලමුන්වත් මුදා ගැනීම වහා ආරම්භ කළ යුතුය. ඔවුන්ට ප්‍රජාත්නත්‍රවාදී හරයන් එන්නත් කල යුතුය.

    ඉන්දික

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්‍යාල වල නවක වදය යොදාගෙන මොළ හෝදන්නේ ජවිපෙ හා පෙරටුගමින්;

      Delete
    2. හරකො ඔතෙන්ට එන්නෙ,කාටවත් කියල මෙහෙයවන්න පුලුවන් මෝඩයො නෙමේ.විස්වවිද්යාලය කියන්නෙත් සමාජයෙම කොටසක්.මහින්දල ජරාවාස කරල තියෙන සමාජය හැදුනොත් ඔතනත් ඉබේම හැදෙයි.අපේ කාලෙ නවක වදය සුන්දර අත්දැකීමක් වුනේ ඒ හින්දයි.

      Delete
  4. "‘අළුත් යහපාලනයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ අන්තිම අවවාදය. අපිට තියන්නේ මේ රට නැවත ලේ විලක් කරන්න නෙවෙයි. ජනතාවට සාමය ගෙනත් දෙන්න’ යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් කියා සිටියේය.
    අග්‍රාමාත්‍යවරයා කිසියම් ආවේගයකින් එම කාරණය පැහැදිලි කළ නමුත් ඔහු ඉදිරිපත් කළ කරුණු අනුව බලන විට ඉහත කී ප්‍රකාශය කිසි සේත් මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවන බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ."

    යකෝ මේක පුදුම යහපලනයක්නේ, නිදහස් මාධ්‍ය කැදවම්කරු රටේ අගමැති විසින් මාධ්‍ය වලට තර්ජනය කිරීම අනුමත කරනවා! මුන්ගේ යහපාලනය නිදහස් මාධ්‍ය රෙද්ද පස්ල්ලෙන් බේරෙනවා

    ReplyDelete
  5. හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ඇඳුම් අරන් දීල පොන්නයෝ ගහන එක රසකරල බ්ලොග්වල ලියන ආචාර්යවරු ඉන්න විශ්වවිද්‍යාල වලින් නවකවදය හෝ පරපීඩකබාවය ඉවත් කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ඒක? ලින්ක් එක වත් දාල තිබුනනම් බලන්න තිබුන.

      Delete
  6. //මේ බරපතල සමාජ ගැටලුව තේරුම් ගන්නට මෙම බ්ලොග් අඩවියේ පළ වන කමෙන්ට් පමණක් වුව සෑහේ.//

    කොහොමද අද කමෙන්ට්ස්?

    ReplyDelete
    Replies
    1. අති විශිෂ්ඨයි සර්. (අදත් පැරා නාගත්තා වගේ.)

      Delete
  7. මමත් මධ්‍යස්ථ මතධාරියාගේ කතාවට එකඟයි. පර පීඩා කාමුකත්වය. ඒක තමයි නියම අර්ථ දැක්වීම. අපහාස කිරීමත් ඒකෙම කොටසක් (අපහාසාත්මක කමෙන්ට්ස් පවා).

    ඇත්තටම ඔය නවක වධය හරහා ඇති කරන හිංසන, වධ කිරීම් ආදිය පර පීඩා කාමුකත්වය නිසා වෙන දේවල් බව තේරුම් ගැනීම පළමුවෙන් කළ යුතුයි. (හැබැයි පැරා සඳහන් කරන සම්මාදම්, ශ්‍රමදාන, ටියුෂන් ආදිය වෙනත් කාමුකත්වයක්. ඒවට උත්තර හොයන එක එතරම් බරපතළ ගැටළුවක් නෙවෙයි)

    ප්‍රශ්නෙ තියෙන්නෙ, පර පීඩා කාමුකත්වය සහිත පුද්ගලයන් පුනරුත්ථාපනය කළ හැක්කේ කෙසේද යන්නයි. මේ වගේ තැන් වලදී මනෝ විද්‍යාඥයන්ගෙ මැදිහත්වීම ඉතා වැදගත්.

    ReplyDelete
  8. ගම්පහ රෝහලෙන් මගේ දුව මරා ගත්තා මියගිය සිසුවියගේ මව
    (ඊ.එම්. සෝමසිරි කුලියාපිටිය)

    අපේ ජීවිතේ දොස්තරලා අතට දෙන්නේ රැකලා සුරක්ෂිතව අපට ආපහු දෙයි කියන විශ්වාසයෙන්. ඒත් ඒ විශ්වාසය කඩ කරලා මගේ දුවගේ මරණය වුණේ රෝහ‍ලේ නොසැලකිලිමත්කම නිසා යැයි ගම්පහ දිස්ත්‍රික් රෝහ‍ලේ දී උරහිස් ආබාධයකට ශල්‍ය කර්මයක් කිරීමේදී නැවත පියවි සිහිය නොලබාම මිය ගිය දහසය හැවිරිදි කසුනි දේශිකාගේ මව ඉන්ද්‍රා දිල්රුක්ෂි මහත්මිය (38) හැඩූ කඳුළෙන් යුතුව පැවසුවාය.
    කසුනි දේශිකාගේ ගම කුලියාපිටිය, පහළ වීරඩුවය. කසුනි කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියාය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇය හුන්නේ ප්‍රතිඵල බලා‍පොරොත්තුවෙනි.
    කලක පටන් ඇගේ උරහිසේ පැවති ආබාධයකට ප්‍රතිකාර ගැනීමට ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ ඇය පසුදින නිවසට ආවේ පෙට්ටියක වැතිරී සිව් දෙනෙකුගේ කර මතිනි.
    කසුනිගේ මව වූ ඉන්ද්‍රා දිල්රුක්ෂි (38) මහත්මිය මේ ඛිෙදවාචකය ගැන හඬා වැළපෙමින් මෙසේ පැවසුවාය.
    මියගොස් ඇත්තේ මගේ ලොකු දුවයි. ‍පොඩි දුවට අවුරුදු 14 යි. අපි ‍පොහොසත් අය නොවෙයි. ඒ නිසා මේ දරුවො දෙන්නට උගන්වන්න මම විදේශ රැකියාවකට ගියා. අවුරුදු දෙකහමාරක් තැන් තැන්වල වැඩ කරල මීට මාස කීපයකට පෙර නැවත ලංකාවට ආවේ දරු පැටව් දෙන්නා බලාගන්න. ලොකු දුව සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා. මේ දරුවා දක්ෂයි. ඇය ඉහළින් පාස්වෙන බව ගුරුවරු පවා කිව්වා.
    කලක පටන් ඇගේ උරහිසේ ආබාධයක් තියෙන බව දුව කිව්වා. වරින් වර ඇගේ අත උරහිසෙන් පනිනවා. මේ ගෙදර හිටි කාලයේ ඒක සුවකර ගන්න ලොකු ඕනෑ කමක් තිබුණා. මේ නිසාම පසුගිය දවසක කුලියාපිටිය නගරයේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට දුව පෙන්නුවා. පරීක්ෂණ කීපයකින් පසුව දුවට ශල්‍ය කර්මයක් කළ යුතු බවත් ඒ සඳහා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් පමණ වැය වෙන බවත් කීවාට එතරම් මුදලක් අපට නැති බව පැවසූ විට ඔහු කීවා ඔහු සේවය කරන ගම්පහ මහ රෝහලට දුව ඇතුළත් කරන්න කියලා. ඒ අනුව අවශ්‍ය පරීක්ෂණත් කළා. දුවට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. අපි 19 වෙනිදා දුව ගම්පහ රෝහ‍ලේ 20 වාට්ටුවට ඇතුළත් කළා. 20 වෙනිදා දුව ශල්‍ය කර්මයට ගෙනගියා. මමත් වාට්ටුවේ හිටියා. පැය ගණනක් ගියත් දුව ගෙනාවේ නැති නිසා මමත් ශල්‍යා ගාරය දෙසට ගියා. එහි වෛද්‍යවරු හෙදියෝ කලබලෙන් සිටින බවත් හැසිරෙන බවත් මම දුටුවා. මට බය හිතුණා. මම බලෙන්ම වගේ ඇතුළට ගියා. වෛද්‍යවරු කීප දෙනෙක් දුව වටකරගෙන හිටියා. ඇගේ හිස කඩා වැටී ඇති බවත් දුටුවා. දුව ඇතුළු කිරීමට කියූ වෛද්‍යවරයාත් හිටියා. මම ඔහුගේ කකුල් දෙක බදාගෙන කීවා මගෙ දුව ගොඩදාලා දෙන්න කියලා අපි මේ කරන්නේ ඒක තමයි ඔයා එළියට යන්න කීවා... ශල්‍ය කර්මය සඳහා සිහිය නැති කළ දුවට නැවත සිහි ඇවිත් තිබුණේ නෑ...
    මේ මරණය තනිකර නොසැලකිලිමත්කම නිසා වූ දෙයක්. මට මරණ පරීක්ෂණ වාර්තාව වත් දුන්නේ නෑ... මේකට දෙවියෝ කරන්න ඕනෑ දේ කරයි. ඒත් නැවත මේ වගේ නොසැලකිලිමත් ලෙස දරුවෝ මරන්න මේ අයට අවස්ථාවක් නොදීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතු යැයි“ පැවසීය.
    පාස‍ලේ කැඩෙට් කණ්ඩායමේද සාමාජිකාවක වූ කසුනි පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ දී විදුහලට කීර්තියක් ගෙන එමින් ඒ සාමාර්ථ 9 ක් ගත් දක්ෂ සිසුවියක බව ඇගේ පන්තිභාර ගුරුතුමිය පවසන්නීය. ඉතා දක්ෂ ක්‍රියාශීලී කා අතරත් සුහදශීලීව සිටි දැරියක වූ කසුනිට අත්වූ මෙම ඉරණම ගැන ගුරු සිසු දෙපිරිසම මහත් කම්පනයකට පත්ව සිටින්නේ යැයිද ඇය පැවසුවාය.
    වෛද්‍ය විද්‍යාව තාක්ෂණය ඉතා දියුණු යුගයක සියලු පහසුකම් සහිත නගරයේ උසස්ම රජයේ රෝහලට උරහිසේ ආබාධයක් සුවකර ගැනීමට ඇතුළු වූ දීප්තිමත් අනාගතයකට හිමිකම් කියූ දැරියකට අත්වූ මෙම ඛිෙදජනක ඉරණම අත්වැරැද්දක් හෝ නොසැලකිල්ල කියා සිදුවූයේ නම් එය කෙතරම් අපරාධයක්ද? අසාධාරණයක්ද?
    රුපියල් සත වලට අහිංසක රෝගීන්ගේ දිවි පරදුවට තබා විවිධ වර්ජනවල යෙදෙන වෛද්‍ය බලධාරීන් නිලධාරීන් මෙැවනි අසාධාරණයන්ට එරෙහිව ගනු ලබන තීන්දු තීරණ කවරේද?

    පැමිණිල්ලක් ආවොත් පරීක්ෂණ පවත්වනවා

    - ගම්පහ රෝහල් අධිකාරි

    මෙම මරණය සම්බන්ධයෙන් අප ගම්පහ දිස්ත්‍රික් මහ රෝහ‍ලේ දී වෛද්‍ය අධිකාරි එච්.පී. ඩබ්. හේවාපතිරණ මහතාගෙන් ලක්බිම කළ විමසීමකදී ඔහු කීවේ මෙවැනි සිද්ධියක් පිළිබඳව මේ දක්වා තමා වෙත කිසිදු පාර්ශ්වයකින් පැමිණිල්ලක් නොමැති බවත්, එසේ පැමිණිල්ලක් ලද හොත් එය ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට යොමු කර අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

    ReplyDelete
    Replies
    1. පැමිණිල්ලක් නැත්නම් අකල් මරණයක් වුනත් හොයා නොබල්ලන්නෙත් මුන්ගේ අමනකම නැත්නම් වෙන කුමක්ද?

      Delete
    2. den ithin paraage gaeni ge rassawa hondaaa. . dostharalaa inaawanam okkoma illa aswaw! nurslata ispirithaala diyaw! -YASAPAALITHA_

      Delete
  9. එතකොට පැරා කියන්නෙ කසාදයක් බැන්දම වටේ උන්ට දෙන පාර්ටි එකත් රැග් එකක් කියලද ? ඒකනම් මරු අනේ .....

    ReplyDelete
  10. /මේ බරපතල සමාජ ගැටලුව තේරුම් ගන්නට මෙම බ්ලොග් අඩවියේ පළ වන කමෙන්ට් පමණක් වුව සෑහේ./

    ඒක නම් ඇත්ත පැරායියේ. හැබැයි අපේ මාරයියාගෙ බ්ලොග් එකේ වැටිච්චි කමෙන්ට් නම් එහෙම නෑ. මාරයියේ එළ එළ කියලා තමයි හැමෝම කමෙන්ට් කළේ. ඇයි මේ පැරායියගෙ බ්ලොග් එකේ වැටෙන කමෙන්ට් විතරක් වෙනස්? පැරායියාට රාහු ඒරාෂ්ටකයක් වත්ද?

    ReplyDelete
  11. //නවක වධය නැති කිරීම හුදෙක් නීතිවලින් පමණක් කළ නො හැකි ය. සමස්ත සමාජය ම ප්‍රජාතන්ත්‍රීයකරණය කළ යුතු ය. මෙය පටන් ගත යුත්තේ පාසලෙනි. //

    පැරා ප්‍රජාතන්ත්‍රීයකරණය කියන වචනයේ තේරුම දන්නවාද? එහෙම නම් බලන්න ඔබ එම වචනය යොදපු තැන එම වචනයේ නියම තේරුම තියේද කියා. ලොකු වචන දැමීමෙන් නොවෙයි ලිපියක් අර්ථවත් වෙන්නේ නිවැරදි වචන දැමීමෙන්.

    ReplyDelete
  12. අපි හිතනවා දුප්පත්, පොඩි තැන් වලින් එන මිනිස්සු හොඳයි කියල. ඒත් පැරා සහෝදරයා කිව්වා වගේ රජයේ ආයතන, ඉස්කෝල, රෝහල් හැම තැනකම සේවා ලබන්න එන මිනිස්සු පර පීඩනයට ලක් වෙනවා. පොඩිම තැනින් ආපු එකා තමයි පොඩිම මිනිහට කපන්නෙ. හීන මානය මුල් බැසගත්ත සමාජයේ ඔයදෙවල් ඉස්සරහටත් වෙයි. කැම්පස් ආපු දුප්පත් ළමයි මානසිකව වට්ටලා ලොකු උන්ගේ අදහස් උන්ගේ ඕලු වලට දානවා. හරිහමන් ඇඳුමක් ඇඳලා කඩෙන් කන්න සල්ලි තියන ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගිය එකෙක් දැක්ක ගමන් කාලකන්ණි ජෙප්පොන්ගේ අදහස් වලින් මොළේ කුරුවල් කරගත්තු උත්තමයෝ අර ළමයි මරන් කන්න හදනවා.. අර කිව්වා වගේ ඉස්පිරිතාලෙක හරි රජයේ ආයතනයක හරි වැඩකරන සික්කෝ, පහලම පංතියේ රස්සාවල් කරන එවුං, සල්ලි තියනවා වගෙ පේන එකෙක් දැක්කොත් උන්ට දෙකට නැවිල තමන්ගෙ තත්වෙම දුප්පත් මිනිස්සු කන්න හදනවා. පහල මට්ටමෙන් උඩට ආපු දොස්තරලා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට සල්ලි තියනවා වගේ පේන මනුස්සයෙක් ආවොත් "ඇයි මේකට ආවේ, ප්‍රයිවට් යන්න තිබ්බනේ" වගේ අදහසක් හිතේ දරාගෙන පුළුවන් තරම් ඒ මනුස්සයව රස්තියාදු කරනවා. හැමතැනම හීන මානෙයි ඉරිසියාවයි. ඔය දෙක තියනකල් සමාජයේ හැමතැනකම තියන රැග් කිරිල්ල නවත්තන්න බෑ..

    ReplyDelete
  13. Cheewara Dhaaree- Gampaha, Colombo usaavi wala nadaththu nadu walatath bhikshunwahansela enawaa-Karu Jayasooriya (BBC sinhala)

    ReplyDelete
    Replies
    1. නඩත්තුව ගෙවනවානම් කම් නැත.
      ප්‍රීති එකක් ගන්න තියෙන ලෝභකම?

      Delete
  14. නවක වදය නොහොත් නවක සිසුන්ට, රටේ බල පැවැත්වෙන නීතියට පටහැනිව සිදු කරනු ලබන් සියලුම ආකාර හිංසන ,ක්‍රියාවන් වහාම නැවැත්වීමට පියවර ගත යුතුය
    මේ සාඳා පහත දැක්වෙන් යෝජනා ඉදිරි පත් කරමි.
    01.තමනට් නීති විරෝධි ක්‍රියාවන් සිදු කිරීමට පැමිනෙන අයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා 'අවම බලය' භාවිතා කිරීමට නවක සිසුන්ට ඉඩ දිය යුතුය.
    02.උපාය දූතයන් යොදවා නවක වද කරුවන් අත් අඩංගුවට ගත යුතුය.
    03. සියලුම විශ්ව විද්‍යාලවල කලා පීඨ අහෝසි කල යුතුය.
    04. නවක වදය දී අසුවන සිසුන් සියලුම දෙනා වෙනම විශ්ව විද්‍යාලයකට කොටු කල යුතු අතර කිසිම නවක සිසුවෙකුට එයට ඇතුළත් නොකළ යුතුය.
    05. මෙම සියලුම ක්‍රියාමර්ග ඵල රහිත වුවහොත් මෙරට්ජනතාවගේ ප්‍රානය වන් දරුවන් ගේ ජීවිත ආරක්ෂාව සඳහා නවක සිසුන්ට හිංසා
    කරන සරසවි වල, පීඨ එකිනෙක කලකට වසා තැබියයුතුය.
    06. පෞද්ගලීක විශව විද්‍යාල හැකි තරම් විවෘත කල යුතුය.

    ජනතා පුත්‍ර

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා