Posts

Showing posts with the label ලලිත් කොතලාවල

සත්‍යාගාරයේදී ලලිත් ‍කොතලාවල විච්ඡෙදනය කිරීමෙන් හමු වුණේ මොනවා ද?

Image
සන්නස්ගල ලලිත් කොතලාවල එක්ක කළ සත්‍යාගාරය සාකච්ඡාව නිසා මට මතු වූ ප්‍රශ්න: ලලිත් කොතලාවල ව්‍යාපාරිකයෙක්. ඔහුගේ රස්සාව බිස්නස් කරන එක. ඔහු ව්‍යාපාර පටන් ගන්න එක වැරදි ද? ඔහු සිය ව්‍යාපාරයේ සමාගම්වල සභාපති. ඒවා කළමනාකරණය කරනවාට වඩා ඔහු කර තිබෙන්නේ mentor කෙනෙකුගේ හෙවත් දැනමුත්තකුගේ භූමිකාව බව ඔහු අඟවනවා. ඒත්, ඔහුට ඒ ව්‍යාපාර සම්බන්ධ වගකීමෙන් මිදෙන්න බැහැ. ඒ වගේ ම, ගෝල්ඩන් කී කළමනාකාර අධ්‍යක්ෂ කාවන් පෙරේරා කියන්නේ ඇතැම් මාසවල ලක්ෂ 65ක් විතර පඩි ගත්ත කෙනෙක්. මේ පඩි නෙමෙයි. මේ තමයි, දැන් සමාගම්වල ලාභ බෙදෙන අලුත් ම ක්‍රමය. සාපේක්ෂව ගත්තා ම ඔහු තමයි, මේ මගඩියේ සක්විති. එහෙත්, අපි අල්ලාගෙන තිබෙන්නේ ලලිත් කොතලාවලගේ බෙල්ලෙන් විතරයි වගේ. ඔහු ම කියන පරිදි ගෝල්ඩන් කී සමාගම යනු අනුන්ගේ ජරා සල්ලිවලින් කළ බිස්නස් එකක්. ඔහු නො කිව්වාට එය ජරා බිස්නස් එකක්. නීති විරෝධී පිරමිඩ් ක්‍රමයක්. පළපුරුදු ව්‍යාපාරිකයකු ලෙස ඔහු එවැනි කටයුත්තකට අතගැසුවේ ඇයි?  ඔහු වැනි ව්‍යාපාරිකයකු පවා ආකර්ශනය කරන කළු සල්ලි වෙළඳපොළක් එදා තිබුණා. ඒකට වගකිව යුත්තේ කවුරු ද?  ගෝල්ඩන් කී සමාගමේ දැවැන්ත මුදල් තැන්පත...

දැන් ඉතින් සක්විතිට අපි කුමක් කරමුද? | What shall we do to Sakvithi Ranasinghe?

Image
සක්විති රණසිංහ සිය කාර්යාලයේ මෙම ඡායාරූපය එල්ලාගෙන සිටියේ ය. ඔහු ජනාධිපතිවරයා වෙත රැගෙන ගොස් තිබෙන්නේ ඔහුගේ ජාවාරමේ හවුල්කරුවකු වන මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයි.  (2010 අගෝස්තු 07,  W3Lanka )  අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් කුප්‍රකට වංචාකරු සක්විති රණසිංහ වාර්තා වන පරිදි කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි යි කියා මෙම සටහන පටන් ගන්නෙමු. එවිට පිරිසකට මළ පනින බව දනිමු. එහෙත් එය ඇත්තකි. මූලික වශයෙන් ලංකාවේ දිළිඳු ජනයාගෙන් සූරා කනු ලබන බදු මුදලින් පුනරාවර්තන වියදම් මුළුමනින් ම සපුරා ගනිමින් උසස් පිළි ගැනීම් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන රාජකීය මට්ටමේ ඕනෑම පාසලකින් රාජ්‍ය පාලකයන් වැනි ප්‍රභූ ධනවතුන් මෙන් ම මෙවැනි පල් හොරුන් ද බිහි විය හැකි ය. ධනවාදය තුළ පල් හොරා සහ ප්‍රභූ ධනවතා අතර ඇත්තෙන් ම තිබෙන්නේ කෙස් ගසක වෙනසක් පමණි. මෙය හොඳින් පෙන්වා දුන් පුද්ගලයා ලලිත් කොතලාවලයි. ලංකාවේ බිල් ගේට්ස් ලෙස හැසිරුණු මේ ඊනියා ප්‍රභූවරයා එක රැයින් සක්විති රණසිංහ මට්ටමට වැටිණි. පබා වැල නාට්‍යයේ අන්තිම කොටස ඔබට මතකද? ත්‍රිරෝද රථයක් පදවමින් සිට පළාත් පාලන ඡ...

බෝධිසත්ව කොතලාවල පඹයකු වි පිළිස්සීම

Image
(2009 අගෝස්තු 22 - W3Lanka) සක්විති රණසිංහ අධික පොලී ගෙවන බව කියා මහජනයාගෙන් තැන්පතු ලබාගෙන කෝටි ගණනකට පොලු තියා රටින් පැන ගිය අවස්ථාවේ දේශමාන්‍ය ලලිත් කොතලාවල බෝධිසත්වයකු සේ ඉදිරිපත් වී විපතට පත් තැන්පත්කරුවන් සමග සාකච්ඡා කළේය. සක්විති වංචා කළ මුදල් මේ බෝධිසත්වයා තමන්ට ආපසු දෙනු ඇතැයි ඇතැම් අසරණ, මෝඩ ජනයා සිතූහ.  කෙටි කලකින් හෙළිදරව් වූයේ කොතලාවල සක්විතිට වඩා වංචාකාරයකු බවයි. මෙම ඡායාරූපයේ සිටින මුදල් අහිමි වූ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් මේ ගිනි තබන්නේ ලලිත් කොතලාවලගේ පඹයකුටයි.  කලක් ලලිත් කොතලාවලගේ සමාගම්වල දැන්වීම්වලින් යැපෙමින් ඔහුගේ සමාජ සේවාවල ගුණ වර්ණනා කළ ජනමාධ්‍ය ‍දැන් මෙම දර්ශන අලෙවි කරති. ධනවාදයට විකුණන්නට බැරි මොනවාද?