ග්‍රීසියේ සිරිසා, දිල්ලියේ ආම් ආද්මි, ලංකාවේ .................?

ග්‍රීසියේ සිරිසා පක්ෂය පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ ජය යුරෝපා සංගමය තුළ කම්පන තරංගයක් ඇති කරන්නට සමත් වුණා. එයට හේතුව සිරිසා යනු ක්‍රම විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස නමක් දිනා සිටි පක්ෂයක් වීමයි. එවැනි පක්ෂයක් ධනේශ්වර යුරෝපා සංගමේ රටක පාලන බලයට පත් වීම දෙස යුරෝපා සංගමය බැලුවේ සැකමුසුවයි.

පසුගිය සතියේ දිල්ලි රාජ්‍ය සභා මැතිවරණයේදී අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය ලැබූ ජයග්‍රහණය ගැන අපි ගිය සතියේ සටහන් කළා. ආම් ආද්මි යනු දූෂණ විරෝධී දේශපාලනය තුළින් මතු වී ආ පක්ෂයක්.

විරෝධතාවලට නායකත්වය දීමෙන් ජනප්‍රිය වූ ආම් ආද්මි, සිරිසා වැනි පක්ෂ බලයට පත් වූ පසුව කුමන ආකාරයෙන් කටයුතු කරාවි ද යන්න ගැන විවිධ අසුබවාදී පුරෝකථන තිබෙනවා. එසේම, ආම් ආද්මි පක්ෂය මීට පෙර 2013දී දිල්ලි රාජ්‍ය සභාවේ බලය ලබා ගත් අවස්ථාවේත් ඔවුන්ට පාලනය ගෙන යන්නට හැකි වුණේ දවස් 49ක් පමණයි.

මේ වන විට ස්පාඤ්ඤයේත් ‍'අපට පුළුවන්' යන අරුත දෙන Podemos නම් පක්ෂය වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඔවුන් මීළඟ මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවන්නට විශාල ඉඩක් තිබෙනවා.

ඉදිරි මාස කීපය ඇතුළත ලංකාවේත් මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. මේ මහ මැතිවරණයේදී ජවිපෙ ශක්තිමත් කළ යුතු ය කියන ස්ථාවරයේ සිටින සැලකිය යුතු පිරිසක් අපට හමු වෙනවා. ආම් ආද්මි, සිරිසා හා ජවිපෙ වැනි දේශපාලන ව්‍යාපාර අතර එක්තරා සමානත්වයක් තිබෙනවා. මේ ව්‍යාපාර ආරම්භ වන්නේ ක්‍රම විරෝධී විභවයකින්. ධනේශ්වර ක්‍රමයේ දූෂණ, අක්‍රමිකතා හා ජන පීඩනයට එරෙහිව කරන අරගල ඔස්සේ ඔවුන් ජනප්‍රියත්වයට පත් වෙනවා. ඉන් අනතුරුව ජනතාව ඔවුන් බලයට පත් කළ යුතුයි කියන තැනට එනවා. ඒත්, ඒ වන විට ඔවුන් පිළිබඳ අසුබවාදී අදහස් පැතිරෙන්නට පටන් අරගෙන ඉවරයි. ඉතින් ඔවුන්ට සිදු වෙනවා ධනවාදයේ ප්‍රධාන බලවේගවල විශ්වාසය දිනා ගැනීම සඳහා කටයුතු කරන්නට. 

ඔවුන් සාමාන්‍යයෙන් මුලින් මතු වන්නේ සමාජවාදී විසඳුම් ප්‍රවර්ධනය කරගෙනයි.  ඒත්, බලය ලබා ගැනීමට ආසන්න වකවානුව වන විට ඒ වෙනුවට මධ්‍යස්ථ ප්‍රතිපත්ති  ඉදිරියට ගැනීමට ඔවුන්ට සිදු වෙනවා. එහෙම වෙන්නේ ඇයි? මේ කාරණය සිරිසා පක්ෂය සම්බන්ධයෙන් බල පෑ හැටි ගැනයි මේ කරුණු කීපය.

රැඩිකල් වාම සන්ධානය ‍සිරිසා කියන නම ලබන්නේ ග්‍රීක් බසින් එන Synaspismós Rizospastikís Aristerás වචනවලිනුයි. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්, වාම ජනප්‍රියවාදීන්, හරිත වාමවාදීන්, මාඕවාදීන්, ට්‍රොස්කිවාදීන්, යුරෝ කොමියුනිස්ට්වාදීන් මෙන් ම යුරෝපා විරෝධීන් ආදීන්ගෙන් ද සමන්විත දේදුනු සන්ධානයක්.  ඒ අතරින් විශාල ම කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සිස් සිප්‍රාස් තමයි සිරිසා පක්ෂයේ පාර්ලිමේන්තු නායකයා. සිරිසා පක්ෂය නිල වශයෙන් දියත් වුණේ 2004දීයි. 2012 වන විට එය රටේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුණා.

සිරිසා පක්ෂය තරමක් දුරට යුරෝපා විරෝධී පක්ෂයක් ලෙස සලකන්නට පුළුවන්. සිරිසා පක්ෂයට පිටින් ග්‍රීසියේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයත් ප්‍රබල පක්ෂයක් ලෙස පවතිනවා.

ජනවාරි 25දා පැවති මහ මැතිවරණයේදී සිරිසා පක්ෂය ඡන්දවලින් සියයට 36.34ක් ලබාගෙන ආසන 300ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 149ක් දිනා ගත්තා. කලින් බලයේ සිටි අගමැති අන්තෝනියෝ සමරාස් නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 76ක් පමණයි.

ග්‍රීසියේ ආර්ථිකය පසුගිය සමයේ දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා. එයට මූලික හේතුව වුණේ අධික ලෙස ණය ගැනීමයි. ලංකාවේ ආණ්ඩුවත් ග්‍රීක විදේශ බැඳුම්කරවල මුදල් ආයෝජනය කර පාඩු ලැබුවා. ණය ගෙවා ගන්න ග්‍රීක රජයට බැරි වුණා. ග්‍රීක් ආර්ථිකය කෙළින් කර තැබීම සඳහා යුරෝපා සංගමය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඇප ලබා දීම සඳහා පනවනු ලැබූ කොන්දේසි හේතුවෙන් ග්‍රීසියේ ජනතාව දැඩි දුෂ්කරතාවකට පත් වුණා. සුබසාධන වියදම් කප්පාදු කර දැමුණා. විරැකියාව බරපතල ප්‍රශ්නයක් බවට පත් වුණා.

සිරිසා පක්ෂය ජනප්‍රිය වුණේ මේ කොන්දේසිවලට එරෙහි උද්ඝෝෂණ සමගයි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කතා කරමින් සිරිසා නායක ඇලෙක්සිස් සිප්‍රාස් පැවසුවේ ග්‍රීසිය හා යුරෝපය සඳහා ඔහු “නව ශක්‍ය විසඳුමක්” ඉදිරිපත් කරන බව යි. යුරෝපා සංගමය, යුරෝපා මහබැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ත්‍රිත්වයේ ඇප කොන්දේසි ඔහුගේ දැඩි විරෝධයට ලක් වුණා. අලුත් සාකච්ඡාවලදී ග්‍රීසිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වත්මන් ඇපදීමේ කොන්දේසි දීර්ඝ කිරීමට සිරිසා ආණ්ඩුව එකඟ වී නැහැ.

සිරිසා අත්දැකීම ගැන අප හැදෑරිය යුතුයි. වාමාංශික හා රැඩිකල්වාදී පක්ෂවලට දැන් විරෝධතාවෙන් ඔබ්බට ගොස් රාජ්‍ය බලය මෙහෙයවීමට සිදු වන තත්වයක් මතු වී තිබෙනවා. මේ තත්වය ලංකාවේත් දකින්නට ලැබෙනවා. හැමදාමත් විරෝධය පළ කරමින් ඉන්නවා වෙනුවට විසඳුම් සඳහා අත්හදා බැලීම් කරමින් ඉදිරියට යන්නට වමට සිදු වී තිබෙනවා. ග්‍රීසියේ සිරිසා පක්ෂය බිහි වුණේ මේ උවමනාව වෙනුවෙන්. විවිධත්වයක එකමුතුවක් වූ එයට ඊළඟට සිදු වෙනවා සිය මුල් කාලීන සම්මුති විරහිත දේශපාලනය වෙනුවට ධනවාදය සමග යම් සම්මුතිවලට යන්නට. හේතුව පරමාදර්ශී සමාජවාදී විසඳුම් ඉදිරියට ගන්නට හැකියාවක් නැතිකමයි. මෙය සංකීර්ණ තත්වයක්. ඒ වගේ ම මගහැර යන්නත් බැරි තත්වයක්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ග්‍රීසිය වැටුනෙ 2%ක 3% ක ආර්ථික වර්ධනයත් රැකියා වියුක්තියත් නිසා. ඔය දෙකම ලන්කාවෙ උනෙ සම්පූර්න අනිත් පැත්ත. ඒක නිසා අපිට ඔන ක්‍රම විරොධයක් නෑ.

    ReplyDelete
    Replies
    1. එතකොට ඉන්දියාවේ?

      - Dimithri

      Delete
    2. අරවින්ද් කෙජ්රිවාල් කියන්නේ ක්‍රම විරෝධියෙක් කියල කවුරුහරි කියනවනම් එයාගේ චුන් එයාට චුන්. මෝඩි ට වඩා හොදට ධනවාදය, විවුර්ත ආර්ථිකය අරන් යන්න ඕන කියල මිනිහ කියනේ. ක්‍රම විරෝදී වමේ පක්ෂ වලට දිලියේදී ඇපත් නෑ.

      Delete
    3. ග්‍රීසියේ සිරිසා, දිල්ලියේ ආම් ආද්මි, ලංකාවේ ☭

      Delete
  2. රනිල්ගේ බෙට්ට පස්සේ යන පුකේ වම්මුන්ට ග්‍රීසියේ වෙන්න මොකක්ද කියල අවුරුදු ගනනාවකට පස්සේ හරි මතක් වෙච්ච් එක ලොකු දෙයක් ( ඩොලරය කඩා වැටී නැවත එය ශක්තිමත් වී, ඔබාමාගේ දුර කාල දෙකකටත් පසුව !). හොඳ වෙලාවට ග්‍රීසියේ ඕජස් ගලන ධනපති පක්ෂ වල ඉස්ම පිහිදාන්න ජ.වී.පෙ වගේ කුජිත පක්ෂත්, දශම ගණන් වලින් ඉදිරියට යන්න හිතන් ධනපති තක්කඩින් පිරියම් කරන පුකේ වම්මුත් නෑ. එහෙම හිටියනම් ග්‍රීසිය මෙලාහකත් ජමනියට සින්න කරලත් ඉවරයි.


    ReplyDelete
  3. "...වාමාංශික හා රැඩිකල්වාදී පක්ෂවලට දැන් විරෝධතාවෙන් ඔබ්බට ගොස් රාජ්‍ය බලය මෙහෙයවීමට සිදු වන තත්වයක් මතු වී තිබෙනවා. මේ තත්වය ලංකාවේත් දකින්නට ලැබෙනවා. හැමදාමත් විරෝධය පළ කරමින් ඉන්නවා වෙනුවට විසඳුම් සඳහා අත්හදා බැලීම් කරමින් ඉදිරියට යන්නට වමට සිදු වී තිබෙනවා...." ***...මේ තත්වය ලංකාවේත් දකින්නට ලැබෙනවා....***
    පුක තමයි! (පුක යනු කුනුහරුපයක් නොවේ- සිඩ්නි සළුවඩන)

    ReplyDelete
  4. මුලින් සමාජවාදී ජිවිතේ කියල මතුරනවා,
    සමාජවාදය විසදුම වේ කියනව,
    සමාජවාදියෝ චන්දෙ ඉල්ලනකොට,
    පිස්සුද සහෝදරයා සමජවාදේ එන්න කල් යනවා කියනවා,
    දශමයකින් හරි ඉස්සරහට යන්න කියල,
    ලංකාවේ ඉන්න පදිරිම, චාටර්ම ධනපතියව බලයට අරන් එනවා,
    මෙන් යකෝ හරියටම මාසකට පස්සේ,
    ග්‍රීසියේ වමේ සහෝදර වරු බලේට අවාම,
    සිරිසා ගැන හදාරන්න ඕන කියනවා,
    වෙන මොකටවත් නෙමෙයි,
    ධනපති පන්තිත් එක්ක සම්මුතියකට යන හැටි හදාරන්න,
    ඊට නරකද,
    ලංකාවේදී ඔයාලයි ජවිපෙයි රනිල්ව බලේට ගෙනල්ල,
    ලංකාවේ වමේ අවකාශය ශුන්‍ය කරේ කොහොමද කියල හැදෑරුවොත්.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ඒක දැනුවත්ව කළේ. ඔයගොල්ලන් වහේ අවකාශයක් බලාපොරොත්තු වුණේ මෙහෙමනේ. ඔන්න මහින්ද නැවත බලයට එනවා. රටට ණය‍ ගෙවා ගන්න බැරි වෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. මිනිස්සු හාමත් වෙනවා. ඒ අතරේ කොටි යළි නැගිටිනවා. ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා ඇවිත් ලංකාවට සම්බාධක වැටෙනවා. ජනතාව අතිශය දුෂ්කර තත්වයකට පත්‍ වෙනවා. මන්දපෝෂණය, අපරාධ, කැරැලි, ත්‍රස්තවාදය, ආගමික අන්තවාදය, කේන්දරකාරයෝ, හොර වෙද්දු පැතිරෙනවා.

      මාර වාමාංශික අවකාශයක් නිර්මානය‍ වෙනවා. එතකොට ජනතාව ඔබගේ පක්ෂය වටා ඒකරාශී වෙනවා. විප්ලවය වෙනවා.

      ඔව්, අපි ඒ සුපිරි වාම අවකාශය බ්ලොක් කළා. දැන් වෙන විධියක් සොයාගන්න.

      Delete
    2. දැක්කනේ අපි ඒක බ්ලොක් කළා අපි කියුවේ අපියි අලියි, දන්නවනේ මේවා ඉතිං අලින්ගෙයි අපෙයි වැඩ.

      අවුල්ද මන්දා ??

      Delete
    3. නෑ. අවුලක් නැහැ. අනෙක් පැත්තෙ තිබුණේ මහින්දගෙයි, කොටින්ගෙයි, ඔයාලගෙයි වැඩනේ. දෙකම එකයි.

      Delete
    4. පුකෙ වම්මු තමන්ගෙ පරම හතුරා උන එජාපෙ පස්සෙ වැටුනෙ වෙන මොකවත් නෙවෙ මහින්ද යුද්දය පටන්ගෙන සාර්ථක ලෙස ඉවර කල නිසා. සමහර පුකෙ වම්මුනම් අවන්කව විශ්වාස කරනවා කොටි විමුක්ති සන්විධානයක්, ඒක මර්දනය කරපු මහින්දට දඩුවම් දෙන්න ඔනෙ කියලා. අනිත් පුකෙ වම්මු ටිකනම් ඩොලර් පෙරෙතයො. උන් දන්න වමකුත් නෑ දකුනකුත් නෑ සල්ලි කොහෙද උන් එතන වහනවා.

      Delete
  5. තොපි දන්න එකම දෙශපාලනය ක්‍රම විරොදෙ තමයි ඉතින්. ප්‍රබාකරන්ගෙ ලෙව කන්න ගියෙත් ඌ ක්‍රම විරොදියක් කියලා හිතලනෙ. උබට හොදම දෙ අන්ගොඩ ඇඩ්මිට් වෙයන්.

    ReplyDelete
  6. සී නිවුස් හැත්ත ආයෙත් චූන් වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. ආ මේ සංජිවනේ, උඹ සිංහලෙන් කොටන්න ඉගෙන ගත්තු එකනම් හොදයි. එතකොට උඹේ කොටන දේ කියෙව්වහැකි. ඇයි බන් උඹට ඕකට ඔච්චර කාලයක් ගියේ

      Delete
    2. බල්ලන් කෙතරම් බිරුවත් තවලම ඉදිරියට ම යනු ඇත.

      Delete
    3. //බල්ලන් කෙතරම් බිරුවත් තවලම ඉදිරියට ම යනු ඇත.//

      පැරා ඉදිරියේ බැඳගෙන :D

      Delete
    4. බල්ලන් කෙතරම් බිරුවත් බූරුවන් තමන්ගෙ තවලම යනු ඇත. ඔනම උනොත් ටිකක් දුවගෙන යයි :D :D හිනා ගිහින් පන යනවා මුන්ගෙ තියෙන සීරියස් ටොක්ස් වලට.

      Delete
  7. අතිශයින් රහසීගතයි.February 21, 2015 at 2:13 PM

    සකල ලෝකවාසී නිර්ධනයනී වහා අවදිවවූ !!!!!
    වීප්ලවීය නායක වීමල් වීරවංශ සහෝදරයාගේ විප්ලවීය බීරිඳ,පිීඩිතයන්ගේ අරගලය උදෙසා ඇය ව්‍යාජ පාස්පෝට් සහ උප්පැන්න සහතික කිහිපයක් භාවිතා කරමින් සිටින බව ; ධනවාදී ,බටහිර ගැති, දේශප්‍රේමි නොවන යහ පාලන රෙජිමයට සැල වී ඇත.මේ මොහොතේ පවා ඔවුන් ඉතා සූක්සම අයුරින් මෙම විප්වීය නායිකාව සොයමින් අරගල භූමි පීරමින් සිටියි.
    මෙම ධනවාදී නීතිරාමුවට හා ප්‍රතිදේශ‍ප්‍රේමී ක්‍රියාවට එරෙහිව වීප්ලවීය නායක වීමල් වීරවංශ සහෝදරයා විසින් අවිහිංසාවාදී උපවාසයක් නුගේගොඩදී ආරම්භ කිරීමට සුදානම්වේ. එම උපවාසයට දේශහිතෛයිසියන් සහ බලකාවල සමාජිකයන්ද සහහභාගී වේ.
    සහෝදර සහෝදරියනි,පිංවත්නී අප සියලු දෙනා එකා මෙන්ව වෙහෙසවී මෙම විප්වීය නායිකාව කෙසේ හෝ අල්ලා ලඟම ඇති බටහිර ගැති නොවන පොලිසියකට බාරදිය යුතුය.
    නැත්තම් අපට වැඩ ඇරිලා ගෙදර යනකොට පොඩි එකෙකකුට ගෙනියන්න විස්කෝතු පැකට් එකක්වත් ඉතුරු නොවේ.
    සැ.යු-
    මෙය දේශප්‍රේමී ප්‍රවේණි දාසයන්ටද අදාල නැත.

    ReplyDelete
    Replies
    1. අපි වෙනුවෙන් අපිFebruary 21, 2015 at 2:32 PM

      මෙ‍හෙම කතා නොකියන් විමල් මැතිඳුන්ට
      ලෝක බැංකුවේ පලග් එක අමතක ද
      යන්න බැරි උනේ සිගිරි ගල උඩට
      ඇලජික් නිසා නොව එහි සිටි බඹරුන්ට.

      Delete
    2. අවස්ථාව - 2008 නොවැම්බර් අය-වැය විවාදය
      ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණය මංගල හා අනුර විපක්ෂයට එක්වීමෙන් දියත්විය. අනුර කුමාර, විජිත හේරත් ලාල්කාන්ත සමග පැය දෙකක් තර්ක කල විමල් අවසානයේ ආණ්ඩුව රැකගත්තේය. මාස හය කට පසු ආණ්ඩුව යුද්ධය සාර්ථකව අවසන්කළේය. ඉතිරිය ඉතිහාසයට එක්ව අවසන්ය...
      මේ ශ්‍රී ලංකික දේශපාලන ඉතිහාසයේ විමල් වීරවංශ තැබූ නොමැකෙන ලකුණයි...

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා