ශිරානිට එරෙහි නඩුව හරි හැටි ඇහෙනවා ද?

පහත සඳහන් දිනමිණ වාර්තාව කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි. එය හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ඇති නඩු සම්බන්ධයෙනි. 

ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කර නෙරපා දැමූ ආකාරය වැරදි සහගත ක්‍රියාවක් බැවින් ඇය නැවත සේවයේ පිහිටුවීම සඳහා ආණ්ඩුව විසින් ගන්නා ලද පියවර අපගේ පැසසුමට ලක් විය. ශිරානි බණ්ඩාරනායකට සාධාරණත්වය ඉටු කිරීම සඳහා නීතිඥවරුන්ගේ මැදිහත් වීමෙන් උද්ඝෝෂණයක් සිදු වූ හෙයින්, තනතුරට සංකේතාත්මකව පත් වී ඉල්ලා අස් වීමට ඇය ගත් තීරණය ද අපේ පැසසීමට ලක් විය. 

එහෙත්, ඇයට එල්ල වූ විෂමාචාර චෝදනා බරපතල ය. සිය වත්කම්, බැරකම් ප්‍රකාශ නිවැරදිව ඉදිරිපත් නො කිරීම, විදේශ විනිමය ගනුදෙනු පාරදෘෂ්‍ය නො වීම හා නිවසක් මිළ දී ගැනීම සම්බන්ධයෙන් ඇය කටයුතු කර ඇති ආකාරය පිළිබඳ එල්ල වී තිබෙන මෙම චෝදනා නිසි පරිදි විමර්ශනය කළ යුතු ය. එහිදී ඇය වෙනුවෙන් නීතිමය බුරුලක් දිය යුතු නැත. 

මෙම නඩුවේදී ශිරානි බණ්ඩාරනායක වෙනුවෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා ද පෙනී සිටියි. එහි කිසිදු නීතිමය වරදක් නැති වුවත්, නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙන් ම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද වන වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු මෙම නඩුවේ නීතිඥයකු ලෙස පෙනී සිටීම ගැන අපගේ අවධානය යොමු විය යුතු ය.

මෙම නඩුවේදී අධිකරණය විසින් ඇයට හිටපු අගවිනිසුරුවරියක ලෙස පිරිනමන ලද ගරුසරු කිරීම් ඇය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ද යන්න ද අවධානයට ලක් විය යුතු ය. ඇය පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි රැඩිකල් ප්‍රකාශ කළේ නැත්තේ ඇයි?

(අද දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාව මෙසේ ය. එහි ‍ඇති භාෂාමය හා කරුණු සම්බන්ධ දෝෂ ගැන පුවත්පතේ කතුවරයාගේ අවධානය යොමු විය යුතු ය.)

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ ජාතික සංවර්ධන බැංකුවේ පවත්වාගෙන ගිය විශේෂ ජංගම ගිණුම් දෙකක තොරතුරු වසන් කළ බව කියන අල්ලස් නඩුව තවදුරටත් ඇයට එරෙහිව පවත්වාගෙන යන්නේ ද ? නැත්නම් ඉවත් කරගන්නේ ද ? යන්න සම්බන්ධ තීරණය ලබා දීමට අල්ලස් කොමිසම මාස දෙකක කාලයක් ඉල්ලා තිබෙන බවට ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය.
මෙවැනි ගිණුමක් සම්බන්ධයෙන් සිය සේවාදායිකාව කරුණු නොදන්නා බව පැවසූ ‍නීතිඥවරයා එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා මත ගිණුම් ආරම්භ කර තොරතුරු අන්තර් ජාලය වෙත මුදා හැර පුවත්පත්වල පල කිරිමට කටයුතු යොදා ඒ හරහා සිය සේවාදායිකාවට එරෙහිව දොෂාභියෝගයක් ගෙන ඒමට යම් කණ්ඩායමක් ක්‍රියා කළ බව පැවැසීය.

තමා මේ සම්බන්ධයෙන් වාචිකව අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂවරිය දැනුවත් කළ බව පැවසූ ලද්දුවහෙට්ටි මහතා පස්ස දොරෙන් නිදහස් වීමට සිය සේවාදායිකාවට කිසිසේත්ම අවශ්‍ය නොමැති බවත් මෙලෙස ව්‍යාජ නඩුවක් පැවරීමට ක්‍රියා‍ කළ බැංකු නිලධාරින්ට හා දත්ත පිට කළ බැංකු නිලධාරින්ට එරෙහිව ඉදිරියේ දී නීති මඟින් කටයුතු කරන බව පැවසීය.

මෙහිදි රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා පවසා සිටියේ ලිබිත වාර්තාවක් අධිකරණයට ගොනු කරමින් ජාතික සංවර්ධන බැංකුවේ දත්ත පාලනයක් මහ බැංකුව හරහා සිදු නොවන බවත් පරිගණක දත්ත පරික්ෂාවට විශාල මුදලක් හා කාලයක් වැයවන බැවින් දත්ත ප්‍රවේශය ලබා ගැනිමේ සාක්කිය විශේෂ සාක්කි අඥා පනතේ ප්‍රතිපාදන නොමැති හෙයින් සුවිශේෂි කරුණක් ලෙස නම් කර නඩුව නැවත විභාගයට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ විදේශ ගමන් තහනම මෙහිදි ඉවත් කරමින් නැවත ඇය වෙත විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමට නියම කළ ද ඇය විසින් විදේශ ගමන් බලපත්‍රය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ සම්පුර්ණව නඩුවෙන් නිදහස් වු පසුව එය බාර ගන්නා බවයි.

මෙහිදී හිටපු අගවිනිසුරුවරිය වෙත විත්ති කුඩුවෙන් බැස සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා පැවසුව ද තමා සාමාන්‍ය පුද්ගලයකු වන බැවින් නීතියට ගරු කොට විත්තිකරුවකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පවසමින් ඇය එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.
හිටපු අගවිනිසුරුවරිය සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ 2010, 2011 හා 2012 යන වර්ෂ සඳහා ජාතික සංවර්ධන බැංකුවේ පවත්වාගෙන ගිය ජංගම ගිණුම් දෙකක තොරතුරු ඇතුළත් නොකර ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

වර්ෂ 2010 ජුනි 9 දින 1975 වත්කම් බැරකම් ප්‍රකාශ කිරිමේ පණත උල්ලංඝනය කරමින් 9(1) වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිදු කර ඇති බවට වැඩිදුරටත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මෙසේ වර්ෂ තුනකට අදාළ නඩු තුනක් චෝදනා හයක් යටතේ හිටපු අගවිනිසුරුවරියට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති අතර බැංකු ගිණුම් විස්තර, වත්කම් බැරකම් ප්‍රකාශ, ජාතික බැංකු ගිණුම් විස්තර ඇතුළත්ව නඩු භාණ්ඩ හයක් හා සාක්කිකරුවන් 7දෙනකු කොමිසම විසින් අධිකරණය හමුවේ නම් කර තිබිණ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක , අල්ලස් කොමිසමේ නීති නිලධාරී සුභාෂිණි සිරිවර්ධන මහත්මිය පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ, ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි, නීතිඥ උපුල් ජයසුරිය, ගුණරත්න වන්නිනායක , උපාලි බණ්ඩාර , තිසර චාමර යන නීතිඥයින් පෙනී සිටියහ.

සිද්ධිය නැවත කැඳවීම අප්‍රේල් මස 27 වන දිනට කල් තැබිණ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා විසින් ගන්නා ලද අල්ලස් අඩංගු , ශිරන්ති රාජපක්ෂ නමින් ඇති බැංකු ගිණුම් 3 ක තොරතුරු රහස් පොලිසිය විසින් විමර්ශනය කර ඇතිබ වාර්තා වෙනවා. මෙම වාර්තා දැනට වැඩිදුර උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් මේ ගිණුම් වල මුළු වටිනාකම රුපියල් බිලියන 150 ඉක්මවන බවත් සඳහන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මාතර සුනිල්ව බැංකුවට යවල ගිණුම් විස්තර අපිටත් පේන්න දාමුකෝ..... ශිරන්තිගේ ඕන නෑ..... ගැහුවා කියල හැමෝම පිළිගන්න බැසිල්ගේ එකක් අල්ලමුකෝ...... විමලගේ හොර උප්පැන්නේ මිසක් විමල ගහපුවවත් අල්ලන්නේ නැත්තේ ඇයි?

      කඩේ ගියපු අය පව්නේ.......මහින්ද ආයේ එන්නේ නෑ.... බොරුවට කලබල වෙන්න එපා...... ඔය ෂෝ දාන්නේ නාමල්ට පාර හදල දෙන්න විතරයි..... ගහන එක මහින්ද නවත්තපු තැන ඉඳල මේ කට්ටිය පටන් ගන්නවා.......

      Delete
    2. රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැති වරයාට ඉන්දියන් රෝ ඔත්තු සේවය විසින් එළබෙන මහ මැතිවරණය සදහා ලබාදුන් මුදල් අඩංගු, මෙෙත්‍රි වික්‍රමසිං නමින් ඇති බැංකු ගිණුම් 3 ක තොරතුරු රහස් පොලිසිය විසින් විමර්ශනය කර ඇතිබ වාර්තා වෙනවා. එසේම ගිණුම් වල මුළු වටිනාකම රුපියල් බිලියන 250 ඉක්මවන බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් ඉහල බලදරයෙකු ගේ පලපෑම මත අදාළ විමර්ශන කටයුතු මේ වනවිට නැවතී ඇති අතර විමර්ශනයට සම්බන්ද නිලදාරීන් වෙනත් කටයුතු වලට අනුයුක්ත කොට බවත් සඳහන් වෙනවා.

      Delete
  2. /අද දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාව මෙසේ ය. එහි ‍ඇති භාෂාමය හා කරුණු සම්බන්ධ දෝෂ ගැන පුවත්පතේ කතුවරයාගේ අවධානය යොමු විය යුතු ය./

    පැරාට දිනමිණ දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑනේ.

    කෝ ඒ දවස්වල ලොකු ටෝක් දීපු බුවායියා, හෙන අයියා එහෙම.....දුමින්දලා සජින්ලා වැරදි කරලා නෑ වගේ නේද? වාහන දෙක දෙක දුන්නේ පෙට්‍රල් එක්ක...... පැරාට නම් කොන්ඩම් තියරිය සෙට් වෙලා වගේ නේද?.....කෝ අර නොනැවතී කරනවා කියපු අරගලය.......

    අපේ පැත්තේ රජාට සෙට් වෙලා කොන්ත්‍රාත් අරගෙන සල්ලි කාරයෙක් වෙච්ච එකෙක් යහපාලනයට කඩේ ගිය එකෙකුට කෝචොක් දැම්මේ මෙහෙම "හොක්කි හොක්කි හූ!! ලබන පාරත් මේ පාරට තාර දාන්නේ මම!!"

    හොක්කි හොක්කි හූ !!!

    ReplyDelete
  3. කලින් පොරොන්දු උනානම් ඔන්න ඔහෙ දිනමිණ මේ වයසක මනුස්සයට දීල දාන්ඩ...... බලන්ඩකෝ මේ එක දිගටම අඬන ඇඬිල්ල.....

    ගෙදර ගියාම ගෑනි නෝන්ඩි දානවා..... ඉස්කෝලේ ගියාම ළමයි හිනාවෙනවා..... කඩේට ගියාම මුදලාලි චාටර් කරනවා...... බඩුවක් ගහන්න ගියාම ඒකත් කෝචෝක් කරනවා...... කාටද මේක ඉවසන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. අපි දේශපාලනය කරන්නේ මෙවැනි සුළු අවස්ථා බලාගෙන නො වන බව ඔබට තේරුම් ගන්නට බැරි වීම මට නම් තේරුම් ගත හැකි තත්වයකි.

      Delete
    2. ඕකනේ ඉතිං..... දිනමිණ කතෘකම සුළු අවස්ථාවක්ලු.... එකපාර ලේක්හවුස් එකේ සබාපතිකම ඉල්ලනවා....

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා