දිනූ නිදහස අනතුරේ

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම නිදහස කුමක් ද?

කොටි සංවිධානය පැරදවීම යයි කියන බොහෝ දෙනෙක් සිටිති.

කොටි සංවිධානය කියන්නේ මේ රටේ දෙමළ ජනතාව විසින් ගොඩනගා, පෝෂණය කර, තම ජීවිතවලින් මිළ ගෙවමින් පවත්වාගෙන ගිය ව්‍යාපාරයකි. එහි අරමුණ දෙමළ ජනයා වෙනුවෙන් වෙන ම දෙමළ ස්වෝත්තමවාදී ඊලාම් රාජ්‍යයක් බිහි කිරීමයි. එය දේශපාලන ඉල්ලීමකි. එවැනි භූ දේශපාලනික හා සමාජ ප්‍රතිසංස්කරණ සඳහා මිනිසුන් අරගල කිරීම ඉතිහාසය පුරා ම සිදු වූ දෙයකි. ඒවාට එරෙහි අරගල ද ඉතිහාසයේ තිබිණි. ලෝක දේශපාලන සිතියම ඝනීභූත දෙයක් බවට පත් නො වී චලනයක පවතින්නේ ඒ නිසා ය.

දෙමළ ජාතිවාදීන් තම ඉල්ලීම සාධාරණීකරණය කර ගත්තේ ලංකාවේ ආණ්ඩුවේ පැවති සිංහල ස්වෝත්තමවාදී ස්වරූපය නිසා ය. දෙමළ ජනතාව ලංකාව කියන රාජ්‍යය තුළ රැ‍ඳෙමින් ම තමන් බහුතරයක් ලෙස ජීවත් වන ප්‍රදේශ තමන්ට ම පාලනය කරගන්නට ඉල්ලූ ස්වයං පාලන බලතල ලබා දෙන්නට සිංහලයන් මැලි වුණේ මේ ජාතිවාදය නිසා ය. ජාතිවාදී පදනමින් රාජ්‍යයේ බලය රැක ගැනීමට සිංහල ජාතිවාදී නායකයන්ට තිබු උවමනාව සඟවා ගත්තේ බලය බෙදා ගතහොත් රට බෙදේ යන ව්‍යාජ අදහස සිංහලයන් අතර ප්‍රවර්ධනය කිරීමෙනි. මේ දෙමළ විරෝධය කපටි දේශපාලකයන්ට බලය ගොඩනගා ගැනීමේ පහසු මාර්ගයක් විය.

දෙමළ දේශපාලනය තුළ ද මෙවැනි ම දෙයක් සිදු විය. දෙමළ ජනයා‍ගේ ජාතික අනන්‍යතාව ඉස්මතු කිරීම දෙමළ දේශපාලකයන්ට ද බලය ගොඩනගා ගැනීමේ පහසු මාර්ගයක් විය. දෙමළ ඉල්ලීම ජාතිවාදී බව ඇත්ත ය. එහෙත් එය මතු වන්නේ සිංහල මහ ජාතිවාදී සංදර්භයක් තුළයි. රාජ්‍ය බලය හිමි සිංහල ප්‍රභූන්ට එම තත්වය වෙනස් කිරීමේ වගකීමක් තිබේ.

ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම සමාජවාදය යයි වාමාංශිකයෝ කියති. මෙය වනාහි පවුල් ආරාවුල්වලට විසඳුම පවුල් විරහිත සමාජයක් නිර්මානය කිරීම ය වැනි ප්‍රායෝගික නො වන යෝජනාවකි.

ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා සමාජවාදය ගොඩනැගිය යුතු වන්නේ නැත. දැනට පවත්නා දේශපාලන ප්‍රජාවන් වඩා පුළුල් දේශපාලන ප්‍රජාවන් බවට සංවර්ධනය වීමට පහසුකම් සැලසීම ජාතීන්ගේ ප්‍රශ්නයට ඇති විසඳුමයි.

අපි මෙය නිදසුනකින් විමසා බලමු. ලංකාවේ සිංහල බස කතා කරන ජනයා අතර පැවති උඩරට-පහතරට හා කුල  වැනි අනන්‍යතාවන්ට සිදු වී තිබෙන දෙය විමසා බලන්න. පසුගිය සියවස මුල භාගයේදී සිංහල ජාතියට වඩා මිනිසුන්ට කුලය හා උඩරට-පහතරට භේදය වැදගත් වුණා. ඒත්, සම්පූර්ණයෙන් ම නො වුණත්, දැන් ඒවා බොහෝ දුරට මැකී ගිහින් ඒ අනන්‍යතාවන්ට වඩා පුළුල් සිංහල දේශපාලන ප්‍රජාව ප්‍රමුඛ‍ස්ථානයට පත් වෙලා තිබෙනවා. එහෙම වුණේ සමාජ දේශපාලනික වශයෙන් අපි සිංහල අනන්‍යතාව වඩා ප්‍රමුඛ වීම සඳහා පහසුකම් සලස්වපු නිසායි.

දැන් අප විසින් කළ යුතුව තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වූ අනන්‍යතා ඉක්මවා යන පුළුල් ලාංකික දේශපාලන අනන්‍යතාවක් තුළ සමාජයට නැවත ව්‍යූහගත වීම සඳහා පහසුකම් සැලසීමයි. වෙනත් වචනවලින් කියනවා නම් ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීමයි. ලාංකික දේශපාලන ප්‍රජාව කියන්නේ ජාතික සීමාවන් අතික්‍රමණය කළ එකක් විය යුතුයි.

ඒ සඳහා සිංහල ජාතිය මූලිකත්වය ගත යුතුයි. සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි. සුළු ජාතීන් සමග බලය බෙදා ගැනීම කියන අන්තර්කාලීන ක්‍රියාමාර්ගය අවශ්‍ය වන්නේ මෙතැනදීයි. එය ජාතික සංහිඳියාව සඳහා වැදගත් පියවරක්.

දෙපැත්තේ ම සිංහල, දෙමළ ජාතිවාදීන් කරන්නේ කුමක් ද? ඔවුන් උත්සාහ කරන්නේ සිංහල, දෙමළ ජාතික අනන්‍යතාවන් මේ අන්දමින් ම තබාගෙන එකිනෙකාට එරෙහිව ස්වෝත්තමවාදයන් උසිගන්වන්නටයි. එතන තිබෙන්නේ කවුරුන් විසින් කවුරුන් යටත් කර ගන්නවා ද කියන කාරණයයි. මෙය සදාකාලික ගැටුමක්. මෙයට විසඳුමක් නැහැ. සමාජවාදය තුළවත් මේ ගැටුමට විසඳුමක් නැහැ.

එහෙත්, ඉතිහාසය මෙවැනි ගැටුම්වලට විසඳුම් ලබා දී තිබෙනවා. ඉතිහාසය මිනිසුන් අතර සම්බන්ධකම් ගොඩනගමින් දේශපාලන ප්‍රජාවන් පුළුල් කරනවා. අද පවතින සිංහල, දෙමළ ජාතීන් බිහි වුණේ එ් නිසායි. තව කලක් යන විට මේ අනන්‍යතාවන් බොඳ වී යමින් වඩා පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමත් වළක්වන්නට කාටවත් බැහැ. ඉතිහාසයට එරෙහිව නැගී සිටිමින් ජාතිවාදීන් වී සිටින අයට උරුම වනු ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කියයි.

දෙමළ ඊලාම් අරගලය කියන්නේ ඉතිහාසයට එරෙහිව නැගී සිටින්නට සිංහල, දෙමළ ජාතීන් ගත් උත්සාහයේ ප්‍රකාශනයයි. ඉතින් කොටි සංවිධානය පැරදවීම කියන්නේ සිංහලයන් සිය ආධිපත්‍යය නැවත වටයකින් තහවුරු කර ගැනීමක් විතරයි. ‍සිංහලයා අලුත් වටයකින් දෙමළ ජාතිකයා යටත් කර ගැනීම ඔය තරම් ලොකු ජයග්‍රහණයක් ද? නැත.

යුද්ධයේ අවසානයේ සිට ගත වුණු පස් වසර තුළ අපි ජාතීන්ගේ ඉතිහාසය තුළ අඟලක් හෝ ඉදිරියට ගොස් තිබේ ද? පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනගා ගැනීම සඳහා අපි පියවර ගත්තා ද? මෙහිදී යුද්ධයේ ජයග්‍රාහී පාර්ශ්වය ලෙස සිංහලයන් මේ වගකීම භාර ගත්තා ද? නැත.

යුද්ධය අවසන් කිරීම මේ රටේ ජීවත් වන ජනතාවගේ ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගන්නට අප අසමත් වී තිබේ. එහෙයින් 2009 මැයි 18දා අප දිනා ගත් ජයග්‍රහණයක් ගැන උදම් අනන්නට හේතුවක් නැත.

එහෙත් අපි 2015 ජනවාරි 08දා නම්, ඓතිහාසික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකට මුල පිරුවෙමු. ඒ කෙසේ ද?


  • අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, ඒකාධිපති පාලනයක් පැරදවූයෙමු.
  • අපි සිංහල බෞද්ධ ජාතික ආගමික අන්තවාදයක් පැරදවූයෙමු.
  • අපි පැවති ජාතිවාදී රජය ආරක්ෂා කර ගන්නට ඡන්ද වර්ජනයක් යෝජනා කළ දෙමළ ඊලාම් ජාතිවාදීන් පැරදවූයෙමු.
  • පසුගාමී දුෂ්ට පාලනයක් පැරදවීම සඳහා දෙමළ, මුස්ලිම් ජාතිකයෝ සිංහලයන් සමග එක් වූ හ. 
  • නවීන රාජ්‍යයක් ලෙස ලංකාව අත්පත් කර ගත යුත්තේ කුමන තත්වයන් ද යන්න අපි සලකුණු කළෙමු.
  • ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අවකාශය පුළුල් කිරීම සඳහා අපි දොරටු විවර කළෙමු.
  • දුෂ්ටත්වයට එරෙහි අරගලය වෙනුවට ශිෂ්ටත්වය සඳහා අරගලය පෙරට ගත්තෙමු.

මේ කාරණාත්, තවත් බොහෝ කාරණාත් අනුව, බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්‍රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි. එහෙත්, එතනින් සියල්ල අවසන් වන්නේ නැති බව අපි දනිමු. අප ඉදිරියේ අභියෝග දෙකක් ඇත. එකක් අතීත දුෂ්ටත්වයේ අවතාර නැඟී සිටීමයි. අනෙක වන්නේ අරගලය ඉදිරියට ගෙන යාමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්‍රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි. //

    කොත්තමල්ලි බීල වෙරි වෙලා ද කොහෙද....

    ReplyDelete
    Replies
    1. වෙරි කාරයෝ වර්ග කීපයක් ඉන්නවා, ප්‍රධාන වර්ග දෙක තමයි බීලා වෙරි වෙන වුන් සහ නොබී වෙරි වෙන වුන්, නොබී වෙරි වෙන උන්ට හැමතිස්සෙම වෙරි, උන්ට වඩා කොත්තමල්ලි හරි බීලා වෙරි වෙන උන් හොදයි.

      Delete
    2. "විදේශ රැකියාවකට යාම සඳහා විදේශ අමාත්‍යංශයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතිකයේ වැරදි තොරතුරු අඩංගු කළ විවාහක තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මාස හයක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත් හිටවීය. රුපියල් 3000ක දඩයක්ද නියම කළේය.
      පොළොන්නරුවේ පදිංචි විවාහකයකු වූ ඔහු අවිවාහකයකු බව කියමින් ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කර ඇතැයි ද රැකියාවේදී වැඩි වාසි ලබාගැනීම ඔහුගේ අරමුණවී ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය." Lankadeepa.

      " What about the Wimal's wife?"

      Delete
    3. //බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්‍රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි//

      මිනිසුන්ට පිස්සු හැදුනාම ඇදිවත ගලෝගෙන නටනවා කියන්නේ මේක වෙන්න ඕන. 88-89 ත් පහුකරලා, කොටින්ගේ අවුරුදු 30 සාපයත් පහු කරලා, අනේ මේකා 2015 දී රෙද්දක් ඇදගෙන මේක කිව්වනේ.

      පිස්සොත් දැක්කා මේ වගේ පිස්සෝ නොදැක්කා.!!

      Delete
    4. ගල් වල බලේ බන්, සෝඩා නොදා දෙකක් දාගන සිකරට් එකක් අද්දනම් ටයිම් ලයින් එකේ ඕනා කැල්ලක් අමතක කරන්න පුළුවන් 2014 අප්‍රේල් වලට කලින් ඔක්කොම අමතක කළා.

      ඉතිං හරිනේ ජනාදිපතිවරණෙ තමයි යකෝ විප්ලවේ, රුසියාවේ, කියුබාවේ, චිනේ විප්ලව තියෙන්නෙත් මිට සෑහෙන පිටුපසින්

      Delete
    5. ඇයි යකුනේ තොපි ගල් බෝතලේට ටැක්ස් ගහලා එකේ ගාන වැඩිකරේ, දැන් අපි අයි බොන්න ඕන සිනි කාරිඥන්ද ???

      -පැරත් එක්ක බොන පුකේ වමෙක්

      Delete
    6. //බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්‍රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි//

      අහේතු කාලෙට කජ්ජේ එන පුහුලන්, පුහුලමේත් කජ්ජේ වගේ මදයක් තියේදැයි බලපන් පැරා.

      යකෝ මේ යහ පාලනයක් හින්ද යසට හිටපු පැරාට වෙච්ච් ස්න්ගේදියක්, ඉසගුදිච්චියක් වත් බැඳලා බලමුද ??

      Delete
    7. මම නුගේගොඩට මහින්දට චන්දේ දුන්න ලක්ෂ 58 ගෙනෙල්ලා !..........

      සිරිසේන ජනාධිපතිගෙන් :* ඉල්ලුවා ! අපේ මහින්ද අයියට අගමැති අපේක්ෂක කම දෙන්න කියලා !

      මම වැඩිය සිරිසේනට :* බනින්නේ නැතුව බැන්නේ රනිල්ට ....:@
      සිරිසේනට බැනලා බැහැනේ ! මහින්ද අයියට අගමැති අපේක්ෂක කම ඉල්ලා ගන්න නිදෂ් පක්ෂෙන් !

      විල්ලජ්ජයි මට ! එත් ඉතින් නිදහස් පක්ෂේ අගමැති අපේක්ෂක කම නැතුව... මහින්ද අයියා චන්දේ ඉල්ලුවොත් වෙන්නේ මහින්ද අයියා වැටිච්ච වලට මටත් පනින්න.

      Delete
  2. දැන් බලන්න අපේ මාරයා අයියා ඒ කාලෙ කොච්චර නිදහසින්ද හිටියේ...ස්කයිප් වලින් හඳහනක් කාරිය බලාගෙන, පොරොන්දමක් ගලපාගෙන, බොගක් ලියාගෙන, ඒකෙ සමනල කමෙන්ට් දාපු ගෑනු ළමයි එක්ක... (නෑ,ඒ කතා ඕනෙ නෑ...). දැන් තියෙනවද ඒ නිදහස? නෑ!

    දැන් බලන්න අපේ අභීතයා ඒකාලෙ කොච්චර නිදහසින්ද ණය අරගෙන පොල්ල තිබ්බෙ? ඔබාටත් ඇරියා, ඉන්දිකටත් ඇරියා. ඕනයාටත් අරියා. සෝරෝටත් ඇරියා. දැන් තියෙනවද ඒ නිදහස? නෑ!

    දැන් බලන්න අපේ රසියා ඒ කාලෙ කොච්චර නිදහසින්ද අමු මිරිස් කකා සල්ලි එකතු කළේ? කවුරුවත්ම ඇහුවද ඒ සල්ලි වලට මොනවා වුණාද කියලා? නෑ නේද? අන්න නිදහස!

    මෙන්න මේ අයට නැති වෙච්චි නිදහ්ස ලබා ගන්නයි අපි විමලයා එක්ක එකතු වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. එවගේද දැන් තියෙන යහපාලන නිදහස

      පාසල් වෙලාවේ බ්ලොග් ලියන්න කොමෙන්ට් කොටන්න
      රාජකාරි වෙලාවේ බිල ෂෝර්ට් ලීව් දාල ඔටි කරන්න
      හවුස් ඔෆ් ෆැෂෝන් එකන් ඇඳුම් අරන් දීල පොන්නයෝ ගහන්න

      Delete
    2. මාරයියා නුගේගොඩ රැළියටත් ගියා. ප්‍රසන්න රණතුංග එනවා දැකලා මාර සොමියක් ගිහිල්ලා කලන්තෙ දාලා ඇදගෙන වැටුණාලු. කුණාටුවක් වගේලු ප්‍රසන්න රණතුංග ආවේ... ඔන්න නිදහසේ සුවඳ!

      Delete
  3. uba wage ponnayek. mariyan ban ellila. nodooooomakin. thoge param parawama athu gaweawaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  4. පැරා,

    මට සිතෙන විදියට ශ්‍රී ලංකාවට පුර්ණ ප්‍රජාචන්ට්‍රවාදය පවත්වාගැනීමට අවශ්‍ය බුද්ධිය අපසතුව නෑ.
    ඔබ කියන

    "දෙපැත්තේ ම සිංහල, දෙමළ ජාතිවාදීන් කරන්නේ කුමක් ද? ඔවුන් උත්සාහ කරන්නේ සිංහල, දෙමළ ජාතික අනන්‍යතාවන් මේ අන්දමින් ම තබාගෙන එකිනෙකාට එරෙහිව ස්වෝත්තමවාදයන් උසිගන්වන්නටයි. එතන තිබෙන්නේ කවුරුන් විසින් කවුරුන් යටත් කර ගන්නවා ද කියන කාරණයයි. මෙය සදාකාලික ගැටුමක්. මෙයට විසඳුමක් නැහැ. "

    ඇත්තෙම් ම මිට විසදුමක් සිංගප්පුරුවේ මෙට දශක 4ට පෙර ලබාදී සර්තකවිඇත.
    https://www.youtube.com/watch?v=GVDE0KPMaeY බලන්න

    අප රටේ සමන ප්‍රශ්න පවතී සිංගප්පුරුව ලී කවන් යු අගමැතිතුමා කරන ලද මුලික දෙය නම් ජන වාර්ගික උසිගැන්වීම් ඇතිකරන පුද්ගලයනට
    ඉතා දැඩි දඩුවම් පැනවීමත්, නිදහස් රැස්වීම් පැවැත්වීමට අවසර නොදීමත් (මෙය ප්‍රජාචන්ට්‍රවාදය බාදාවක් ලෙස ඔබ හැදින් වුවත් එයට එකග වෙමි )

    ආසියාවේ අප වැනි රටවල ඇති මුලික ලක්ෂණය නම් අප තුල පවතින ගෝත්‍රික ගතියයි, මෙවැනි රටවල් ආර්ථික ලෙස මුලින්ම දියුණු කලයුතු අතර
    එයට කාර්යක්ෂම රජයක් පැවතීම අනිවාර්ය අංගයකි.

    ඔබ බොහෝවිට සිංහල ජාතිවාදය ගැන කතාකලත් දෙමල ජාතිවාදය ගැන පවත්වන්නේ ඇල්මැරුණු ස්වබාවයක් වේ.

    හිතන්න ඔබ කියන පරිදි සිංහල රජය දමිල දෙසපලනයයනට බලය ලබාදුන්නා කියා ඔවුන් අතර බලය නොලැබුන පිරිසගේ එකම ආයුදය ජාතිවාදය
    තුලින් බලය ලබා ගැනීමයි මේසදහා ඔවුන් සිංහල ජනයා කුපිතකරනු ඇති
    උදාහරණ :- පසුගිය කාලයේ විග්නේස්වරන් සිංහල රජයට විරුද්දව ජන ගාථක genocide accusation අදාල යෝජනා සම්මත වුයේ එකච්චන්දයෙන්
    බව ඔබට අමතකද ?

    අපට මෑතදි ලබා ගතහැකි මුල්ම ජයග්ග්‍රහණය නම් පොරොන්දුවූ ස්වාදීන කොමිසම් පත් කිරීමත් රටේ නිදහස් වෙළදාම ප්‍රවර්දනය කිරීමත් යන කරන දෙකයි.

    දිගුකාලින ව අපට සියලු ජාතිවාදී පක්ෂ තහනම් කිරීමත් ජාතිවාදී අදහස් වපුරවන්නන්ට දැඩි දඩුවම් ලබාදීමත් සිදුකලොත් අපට ඉදිරියේ ශ්‍රී ලංකික අන්නන්ය තාවයක් ඇති රටක් ඇති කර ගත හැකි වනු ඇත.

    ReplyDelete
  5. ලංකාවේ සෑහෙන පිරිසකට මේ මට්ටමට පුළුල්ව සිතන්නට කවදා නම් හැකි වේ දැයි සිතා ගැනීම පවා අසීරුය.....:(

    ReplyDelete
  6. Lankaawe minissu wedi denek andha vishwaasawala ellilaa jeewath wenne. MR dihaa unath balanne andha vishwasayen. Ethakota ohu karana weradi penne nehe. Kohoma unath MR yali balayata ena eka walakwanna ohuta viruddha hema balawegayakma ekamuthu viya uthuya.

    ReplyDelete
  7. අනෙද කියන්නෙ ඇමරිකාව කියනවා මහින්ද එලවලා ලන්කාව හරි පාරට වැටුනලු මාක්ස්වාදී බත්බැලයෙක් කියනවා මහින්ද එලවා රට නිදහස දිනුවලු. ඇමරිකාවයි, මාක්ස්වාදී බත්බැලයොයි එක පතෙ බත් කන්න ගත්තෙ කවදා ඉදන්ද?

    ReplyDelete
  8. හෙලිකොප්ටෙර් 6යි, ලැම්බොගිනි 29යි, සීශෙල්ස් දූපතයි, රත්තරන් කඩුයි, ඇමරිකාවෙ ගෙවලුයි, ලන්කාවෙ හොටලුයි ගැන බොරු ගොතලා ආණ්ඩුව අරන් දැන් කියනවා සින්හල ජාතිවාදී නිසාලු ආණ්ඩුව එලෙව්වෙ. මෙ බොරු වලට රැවටුන සින්හලයො තොගෙ බෙල්ල මිරිකයි පරකුමො.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂලා හොරු නෙවෙයි කිව්වට හොරු අැරෙන්න වෙන කවුරුවත් විශ්වාස කරන්නෑ ඒකයි ප්‍රශ්නය.

      Delete
    2. ඊශ්‍රායල් සමූහ සමාගමක් වන Baran International Group නැමැති සමාගම විසින් පසුගිය වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදු මහජනතාව උදෙසා වන පානීය ජල යෝජනා ක්‍රම 6 ක් ක්‍රියාත්මක කිරීම මගින් නාමල් රාජපක්ෂට ඩොලර් මිලියන 165ක කොමිස් මුදලක් ලැබීමට නියමිත බව වාර්තා වේ

      Delete
    3. කෙසේ වෙතත් ආණ්ඩු පෙරළියත් සමග අදාළ පානීය ජල යෝජනා ක්‍රමය සජිත් ප්‍රේමදාස මහතා සමග ඉදිරියට ගෙන යාමට අදාළ සමගම තීරණය කර ඇති අතර ඒ සදා ප්‍රේමදාස ඩොලර් මිලියන 250 ක කොමිස් මුදලක් ඉල්ලා ඇත. කොමිස් මුදල අඩු කර ගැනීම සම්බන්දව සමාගම රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්චා කරමින් සිටි.බොහෝවිට රනිල් වික්‍රමසිංහට ඩොලර් මිලියන 100 හා ප්‍රේමදාස මහතාට ඩොලර් මිලියන 50 බැගින් ලෙස කොමිස් මුදල් බෙදාගැනීමට එකගතාවයකට පැමිණිය හැකියැයි අදාළ සමාගම විශ්වාසය පල කරයි.

      Delete
    4. නාමල්ට විපක්ශෙ ඉද්දිත් කොමිස් ලැබෙනවද? මුන්ව ජාත්යන්තරන යුධ අධිකරනයටමයි යවන්න ඔනෙ.

      Delete
    5. මරුටි කාර් වල බදු අඩු කර, ජපන් හයිබ්‍රිඩ් වාහන වල බඩු වැඩි කිරීම වෙනුවෙන් මරුටි ඉන්දියා සමාගම විසින් රජයෙ ප්‍රබල අමාත්යවරයෙකුට රුපියල් බිලියන 1යි සත 50ක් දීමට පොරොන්දු වී තිබෙ. මිහින් එයාර් සීශෙල්ස් ගමන් වාරය තවම නවත්ත්වා නැත්තෙ අමාත්යවරයාගෙ බලපෑම නිසා බව විශ්වාසනීය අරන්චි මාර්ගයක් විසින් හෙලි කරන ලදි.

      Delete
    6. කොයි ගෑනිත් එකයි අමරේ කළුවරට!

      Delete
  9. රටෙ කොහෙද බන් නිදහසක් තියෙන්නෙ. උබ වගෙ සින්හල විරොධී විපරිතයොන්ටනම් නිදහසක් තියෙනවා පාලු ගෙයි වලන් බිදින්න. විග්නෙශ්වරන්ලටත් නිදහසක් තියෙනවා ජාතිවාදී යොජනා සම්මත කරගන්න. වෙන කාටද නිදහසක් තියෙන්නෙ? උදාහරණයක් ලෙස පෙබරවාරී 17 ස්වර්නවාහිනියෙ විකාශය වීමට තිබූ විමල් වීරවන්ශගෙ සාකච්චාවක් ඉහලින් ආපු අණකින් තහනම් කෙරුනා. මහින්දට හපන් උබලගෙයි සිරිකොතෙයි ගහලපාලනෙ.

    ReplyDelete
    Replies
    1. විමල් වගේ ජාතිවාදීන් ගේ ප්‍රචාර තහනම් කල යුතුයි. මම නම් කියන්නෙ රනිල්ලා හරි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන්නෙ එකක්. නමුත් පට්ට ගෝත්‍රික අමු ජාතීවාදී විමල්, ගම්මන්පිල, දිනේශ්, වාසුදේව, තිස්ස විතාරණ, ඩියු ගුණසේකර වගේ ජාතීද්‍රෝහීනුත්, නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර වගේ උන්මත්තකයිනුත් අල්ලා සිරගත කොට උපරිම දඬුවම් දිය යුතුයි. විග්නෙශ්වරන්ලා පෙනී සිටින්නේ අහින්සක දෙමළ ජනතාවගේ සැබෑ අයිතීන් වෙනුවෙන්. ඔවුන්ට සාදාරණය ඉටුවිය යුතුයි. ඒවගේම නිරායුද අහිංසක මුස්ලිම්වරුන්ට එල්ලකළ ජාතිවාදී ප්‍රහාර වෙනුවෙන් බො.බ.සේ. පිරිස්ට එරෙහිව මරණ දඬුවම වුනත් පැණවීම සාධාරණයි.

      Delete
    2. රෙන කොට මොළේ පුකෙන් එළියට ගිහිල්ල වගේ

      Delete
  10. රනිල් ඉන්දියාවට කප්පම් ලෙස port city ව්යාපෘතිය නැවත්තුවොත් රටට පාඩුව ඇමරිකන් ඩොලර් බිලියන 20යි! තොපිත් ඉතින් හරක් වගෙ කඩෙ යනවා අග්ගලා ගැන කිය කිය, අරුන් අරහෙ වෙහෙර ගිලිනවා.

    ReplyDelete
  11. රනිල්ට වඩා මෙ පිස්සා බය වෙලා. මුන් සෙවය කරන්නෙ කොහෙටද කියලා බොහොම පැහැදිලියි මෙ වෙලාවට.

    ReplyDelete
  12. 7*බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්‍රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි */

    මේ වගේ කතාවක් කියන්න පුලුවන් එක්කො දේශපාලන තොත්ත බබෙකුට (අර බුකියේ පිනුම් ගහන ජාතියේ ) එහෙම නැත්තම් පට්ට දේශපාලන අවස්ථාවදියෙකුට.

    පැරා සුරියප්පෙරුම උන්නැහේවත් පරද්දන්නයි යන්නේ මේ සැරේ

    ReplyDelete
  13. පැරාගේ අර '... මු' වලින් ඉවර වෙන බුලට් පොයින්ට් ලිස්ට් එක නම් හෘද සාක්ෂියෙන් ගැලවෙන්න ලියපු එකක් වගේ. රනිල්ලත් එක්ක ඕව දවල් හීන කියල නොතේරෙන්න තරම් පැරා බබා නෙවෙයිනේ. ඊලඟ මහ මැතිවරණෙන් කවුරු දිනුවත් බිහි වෙන්නේ අස්ථාවර, දුර්වල ආණ්ඩුවක්. පැරාලගේ අපේ හීන ගැන කරදර වෙන්න ඒ උත්තමයින්ට වෙලාවක් තියෙන එකක් නෑ, බෙල්ල බේර ගන්න දඟලනව අරුනහම.

    ReplyDelete
  14. 'නිදහස..'
    ලිබියාවය - ඒකාධිපති ගඩෆිගෙන් නිදහස් උනා.
    ඉරාකේ - සදාම් හුසේන්ගෙන් නිදහස් උනා.
    නැගෙනහිර යුක්‍රේනය - නිදහසේ ඉඳලා..පුටින්ට යටත් වෙන්න වලි කනවා....

    මට අවුල්ද මන්දා.....

    ReplyDelete
  15. පැරාට මොකද උනේ... මේ ආන්ඩුව එලවන්න නේද මුලින් කතා කළේ..

    ඒකම තමයි නුගේගොඩත් කළේ.. ඉතින් එයාලට සහාය දෙන්න.. මේ වගේ ළිපි ලියන්නේ නැතිව...

    ReplyDelete
  16. ‘‘දැන් අප විසින් කළ යුතුව තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වූ අනන්‍යතා ඉක්මවා යන පුළුල් ලාංකික දේශපාලන අනන්‍යතාවක් තුළ සමාජයට නැවත ව්‍යූහගත වීම සඳහා පහසුකම් සැලසීමයි. වෙනත් වචනවලින් කියනවා නම් ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීමයි. ලාංකික දේශපාලන ප්‍රජාව කියන්නේ ජාතික සීමාවන් අතික්‍රමණය කළ එකක් විය යුතුයි.‘‘

    වැදගත්ම කාරණය මේකයි මං දකින විදියට... පුළුල් විදියට හිතන්න පුළුවන් ජනසමාජයක් . ආත්මාර්ථයට වඩා පරාර්ථයෙන් හිතන ජන සමාජයක් අත්‍යවශ්‍යම සාධකය මේ තැනට යන්න.... ලංකාව ඇතුළෙ ඒ දැනුවත්බව ගොඩනගන එක තමයි ලොකුම අභියෝගය...

    ReplyDelete
    Replies
    1. ලාන්කීය දෙශපාලන ප්‍රජාව මූලික වශයෙන් රටෙ ආරක්ශාව වෙනුවෙන් කොන්දෙසි විරහිතව පෙනී හිටිය යුතුයි. බාහිර බලපෑම් හෙලා දැකිය යුතුයි. ඔය දෙක නැති දෙශපාලන ධාරාවකින් රටකට වැඩක් නෑ. අපි කියන ඒවා තෙරෙන්නෙ නැත්තම් උබලට උපදෙස් දෙන ඇමරිකාව වැනි රටවල් දිහා බලලවත් මෙ දෙවල් ඉගෙන ගනිල්ලා. ඇමරිකාව අපිට දෙන උපදෙස් එකක්, උන් රට කරන විදියට තව එකක්.

      Delete
    2. රටේ ආරක්ෂාව ගැන පෙනී සිටිනවා කියන්නෙ වරද කරපු එවුන්ට කොන්දේසි විරහිතව සමාව දෙනවා කියන එක නෙවෙයි නේද බයියෝ?

      Delete
    3. මොන වරදද? රටෙ මිනිසුන්ට යුධ බියෙන් තොරව ජීවත් වීමෙ අයිතිය තහවුරු කරපු එකෙ වරදද? අපෙ හමුදාවට සහ දෙශපාලන නායකයන්ට යුධ අපරාධ චොදනා එල්ල කරන්න කලින් ගිහින් ඇමරිකාවට, එන්ගලන්තෙ ඔය චොදනා එල්ල කරපන්. අපි යුද්ධ කරෙ අපෙ නීතියානූකුල භූමී සීමාවෙ. ටොයියන්ගෙ ස්වාමීවරු වන ඇමරිකාව, බ්‍රිතාන්ය යුද්ධ කරන්නෙ වෙන රටවල් වලට බලෙන් පැනලා.

      Delete
  17. උඩරට පහතරට ‍‍භේදය සහ කුළ භේදය අකා මකා යාමට හේතු ගණනාවක් මං දකිනවා. ඉන් එකක් තමයි එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් හරහා ජාතික මට්ටමේ තර්ජනයක් සිංහලයන්ගෙ හිත් වලට ඇතුළුවීම. සමස්ත මානව වර්ගයාටම පොදු සතුරකුට මුහුණ දෙන්නට සිදු වූ දවසකට ජාති බේද අමතක වේවි.

    එල් ටී ටී ඊ ව්‍යාපාරය පරාජය කිරීම ජාතික ජයග්‍රහණයක් නොවෙයි කියන්න බැහැ. එතනදි න්‍යායාත්මකව සිදුවුනේ මේ රටේ පැලපදියම් වුනු ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කිරීම. ප්‍රා යෝගිකව සිදු වුනේ රාජ්‍යයට තිබුනු ප්‍රබල තර්ජනයක් අවසන් කිරීම හරහා සිංහල ජනතාවගේ ආකර්ෂණය දිනාගැනීමෙන් මහින්ද රාජපක්ෂ නමැති ජනප්‍රිය ඒකාධිපතියකු බිහිවීම. ඇත්තටම ඒක ජනතා ජයග්‍රහණයක් නෙවෙයි. ඒත් 2015 ජනවාරි අටවැනිදා මේ රටේ ජනතාව ජයග්‍රහණයකට යන පාරකට අඩිතාලමක් දමාගත් බවයි මගේ අදහස. ඒ අඩිතාලම මත ගොඩනැගෙන්නෙ මොකක්ද කියන එක තවමත් අවිනිශ්චිතයි.

    මෙහෙමනේ පැරා, සමහර සත්තු කැමතියි කැලේට වෙලා නිදහසේ ඉන්න. තවත් සමහර සත්තු ගුටි කකා බැනුම් අහ අහා ගෙවල් අස්සෙ රිංගගෙන ඉන්නව විතරක් නෙවෙයි පොර ටෝක් දෙනව හාම්පුතා ගැන.

    කවුද වැඩි පුර සැප විඳින්නෙ? හිතෙන දෙයක් කාල හිතෙන විදිහකට ජීවත් වෙන කැලේ සත්තුද? නැත්නම් තම්බපු බැදපු ලුණු දාපු රස මසවුළු කන්න ලැබෙන ගෙවල් වල ඉන්න සත්තුද?

    ReplyDelete
  18. පැරා තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මම ඔබේ හොඳ රසිකයෙක්. ඔබට උපකාරයක් විදිහට පහත කමෙන්ට් දමමි.

    You idiot, you rascal. We will kill you.
    We will kidnap you and torture you until death. You will get the maximum pain for your traitorship. We'll never let you to live I swear by the name of god.

    අනේ හිත රිදුන නම් සොරි. උදව්වක් විදිහට දැම්මෙ මහසොහොන් විස්වාස කරල.

    ReplyDelete
  19. පැරා අද්නම් ඔබේ ලිපිය බැලුවම හිතෙන්නෙ යාං හෑලි ලිපියෙ මහසොහොන් කියපු දේ හරිය කියල. ඔබ මීට පෙර ගොඩක් අවස්ථා වල මැදහත්ව සිංහල ජාතිවාදය සහ සිංහලයාගේ ප්‍රශ්නය ගැන ලියපු ලිපි අගෙයි. නමුත් මෙතන නිදහසින් පසු ලොකුම ජය මරා පැරදවීම කියන් එකනම් 2014 ඉපදුනු එකෙක් කිව්ව කතාවක් වගේ හරිම බොලඳ තර්කයක්. එතකොට 88/89 භීෂණ අවසන් වීම, ඉන්දීය හමුදා පිටත් කරවීම, 1994 ජයග්‍රහණය, ලංකා ඉතිහාසයේ "නොහැක්කක් නොමැත" කියා ඔප්පුකළ යුධ ජය ලඝු කිරීම මම දකින්නෙ කුහක කමක් විදිහට. ඇත්තටම ලංකාවෙ මිනිස්සු ඕනෙම ජගතෙක් පැරදිය හැකියි කියල මරාව උනත් පරද්දන්න ආත්ම විස්වාසය හදාගත්තෙ ඒකෙන්. කරුණාකර මීට පැහැදිලි කිරීමක් ලබා දෙන්න.

    ReplyDelete
  20. අජිත්ගේ ලිපියේ කියවෙන ලෙස, අපි ජනවාරි 8 සහ පසුව අපි අත්වින්දින්නේ ඉතාම සාධනීය වෙනසක් (එක් අතකින් ඒක විප්ලවයක් ) තමයි මට හිතෙන විදියට.

    අපි හැමෝම හොඳටම දන්නවා රාජපක්ශ ආන්ඩුව කියන්නේ ඉතිහාසයේ නොවූ විරූ ලෙස දූශිත, ආර්ථිකව කෙටිකාලීන හෝ දිගුකාලීන මෙලෝ තර්කනයක් නැති සංවර්ධනයක් මවා පෙන්වපු, ජාති ආගම් අතර අසමගිය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පතුරවපු, අශිශ්ට, (කෙටියෙන් කිව්වොත් - ඕනෑම ක්ශේත්‍රයක ගත්තත් අන්තිම දූශිත ) ආන්ඩුවක් කියලා. ඒත් නොදන්නවා වගේ ඉන්නවා!!! මේ ඉහත කොමෙන්ට්ස් දාලා තියෙන ගොඩක් එහෙම අය කියලයි පේන්නේ.

    මට කියන්න තියෙන්නේ බහුතරයක් අවංකවම හිතනවානම් මහින්ද ආපහු ගේන්න ඕන කියලා.. ඉතින් එහෙම කරන්න බලන්න. ඔච්චර ත්‍රිල් වෙන්න දෙයක් නැහැ! රනිල් ගැන, පැරා ගැන ඇයි ඔච්චර වොරි වෙන්නේ??!!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. //රනිල් ගැන, පැරා ගැන ඇයි ඔච්චර වොරි වෙන්නේ??!!//

      මෑණියන්ට හමන්නවන ප්‍රශ්නනං අහන්න එපා දිමිත්‍රි. පැරා රනිල් ගැන නැත්තං වෙන කා ගැනද වොරි වෙන්න ඕන. මොකද දිමිත්‍රි ගෙවනවද පැරාට. දුප්පත් අහිංසක දරුපවුල් කාර පැරා. හැමදාම ගැණිගේ පඩියෙන් කකා නෝනිඩි වෙවි හිටින්න කියලද කියන්නේ?

      Delete
  21. @ lankikasithuwili; // පසුගිය කාලයේ විග්නේස්වරන් සිංහල රජයට විරුද්දව ජන ගාථක genocide accusation අදාල යෝජනා සම්මත වුයේ එකච්චන්දයෙන් බව ඔබට අමතකද ?//

    මේ මම දැක්ක ඉතාම වැදගත් ලිපියක්, ජනවාර්ගික ප්‍රශ්නය ගැන සීරියස්ලි හිතන අය සඳහා.. උපුටා ගැනීම pathula.com

    - Dimithri
    -------------------------------------------------------------------------------------------------------------------------
    උතුරේ පණිවුඩය නිවැරැදිව බාර ගන්න! – නිර්මාල් රංජිත් දේවසිරි

    ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පත් කළ පරීක්ෂණ කණ්ඩායමෙන් ඉල්ලා සිටිමින් පසුගිය දා උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව පාදක කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

    මම යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ගිය ක්‍රියාවලිය දැඩිව විවේචනය කරන සහ එයට විරුද්ධ අයකු බවත් දෙමළ සමාජයෙන් ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්වලට පක්ෂව කටයුතු කරන අයකු බවත් සඳහන් කරමින් මේ අදහස් දැක්වීම සිදු කරමි. දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු වී ඇති බවටත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටත් උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාවලිය දෙස බැලිය යුත්තේ දෙමළ දේශපාලනය සිංහල දේශපාලනය දෙස බලන ආකාරය කුමක් ද යන්න පිළිබඳ අවධානය යොමු කරමිනි.

    පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවීම සඳහා දෙමළ ඡන්ද විශාල කාර්යයක් ඉටු කර ඇත. මේ සම්බන්ධයෙන් සමහරෙක් දරන අදහස වන්නේ දෙමළ ඡන්ද වෙන්ව සලකා නොබැලිය යුතු බවත් ඔවුන්ගේ ඡන්ද ද මේ රටේ පුරවැසින්ගේ ඡන්ද ලෙස සැලකිය යුතු බවත් ය. දෙමළ ජනතාවගේ ඡන්ද පිළිබඳ එවැනි විග්‍රහයක් කරන්නේ දේශපාලන සාක්ෂරතාව අඩු පිරිස් ය.

    ශ්‍රී ලංකාවේ දෙමළ, මුස්ලිම් දෙපිරිසේ ම ඡන්ද වෙන ම ඡන්දදායක කොට්ඨාසයක් සේ සලකා බැලිය යුතු ය. මක් නිසා ද ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ එක් එක් අරමුණු ඇති බැවිනි. දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීම විග්‍රහ කළ යුත්තේ එය මෛත්‍රීපාල සිරිසේනට දුන් ඡන්දයකට වඩා මහින්ද රාජපක්ෂට විරුද්ධව දුන් ඡන්දයක් ලෙසයි.

    ජනාධිපතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දිය යුත්තේ ඇයි යන්න සම්බන්ධව සුමන්තිරන්, සම්බන්ධන්, යාපන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු දෙමළ සමාජයේ විවිධ තරාතිරම්වල අයත් සමඟ පැවැත්වුණු සාකච්ඡාවලට මා සහභාගී වූ අතර එහි දී මතුවුණු ප්‍රධාන ම ගැටලුව වූයේ දකුණේ නායකයන් කෙරෙහි විශ්වාසය උතුරට ඒත්තු ගන්වන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි. එහිදී උතුරෙන් මතු වූ කාරණාවක් වූයේ දකුණ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට කරනු ඇතැයි යන්නට දිය හැකි සහතිකය කුමක් ද යන්නයි. මා පවසා සිටියේ කිසිදු සහතිකයක් දිය නොහැකි බවයි. මක්නිසාද දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට විරුද්ධ දේශපාලනයක් දකුණේ පවතින බැවිනි.

    මෙවැනි වාතාවරණයක් තුළ උතුරු පළාත් සභාවෙන් සම්මත කරගත් යෝජනා දෙස බැලිය යුත්තේ ඔවුන් දකුණ සමඟ කේවල් කිරීමේ උපක්‍රමශීලී යෝජනාවක් ලෙසයි. වඩ්ඩුක්කෝට්ටෙයි යොජනාවල දී ඊළාම් රාජ්‍යයක් සඳහා කටයුතු කළ යුතු බවට යොජනා ඉදිරිපත් විය. නමුත් එහි දී ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ අදහසක් ඔවුනට නොතිබුණු අතර එවක පැවති වාතවරණය අනුව ඒ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදු විය. තරුණ පෙළේ ඉල්ලීම් අනුවත් ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ අවස්ථාව ශක්තිමත් කර ගැනීම උදෙසාත් ඔවුන් ඒ යෝජනාව ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව මේ යෝජනා දෙස බැලිය යුත්තේ වාචික ස්වභාවයෙන් නොව එයින් ඉදිරිපත් කෙරෙන පණිවිඩය දෙස අවධානය යොමු කරමිනි.

    යුද්ධ කාලයේ දී සිදු වූ ක්‍රියා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණ ක්‍රියාවලියක් දකුණේ සිදු විය නොහැකි ය. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි දෙයකි. මන්ද දකුණේ මතය යුද්ධයට පක්ෂපාති මතයක් වන බැවිනි. එසේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු වනවා නම් එය අති විශේෂ තත්ත්වයක් යටතේ සිදු විය යුතු ය.

    1/3

    ReplyDelete
  22. උතුරේ පණිවුඩය නිවැරැදිව බාර ගන්න! – නිර්මාල් රංජිත් දේවසිරි (contd.)

    උතුරු පළාත් සභාවේ යෝජනා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි කරන ඉල්ලීමක් නොව ඉතා පාරදාශ්‍යභාවයෙන් යුතු විමසා බැලීමක් සඳහා දකුණට කළ බලපෑමකි. ඒ පණිවිඩය නිවැරැදිව බාර ගත යුතු ය. මෙය සරල උදාරහරණයකින් විමසා බැලුවහොත් වැටුප් වැඩිකරගැනීම සඳහා කරන වැඩවර්ජනයක දී රුපියල් දහදාහකින් වැටුප් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් වැඩවර්ජකයන් කේවල් කරන්නේ රුපියල් විසිපන්දාහක පමණ වැඩි වීමක් සඳහා ය. එසේ උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාවලියෙන් ඉදිරිපත් කෙරෙන පණිවිඩයෙන් තේරුම් ගත යුත්තේ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යය යන කාරණය නොව දකුණ සමඟ කේවල් කිරීමේ පණිවිඩයක් එහි අඩංගු වන බව ය.

    අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම, උතුරු ආණ්ඩුකාරවරයා ලෙස සිවිල් පුද්ගලයකු පත් කිරීම ආදි කටයුතු ආණ්ඩුව තම බලාපොරොත්තු යහපත් ය යන්න පෙන්වීමට ගත් හොඳ පියවර ලෙස සැලකිය හැකි ය. එහෙත් පවතින්නා වූ ප්‍රශ්නය මීට වඩා බරපතළ ය. අවුරුදු තිහක් තිස්සේ කොළඹ බෝම්බ පිපිරීම් ගැන දකුණ කතා බහ කරයි. එහෙත් උතුරේ ජනයා ජීවත් වූයේ කොයි මොහොතේ හෝ දිව යාමට බංකර හදා ගෙන ය. මේ තත්ත්වය දකුණ තේරුම් ගෙන නැත.

    දකුණට උතුර සම්බන්ධයෙන් සහ‍වේදනාවක් (empathy) නැත. යම් ආකාරයක අනුකම්පාවක් (sympathy) තිබෙන්නට පුළුවන. එහෙත් ගැටලුව වන්නේ උතුරේ ජනයා සිතන විදිහට සිතන්න දකුණට පුළුවන් ද යන කාරණයය. එසේ සිතීමට නොහැකි වීම තුළ යම් යම් සුළු දේ සිදු කර උතුර වෙනුවෙන් විශාල දෙයක් කළේ ය යන නිගමනයට දකුණ පැමිණෙයි. සිංහල දෙමළ දෙදෙනකුගේ විවාහයක් මතු කර පෙන්වීම එයට උදාහරණයකි. එහෙත් දකුණ මීට වඩා විශ්වසනීයත්වය ගොඩනැඟිය හැකි ක්‍රියාමාර්ග ගත යුතු ව ඇත.

    පුද්ගලයන් දෙන්නෙක් අතර බරපතළ තරහක දී ඔළුව අත ගෑ පමණකින් විසඳුමක් සොයා ගත නොහැකි ය. ඒ සඳහා ඊට වඩා ලොකු දෙයක් කළ යුතු ය. අධි ආරක්ෂිත කලාප ඉවත් කළ යුතු වන්නේ ඒ නිසා ය. එය අද නොව කලින් කළ යුතු ව තිබුණු දෙයකි. මන්ද යුද්ධය අවසාන වී වසර ගණනාවක් ගෙවී ගොස් තිබෙන බැවිනි. දකුණ සිටින්නේ උතුර ගැන බියෙනි. මෙසේ දකුණ උතුර ගැන බියකින් සිටින බව උතුර දනී. ඒ නිසා දකුණ තමන්ගේ හිත හොඳ බව පෙන්වීමට මෙවැනි සුළු දේවල් සිදු කිරීම ප්‍රමාණවත් වන්නේ නැත.

    දෙමළ සමාජය කේවල් කරන දේ සම්බන්ධයෙන් දකුණ ප්‍රකෝප නොවිය යුතු ය. නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන රාජිත සේනාරත්න වැනි අමාත්‍යවරයෙක් පවා විග්නේෂ්වරන් මහ ඇමතිවරයා තදින් විවේචනය කර තිබිණි. එය නොකළ යුතු දෙයකි. වඩුක්කෝට්ටෙයි යෝජනාවලදී අමිර්තලිංගම්ටත් එවැන්නක් ම සිදු විය. අමිර්තලිංගම්ට එරෙහිව විශාල වෛරී ප්‍රකාශ සිදු විය. නමුත් මේ ක්‍රමය නිවැරැදි නොවේ. කළ යුතුව ඇත්තේ දකුණ උතුර සමඟ අභිමුඛ වීමයි. උතුර කුමක් පවසන්නේ ද යන්නට ඇහුම්කම් දීම ය. දරුවකු යමක් ඉල්ලා සිටින විට මුදල් නැතැයි පවසමින් දරුවාගේ ඇඟට කඩා පැනීම වෙනුවට කළ යුතු වන්නේ දරුවා සමඟ කතා බහ කර විසඳුමකට යාම ය. එසේ නම් මේ ගැටලුවේ දී ද සිදු විය යුත්තේ දකුණ, උතුර සමඟ ඵලදායි සංවාදයකට යාම ය.

    2/3

    ReplyDelete
  23. උතුරේ පණිවුඩය නිවැරැදිව බාර ගන්න! – නිර්මාල් රංජිත් දේවසිරි (contd.)

    සිංහල ඡන්ද ලබා ගැනීමට දකුණ සංවේදී කරන කරුණ වී තිබෙන්නේ දෙමළ ප්‍රශ්නයයි. මැතිවරණයෙන් පසු පරාජයට පත් වී සිටින පිරිස් ද යොදා ගන්නේ ද මේ සංවේදී කරුණයි. විමල් වීරවංශ ඇතුළු මේ පිරිස් උතුරට අදාළ කරුණු හා දෙමළ දේශපාලනය තරමක් සංවේදී වන තුරු බලා සිටිති. අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම ආදිය සම්බන්ධයෙන් ෆේස්බුක් ආදියෙහි සිදුවන සංවාද දෙස මා අවධානය යොමු කළ අතර අන්තවාදී මත දරන පිරිස් පවසා සිටින්නේ දැන් උතුරට අවශ්‍ය දේ දී තිබෙන්නේ ය යන්නයි. ඔවුන් මේ තුළින් පෙන්නුම් කරන්නේ බෙදුම්වාදය නමැති යක්ෂයා ය.
    මේ යක්ෂයාට දකුණේ දේශපාලන පක්ෂ බියක් දක්වයි. වෙනම දේශපාලන පක්ෂයක් බිහිකරගෙන මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට ඡන්ද නොලැබෙන බව විමල් වීරවංශ වැන්නෝ හොඳින් දැන සිටිති. එනිසා ඔවුන් උත්සාහ කරන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී මේ අන්තවාදී මතය යොදා ගෙන සිංහල ජනමතයට බලපෑම් කර දේශපාලන වාසි ගැනීමටය. මෙසේ අන්තවාදී මත යොදා ගනිමින් දකුණේ ක්‍රියාත්මක වන්නා වූ විෂම චක්‍රය කැඩීම සඳහා දකුණේ දේශපාලන නායකයන් එඩිතර විය යුතු ය. මක්නිසාද ජනවාර්ගික ගැටලුව විසඳීමේ යතුර ආණ්ඩු බලය දරන දකුණේ දේශපාලන නායකයන් අත තිබෙන බැවිනි.
    උතුරු පළාත් සභාවෙන් යෝජනා සම්මත වන විට ඒ දෙස බැලිය යුත්තේ ඔවුන්ට ඒ සඳහා බලයක්, අයිතියක් තිබෙනවාද යන කරුණ ඔස්සේ නොවේ. එය අප භාර ගත යුත්තේ ප්‍රඥාවන්ත ප්‍රවේශයක් ඔස්සේ ය. ජනසංහාරය යන්නට විවිධ අර්ථකථන තිබේ. ජර්මනිය, රුවන්ඩාව, යුගෝස්ලෝවියාව ආදි රටවල ජනසංහාර සිදු වී තිබේ. ඒ රටවල ආයතනගත වී මේ සංහාර සිදු වූ බව කිව යුතු ය. දෙමළ සමාජය මුහුණ දුන් තත්ත්වය ඒ මට්ටමෙන් සැලකිය නොහැකි නමුත් පහළ මට්ටමේ තත්ත්ව සිදු වූ බව කිව යුතු ය. උදාහරණයක් ලෙස අසූ තුනේ ජූලි කලබලය පෙන්වා දිය හැකි ය.
    අසූ ගණන්වල අග භාගයේ දී යාපනයේ හමුදා කඳවුරු නිවස්නයන්ට යාමට මට අවස්ථාවක් ලැබුණු අතර සොල්දාදුවන් තම ධෛර්යය වැඩි කර ගැනීම සඳහා ලියූ දේවල් කියවීමට ද මට හැකියාව ලැබිණ. ඒවාහි දක්නට ලැබුණේ දැඩි දෙමළ විරෝධි අදහස් ය. එනම් වර්ග සංහාරයකට උචිත ආකාරයේ අදහස් ය. නමුත් ඒවා ආයතනගත නොවුණු බව සඳහන් කළ යුතු ය. උතුරු පළාත් සභාව ජනසංහාරයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යෝජනාවක් සම්මත කර ගන්නේ දකුණ සමඟ කේවල් කිරීමේ අවස්ථාව වැඩි කර ගැනීම උදෙසා ය. මේ යෝජනා ගැන සිංහල අපට කේන්තියක් ඇති වන්නේ ය.
    ජර්මනියේ වුණා වගේ දෙයක් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සිදු වූයේ නැත යන්න අපි පෙන්වා දෙනවා විය හැකි ය. එහෙත් අපේ සිංහල සමාජයේ දෙමළ විරෝධයක් තිබෙන බව පිළිගත යුතු ය. දෙමළ විරෝධි මතය කෙතරම් ද යන්න ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට ඉදිරිපත් කර ඇති පාඨක ප්‍රතිචාරවලින් හඳුනාගත හැකි ය. මෙය අඩු තක්සේරුවකින් සැලකිය යුත්තක් නොවේ. මක්නිසාද ජනසංහාරයට අවශ්‍ය මානසිකත්වය එතැන තිබෙන බැවිනි. උතුර යුද්ධය දකින්නේ ජනසංහාරයක් ලෙස ය. දකුණ දකින්නේ යුද්ධයේ දී ජනයා මිය යාම මඟ හැරිය නොහැකි දෙයක් ලෙස ය. එහෙත් උතුර එය දකින්නේ ආක්‍රමණික හමුදාවක් තම සමාජයට කරන දෙයක් ලෙස ය. මෙයින් මා මතු කරන්නේ සියයට සියයක් දෙමළ ජනතාව නිවැරදියි කියන කරුණ නොව දෙමළ ජනතාව එසේ සිතන්නේ ඇයි ද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ය. දෙමළ නායකයන් කෙසේ කටයුතු කළ යුතු ද යන්න පිළිබඳ ඇතැම්හු අදහස් දක්වති. එහෙත් කළ යුතු දේ ඔවුන් මේ වන විටත් කර තිබේ. ජනාධිපතිවරණයේ දී සම්බන්ධන්, සුමන්තිරන් ඇතුළු නායකයෝ එඩිතර තීන්දුවක් ගත්හ. මේ තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත යුතුව තිබේ. අප කළ යුත්තේ දෙමළ නායකයන් කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ උපදෙස් දීම නොව අප හැසිරිය යුත්තේ කෙසේ යන්න තීරණය කිරීම ය.
    උතුර සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ද වෙනසක් දක්නට නොලැබෙන බව යෝජනාවලියේ සඳහන් ව ඇත. යුද්ධයේ දී වඩාත් අසාධාරණයට ලක් වූ පාර්ශ්වය දෙමළ ජනයා ය. ඔවුන්ට සිදු වූ අසාධාරණයේ තරම අනුව වේගවත් අයුරින් සාධාරණය ඉටු වීමක් ඔවුහු බලාපොරොත්තු වෙති. මේ ආකාර වූ දෙමළ මනස තේරුම් ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. බෙදුම්වාදී ප්‍රවණතාවක් අද නොමැති බවත් නැවත සන්නද්ධ අරගලයක් ඇති වීමේ නැඹුරුවක් නොමැති බවත් අප අවබෝධ කර ගත යුතු ය. ඒ සම්බන්ධයෙන් දකුණේ දේශපාලන මතය සැකසීම අවශ්‍ය ය. උතුර මිලිටරිහරණය කිරීම ආණ්ඩුව ඉක්මනින් කළ යුතුව තිබෙන්නකි.
    එය උතුරට දැනෙන ආකාරයෙන් කළ යුතු ව තිබේ. දැනට එය සිදු වෙමින් තිබෙන්නේ දකුණ සතුටු කෙරෙන ආකාරයට ය. දකුණට දෙන මේ පණිවිඩය උතුරට යන විට ඔවුහු අසතුටු වෙති. එවිට ආණ්ඩුව දැනට කරන කටයුතුවලින් ද ප්‍රයෝජනයක් අත් නොවන්නේ ය. ඉහතින් සාකච්ඡා කළ දරුවා සම්බන්ධ උදාරහරණය විමසා බැලීමෙන් මේ තත්ත්වය හොඳින් තේරුම් ගත හැකි ය. මිල වැඩි භාණ්ඩය වෙනුවට දරුවා සමඟ කතා කර මිල අඩු භාණ්ඩයක් දරුවාට ලබා දෙන්නේ යැයි සිතමු. එහෙත් මිල අඩු භාණ්ඩ ලබා දීමට දරුවා රවට්ටා ගත්තේ යැයි දරුවා ඉදිරියේ ම පැවසුවහොත් සිදුවන තත්ත්වය වන්නේ දරුවා අපේක්ෂාභංගත්වයට පත්වීම ය.
    3/3

    ReplyDelete
    Replies
    1. ඔබේ මතය සමග එකගයි. අහිංසක දමිළ ජනතාවට එරෙහිව ආක්‍රමණකාරී යුද්ධයක් තබා ලක්ශගනන් සාමාන්‍ය වැසියන් ඝාතනයට එරෙහිව මහින්ද, ගෝඨා, ෆොන්සේකා, ෂවෙන්ද්‍ර, ජගත් ඩයස්, කමල් ගුනරත්න ඇතුලු සියලුම මිනීමරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන ගොස් උපරිම දඬුවම් දිය යුතුයි. එමෙන්ම පට්ට ගෝත්‍රික අමු ජාතීවාදී විමල්, ගම්මන්පිල, දිනේශ්, වාසුදේව, තිස්ස විතාරණ, ඩියු ගුණසේකර වගේ ජාතීද්‍රෝහීනුත්, නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර වගේ උන්මත්තකයිනුත් අල්ලා සිරගත කොට උපරිම දඬුවම් දිය යුතුයි. විග්නෙශ්වරන්ලා පෙනී සිටින්නේ අහින්සක දෙමළ ජනතාවගේ සැබෑ අයිතීන් වෙනුවෙන්. ඔවුන්ට සාදාරණය ඉටුවිය යුතුයි. ඒවගේම සාධාරණ ජාත්‍යන්තර පරීක්ශනයකින් නිරායුද අහිංසක මුස්ලිම්වරුන්ට එල්ලකළ ජාතිවාදී ප්‍රහාර වෙනුවෙන් බො.බ.සේ. පිරිස්ට එරෙහිව මරණ දඬුවම වුනත් පැණවීම සාධාරණයි.

      Delete
    2. නිර්මාල් ගේ අග මුල නැති යාං හෑලි. ඔන්න මූණු පොතේ පච වෙනවා

      Delete
  24. Major General Krishantha De Silva has been appointed as the new Commander of Sri Lanka Army by President Maithripala Sirisena, the Presidential Media Division announced. He succeeds Lieutenant General Daya Ratnayake.

    He is a product of Royal College, Colombo.

    ReplyDelete
    Replies
    1. Looks like Ranil have won the contest over Fonseka for the post of army commander.

      Delete
  25. ආණ්ඩු පෙරළියත් සමග අදාළ පානීය ජල යෝජනා ක්‍රමය සජිත් ප්‍රේමදාස මහතා සමග ඉදිරියට ගෙන යාමට අදාළ සමගම තීරණය කර ඇති අතර ඒ සදා ප්‍රේමදාස ඩොලර් මිලියන 250 ක කොමිස් මුදලක් ඉල්ලා ඇත. කොමිස් මුදල අඩු කර ගැනීම සම්බන්දව සමාගම රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්චා කරමින් සිටි.බොහෝවිට රනිල් වික්‍රමසිංහට ඩොලර් මිලියන 100 හා ප්‍රේමදාස මහතාට ඩොලර් මිලියන 50 බැගින් ලෙස කොමිස් මුදල් බෙදාගැනීමට එකගතාවයකට පැමිණිය හැකියැයි අදාළ සමාගම විශ්වාසය පල කරයි.

    ReplyDelete
  26. විමලේ වෙතයි, මීට (තෝව දරුකමට හදාගත්තු) අප්පච්චී./ Charmi Sam

    Posted by admin on February 20th, 2015


    wimal-weerawansa-rallyමේක මගේ යාළුවෙක් එවපු ලියුම් කෑල්ලක් . මිනිහට මේක හම්බවෙලා තියෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් ස්ටේජ්එක ලඟ කාණුවක ගුලිකරලා විසිකරලා තිබිලා. කවුරු උනත් අප්පච්චියෙක් ලියාපු එකක් හින්දා දානවා. දරුවෝ ඔන්ලයින් ඉන්නවනං දකින්නැතෑ නෙහ්?
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    විමලේ වෙතයි,
    අද රැස්වීමට එන්ටම තමයි මං හිටියේ. ඒත් ශිරා ඇහුවා එතකොට අර පෝලිමේ එන උන්ට වැඳගෙන ඉන්න වෙන්නේ මටද කියලා. බලාගෙන යද්දි ඒකත් ඇත්ත. ඒක හින්දා එන්ට වෙන්නේ නැත. මෙහේ බත් තම්බලා පණ ගිහින් තියෙන්නෙ බං.

    දයාන් ජයතිලකයා (මං මිනිහට සැලකුවා මදි ඕයි) ඕකේ කියවන්ඩ ප්‍රකාශයක් ඉල්ලුවාය. ඔව්වා ලියන්ඩ වෙලාවක් නෑ බං. මං දයාන්ට කිව්වා මං එව්වය කියලා ඔය මොනවහරි කියනවා කියලා. මිනිහා වැඩේ කරයි. ඔය තේරෙන්නැති බර වචන මොනාහරි දාන්ඩ ගත්තොත් මයික් එක ගලවලා හරි පොර ටිකක් කොන්ට්‍රොල් කරන්න බලපං.

    මොනව උනත් උඹයි ගම්මයි ඥානසාරයි වාසුයි ගැන මට පුදුම ආදරයක් හිතෙනවා ඕයි. අර වංගෙඩි කොටයි ප්‍රේම ජයන්තයයි පියදර්ශනයයි කැබිනට් එකේ දාගෙන පෙට්‍රල් පුච්චපු වෙලාවේ උඹලා දාගෙන හිටියනං මොකද කියලා දැං හිතෙනවා.

    ඔය රැස්වීම ගැන උඹලා බයවෙන්ට එපා. 50000 ක් අනිවා එනවා. යකෝ අවුරුදු 10 ක් ඔළු හෝදලත් වාල්ලු පනස්දාහක් හදාගන්ඩ බැරිනං ඩලස් කොටා හම ගහන්ඩ එපැයි.

    වැඩි විස්තර ලියන්ට වෙලාවක් නැත. මේ විනාඩි දෙකටත් අන්න කාමරේ එකසිය පනහක් විතර වැඳගෙන මං එනකං ඉන්නවා. මේකත් එක කරුමයක් ඕයි. තව්තිසාව වගේ ගෙවල් හදාගත්තට සත පහක වැඩක් උනේ නෑනේ. මට නං දැං තිත්ත වෙලා මේ කබල් මේසෙ ලඟ වැඳං ඉඳලා.

    නාමල්ට මං උඹලා ගැන කියලා තියෙන්නේ. කෝමත් ඌ එනකොට උඹලා නාකි වෙලා තියෙයි. බයවෙන්ඩ එපා. ඌ උඹලව බලාගනියි.

    මතක ඇතුව රැස්වීම පටන් ගන්න කලින් ඥානසාර සාදුගෙන් පන්සිල් ගනිං.
    මට ජයවේවා.
    මීට (තෝව දරුකමට හදාගත්තු) අප්පච්චී.
    Charmi Sam මුහුනු පොතෙන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා