මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනු! (19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාව)

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඉදිරිපත් කර තිබෙන සාකච්ඡ‍ා කෙටුම්පත අපි අගය කරන්නෙමු. ඒ පිළිබඳ අපේ අදහස් කීපයක් රතු අකුරෙන් දක්වන්නෙමු. ඔබේ අදහස් ද ඉදිරිපත් කරන්න.

මෙම සංවාද පත්‍රිකාවේ බරපතල අඩුපාඩුවක් තිබේ. දැනට පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු ය. මහ මැතිවරණය පැවැත්විය යුත්තේ නව ක්‍රමය යටතේ මිස පැරණි, දූෂිත, නාස්තිකාරී අනුපාත ක්‍රමය යටතේ නො වේ. 

මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සඳහා අමතර කාලය අවශ්‍ය යයි අපි නො සිතමු. එහෙත්, අවශ්‍ය නම් කාලය ලබාගෙන හෝ එය කළ යුතු ය.

යෝජිත සංශෝධනවලට අනුව, ජනාධිපතිවරයා අගමැතිවරයා හා නියෝජ්‍ය අගමැතිවරයා යන තිදෙනාගෙන් එක් අයෙකු මෙරට ජීවත් වන දෙමළ බස කතා කරන දෙමළ, මුස්ලිම් ජනවර්ගයන් හෝ වෙනත් සුළුතර ජනවර්ගයක් නියෝජනය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු බව යෝජනා කරමු.

ජනාධිපතිවරයා

ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයාය. විධායකයේ ප්‍රධානියාය. සියලු හමුදාවල සේනාධිනායකයාය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියාකළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයකුගේ උපදේශය යටතේය.

දැනට පවතින ව්‍යවස්‌ථාවේ 33 වැනි වගන්තියේ කාර්යයන් හැරුණු කොට ජනාධිපතිවරයා විසින් ජාතික සමගිය සහ ඒකාග්‍රතාව ප්‍රවර්ධනය කිරීම, ජනවාර්ගික සහ ආගමික සමගිය තහවුරු කිරීම, ව්‍යවස්‌ථාදායක සභාව සහ ස්‌වාධීන කොමිෂන් සභා වල නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම යන කාර්යයන් ජනාධිපතිවරයාගේ වගකීමට යටත්ය.

ජනාධිපතිවරයාගේ රාජකාරිමය අඩුපාඩු හෝ ඔහුගේ ක්‍රියාවන් කිසිවක්‌ සඳහා ජනාධිපතිවරයාට මුක්‌තිය හිමි නොවේ. එවැනි අවස්‌ථාවකදී පාර්ලිමේන්තුවේ කථානායකවරයාට හෝ රාජ්‍ය සභාවේ සභාපතිවරයාට ජනාධිපති වෙනුවට රාජකාරි කළ හැකිය. (රාජ්‍ය සභාවේ සභාපතිවරයා පිළිබඳ විග්‍රහය පසුව දැක්‌වේ.)

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5 කි. ඊළඟ පාර්ලිමේන්තුව දක්‌වා ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාවලියේ වෙනසක්‌ සිදුනොවේ. ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක්‌ පමණි. වර්තමාන දෝෂාභියෝග ක්‍රියාවලිය අහෝසි කෙරේ.

අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට්‌ මණ්‌ඩලය

අගමැතිවරයා ආණ්‌ඩුවේ නායකයාය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් වැඩි දෙනකුගේ කැමැත්ත ඇති බව පෙනෙන මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස නම් කරනු ලැබිය යුතුය. අගමැතිවරයාගේ උපදෙස්‌ පරිදි ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය අගමැතිවරයෙක්‌ පත්කරනු ලැබේ.

කැබිනට්‌ මණ්‌ඩලය ඇමැතිවරු 30 ක්‌ ඉක්‌මවිය නොහැකිය. නියෝජ්‍ය ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 40 ඉක්‌මවිය නොහැකිය. පාර්ලිමේන්තුවේ ආසන වැඩිම ගණනක්‌ නියෝජනය කරනු ලබන පක්‍ෂය සහ ඊළඟට ආසන වැඩිම ගණනක්‌ නියෝජනය කරනු ලබන පක්‍ෂය අතර ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනැගෙන අවස්‌ථාවකදී එම සංඛ්‍යාවන් 45 සහ 55 ලෙස නොඉක්‌මවනු ලැබේ. මෙය විධි විධානය පවත්වන්නේ මීළඟ පාර්ලිමේන්තුව සඳහා පමණි.

මහින්ද රාජපක්ෂ යටතේ පැවති මජර ක්‍රමයේ සිට යහපාලනයක් වෙත සංක්‍රමණය වීමේදී අන්තර්කාලීන විධිවිධාන අවශ්‍ය වනමුත්, ඉහත සඳහන් කරන ලද විධිවිධාන දැඩි ලෙස සීමා කළ යුතු ය. ඒවා නැවත නැවත භාවිතා කිරීම සඳහා උපයෝගී කර ගත හැකි නීතිමය සිදුරු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඒවා වැළැක්විය යුතු ය.

වර්තමාන ජනාධිපතිවරයා විෂයෙහි පමණක්‌ බලපවත්වන විශේෂ විධි විධාන

වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය තුළ ඔහු ජාතික ආරක්‍ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසර විෂයන්හි වගකීම උසුලනු ඇත.

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 කි. මුල් වසර 4 යි මාස 6 ක කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක යෝජනා සම්මතයක්‌ අවශ්‍යය.

ව්‍යවස්‌ථාදායක සභාව සහ ස්‌වාධීන කොමිෂන් සභා

ව්‍යවස්‌ථාදායක සභාව පස්‌ දෙනෙකි. ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවේ බහුත්වවාදී ස්‌වරූපය නිරූපනය විය යුතුය. ජනාධිපති විසින් පත් කළද ඔවුන් නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්‍ෂ සහ ස්‌වාධීන කණ්‌ඩායම් වල නායකයන්ගේ උපදෙස්‌ මත අගමැතිවරයාගේ සහ විපක්‍ෂ නායකවරයාගේ සාමූහික අනුමැතියෙනි.

යෝජනා කළ යුතු පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණතාවය සහ සමාජ විවිධත්වය යන කරුණු සැලකිල්ලට ගත යුතුය.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පත් කිරීම ‍මීට පෙර ද ගැටලු මතු කළේ ය. ඒ නිසා එම පත්කිරීම් සිදු කරන ආකාරය නිශ්චිතව, පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්විය යුතු ය. 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වන ලද පරිදි ව්‍යවස්ථාදායක සභා සාමාජිකත්වයට හිමි වී තිබුණු ජනවාර්ගික නියෝජනය එපරිද්දෙන් ම රැක ගත යුතු ය. එය වෙනස් නො කළ යුතු ය. සුළුතර ජනවාර්ගික නියෝජනය හා සුළුතර පක්ෂ නියෝජනය පටලවා නො ගන්නා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතු ය.


ස්‌වාධීන කොමිෂන් සභාවන්ට අලුතින් දෙකක්‌ එකතු වේ. ඒවා නම් විගණන සේවා කොමිසම සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම ලෙසය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කරන්නේ ව්‍යවස්‌ථාදායක සභාව විසිනි. එහිදී එම සභාව අගවිනිසුරු, අධිකරණ ඇමැති, නීතිපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ අදහස්‌ විමසා බැලිය යුත්තේය.

ජාතික පොලිස්‌ කොමිසම පොලිස්‌පතිවරයා සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවන්හිදී හැර අන් සියලු අවස්‌ථාවලදී පොලිස්‌පතිවරයා ජාතික පොලිස්‌ කොමිසමට සහභාගී විය යුත්තේය.

රාජ්‍ය සභාව

ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු යහපාලනයේ මූලධර්ම මත පිහිටුවා ආණ්‌ඩුවේ ආයතන පද්ධතිය ඔස්‌සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ කැබිනට්‌ මණ්‌ඩලයට නිර්දේශ කිරීම මෙම සභාවේ කාර්ය භාරයයි.

ව්‍යවස්‌ථාදායක සභාවේ සහ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ අනුමැතියෙන් 35 දෙනකුගෙන් සමන්විත මෙම මණ්‌ඩලය අගමැතිවරයා විසින් සහ විපක්‍ෂ නායකවරයා විසින් පත් කරනු ලැබේ. ඉන් 20 දෙනකු පාර්ලිමේන්තුවේ නියෝජනය වන අනුපාතයට දේශපාලන පක්‍ෂ සහ ස්‌වාධීන කණ්‌ඩායම් විසින් නියෝජනය විය යුතු අතර පාර්ලිමේන්තු නියෝජනයක්‌ නොමැති පක්‍ෂ වලට ඉතිරි ආසන 15 බෙදී යනු ඇත.

මේ සඳහා පත්කරනු ලබන සියලුම පුද්ගලයන් ගෞරවනීය පුද්ගලයන් විය යුතු සේම තම වෘත්තීන්හි උසස්‌ ජයග්‍රහණය ලබා ගත්තවුන් විය යුතුය. එහි සභාපතිවරයා සහ නියෝජ්‍ය සභාපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේය.

මෙහිදී ද පාර්ලිමේන්තු නියෝජනයක් නැති පක්ෂවලට නියෝජනය ලබා දෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්විය යුතු ය. පාර්ලිමේන්තුවට තේරී පත් වන්නට අවස්ථාව නො ලැබුණු, එහෙත් ඡන්දයට ඉදිරිපත් වූ පක්ෂවලට මෙම අවස්ථාව ලබා දීම යෝග්‍ය ය. 

එසේම, රාජ්‍ය සභාව මීට වඩා බලවත් කළ යුතු බව මගේ අදහසයි. රාජ්‍ය සභාවේ නිර්දේශ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කටයුතු කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබිය යුතු ය. 

එසේම, මෙම නියෝජනය පාර්ලිමේන්තුවට ම ලබා දෙන ක්‍රමයක් සැකසිය හැකි නම් අනවශ්‍ය සංකීර්ණත්වයක් ඇති වීම වළක්වා ගත හැකි ය. වෙනම රාජ්‍ය සභාවක් අවශ්‍ය වන්නේ නැත.  

පාර්ලිමේන්තු කමිටු

සෑම අමාත්‍යංශයක්‌ සඳහාම පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක්‌ තිබිය යුතුය.

තේරීම් කාරක සභා, උපදේශක කාරක සභා, පොදු ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව සහ මහජන පෙත්සම් කාරක සභාව ආදී මේ සියල්ල පොදු ජනතාවට විවෘත විය යුතුය.

පොදු ගිණුම් කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම විපක්‍ෂ නායකවරයා විසින් නම් කළ යුත්තේය.

පනත්

හදිසි පනත් හැරුණු කොට අන් සියලු පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනට දින 14 කට පෙර ගැසට්‌ පත්‍රය මගින් ප්‍රකාශයට පත්කළ යුත්තේය. සෑම පනතක්‌ම ජනාධිපතිවරයා විසින් සහතික කරනු ලැබිය යුතුය.

විගණකාධිපතිවරයා සහ විගණන සේවා කොමිසම

විගණන සේවා කොමිසම සමන්විත වන්නේ විගණකාධිපතිවරයා, නියෝජ්‍ය විගණකාධිපතිවරයා හෝ ඊට ඉහළ තනතුරු දැරූ විශ්‍රාමික විගණන නිලධාරීන් දෙදෙනක්‌ සහ විගණනය. ගණකාධිකරණය, නීතිය, ආර්ථික විද්‍යාව හෝ රාජ්‍ය පරිපාලනය යන ක්‍ෂේත්‍රයන්හි අනභිබවනීය සේවයක්‌ ඉටුකරන ලද සහ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක තනතුරක වසර 15 කට වඩා වැඩි සේවා ඉතිහාසයක්‌ හිමි විශ්‍රාමික නිලධාරීන් දෙදෙනෙක්‌ ඇතුළු 5 කගෙන් සමන්විත වේ. ඒ අය ව්‍යවස්‌ථාදායක සභාවේ රෙකමදාරුව සහිතව ජනාධිපතිවරයා විසින් පත්කළ යුතුය.

ජාතික ප්‍රසම්පාදන කොමිසම

ප්‍රසම්පාදනය, ගණකාධිකරණය, නීතිය හෝ රාජ්‍ය පරිපාලනය යන ක්‍ෂේත්‍රයන්හි අත්දැකීම් බහුල අවම වශයෙන් සාමාජිකයන් 03 කගෙන් සමන්විත වන පරිදි සාමාජිකයන් 05 දෙනකුගෙන් මෙම කොමිසම සමන්විත විය යුතු වන අතර ඒa සඳහා ව්‍යවස්‌ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කළ යුතුය.

රජයේ කටයුතු සඳහා මිලදී ගනු ලබන භාණ්‌ඩ හෝ සේවාවන් අපක්‍ෂපාතී සාධාරණ විනිවිද භාවයෙන් යුත් තරගකාරී සහ ලාභදායී ලෙස මිලදී ගැනීමට ක්‍රියා පිළිවෙත් සැකසීම සහ මගපෙන්වීම මෙම කොමිසමේ කාර්ය භාරයයි.

රජයේ ඕනෑම මිලදී ගැනීමකදී මෙකී කොමිසම විසින් සොයා බලනු ලබන පිරිවිතරයන් 5 ක්‌ තිබේ.

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක්‌ ලෙස සලකනු ලැබේ.

නීතිය විසින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම සඳහා බලපාන්නා වූ ජාතික ආරක්‍ෂාව, භෞමික අඛණ්‌ඩතාව, මහජන ආරක්‍ෂාව, අපරාධ මර්දනය, සෞඛ්‍ය හෝ ගුණධර්ම ආරක්‍ෂාව, අන් අයගේ පිළිගැනීම හෝ අයිතිය ආරක්‍ෂා කිරීම, පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම, රහසිගතව ලබා ගන්නා තොරතුරු හෙළිදරව් කිරීමෙන් වළක්‌වා ගැනීම, අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කිරීම ආදිය හැරුණු කොට අනෙක්‌ සියලු තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතිය ඇත්තේය.

මෙකී 19 වෙනි සංශෝධනය අප්‍රියෙල් 22 දා වන විට නීතිගත වී තිබිය යුතුය. 17 වන සංශෝධනයේ සඳහන් අනෙකුත් කොමිෂන් සභාවන්ද ස්‌වාධීන කොමිෂන් සභා ලෙස ඒ වන විට බලාත්මක කර නීතිගත විය යුතුය. 22 දායින් පසුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයාට බලය දිය යුතුය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පිල් මාරු කරනකොට මන්ත්‍රීකම අහෝසි වෙන වගන්තියක් නැද්ද ඕකෙ

    ReplyDelete
    Replies
    1. ඒක අනිවාර්ය අවශ්‍යතාවක්. පිල් මාරු කළාට පසු ඒකා තවදුරටත් ජනතා නියෝජිතයෙක් නොවේ. පිල් මාරුවකින් පසුව අනිවාර්යයෙන්ම නැවත ජනවරමක් ලබාගතයුතුය.
      -ශනි

      Delete
  2. වැඩිපුරම දුෂිතයින් පත් වෙන්නේ මේ මනාප ක්‍රමය නිසාය , එය අනිවාර්යයෙන්ම වෙනස් කල යුතුයි .
    මා යෝජනා කරන්නේ , දැනට පවතින අනුපාත ක්‍රමය ඒ ලෙසම තබා මනාප ක්‍රමය ඉවත් කල හැකි ක්‍රමයකි ,මෙයට තවත් සුදුසු කරනා එකතු කල හැකිය . මෙය මුලික අදහසක් පමණි .
    උදාහරණයකට අපි සිතමු එක් දිස්ත්‍රික්කයක මන්ත්‍රී ආසන 16 ක් තිබෙනවා කියා , මැතිවරණ ප්‍රතිපල අනුව එම ආසන පිලිවෙලින් A පක්ෂයට 8 කුත් B පක්ෂයට 6 කුත් , C පක්ෂයට 2කුත් වශයෙන් අනුපාත ක්‍රමයට වෙන් වුනා යයි කියා ,. දැන් A පක්ෂයේ 8 දෙනා විය යුත්තේ A පක්ෂයට එම දිස්ත්‍රික්කයේ ආසන 16න් වැඩි චන්ද ප්‍රතිසත (චන්ද නොවේ ) ලබාදුන් 8 දෙනා ය ., මෙලෙසම B පක්ෂයේ 6 දෙන විය යුත්තේ එම පක්ෂයට වැඩිම ප්‍රතිශත ලබා දුන් මැතිවරණ ආසන නියෝජන කල 6 දෙනාය , C එලෙසමය .,
    මෙහිදී නාම යෝජනා බරදීමෙදේ පක්ෂ විසින් ලයිස්තුවේ එක එක ආසන නියෝජනය කරන අයගේ නම් වෙන් වෙන් වශයෙන් දැක්විය යුතුය .
    මෙලෙස කල විට අපේක්ෂකයන්ට තමන්ගේ ආසනයේ පමණක් වැඩි ප්‍රචාරයක් කිරීම , ආසනයේ වැඩ වලට වඩා කැප වීමේ හැකියාව ලැබේ .
    හදිසියේ යමෙක් පත්වීමෙන් පසු මිය ගියහොත් , පැරණි ක්‍රමයට එම ආසනයට අතුරු මැතිවරණයක් පවත් විය හැකිය . එලෙසම පක්ෂ මාරු කිරීම අවලංගු කලයු තු අතර යමෙකුට අවශ්‍යනම් ඉල්ලා අස්වී නැවත අතුරු මැතිවරණයකට මුහුණ දී වෙනත් පක්ෂයකට යා හැකිය .

    මේ කිසිවක් කිරීමට නොහැකිනම් අඩුම ගන්නේ මෙම, නළු නිලි ගණිකාවෝ , කුඩු කාරයෝ , දාමරිකයෝ , ජාතිවාදියෝ , ආගම්වාදියෝ හා රටේ සිටින ජඩයෝ මන්ත්‍රී කමට පත් වෙන මනාප ක්‍රමය වෙනස් කල යුතුයි . මනාප 3 නිසා එක මනාපයක් තරමක් හෝ හොඳ කෙනෙකුට දී ඊළඟ එක තමාට අල්ලසක් ( පෝන් එකක්, ඔරලෝසුවක් , කමිසයක් , නැතිනම් මත් පැන් ටිකක් දුන්න කෙනාට කලගුණ සැලකීම පිණිස දී , ඉතුරු එක තමාගේ සිහින මනාලියට , මනාලයාට , ගායිකාවට , ජාතිවාදියට හෝ ප්‍රකාශ කරයි , මේ හේතුව නිසා ලයිස්තුවේ ඉන්න එවැනි කෙනා සියල්ල පරදා ඉදිරියට එනවා , මොකද හැමෝගෙම 3 නි මනාපේ ලබා ගන්න නිසා , කරු ජයසුරියලා පරදා පබා ආවේ එලෙසයි .
    අනික මොවුන් ගත්තා කියලා පක්ෂවලට ලැබෙන චන්ද වැඩිවෙන්නේ නැහැ , ඔවුන් කරන්නේ 3 වෙනි මනාපේ ඩෑහැ ගන්නා එක කිසි වියදමක් නැතිව , ඔහම නළු නිළියන්ට චන්ද ලැබෙනවා නම් ඔවුන් වෙනම පක්ෂයක් හදා ගෙන චන්ද කරාවි .
    වෙන කිසිම දෙයක් කිරීමට නොහැකිනම් මෙය වැලක්වීමට සඳහා මනාප 3 න 1 ක දක්වා අඩු කල යුතුයි , , එතකොට එක මනාපය නිසා එය වගකීමකින් ප්‍රකාශ කරාවි ,

    ReplyDelete
  3. පැරෝ ඔය ඉහල තියෙන ගිනිදලු අයින් කරහංකො, ඇස් දෙක ගිනිකන වැටෙනවා.

    ReplyDelete
  4. වසර පහකින් විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබීම..
    පවුලේ උන් හැමතැනටම ඔබා ගැනීම..
    ඇමතිවරයකුගේ නඩත්තු වියදම, වාහන ප්‍රමාණය, .. (බජටඩ්)
    දුප්පත් රටකට ඔරොත්තු නොදෙන අධි සුඛෝපභෝගී වාහන සඳහා බලපත් ලබදීම..
    ඇපකරුවන් නොමැතිව බැංකුවලින් ණය ලබා ගැනීම වගේ..

    කම්බ හොර වැඩ වලට වැට බඳින ක්‍රමයක් නැද්ද ඕවා ඇතුලේ..

    අනික උප අගමැති... මොන මළ විකාරද.. සියළුම ජනතාවට එක ලෙස සලකන ප්‍රතිපත්තියක් ගෙනාවම හොඳටෝම ඇති.. නීතිය මහ එකාගේ ඉඳලා පොඩි එකා දක්වා සමාන කලාම හොඳටෝම ඇති.. ඕවා නැති එන ඕන මළදානයක්.. අමු සෙප්පඩ විජ්ජා..

    ReplyDelete
  5. කෙටුම්පත බලන් පුළුවන් කොතැනින්ද?

    ReplyDelete
  6. //වෙනත් සුළුතර ජනවර්ගයක් නියෝජනය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු බව යෝජනා කරමු.//
    මෙය වැරදි ය. ජනාධිපතිවරයා ආදී රාජ්‍ය නායකයන් සියළුම ජනවර්ග නියෝජනය කළ යුතුය. කතා කරන භාෂාව ප්‍රධාන භාෂා දෙකට පරිවර්තනය කළ යුතුය. ආගම කැමති ආකාරයකට අදහාගත්තාට අපට කමක් නැත. රාජ්‍ය ආගම් කියා ජාතියක් නැත. ආගම් අදහන්නේ හෝ නොඅදහන්නේ මිනිස්සු මිස ආයතන නොවේ. කිසිදු පොදු ආයතනයකට ආගමක් තිබිය නොහැකිය. ආණ්ඩුව යනු පොදු ආයතනයකි.
    -ශනි

    ReplyDelete
    Replies
    1. තවද, වැදි ජනයාට සිංහල භාෂාව වැටහෙන නිසා මිස එසේ නොවේනම් වැදි භාෂාවත් ප්‍රධාන භාෂාවක් විය යුතුය.
      -ශනි

      Delete
    2. ජනාධිපතිකම ‍හෝ අගමැතිකම ඕනෑම ජනවර්ගයකට විවෘත වීමට නම් මුලින් ජාතීන්ගේ ප්‍රශ්නය විසඳා ගත් සංදර්භයක් ඇති විය යුතු ය. දැනට ප්‍රායෝගිකව ලංකාවේ රාජ්‍ය නායකයා විය හැක්කේ සිංහලයකුට පමණි. ජනවාර්ගික සංහිඳියාව ගොඩනැගීමට මගේ යෝජනාව ඉවහල් කර ගත හැකියි.

      Delete
    3. ඕක ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියන ටූල් එකම අපි වගේ රටවල ප්‍රැක්ටිස් කරවනකොට තියෙන අවුලනේ පැරකුම් මහත්මයා....

      Delete
  7. මීමුරේ හොරා හෙවත් අභීත මාමගෙ ෆේස්බුක් එකවුන්ට් එක මොබිටෙල් ඩොන්ගල් එකකින් ආපු අය්ය කෙනෙක් හැක් කරලලු! පැරා මොකද හිතන්නෙ ඒ ගැන?

    ReplyDelete
  8. මනෝ කාන්ත ඉලක්කම් විසිකරමින් මඩ වගුරක මඩ තලන ඌරෙකුගෙ තත්වයට පත්ව ඇති පා.ච රණවක උත්සහ කරන්නේ තර්ජන ගර්ජන මගින් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන අවසන් කෙරීමටය.
    මොහුගේ උපාය මාර්ගය වී ඇත්තේ යහපාලන ආණ්ඩුවේ දෙමල බදුම්වාදී ක්‍රියාමාර්ගයේ පිහිටෙන් සිංහල දෙමල ලේ ගංගා ගලායන යුද්දයක් නැවත අවුළුවා, එය තුරුම්පුව කරගෙන රටේ බලය ලබාගැනීමටය.
    මහින්ද රාජපක්ෂ සිටිනතාක් කල් ප.ච රණවකගේ මෙම නිහීන වැඩපිළිවෙල සාර්ථක නොවන බැවින් ක්‍රොදයෙන් ඉපිලෙමින් ද්වේෂයෙන් දිලිසෙමින් මහින්ද චරිතය ඝාතනය කරමින් මොහු මාද්‍ය සංදර්ශන පවත්වයි.
    බලය උදෙසා ජාතියක ලේ පුදන යාගයක් ඉල්ලා සිටින යක්ෂයකු වන ප.ච රණවක සිංහල බහුතරය රවටන්නේ පොරවාගෙන සිටින බෞද්ධ සිල් රෙද්දෙනි. සිංහලයිනි මොහුගේ සැබෑ ස්වරූපය හඳුනාගෙන සිය දරුවන්ගේ නාමයෙන් මේ දුෂ්ට ක්‍රියාදාමය පරදවන්න.

    ReplyDelete
  9. මරාණ්ඩුවේ වැසිකිලි ශෝධක කෙහෙළියගේ මෙතෙක් හෙළි නොවූ අජූත කෙළි
    (ලංකා ඊ නිව්ස් -2015.පෙබ.09, ප.ව.9.35) කෙහෙළිය රඹුක්වැල්ල මරාගේ සට්ටැඹි කල්ලිගේ ප්‍රබලයෙකු මෙන්ම මරාණ්ඩුවේ ප්‍රධානතම වැසිකිලි ශෝධකයාද විය. නිළි මාංශයෙන් ඔජ වැඩී මහජන මුදල් හා දේපල කෝටි ප්‍රකෝටි ගණනින් කොල්ල කෑ හිටපු ජඩමාධ්‍ය ඇමතියා ගේ සල්ලාල ඇමති දිවියෙන් තොරතුරු බිඳකි මේ.
    94 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ පොදු ජන එක්සත් පෙරමුණු නාම යෝජනා ලයිස්තුවට නම ඇතුළත් කර අවසන් මොහොතේ ඉල්ලා අස්වෙමින් පොදු පෙරමුණු නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීම ඇතුළුව කෙහෙළියට ඇත්තේම ජිල්මාට් දේශපාලන ඉතිහාසයකි.
    කෙහෙළිය මරාගේ දෑත් ශක්තිමත් කිරීමේ මුවාවෙන් 2006 ජනවාරි 26 දින මරාණ්ඩුවට එක්වන්නේ සත්‍ය ලෙසම මරාගේ දෑත් ශක්තිමත් කිරීමට නොවන අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔහු ගේ ඊගල් නමැති පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරීන්ට අර්ථ සාධක ලෙස ගෙවීමට තිබූ රුපියල් මිලියන 30 කට අධික මුදල් නොගෙවීමෙන් තමන්ට හිරගෙට යෑමට වේ යැයි බියෙන් එය ගොඩින් බේරා ගැනීමේ අරමුණයි. එසේ එක් වී වසරකට ආසන්න කාලයක් ප්‍රතිපත්ති සම්පාදන හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා වූ කෙහෙළිය 2007 පෙබරවාරී කැබිනට් සංශෝධනයේදී විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ධූරයට පත්විය. එකල ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ලෙස ද පෙනී සිටි මේ දේශපාලන වැසිකිලි ශෝධකයා 2010 දී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යය ජඩමාධ්‍යක් කිරීමේ වගකීම ඉසිලු අමාත්‍යවරයා බවට පත් විය.

    ReplyDelete
  10. පැජට් පාරේ සුපිරි දිවිය
    ---------------------------
    2007න් පසු මොහු කොළඹ 07 කැප්පෙටිපොළ මාවතේ ( පැජට් පාරේ) හිටපු ජනපති ඩී.බී විජේතුංග මහතා භාවිතා කළ නිවස තම නිල නිවස ලෙස ලබාගත් අතර යුධ හමුදා කොමාණ්ඩෝ භටයන්, පොලිස් විශේෂ කාර්ය බලකාය, හමුදා සහ පොලිස් සේවයේ නිලධාරීන් ඇතුළුව සියයකට අධික ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාවක් ද ලබාගත්තේය. ඇමතිගේ බල්ලන් කවා පොවා නාවා බලාගැනීම මෙන්ම නින්දෙන් දඩාවතේ යන කොල්ලාගේ මෙන්ම කෙල්ලන්ගේ ආරක්ෂාව ද ඔවුන්ට බාරවූහ. කෙහෙළිය අරලිය මැදුරේ පිලිකන්නේ සිය රාජකාරී කරන අතර ඔහුගේ කොළඹ නිවසේ හා මහනුවර අනිවත්ත නිවසේ බැල මෙහෙවරකම් කරන්නට සිදුවූයේ ඔහු භාරයේ පැවති අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවලට බඳවාගත් සේවකයින්ට හා ඒවාට අනුයුක්ත කරගත් පිරිසුදු කිරීමේ සේවක සේවිකාවන්ටය. ආරක්ෂක අංශයේ නිලධාරීන්ට මෙන්ම ඔවුන්ටද ඇමති බිරිඳ ගේ රැවිලි ගෙරැවිලි මෙන්ම ගුටි බැට පවා විඳ දරාගන්නට සිදුවිය.
    කොළඹ පැජට් පාරේ අක්කර දෙකක පමණ භූමි භාගයක පිහිටා ඇති 62/1, 62/2 අංක දරන පෙර කී නිවස කෙහෙළිය තමන් හා තම පවුලේ් සමාජිකයින් වෙනුවෙන් සුඛෝපභෝගී ලෙස නවීකරණය කළේය. ඒ අමාත්‍යංශ මුදල්වලිනි. වැසිකිලි ඇතුළුව මුළු නිවසම පැය 24 පුරා වායු සමනය කර තිබූ අතර එක් මසක විදුලි බිල ලක්ෂ දෙක ඉක්මවීය. ජාත්‍යන්තර ඇමතුම් පහසුකම් සහිතව ලබාගෙන තිබූ දුරකථන වෙනුවෙන් ද මසකට රුපියල් ලක්ෂය ඉක්ම වූ දුරකථන බිලක් ජාතික ආරක්ෂව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය හා ඔහු බාරව සිටි අමාත්‍යාංශ මගින් ගෙවා තිබිණි. කෙහෙළියට හා ඔහුගේ බිරියට ඇමතුම් ලබන්නාට අංකය නොපෙනෙන අපූරු දුරකථන සබඳතා දෙකක් 077377777 හා 077344444 යන අංකවලින් තිබූ අතර මේවායේ මාසික බිල්පත් ගෙවා දැම්මේ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවයි.

    ReplyDelete
  11. ටයර් ගැලවු අවුඩිය
    ---------------------
    කෙහෙළිය සිය භාවිතය සඳහා රජයේ මුදලින් කෝටි ගණනක් වටිණා අවුඩි වර්ගයේ රථයක් මෙරටට ගෙන්වා ගත් අතර අවුඩි වර්ගයේ ඒ අකාරයේ මෙරට ඇති එකම රථයද එය වෙයි. එහි එක් ටයරයක මිල රුපියල් 80000 ඉක්ම වූ අතර මරා පරාජයෙන් පසු එම රථයේ තිබූ අලූත් ටයර ගලවා එයට පරණ ටයර් සවිකර භාර දී තිබේ. පිටුපස අසුනේ ගමන්ගන්නාට ශරීර සම්බාහනය ලබාදෙන ස්වයංක්‍රීය පහසුකමක් සහිත එම රථය ඇමති බිරිඳ සිය ශරීර සම්බාහනයට දෛනිකව භාවිතා කොට ඇති අතර ඒ වෙනුවෙන් දිනකට කිලෝමීටර් 50 ක් පමණ දවන ඉන්ධන සඳහා ගෙවීමට සිදුව තිබුණේ මේ රටේ බදු ගෙවන අසරණ මහජනයාටය.
    කෙහෙළිය සිය පුත්‍රයාගේ ක්‍රිකට් පුහුණුව හා ගමන් බිමන් වෙනුවෙන් ද ආණ්ඩුවට අයිති රථයක් හා ආරක්ෂකයින් යොදවා තිබිණි. 2009 වසරේදී රමිත් රඹුක්වැල්ල අමාත්‍යාංශයට අයත් ප්‍රාඩෝ වර්ගයේ රථයකින් නොහොබිනා ගමනක් ගොස් එද්දී බස්රථයක හැපීමෙන් එය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි වගකීම භාර ගැනීමට සිදුවූයේ කෙහෙළිය යටතේ සිටි රියැදුරෙකුටය. එම සිද්ධිය එතැනින්ම මතුවන්නනට නොදී යටගසන්නට කෙහෙළිය සමත් විය. කෙහෙලිය සිය දූවරුන්ට බිරින්දෑට මෙන්ම ලලිත් රඹුක්වැල්ල නම් සිය සහෝදරයාට ද වෙන වෙනම රජයට අයත් කොටි ගණන් වටිනා වාහන හා ආරක්ෂාව ලබා දී තිබිණි. එමෙන්ම මහනුවර කුණ්ඩසාල ආසනය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 17ක් අැතුළු තම හිතවතුන් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් වාහන 33ක් ලබා දී තිබූණි. ඔවුන් එම වාහන සියල්ල සිය පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදවා ගත් අතර ඒවා නැති බංගස්ථාන කරමින් භාවිත කොට ඇති බවද හෙළිවෙයි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කෙහෙලියගේ ගෝල ඇන්ටන් නමැත්තාට 2007 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් ටෘෘපර් රථයක් ලබා දී තිබූ අතර 2010 වසරේ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් කෙහෙළිය යද්දී එම රථය නැවත කාර්යාංශයට ලබා දී තිබූණේ එහි තිබූ වටිනා එන්ජිම ගලවා ඒ වෙනුවට භාවිත කළ නොහැකි එන්ජිමක් ඊට සවි කරමිනි.

    ReplyDelete
  12. අනේ බං මැට්ටෝ. උඹ තාම ළිදේ නේද? රනිලයටයි, චන්ද්‍රිකාටයි ඔව්වා ඕන නෑ හරකෝ. උඹ ටිකක් බුද්ධිමත්ව ලියන දෙයක් ලියපං. මගේ කමෙන්ට්ස් නොදැම්මට කමක් නෑ. මැකුවට කමක් නෑ. කියවපන් ඒවා. උඹට ඕන විදියට ඕව වෙනස් කරන්න බෑ. ඔතන්ට ගියපු උන් එකෙක්වත් ඕයි රට ගැන හිතුවෙ නෑ. මහින්ද රාජපක්ෂ විතරයි ටිකක් හරි හිතුවෙ ඒ ගැන. නලින්ද සිල්වාගේ අලුත් ලිපිය කියවලා පුළුවන්න්නන් ඒකෙ තියෙන්නෙ බොරු බව ඔප්පු කරපන්. උඹගෙ ආණ්ඩුවට මොකවත් ඔප්පු කරගන්න බැරි උනාට උඹට වත් ප්‍රතිපත්තියක් ඇතිනෙ. එහෙම බැරි නං ඔහේ කියවලා රටටත් කෙළැවලා මැරිල පලයං.

    http://www1.kalaya.org/2015/02/blog-post_10.html

    ReplyDelete
  13. සල්ලාල කෙහෙළිය සහ ජානකී
    -------------------------------------
    රාජපක්ෂ රෙජීමය ජනමාධ්‍ය අමාත්‍යාංශය කෙහෙළියට භාරදීම ඔහුගේ සල්ලාල දිවිය ඔපවත් කරගන්නට ලැබූණු අවස්ථාවක් ලෙස භාවිතා කරන්නට කෙහෙළිය සමත්විය. මහනුවර බහිරව කන්ද ආසන්නයේ නුවර නගරය පෙනෙන මානයේ පිහිටි තම අනිවත්ත නිවසේ නොතිබුණු රසයක් මහනුවර ස්විස් හෝටල කාමර තුළ විඳින්නට කෙහෙළියට හැකි විය. ඒ හේතුවෙන් ඔහු කලක් මහනුවර ගෙදර එන දිනයේත් සිය නවාතැන කරගත්තේ මහනුවර ස්විස් හෝටලයයි. (ඇමතියන් පෙම් කිරීම අපට ගැටලූවක් නොවේ. ගැටලූව ඇත්තේ ඒ පෙම් කෙළිල්ලෙන් කෙලවෙන්නේ සාමාන්‍ය ජනතාවට වීමේය.) එහි මහජන සම්බන්ධතා නිලධාරිණියක ලෙස සේවය කළ ගයේෂා නම් තරුණියක හා පෙමින් වෙලී සිටි කෙහෙළිය ඇය වෙනුවෙන් විය පැහැදම් කළේ රජයේ මුදල්ය. පසුව ඇයට ගුවන් තොටුපොළ උසස් රැකියාවක් ලබා දී ඇගේ භාවිතය සඳහා වාහනයක් හා වැල්ලවත්ත ප්‍රදේශයෙන් නිවසක් ද ලබාදී තිබිණි.
    නිලි මසට ලොල් කෙහෙළියගේ පළමු පෙම්වතිය වූයේ ජානකී විජේරත්න නමැති ටෙලි නිළියයි. ඇය පසුගිය වසර පහක කාලය තුළ මෙගා ටෙලි නාටක ගණනාවක් නිෂ්පාදනය කළ අතර ස්වාධීන රූපවාහිනිය ඒවා ඉහළ මිලක් ගෙවා මිලට ගෙන විකාශය කළේ මේ පෙම් කෙළියේ අනුහසිනි. ජානකී වෙනුවෙන් රුපියල් කෝටි තුන හමාරක් ගෙවා රාජගිරියේ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගත් කෙහෙළිය අරලිය මැදුරත් මේ නිවසත් නිතර පටලවා ගත්තේය. ඇමති බිරියට අරලිය මැදුරට යන බව පවසා ගියත් වැඩිපුර ගොස් තිබුණේ රාජගිරියේ එම නිවසටය. ඇයගේ ටෙලි හා චිත්‍රපට නිෂ්පාදන සඳහා විය පැහැදම් කළේද කෙහෙළියයි. ඇයගේ රියදුරා වූයේ කෙහෙළියගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන් පිලපිටියයි. ඇයගේ අනෙකුත් අතවැස්සන් ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට අනුයුක්ත කොට ඔවුන්ට ද රැකියා ලබා දී තිබිණි.
    ජිල්මාට් කෙහෙළිය දැන් කැසකවමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට නැවත එක්වී යහපාලනයෙන් තම නිරුවත හෙළිවීම වලක්වාගැනීමය. එජාපයේ නව සභාපති මලික් සමරවික්‍රම මහතා තේරුම් ගතයුතුව ඇත්තේ කුණ්ඩසාල ආසනය නියෝජනය කරන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී සමරනායක ඉදිරියේ පවා කුජීත වූ කෙහෙළිය මහනුවර ජනතාව තිස්ස අතතනායකටත් වඩා පජාතයෙකු කර අවසන් බවය. මරාණ්ඩුවේ මේ වැසිකිලි ශෝධකයා ඒජාපයට ගන්නවා වෙනුවට සිදුවිය යුතුව තිඛෙන්නේ් නිසි විමර්ශනයකින් අනතුරුව මහජන දේපළ හොරා කෑ අනෙක් සොර ඇමැත්තන් සමඟ මොහුද සිරගෙට යැවීමය. එය යහපාලනයක් වෙනුවෙන් පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවයි.

    ReplyDelete
  14. //යෝජිත සංශෝධනවලට අනුව, ජනාධිපතිවරයා අගමැතිවරයා හා නියෝජ්‍ය අගමැතිවරයා යන තිදෙනාගෙන් එක් අයෙකු මෙරට ජීවත් වන දෙමළ බස කතා කරන දෙමළ, මුස්ලිම් ජනවර්ගයන් හෝ වෙනත් සුළුතර ජනවර්ගයක් නියෝජනය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු බව යෝජනා කරමු.
    මේ කියන හැටියට කෙරුවොත්
    0. යම් පුද්ගලයෙකුගේ ජනවාර්ගිකත්වය නිශ්චිතව හඳුනාගන්නේ කොහොමද?
    1. වැද්දන්ට අසාධාරණයක් වෙනවා
    2. සිංහල කතා කරන මුස්ලිම්/දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවා
    3. ඉතිරි තනතුරු දෙක අනිවාර්යයෙන්ම සිංහලයන්ටම දිය යුතුද?
    4. අගවිනිසුරු තුමා දෙමලෙක් වීම වැරදියි නේද, අගවිනිසුරුකම සිංහලයෙක්ට දීලා නියෝජ්‍ය අගවිනිසුරු කමක් දෙමලෙක්ට දීම වඩා සුදුයසුයිද?
    5. ඉහත තනතුරු වලින් එකකට පත්කරන්න සුදුසු එක මුස්ලිම්/දෙමළ මිනිහෙක් (ඒකීය පුද්ගලයෙක්) වත් නැත්නම් නුසුදුස්සෙක් පත් කරනවද?
    6. මගෙ තාත්තා දෙමල අම්මා සිංහල නම් මට මොකද වෙන්නේ.
    7. මුස්ලිම් කෙනෙක් ජනාධිපතිවී ඇති අවස්ථාවක උලමා වරුන්ගේ සභාව ජනාධිපති වරයා ඉස්ලාම් ආගමෙන් නෙරපා හලහොත් නැතිනම් ජනාධිපති කැමැත්තෙන් ආගම මාරු කලහොත් ඔහුගේ තනතුර අවලංගු වෙනවාද?
    8. ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඉංග්‍රීසි බස කතා කරන දෙමළ මිනිහෙක් නිසා ඔහුට අවස්ථාවක් නැද්ද?
    9. යම් පුද්ගලයෙක් දෙමල කතා කරන සුලුතර වාර්ගිකයෙක් යැයි සලකා තනතුරක් ලබා ඇතිවිට ඔහුට දෙමල බස පිළිබඳ දැනුම අඩු බව පෙත්සමක් මගින් දැනුම් දුන්නොත් ඔහුව අස්කරනවාද?
    10. ඔය වගේ ක්‍රම නිසා වාර්ගික සමඟිය අතිවුනු රටකට උදාහරණයක්.
    11. කුල බේදයට විරුද්ධ බුදුහාමුදුරුවෝ අග සව්වන් ලෙස බමුණන් දෙදෙනෙක් පත්කිරීම ගැන ඔබේ මතය.
    12. ඔයවගේ අදහස් කාල් මාක්ස්ගෙ කොයි පොතේද තියෙන්නේ?
    13. කුමාර් ගුණරත්නම්ට මොකද වෙන්නේ?
    මට දෙන්න තියෙන අවවාදෙ තමයි
    "පොල් බූරුවො, මී හරකො, ඒකීය පුද්ගලයා හඳුනා ගනින් "

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නවලට පිළිතුරු ටිකක් කල්පනා කළොත් හිතා ගත හැකි ය.

      මෙතෙක් කල් නමින් කමෙන්ට් කරන්නට බිය වූ ඔබ යමිකිසි නමකින් කමෙන්ට් කරන්නට ඉදිරිපත් වීම හොඳ දෙයකි.

      ‍මේවා කොටන ගමන් ටිකක් කල්පනාත් කරන්න.

      Delete

    2. මම ශ්‍රි ලාංකික නිර්ආගමිකයෙකි.


      "ජනවර්ගය" යනු කුමක්ද?
      මගේ "ජනවර්ගය" මොකක්ද ?
      "ජනවර්ග" නිරනායක මොනවාද ?
      පුද්ගලයෙකුට "ජනවර්ගය" මාරුකල හැකිද?
      එතකොට මට ලංකාවේ ජනාධිපති වෙන්න බැරිද? පැරා

      Delete
    3. පැරා, මේකෙ මූ අහල තියෙන සමහර ප්‍රශ්න, විශේෂයෙන්ම ජනවාර්ගික පදනමින් පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම නම් ඇත්තටම එකග වෙන්න වෙනව. ඒක හරිම විනාශකාරී, අවුල් සහගත දෙයක්. මේක එක අතකින් වර්ගවාදීන්ට උඩගෙඩි දීමක්. අනිත් පැත්තෙන් මෙහෙම වර්ගවාදී පදනමින් පත්කරන එවුන්ගෙන් ඇත්තටම එම ජන වර්ගය වෙනුවෙන් සේවයක් වෙනවද? උදා: තොණ්ඩමන්/ හකීම් වගේ. මම හිතන විදිහට උන් කරන්නෙ වර්ගවාදී පදනමින් ලැබෙන ඡන්ද වෙන්දේසි කිරීමක්. මීට වඩා ජාතික නායකත්වය වඩා සුදුසුයි.

      Delete
  15. "//යෝජිත සංශෝධනවලට අනුව, ජනාධිපතිවරයා අගමැතිවරයා හා නියෝජ්‍ය අගමැතිවරයා යන තිදෙනාගෙන් එක් අයෙකු මෙරට ජීවත් වන දෙමළ බස කතා කරන දෙමළ, මුස්ලිම් ජනවර්ගයන් හෝ වෙනත් සුළුතර ජනවර්ගයක් නියෝජනය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු බව යෝජනා කරමු.//"

    මේකට නම් විරුද්ධ වෙන්න වෙනව. මම හිතන්නෙ කරන්න ඕන සෑම ජනවර්ගයකටම සාධාරණ අයිතිවාසිකම් සහ නිද්හසක් තියෙන ක්‍රමයක් බිහිකිරීම මිස වාර්ගික පදනමින් ජාතික නායකයන් පත් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී වර්ගවාදී යල්පැන ගිය ගෝත්‍රික අදහස් ක්‍රියාත්මක කිරීම නොවේ. අප දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් බලාපොරොත්තු වෙනවානම් රටේ ප්‍රධාන නායකයන් මෙන්ම කැබිනට් ඇමතිවරු පවා වාර්ගික පදනම අමතක කොට සාමූහික වගකීමකින් කටයුතු කළයුතුයි. මෙබඳු පසුගාමී අදහස් අනුමත කළ නොහැක.

    ReplyDelete
  16. Allowing the formation of Political parties on ethno-religious grounds
    Allowing clergy to political bodies
    are standing on the way to democracy and these are historical errors and have to be corrected

    Also discrimination happens on languages political affiliations etc so equal rights commission, foreign employment commission to look after the interests of the individuals employed in overseas required to be established
    GOOD CITIZEN CODE Of ETHICAL BEHAVIOUR
    also littering rubbishing urinating indescent behaviour in public places to be punished severely Also jumping
    que or lining up in the banks petrol shed cooperative shop where ever applies
    alcohol consumption in public places
    correct choice of words while speaking public etc

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා