දින සීයේ වැඩසටහනේ යෝජිත ක්‍රියාමාර්ග පමා නො කරනු!

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී දින වකවානු දක්වමින් ඉදිරිපත් කරන ලද දින 100 වැඩසටහනේ වැදගත් ම, මූලික ම කාරණා කීපයක් කල් ගත වෙමින් තිබේ. 

මේවා එම දිනවලට ම අනිවාර්යයෙන් ම කළ යුතු හා කළ හැකි දේ නො වුණත්, ඒ සඳහා ක්‍රියාමාර්ග පමා විය යුතු නැත. එසේ ම, ඒ සඳහා වූ පීඩනය ද ජනතාව පැත්තෙන් දිගට ම පවත්වාගෙන යා යුතු ය. 

ජනවාරි 20 දිනට යෙදී තිබුණු ස්ථාවර නියෝග සංශෝධනය සිදු වී නැත. ඒ යටතේ කැබිනට් ඇමතිවරුන් නො වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත අමාත්‍යාංශ අධීක්ෂණ කමිටු පත් කිරීමට නියමිතව තිබිණි. මෙය එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. අමතක කර දමා තිබේ නම් ගැටලුවකි. විපක්ෂය මේ වෙනුවෙන් සටන් කළ යුතු ය. 

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ මූලික කටයුතු ජනවාරි මස අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණි. 

මේ වන විට මේ පිළිබඳ මහජන සංවාදයක් ආරම්භ කර තිබිය යුතු ය. එහෙත් එවැන්නක් නැත. මහජන සංවාදයක් ඇති වීමට නම්, ආණ්ඩුව තමන් කරන්නට යන දේ පැහැදිලිව ඉදිරිපත් කළ යුතු ය. අඩු තරමේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංයුතිය කෙබඳු ද යන්න ගැන පැහැදිලි අදහසක් තවමත් ඉදිරිපත් කර නැත. 

මහජන නියෝජිතයන් සඳහා වූ ආචාරධර්ම සංග්‍රහය ඉදිරිපත් කිරීම ද පමා කළ යුතු නැත. පාලිත තේවරප්පෙරුම, ජෝන් අමරතුංග, ෆයිසර් මුස්තාපා වැනි ඇතැම් ඇමතිවරු දැනටමත් ආචාරධර්ම උල්ලංඝනය කර තිබේ. 

අද පෙබරවාරි 5දා ය. අද දිනට නියමිතව ඇති කටයුත්ත වන්නේ කලින් පැවති රජයේ දැවැන්ත දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ කොමිෂමක් පත් කිරීමයි. 

පසුගිය රජයේ පාලකයන්ගේ දැවැන්ත දූෂණ පිළිබඳර රජයට සම්බන්ධ මාධ්‍ය විසින් විවිධ ප්‍රචාර ගෙන යන ලදී. ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමා වීමත් සමග මේ වන විට මහින්ද රාජපක්ෂගේ කැම්පේන්කරුවන් වියරුවෙන් මෙන් '‍කෝ විමර්ශන?' යි ප්‍රශ්න කරන තත්වයක් මතු වී තිබේ. මෙය ඔවුන්ගේ තවත් උපායකි. අනවශ්‍ය කලබලයක් නිර්මානය කරමින් විමර්ශන ‍‍සිදු වී නැති නිසා හිටපු පාලකයන් නිර්දෝෂී යයි නිගමනය නිකුත් කරන්නට ද පටන් ගෙන තිබේ.

ඔවුන් කෑ ගැසූ පලියට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවක් අපි නො කියමු. නිසි අන්දමින් සාක්ෂි ගොනු කරගෙන ස්ථාවර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  කටයුතු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. යහ පාලිතFebruary 5, 2015 at 2:53 PM

      " දින සීයේ වැඩසටහනට " දින කීයක් තියෙනවද ?

      නිකං අහන්නේ.....පැරා

      Delete
    2. Ballange iva nethiunma sema hala hala dadawathe yanawa. Mara nethiwa C News karayoth den e wage.

      Delete
    3. "දින සීයේ වැඩසටහනට" දින 200 ගතවේ.

      නිකං හිතුනා.....පැරා

      Delete
  2. //පසුගිය රජයේ පාලකයන්ගේ දැවැන්ත දූෂණ පිළිබඳර රජයට සම්බන්ධ මාධ්‍ය විසින් විවිධ ප්‍රචාර ගෙන යන ලදී.//

    දැන් පැරා බලන්නේ ITN ද ?

    ReplyDelete
  3. මෙවැනි වැඩ පිළිවෙලක එහිම කොටස් විය යුත්තේ වැඩපිළිවෙල අධීක්‍ෂණය කන්නට කමිටුවක් පත් කර ඔවුන් එහි ප්‍රගතිය ගැන සතියට වරක් හෝ දෙවරක් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමයි.

    ReplyDelete
  4. දැන් විපක්ෂයක් නෑ නේ පැරා.. ඔය දින 100 යේ පොරොන්දුව දුන්නේ මෛත්‍රිපාල සිරිසේන උන්නැහේ නේ. ඉතින් විපක්ෂයේ නායකයත් එයා නේ. ඉතින් එයාලා කොහොමද ඒ වැඩ පිලිවලට එරෙහිව කෑ ගහන්නේ.. නිකන් නොමිනේසොන් වලට කෙලවෙන කතා තමයි පැරත් කියන්නේ..

    අනික හොරු අල්ලනවය කියලා එකක් ඒ වැඩ සටහනේ තිබුනේ නෑ නේ..

    ෆයිසර් මුස්තාෆා නම් ගිය අකමයි හොඳ (යනවා නම්). මොකෝ කිසිම ජන පදනමක් නැති, ඝෝඨාභයගේ නොම්මර එකේ ගජයෙක්. මට පේන්නේ ඔහු කලේ 2010 මුසම්මිල් කියන මූසලයගේ භූමිකාව.

    ReplyDelete
  5. මම හිතන්නේ මේක ඉතා වැදගත් දෙයක් බවයි! නමුත් පැරා කිව්වේ ඕක ක්‍රියාත්මක වීමට පළමුව කලයුත්තේ පහත පොරොන්දු ඉටුකිරීම නේද ?
    http://www.dailymirror.lk/100days

    මෙයට අනුව ගිය මස 20 ද සිට 23 දක්වා සිදුකලයුතු ප්‍රතිසන්කරන වලට උන දෙය ගැන ප්‍රශ්න නොකරන්නේ ඇයි ?
    මගේ අදහසනම් මෙරජය හොරු අල්ලී මට හෝ වංචා වැලක්වීමට ක්‍රියා කලයුතු නැහැ, කලයුත්තේ අදාල යාන්ත්රණය පිහිට වීම පමණයි!

    කරුණාකර ඔබට හැකිනම් ජනවාරි 20 සිට 23 දක්වා පොරොන්දුවූ දේවලුත් ජනතාවට තොරතුරු දැනගැනීමේ නිදහසත් ස්ථාපනය කරන්න.
    මගේ දැනුමේ හැටියට මෙරජයෙන් ඉහත ප්‍රතිසන්කරන ලැබුනොත් ප්‍රමාණවත් බවයි.

    කරුණාකර ඉහත ප්‍රතිසන්කරන සදහා පළමුව පීඩනය යොදන්න!!

    ReplyDelete
  6. රසිකොලොජිය නිවැරදි බව සිතමි.
    අධීක්ෂණ කමිටුව වශයෙන් දැනට සිටින්නේ පැරා පමණක්ද?

    ReplyDelete
  7. "රාජපක්ෂ පාලනයේ ‘පෝට් සිටි‘යට මෛත්‍රී පාලනයද කැපවෙයි
    ජය වේවා..
    පෝට් සිටිය ඉදිරියට යනවාටත් වඩා ජනාදිපති තුමා චීනයට යනව කිව්වම හරිම සතුටුයි.
    කවුරු මොනව කිව්වත් අපිට අවංකවම අත දෙන්නෙ රටවල් දෙකයි. ජපානය සහ චීනය. ජපානය පරණ හොදහිත නිසා මොනවත් බලාපොරොත්තු නැතුවම උදව් කරනව. චීනය Mutual Economic Benefits උඩ උදව් කරනව. හැබැය් හරිම Transparent. Terms are all commercial. No hidden Agenda.
    බොරුවට හිනාව දැම්මට ඇමරිකාව, ඇමරිකා ආර්ථික යටත් විජිත සහ ආයතන (EU/Britain IMF,world Bank) කරපු මගුලක් නෑ. ඉස්සරහට කරයි කියල හිතන්නත් බෑ. කරත් දාහක් නීති. කෝටියක් Hidden Agenda. පාරක් හදන්න උදව් කරන්න අපි හිනාවෙන විදිහත් එයාල කියන විදිහට වෙනස් කරන්න ඕනෙ. ඉතින් වැඩක් කරන්න ආත්මයක් යනවා.
    ඉන්දියාව ඉන්න තත්වෙ හැටියට ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන්න බෑ (ඒ ගොල්ලො කන්නෙ බොන්නෙත් අමාරුවෙන්නෙ )
    හොඳම වැඩේ චීනයට හේත්තු වෙලා ඒගොල්ලන්ටත් ගොඩ යන්න උදව්කරගෙන, අපිත් ගොඩයන එක කියලයි මට හිතෙන්නෙ... -"

    Taken from face Book

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා