සත්‍යාගාරයේදී ලලිත් ‍කොතලාවල විච්ඡෙදනය කිරීමෙන් හමු වුණේ මොනවා ද?

සන්නස්ගල ලලිත් කොතලාවල එක්ක කළ සත්‍යාගාරය සාකච්ඡාව නිසා මට මතු වූ ප්‍රශ්න:

ලලිත් කොතලාවල ව්‍යාපාරිකයෙක්. ඔහුගේ රස්සාව බිස්නස් කරන එක. ඔහු ව්‍යාපාර පටන් ගන්න එක වැරදි ද?

ඔහු සිය ව්‍යාපාරයේ සමාගම්වල සභාපති. ඒවා කළමනාකරණය කරනවාට වඩා ඔහු කර තිබෙන්නේ mentor කෙනෙකුගේ හෙවත් දැනමුත්තකුගේ භූමිකාව බව ඔහු අඟවනවා. ඒත්, ඔහුට ඒ ව්‍යාපාර සම්බන්ධ වගකීමෙන් මිදෙන්න බැහැ.

ඒ වගේ ම, ගෝල්ඩන් කී කළමනාකාර අධ්‍යක්ෂ කාවන් පෙරේරා කියන්නේ ඇතැම් මාසවල ලක්ෂ 65ක් විතර පඩි ගත්ත කෙනෙක්. මේ පඩි නෙමෙයි. මේ තමයි, දැන් සමාගම්වල ලාභ බෙදෙන අලුත් ම ක්‍රමය. සාපේක්ෂව ගත්තා ම ඔහු තමයි, මේ මගඩියේ සක්විති. එහෙත්, අපි අල්ලාගෙන තිබෙන්නේ ලලිත් කොතලාවලගේ බෙල්ලෙන් විතරයි වගේ.

ඔහු ම කියන පරිදි ගෝල්ඩන් කී සමාගම යනු අනුන්ගේ ජරා සල්ලිවලින් කළ බිස්නස් එකක්. ඔහු නො කිව්වාට එය ජරා බිස්නස් එකක්. නීති විරෝධී පිරමිඩ් ක්‍රමයක්. පළපුරුදු ව්‍යාපාරිකයකු ලෙස ඔහු එවැනි කටයුත්තකට අතගැසුවේ ඇයි? 

ඔහු වැනි ව්‍යාපාරිකයකු පවා ආකර්ශනය කරන කළු සල්ලි වෙළඳපොළක් එදා තිබුණා. ඒකට වගකිව යුත්තේ කවුරු ද? 

ගෝල්ඩන් කී සමාගමේ දැවැන්ත මුදල් තැන්පත් කළ ‍සල්ලිකාරයන් ඒ මුදල් ඉපැයුවේ කොහොම ද? ඔවුන් සිය ආදායම් වෙනුවෙන් බදු ගෙව්වා ද? දැන් ඔවුන් තමන්ට අහිමි වූ මුදල් ගැන නිහඬ ඒ නිසා නේ ද?

ඔහු කියන පරිදි දේපල විකුණා තැන්පත්කරුවන්ට‍ ගෙවන්න ඔහුට සැලැස්මක් තිබුණා. ඒත්, ඔහු සිරගත කර, ඔහුව ව්‍යාපාර හා දේපලවලින් ඈත් කර ඒවා කොල්ල කා ගත් අය ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්නට දුන්නේ නැහැ. 

ලලිත් කොතලාවල කියන්නේ ඇත්ත නෙමෙයි. එහෙත්, මෙතන ඔහුට වඩා හොරු ටිකක් විසින් ඔහුගේ ව්‍යාපාර කොල්ල කා තිබෙන බව පෙනෙනවා. ඒ වගේ ම ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගෙන් ඇතැමෙක් ද හොරු. ඒ නිසා ලලිත් කොතලාවලට ඔවුන්ට මුවා වී අභියෝග කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. 

මේ ගැන රාජපක්ෂ පවුල මොනවද කියන්නේ කියන එකත්, ලලිත් කොතලාවල කියන දේ තරමට ම වැදගත්. 

වයෝවෘද්ධ ලලිත් ඉල්ලන්නේ ඔහුට තම දැනුමෙන් සමාජයට සේවයක් කරන්නට අවස්ථාව දෙන්න කියලායි. ඔහු ළමයින්ට ටොෆි බෙදමින්, සිරකරුවන්ගේ දඩ ගෙවමින් සනසා ගන්න හදන වරදකාරී හිත සනසා ගන්න ‍වඩා ඵලදායී ක්‍රමයක් ලබා දෙන එක වරදක් නොවෙයි. 

ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ ගෝල්ඩන් කී අවුල ලිහන්න ඔහුට අවස්ථාව ලබා දෙන එකයි. 

ලලිත් කොතලාවලලා බිහි වීම ධනවාදයේ ස්වභාවයයි කියලා සරළ විග්‍රහයක් කරලා අපට ඕවා අදාළ නැහැ කියන්න පුළුවන්. ඒත්, ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වන සමාජවාදය කියන විස්මය ඇති වන අපි නො දන්නා දවස තෙක්, ලලිත් කොතලාවලලා බිහි වීම වළක්වා ගන්නේ කොහොමද? ඒ සඳහා සමාජයක් ලෙස අප විසින් කළ යුතුව තිබෙන්නේ කුමක් ද? 

ඔබගේ අදහස් දක්වන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය මැති ඇමැතිවරුන් පිළිගැනීමේ උත්සවයක්‌ එම විද්‍යාලයේදී ඊයේ (12 දා) පැවැති අතර එම අවස්‌ථාවට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති සජිත් ප්‍රේමදාස සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිස...
    ඡායාරූපය - කණිෂ්ක හේවගේ

    Thanks Parakum!

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මාතර සුනිල්.
      ආණ්ඩුවේ යහපාලන මැසිමට දමන අලුත්ම හොරා මොහුය. චන්ද්‍රිකා, රවී, රාජිත මේ වනවිටත් ශුද්දවන්තයන් වී මැසිමෙන් එලියට ඇවිත් හමාරය. සජින් වාස්, දුමින්ද, තවම මැසිම ඇතුලේය. සියලු අපද්රව්‍ය මැදමුලනට යොමුකර ඇත. පැරා මෙම යන්ත්‍රයේ එක දැති රෝදයක් පමණි.

      Delete
    2. සුදු නැන්දිගේ ලමා කතා - 2154836February 14, 2015 at 3:17 PM

      ලලිත් බබයී,උපුල් බබයී ITN සෙල්ලම් ගෙදර සෙල්ලමක් පටං ගත්තලූ, පැරා බබාගේ සෙල්ලං බොගට ඒ ගැන පස්නයක් ඇතිවුනලූ. ..........
      කතාව ඉවරයි නන්නං..බබලා බායී...

      සුදු නැන්දිගේ ලමා කතා - 2154837 මිලදී ගන්න හොදේ.

      Delete
  2. Watinaa wigrahayak. ITN eke live beluwaa.Lalith me piramidaya gena kalin denagena hitiyaa. Ohu wagakiyanna one.
    Rajapaksa me chodanaa walata uththara denna ona.
    Golden Key kiyanne Thanamalwila keleka thibuna samaagamak nove. Central Bank eka idiripita paaren anith peththe thiyenne Ceylinco eka. 30% poliyak denakota Maha bankuwa as wahagenada hitiye?

    ReplyDelete
  3. In business world and with in the parameters of company law we have to dissect the person from business and chairman's role and that of managing director. In a conglomerate like Ceylinco Group, the part Chairman is very little and he is responsible to the Board of Directors. The Managing Director on the other hand has the administrational/financial/ procedural and technical stake of the company.
    This core point lacks in the interview. No wonder Sannasgala the Sinhala Tuition guru lost this entrepreneurial base. Rather the questions posed and clarifications Sannasgala made proved his ignorance in business affairs. He couldn't get the point of 'amass liquidization' when all people tend to buy back what they invested, even the wall street falls, and it did. The sinhala explanation given to 'declaring assets' by Sannasgala and bringing Malalasaekara Dictionary to define the term 'rebate' are classic examples of Sannasgala's lackings in English and Business terms.

    And ethics were not spared... asking comments on preparation on death of an elderly person is not nice. However Kotalawala maitained the cool right throughout the interview while the ruffled was Sannasgala.

    Rather he made himself a Sherlock Holmes typo detective, yet he hasn't evidence to prove his claim of canvassing him for the purported sponsorship for the book.
    All in all, Sannasgala was the loser, but Kotalawala is not innocent. Any takers?

    ReplyDelete
    Replies
    1. I Have Candy, Wanna Get in My Van?

      Delete
  4. Lalith kottalawela is a culprit and thief, This guy was doing these kinds of illegal business since early 90's or before that. He exactly knew how the golden key business will end but he never thought he will end up in the prison. Most of the depositors have deposited their hard earned money, selling of properties, pensions, etc....
    This blood sucker has sucked poor people money, These kinds of thief's should be punished by court cancelling their citizenship,seizing their property and be thrown out with his relations from sri lanka. He is traitor to this country by doing fraudulent activities, creating economic crisis and a bad impression on sri lanka . He is should be fully responsible for what happened. Without his knowledge it wont happen, Lets hope that the golden key new director board will settle deprived depositors soon.

    ReplyDelete

  5. පැරා,

    මෙහිදී මා දකින්නේ, හොරුන් කම්බහොරුන් අතර මෝඩ ජනයා දක්කන ආකාරයයි.
    01. ලලිත් කොතලාවල කර ඇත්තේ දැන දැන වරදක් ඔහු මේ සියල්ල නොදන්නවා උනත් අසරණ මිනිසුන්ගේ ජිවිත සමග කරන සෙල්ලම හොදහැටි දනී.
    02. කොතලාවල මහතා මිලියන 100 රාජපක්සට තෑගි දෙන්නේ, ඔහුගේ වියාපාරය නිසා සියදිවි හානි කරගන්නා පිරිස සිටින අතරයි (සත්‍යගරය බැලීමට ප්‍රථම පෙර කරනලද වැඩසටහනකදී මෙය මට ඇසුන විට ඇති උනේ පිළිකුලක් )
    03. පිළිකුල් සහගත ලෙස රටේ නිතිය පිරිහී ඇති අයුරු (මොහාන් පිරිස් මේ සිද්දියේ කොටස් කරුවකු වන විට ඔහුම තම නඩුව ඇසීම සාදාරන යුක්තියට පටහැනියි )
    04. මෙහි සිටින විශාලම කඹ හොර දෙටුවා කොතලාවල නෙමෙයි, රට පාලනය කල පුද්ගලයා කම්බහොරෙකි (මේ පිළිබද සන්නස්ගල මහතාගෙන් වැඩිපුර එලි නොවුනත් ඔහු මෙම වැඩසටහන හොදින් පවත්වනලද බව මගේ විස්වාසයයි.)

    අවසානයේදී සිදුවී ඇත්තේ ලලිත් කොතලාවල හොරකු කිරීමත් සහ හිගන්නෙකු කිරීමත්, ඔහුගේ වියාපාරයේ තැන්පත් කරුවන් බංකොලොත් කිරීමත්, රාජපක්ස රජ වීමත් පමණයි (සක්විතිට සිදුවූ දෙය ම නොදන්නවා උනත් මෙයම සිදුවී ඇතිබව විමසුම් නුවනට වැටහෙනු ඇති.

    ඉගනගත්යුතු දේ නම් ප්‍රතිරුප වන්දනාව නවතදැමිය යුතු බවයි මෙය ගොත්රිකබවේ මුලික ලක්ෂණයක් ලෙසයි මා දකින්නේ.

    ReplyDelete
  6. හොරකම හා හොරා හදුනාගන්නා සමාජයක් ගොඩනැගිය යුතුයි. මේ පුද්ගලයන් මහා වීරයන් ,නිර්මාණ කරුවන් ලෙස සමාජයේ ඇතමුන් හදුනාගන්නවා. නමුත් මොවුන් දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගන්නා මිනිසුන්ගේ සල්ලි සමග සෙල්ලම් කරන්නන් පමණයි.
    ධනපතියන්ට වන්දමාන කරන සංස්කෘතියක් ඇතිවෙලා තියනවා. එහිදී ධනාත්මක චින්තනය යන වචනයට මුවා වෙලා ධනවතුන් යනු අනුගමනය කලයුතු අය ලෙස හැඳින්වෙනවා. ඇත්තටම අසාධාරණ ගජමිතුරු බදුසහන, යටිකූට්ටු ටෙන්ඩර් මගඩි හා කොන්ත්‍රාත් මගින් ධනවත් වූ අය මිස සුජාත පෞද්ගලික අංශයක් නැහැ.ජනතාවගෙ සල්ලිම හොරපාරෙන් අරන් කොටසක් තියාගෙන කොටසක් බෙදනව.දියුණු ධනවාදී රටවල පෞද්ගලික අංශය මීට වෙනස්.

    අනුන්ගෙ සල්ලි එක දක්ෂ ලෙස සෙල්ලම් කරන්න පුළුවන් නම් ඒකතමයි ඔය කියන හපන්කම.රටේ හැමෝටම හොරුවෙන්න බෑ.නමුත් මේ ක්‍රමයෙදි අපට කියන්නෙ ඒක.

    ReplyDelete
  7. ලලිත් කොතලාවල අමාරුවේ වැටුනා මිසක් කව්රුවත් එයාව අමාරුවේ දැම්මේ නැතිබව පැහැදිලියි. එත් එයා අමාරුවේ වටෙුන පසු කළදුටුකල වල ඉහගත් රාජපක්‍ෂගේ භුමිකාව මීටවඩා තීව්රලෙස ජනතාවට අවබෝධවන ලෙස මෙය සන්නස්ගලට කළහැකිව තිබුබව මගේ හැඟීමයි.

    ReplyDelete
  8. CANDYMAN'S BANK
    First, WE Take Your Money Then WE Take Your life.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා