සමන්තභද්‍රගේ දාන සාදය තේරුම් ගන්නේ කෙසේ ද?
සිරි සමන්තභද්‍ර නම් මාර්ග ඵල ලත් භික්ෂුවක් ලෙස තමන් හඳුන්වා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමි විසින් සිය 40වන උපන් දිනය නිමිත්තෙන් පවත්වන ලද දාන සාදය ගැන දැන් කතාබහ කෙරෙමින් තිබේ.
එහි පිංතූර බලන කල ඉතා පැහැදිලිව ම අලුත් ආගමික ප්‍රවණතාවක ලක්ෂණ දකින්නට ලැබේ. ඒ වනාහි කාමසුඛල්ලිකානුභෝගී බෞද්ධ භාවිතාවක් ලෙස හඳුනාගත හැකි දෙයකි.
මෙය සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම භික්ෂුව වෙතින් පමණක් නොව මෑත කාලයේ මතු වූ අසපුවාසී භික්ෂු පරපුරෙන් ම ප්‍රකාශයට පත් වූ ලක්ෂණයක සංකේතාත්මක ප්‍රකාශනයකි.
ඒ වනාහි සුඛෝපභෝගී, අධි වියදම්කාරී, සෝබනකාර ජීවන පැවැත්මකි. එය මුල් බුදු සමයෙන් හඳුන්වා දෙන ලද හා සම්ප්‍රදායිකව මේ රටේ භික්ෂූන් හා බෞද්ධ සැදැහැවතුන් විසින් පරමාදර්ශී ලෙස අනුගමනය කරන ලද අල්පේච්ඡ දිවි පැවැත්මේ ප්‍රතිපාර්ශ්වයයි.
විවෘත ආර්ථිකයත් සමග පන්සල ද ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන්නට පටන් ගත් අතර අවසන් නො කරන විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති පන්සල්වල ප්‍රධාන ලක්ෂණයක් විය. ඒ වෙනුවෙන් අරමුදල් සම්මාදම් කිරීම භික්ෂූන්ගේ ප්‍රධාන ව්‍යාපාරය විය. ඒ අනුව ලංකාවේ බොහෝ පන්සල් සදාකාලික ඉදිකිරීම් වැඩබිම් බවට පත් වී තිබේ. භික්ෂූන් යනු කූට සම්මාදම්කාරයන් පිරිසක් බවට පත් වී තිබේ.
මෙම බෞද්ධ ඉදිකිරීම් ප්‍රවණතාවේ අනෙක් ලක්ෂණය වූයේ උසස් කලාත්මක රසඥතාවෙන් තොර වීමයි. මෑත කාලීන බෞද්ධ ගෘහ නිර්මානයන් අතිශය රළු පරළු ඒවා බව සරළ අධ්‍යයනයකින් වටහා ගත හැකි ය.
සාමාන්‍ය පන්සල්වල ආගමික අභිචාර පැවැත්වීම උපාසිකා උපාසක පිරිසට කයට දුක් දෙන කාර්යයක් වී තිබේ. මේවායේ බණ මඩුවල ලී දඬු ගොඩගහලා ය. වැසිකිලි සේදීමක් ඇත්තේ ම නැත. වැලිමලු මඩ කඩිති ය. ඒ වෙනුවට යම් පිළිවෙලකට අභිචාර පැවැත්විය හැකි ස්ථාන ඔවුන්ට අවශ්‍ය විය.
මධ්‍යම පංතික කාන්තාවන් ඉලක්ක කරගෙන බිහි වූ අසපු විසින් මේ සමාජ අවශ්‍යතාව හොඳින් හඳුනා ගන්නා ලදී. අසපු විසින් කරන ලද මූලික ම කාර්යයක් වූයේ අරමුදල් සම්පාදනය හා ආයතන කළමනාකරණය විධිමත් කර ගැනීමයි. එසේම භික්ෂුව හැත්තෑව දශකයේ කිළිටි මුදලාලිගේ තත්වයේ සිට සුන්දර ධර්ම කථිකයකු දක්වා පරිණාමය විය. පන්සල සදාකාලික ඉදිකිරීම් වැඩබිමක තත්වයෙන් කලාත්මක, නිසංසල, නවීන ස්ථානයක් බවට සංවර්ධනය කරන ලදී. සම්ප්‍රදායික පන්සලෙන් වෙනස් වීම සඳහා එය අසපුව ලෙස නම් කෙරිණි.
ඒ හා සමාන්තරව උපාසිකා උපාසක ප්‍රජාව ද බණ මඩුවල දුෂ්කර ක්‍රියා කරන මැහැල්ලන්ගේ තත්වයේ සිට නව බෞද්ධ විලාසිනියකගේ තත්වයට උසස් කරන ලදී.
මේ වනාහි සමාජ අවශ්‍යතාවක් තේරුම් අරගෙන එයට ආමන්ත්‍රණය කිරීමක් මිස අමුතු අපරාධයක් නො වේ. කුමන හෝ ආකාරයකින් මුදල් ඉපයීම උත්කර්ෂයට නංවා තිබෙන වත්මන් සමාජයේ එසේ මුදල් උපයන මිනිසුන්ට සිය වරදකාරී හැඟීම් අකා මකා දමා ගැනීමටත්, සිය පාරිභෝජනවාදී දිවි පැවැත්ම හා අනුගත වන ආගමික අභිචාර ක්‍රියාවලියක් හා සම්බන්ධ වීමටත් අසපු විසින් අවස්ථාව උදා කර දී තිබේ.
පන්සල්වලට එන මිනිසුන්ගේ දත් ගැලවීමට විවිධ උපාය උප්පරවැට්ටි යොදමින් දවස ගෙවන මහණුන්ගෙන් යුත් පන්සල් වෙනුවට වෘත්තික මට්ටමේ ධර්ම සේවාවන් සපයන අසපු විසින් නිරූපණය කරන්නේ අන් කිසිවක් නොව පසුගිය කාලය තුළ සිදු වූ සමාජ පරිණාමයයි.
මේ වනාහි ධනකාමයයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
එහි පිංතූර බලන කල ඉතා පැහැදිලිව ම අලුත් ආගමික ප්‍රවණතාවක ලක්ෂණ දකින්නට ලැබේ. ඒ වනාහි කාමසුඛල්ලිකානුභෝගී බෞද්ධ භාවිතාවක් ලෙස හඳුනාගත හැකි දෙයකි.
මෙය සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම භික්ෂුව වෙතින් පමණක් නොව මෑත කාලයේ මතු වූ අසපුවාසී භික්ෂු පරපුරෙන් ම ප්‍රකාශයට පත් වූ ලක්ෂණයක සංකේතාත්මක ප්‍රකාශනයකි.
ඒ වනාහි සුඛෝපභෝගී, අධි වියදම්කාරී, සෝබනකාර ජීවන පැවැත්මකි. එය මුල් බුදු සමයෙන් හඳුන්වා දෙන ලද හා සම්ප්‍රදායිකව මේ රටේ භික්ෂූන් හා බෞද්ධ සැදැහැවතුන් විසින් පරමාදර්ශී ලෙස අනුගමනය කරන ලද අල්පේච්ඡ දිවි පැවැත්මේ ප්‍රතිපාර්ශ්වයයි.
විවෘත ආර්ථිකයත් සමග පන්සල ද ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන්නට පටන් ගත් අතර අවසන් නො කරන විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති පන්සල්වල ප්‍රධාන ලක්ෂණයක් විය. ඒ වෙනුවෙන් අරමුදල් සම්මාදම් කිරීම භික්ෂූන්ගේ ප්‍රධාන ව්‍යාපාරය විය. ඒ අනුව ලංකාවේ බොහෝ පන්සල් සදාකාලික ඉදිකිරීම් වැඩබිම් බවට පත් වී තිබේ. භික්ෂූන් යනු කූට සම්මාදම්කාරයන් පිරිසක් බවට පත් වී තිබේ.
මෙම බෞද්ධ ඉදිකිරීම් ප්‍රවණතාවේ අනෙක් ලක්ෂණය වූයේ උසස් කලාත්මක රසඥතාවෙන් තොර වීමයි. මෑත කාලීන බෞද්ධ ගෘහ නිර්මානයන් අතිශය රළු පරළු ඒවා බව සරළ අධ්‍යයනයකින් වටහා ගත හැකි ය.
සාමාන්‍ය පන්සල්වල ආගමික අභිචාර පැවැත්වීම උපාසිකා උපාසක පිරිසට කයට දුක් දෙන කාර්යයක් වී තිබේ. මේවායේ බණ මඩුවල ලී දඬු ගොඩගහලා ය. වැසිකිලි සේදීමක් ඇත්තේ ම නැත. වැලිමලු මඩ කඩිති ය. ඒ වෙනුවට යම් පිළිවෙලකට අභිචාර පැවැත්විය හැකි ස්ථාන ඔවුන්ට අවශ්‍ය විය.
මධ්‍යම පංතික කාන්තාවන් ඉලක්ක කරගෙන බිහි වූ අසපු විසින් මේ සමාජ අවශ්‍යතාව හොඳින් හඳුනා ගන්නා ලදී. අසපු විසින් කරන ලද මූලික ම කාර්යයක් වූයේ අරමුදල් සම්පාදනය හා ආයතන කළමනාකරණය විධිමත් කර ගැනීමයි. එසේම භික්ෂුව හැත්තෑව දශකයේ කිළිටි මුදලාලිගේ තත්වයේ සිට සුන්දර ධර්ම කථිකයකු දක්වා පරිණාමය විය. පන්සල සදාකාලික ඉදිකිරීම් වැඩබිමක තත්වයෙන් කලාත්මක, නිසංසල, නවීන ස්ථානයක් බවට සංවර්ධනය කරන ලදී. සම්ප්‍රදායික පන්සලෙන් වෙනස් වීම සඳහා එය අසපුව ලෙස නම් කෙරිණි.
ඒ හා සමාන්තරව උපාසිකා උපාසක ප්‍රජාව ද බණ මඩුවල දුෂ්කර ක්‍රියා කරන මැහැල්ලන්ගේ තත්වයේ සිට නව බෞද්ධ විලාසිනියකගේ තත්වයට උසස් කරන ලදී.
මේ වනාහි සමාජ අවශ්‍යතාවක් තේරුම් අරගෙන එයට ආමන්ත්‍රණය කිරීමක් මිස අමුතු අපරාධයක් නො වේ. කුමන හෝ ආකාරයකින් මුදල් ඉපයීම උත්කර්ෂයට නංවා තිබෙන වත්මන් සමාජයේ එසේ මුදල් උපයන මිනිසුන්ට සිය වරදකාරී හැඟීම් අකා මකා දමා ගැනීමටත්, සිය පාරිභෝජනවාදී දිවි පැවැත්ම හා අනුගත වන ආගමික අභිචාර ක්‍රියාවලියක් හා සම්බන්ධ වීමටත් අසපු විසින් අවස්ථාව උදා කර දී තිබේ.
පන්සල්වලට එන මිනිසුන්ගේ දත් ගැලවීමට විවිධ උපාය උප්පරවැට්ටි යොදමින් දවස ගෙවන මහණුන්ගෙන් යුත් පන්සල් වෙනුවට වෘත්තික මට්ටමේ ධර්ම සේවාවන් සපයන අසපු විසින් නිරූපණය කරන්නේ අන් කිසිවක් නොව පසුගිය කාලය තුළ සිදු වූ සමාජ පරිණාමයයි.
මේ වනාහි ධනකාමයයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
සමන්තභද්‍ර ගේ මේ උපන් දින සාදය සුබද්‍ර ගේ අභද්‍ර වචනය හා සමානව සැලකිය යුතු වැඩක්.
ReplyDeleteඑනම් සංඝායනාවක් අවශ්‍යයි.
අනේ මහානායක හිමිවරුනේ. ඔය නින්දෙන් නැගිටින්නකෝ. ඇස් දෙක ඇර අවට බලන්නකෝ. වටාපත වෙනුවට පොල්ලක් ගන්නකෝ.
ReplyDeleteඔව් බන් මාත් හරි ආසයි ගනයන්ගෙ පොලු සටන් බලන්න.
Deleteමහනායකලා හැංගිලා හොරෙන් ගන්න තෘප්තිය සිරිධම්ම එළිපිට ගන්නවා. එතැනදි මට හිතෙන්නෙ සිරිධම්ම වඩා අවංකයි. විය යුත්තේ සිරිධම්මට පොල්ලෙන් ගහන්න මහනායකලාට ආරාධනා කිරීම නෙවෙයි, ඒකෙ අනික් පැත්ත.
Delete@විචාරක,
Deleteඅපේ සිවිල් සමාජයේ දී නම් ප්‍රශ්ණ විසඳා ගත යුත්තේ සාකච්චාවෙන්, සම්මුතියෙන් සහ එකඟත්වයෙන්.
සංඝ සමාජයේ ඒ කාර්යය ඊටත් වඩා සංයමයෙන් කළ යුතුයි.
පොලු අරගෙන ප්‍රශ්ණ විසඳන්නේ සිවිලයිස් නැති (එනම් සිවිල් නොවන) සමාජවල වෙන්න ඇති!
විසදනවානම් මෙන්න ප්‍රශ්න.
Deletehttp://www.lankadeepa.lk/index.php/articles/299491
https://www.google.com/search?q=milo+moire+art+basel&safe=off&espv=2&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=wUjvVN_MHIaqgwSF34DQDA&ved=0CB4QsAQ&biw=1600&bih=799
අන්තිම ෆොටෝ එකේනම් හරියට ෆිල්ම් එකක අන්තිමට වීරයා එලියට එනවා වගේ ,මාර ත්‍රිල් එකක් එන ෆොටෝවක් .... එල සමන්ත ..
ReplyDeleteමට මතක් වෙන්නේ විජයයි, මාලනීගෙයි සින්දු සීන් එකක විජය මල් ගස් අස්සෙන් ස්ලෝමෝෂන් එකෙන් එන හැටි!
Deleteසද්ධර්ම රතනාවලියෙ ඕකට ලස්සන උපමාවක් තිබුණා (වචන හරියටම මතක නැහැ) නෙළුම් මල් වලින් පිරුණු විලක ඒ නෙළුම් මල් මෑත් කරමින් සෙමෙන් සෙමෙන් එන නෞකාවක් වගේ කියලා.
Deleteඔය සිරිධම්මලාගෙ ලොකු බොස් ඉස්සර ජේතවනාරාමෙ ධම්ම සභාවට ගිහින් තියෙන්නෙ එහෙමලු...
දූර මානෙල් මලකී
Deleteලඟ දුණුකේ මලකී
උඩවැඩියා මලකී
මල් මැද මල් පොරකි
ඊයේ නාගත්තුව වේලාගන්න අද මෘදු ඉලක්කක් (soft-target) හොයාගෙන !
ReplyDeletesoft target එක තියෙන්නෙ ඔයාගෙ පුක මැද්දෙ
Deleteඔබ යමක් ලියනවා කියන්නෙ රටේ බහුතරයකට සැනසීමක්. මොකද තමන්ගෙ සිතට එන දේ කියාගන්න ක්‍රමයක් නැතිව සිටින අය තමන්ට කියාගන්න බැරි දේ ලස්සනට ලියල තියනව දැකල සතුටු වෙනවා.
ReplyDeleteමධ්‍යම පන්තික කාන්තාවන් ඉලක්ක කරල බණ විලාසිතාව පටන් ගත්තෙ සෝම කියලයි මට හිතෙන්නෙ. ඤානානන්ද ඒක වෙන ක්‍රමයකට ගෙන ගියා. අසරණ මහළු උපාසිකාව වෙනුවට බෞද්ධ විලාසිනියක් දැන් ඉන්නවා. ඒක හොඳයි. සමන්තබද්‍රගෙ වැඩ වලට දොස් කියන්න බෑ. මස්මාළු කෑම ගැන කරන චෝදානවලට ඔහු බුද්ධ චරිතයෙන්ම අපූරු උදාහරණ දෙනවා. ඇත්තෙන්ම බුදුන්ගෙ ජීවන චරියාවත් සුඵෝඛබෝගී එකක් තමයි. මේක හුඟක් දෙනෙක් මග ඇරපු කාරණයක්.
අද බුදුන් සිටියනම් ඔහු බුෆේ ක්‍රමය වගෙ දේවල් අනුමත කරන්න ඉඩ තිබුනා. බොහෝ විනය නීති පැනවූයේ සමාජ අවශ්‍යතා අනුවයි.එකළ වාහන තිබුනානම් භික්ෂූන්ට රියදුරු බලපත්‍ර අනුමත කරන්න ඉඩ තිබුනා. මේ කාරණය බොහෝ විනයවර්ධනකාරයන් අමතක කරනවා.
බුදුන් කියන්නෙ නිදහස් චින්තකයෙක්.එය හොදින්ම පැහැදිලිවුනේ මස් කෑම පිලිබද ගැටළුවෙදි.නයින්ගෙ මස් කෑවම අලි ඇවිත් පැමිණිලි කළාලු එවිට තහනම් කළේ නයි මස් විතරයි.මේ විදියට මස් වර්ග දහයක් තහනම් කළා. මිනී මස් කෑම පිළිබද ප්‍රශ්නයෙදිවත් මස් කෑම භික්ෂූන්ට මුළුමනින්ම තහනම් කළේ නෑ. ගිහියන්ට මේ කිසිවක්ම අදාල නෑ.
අද ඇතැම් ධර්ම දේශකයන් විවිධ මිත්‍යාමත වපුරද්දි සමන්තබද්‍රල තර්කානුකූලව කතා කරනව. එක්කෙනෙක් කිරිබීමට එරෙහිව කළ දේශනයකදි කිරි කියන්නෙ හරකගෙ ලේ කියල කිව්වා. ඒක අහපු උපාසකම්මලට උගුරට එනවලු කිරි දකිද්දි. මේ වගෙ විකාර සමන්ත ල ලග නෑ.
සමන්තට පුළුවන් වුනොත් බුදුදහම මොඩ් කරන්න.ඒක රටට යහපතක් වේවි. ගොන් පාට් අඩුවේවි.
සමන්ත රහත් කියල අමුතු සෙල්ලම් දාන එකනම් මහ විහිළුවක් කියන එකත් නොකියාම බෑ.
කොහොම වුනත් රැවටිලිකාර කාම සුඛල්ලිකානු භික්ෂූන් වෙනුවට රැවටීමක් නැති එලිපිට ම කාමසුඛල්ලිකානු හැසිරීම් දක්වන භික්ෂු සම්ප්‍රදායක් එනවනම් මම කැමතියි.
ඇත්තටම මධ්‍යස්ත මතධාරියා ට මේ අළුත් නම හොඳින් ගැලපෙනවා. දැන් කොහෙමටත් දැන් යකා නැටිල්ක් නෑ නේ.
Deleteකෙසේ වෙතත් මේ කතාව අහලා අර ගැටඹේ පන්සලට පඬුරු දාලා ඒ පින් බලෙන් ට්‍රැෆික් නීති කඩමින් ගර්හිත වාහන පොලිසියේ ඇස් වසා පදවන සමරසේකර අංකල් එන්න පුළුවන් සරම කරට අරගෙන බුද්ධාගමයි, දුදු සාඳුටයි අපහාස කරනවාය කියලා.
Paanaathipaathaa veramani kiyala ugannapu guruwaraya nai polongunge mas gena kathaakaraawida? Me wage velaawata thamai "Vimansaka Sutrya"ena iganweema watinne. wimasaa balanna.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteක.කා
Deleteමා දිනපතාම වාගේ පැරාගේ ලිපි බලනවා උනත් පසුගිය දින තුනේම මා නාගදීප වන්දනාවට සහ යාපනයේ සංචාරයට කාලය මිඩන්ගු කලා. ගෙදර ආවේ ඊයේ සවස. ගත්ත ෆොටෝ ටික කොම්පිතරේට දැන් අතරතුරේදී තමයි ඔබේ ඉඟිය දැක්කෙ. බුදුන් වහන්සේට, උන් වහන්සේ විසින් දෙසු දහමට හෝ සංඝයා වහන්සේලාට කරන අපහාස වලට උත්තර දෙන්න මෙන්ම ඔබ පල කරන ඉඟි වලට උත්තර දෙන්න ඉඩක් ලැබුනේ නැහැ.
නමුත් පැරාගේ මෙ ලිපිය සහ ඒකෙ තියෙන comments අධ්‍යයන නොකර උත්තර ලියන එක හොඳ දෙයක් නෙමෙයි. ටිකක් ඉවසන්න.
සමරසේකර
මම නන් හිතන්නෙ ඕක පටන් ගත්තෙ ජේසු. කුකුල්, ගව, ඌරු ගාත එක්ක වයින්... එයාගෙ මහ එකා උඩ ඉදන් ගන්න ආතල් පොඩි උන් බිම ඉදන් ට්‍රයි කරනවා..
Deleteසමන්තභද්‍ර (හරි සිරිධම්ම හරි මොකා හරි) තමන්ට ලිංගිකව ආකර්ෂණය වෙලා ඉන්න නාකි ගෑනියෙක්ගෙ සල්ලි වලින් කනවා බොනවා ජොලියෙ ඉන්නවා. ඉතින් මේකෙ ඉන්න බාප්පලාට පාන්ද? උඹලට කන්න බොන්න දෙන්න නාකි ගෑනියෙක් අල්ල ගන්න බැරි වුණාට ඉරිසියාවද? ජාතිවාදය අවුස්සන්නෙ නැතුව, මිනී මරන්නෙ නැතුව, මහජන මුදල් කඩා වඩා ගන්නෙ නැතුව සමන්තභද්‍ර මොනව කළාම මොකද? ඇයි ඒවා කරන ඥානසාරලාට විරුද්ධව වචනයක් වත් කතා නොකර මෙයාව අල්ල ගන්නෙ?
ReplyDeleteකවුරුහරි කාලා ඇඳලා සැපට ඉන්න එක පැරාට පෙන්නන්න බැරි දෙයක් කියල තාම දන්නේ නැද්ද? උදාහරණ:
Delete1. දොස්තරලට විරුද්ධයි.
2. ලොකුවට ටියුෂන් කරන උන්ට විරුද්ධයි.
3. සැප කාර් වල යන උන්ට විරුද්ධයි.
ඒ වගේම තමයි ඊයෙ මට තේරුණා පැරා ගූ බයයි කියලා ළමයින්ට ලිංගික අපයෝජන කරන ගුරුවරුන්ට විරුද්ධව දෙමාපියන් පාසල වට කරගෙන කෑගහන එකට.
Deleteමේක දිනමිණ වාර්තා කරලා තිබ්බේ කොහොමද?
ReplyDeleteපැරා දිනමිණේ හිටියානම් වාර්තා කරන්නේ කොහොමද?
ඉහත කී කාරනා දෙක ලිපියේ ඇතුලත් නොවීම අඩුවක් ලෙස මම නම් දකිනවා.
ඒක නෙවෙයි කෝ අර මහින්ද එළවලා යහපාලනය ගෙන්න කඩේ ගියපු බුවයි හෙනහුරයි? දුමින්දටයි සජින්ටයි දෙකගානේ හම්බවෙච්ච වාහන ඉල්ලගන්න ගිහින්ද? නැත්නම් ජෝන්ව බේරගන්න රනිල්ට පාර්ලිමේනේතුව විසුරවන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින්ද?
නැත්නම් හොරට ඇනෝ ඇවිත් "බූරුවන් කිහිප දෙනෙක් පමණක් තප්පු ලෑවාට මහජනතාව යහපාලනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරති." කියල කමෙන්ට් දාල යනවද?
හොක්කි හොක්කි හූ!!!
Ela
Deleteමේ විහිලු වලට මුලින්ම බනින්න ඕනැ අපේ රටේ පුරුෂයින්ට. මුන්ට තේරෙන්නෙ නෑ තමන්ගෙ භාර්යාවන්, පෙම්වතියන් ලිංගිකව සතුටු කරන්න කරන්න. ගැහුවා, මාරුවුණා. එච්චරයි. තමන්ගේ සතුට විතරක් ඇති. ගෑනිගෙ සතුට ගැන අවබෝධයක් නෑ. ඉතින් ලිංගිකව අසංතෘප්ත මැදිවියේ ගෑනු (අන්තිම එකට උඩ පින්තූරෙ බලන්න) සිරිධම්ම පස්සෙ යනවා, පෝලිම් ගැහිලා මහින්ද රාජපක්ෂට වඳින්න යනවා. කාලයක් අරියධම්මලා, සෝමලා පස්සෙ ගියා. මේ ගොල්ල මේ සිරිධම්මලාගෙන් මහින්ද රාජපක්ෂලාගෙන් පුරවා ගන්න යන්නෙ තමන්ට සහකරුවන්ගෙන් කවදාවත් නොලැබුණ ලිංගික තෘප්තිය.
ReplyDeleteඒක මචන් උඩ ඉන්න දෙයියා ආතල් ගන්න කරන වැඩ. ඌ නිල් බලනව ඇරෙන්න වෙන ආතල් නෑ.
Deleteමට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි....මේ හාමුදුරුවන්ට නිවන ගොඩක් දුරයි....!!
ReplyDeleteඑතකොට නිවන ළඟ ඥානසාරටද?
Deleteපැරා, අද නෙමෙයි බුදු හාමුදුරුවන්ගේ කාළේ උනෙත් ඒක. ආගම් කියන්නේ ළෝකයේ පළවෙනි රස්සාව. බුදු හාමුදුරුවොත් කෑවේ බිව්වේ වැඩ වාසයේ කලේ සිටුවරුන් පින් තකා පිදූ දේ.. මේඝ පළඳනාවක් පැලඳ උන් විශාඛාව කියන්නේ අද කාළෙ සෝමා අක්කා වෙන්න පුළුවන්..
ReplyDeleteමම නම් එදයි අදයි කිසිම වෙනසක් දකින්නේ නෑ..
මේ තමයි නියම බුද්ධාගම.. මහානායකවරුන්ගේ ජීවිතෙත් මේ වගේම තමා..
මේක තමයි නියම බුද්ධාගම . ඔබ කියන දේ සම්පූර්ණ ඇත්ත. සමන්ත තමයි මේ යතාර්ථය පෙන්වල දුන්නෙ.
Deleteමම නම් කැමතියි හොඳට කන බොන බඩු ගහන ඒ වගේම සුබසාධන වැඩ කරන කහ මිනිස්සුන්ට. බැරියර් පෙරලන ලතෝනි දෙන මාරාන්තික උපවාස කරන හරක් බේරන අය නිසා නෙගටිව් හැඟීමක් එන්නෙ. කසිප්පු බුද්ධාගමට වඩා සමන්තලගෙ විස්කි බුද්ධාගම හොඳයි.
හරක් බේරන බුද්ධාගමට වඩා බීෆ්,පෝක්, චිකන් ඇතිව පාටි දාන සමන්තල සුන්දරයි බං.
++++++++++++++++++++
Deleteදෙදෙනා සමඟම එකඟයි. මේක තමයි නියම බුද්ධාගම.
තව ටිකක් එකතු කරනවා නම් ඔය සුදු ඇඳගෙන වැඳගෙන ඉන්න උපාසක අම්මා කෙනෙක් හෝ දෙන්නෙක් රෑ වෙලා සිරිධම්මට blowjob එකකුත් දෙන්න ඇති. ඒක ස්වාභාවිකයි. ඒ වගේම සියල්ලන්ම තෘප්තිමත්. මහනායක කෙනෙක් රෑට වැසිකිළියේ දොර වහගෙන උපාසක අම්මා කෙනෙක් ගැන සිතමින් ස්වයං වින්දනයක යෙදෙනවාට වඩා ඒක ස්වභාව ධර්මයාට කිට්ටු දෙයක්.
Samanthabadra ,Sumanadasa wage ayata hitapu raajya naayakayage andha wishwaasath loku athwelak unaa.
ReplyDeleteසමන්තභද්‍රලාගේ පරම්පරාවේ හැමෝටම (මහින්දලා සංඝමිත්තලාගේ පටන්) හිටපු රාජ්‍ය නායකයින්ගේ (දේවානම් පියතිස්සගේ පටන්) අන්ධ විශ්වාස අත්වැලක් වුණ එකේ ඕක මොකද්ද?
Deleteබුද්ධ දේශනාව පදනම් වුනේ ක්‍රි:පූ 6 වන සියවසට අදාලව. එසේම තමන් පැනවූ නීති සමාජ අවශ්‍යතා මත සංශෝධනය කළා. දරුවන් මහනකිරීමට දෙමවුපියන්ගේ කැමැත්ත අවශ්‍ය වුනේ ඒ අනුව.මුලින් තිබුනේ කපුටෙක් එළවීමට හැකි ඕනෑම ළදරුවෙක් මහණ කිරීමයි.
ReplyDeleteභික්ෂූන්ගේ වස් විසීම තවත් උදාහරණයක්.ශ්‍රමණ භවත් ගෞතමගෙ ගෝලයො අරහෙම ඉන්න්ව මෙහෙම ඉන්නව කියපුවම තමන් කලින් දාපු නීති වෙනස් කළා.අනාගතය දැකල නීති හදපු බවක් කිසිම නීතියකින් පේන්නෙ නෑ.
ඉතින් බුදුන්ගෙන් පසු මේනීති සංශෝධනය කිරීම ගැන ගැටළු ඇතිවුනා. වජ්ජි පුත්‍රක භික්ෂූන්ගෙ දස අකැප වස්තුව උදාහරණයක්. එහි පැසීගෙන එන සුරාව කැපය (කප්පති ජලෝගි කප්ප ) මිළ මුදල් කැපය ( කප්පති ජාත රූප රජතං ) ආදී වශයෙන් වෙනස්කම් සිදුවුනා.
ඊට හේතුවුනේ මෙයයි.
සංඝයා කැමැති නම් මාගේ ඇවෑමෙන් කුඩා අනුකුඩා සිකපද සමූහනය කෙරත්වා (ආකංඛමානො ආනන්ද සංඝො මමච්චයේන ඛුද්දානුඛුද්දකානි සික්‌ඛාපදානි සමූහන්තු) යි බුදුන් දේශනා කර තිබෙනවා.
විවිධ කාලවල විවිධ දේශවලට බුදුදහම ගලපන විට බුදුදහමේ ලිහිල් බවත් එක්ක එය වෙනස් වීම පුදුමයක් නොවෙයි. කටපාඩමින් ධර්මය අරගෙන එනවා කියන්නෙ අවදානම් දෙයක්.ගමනාගමනය සන්නිවේදනය ඉතා දුෂ්කර යුගයක මෙය සාර්ථක නැහැ. අද ප්‍රකට පුනරුත්පත්ති පුනර්භව වචන හරඹයට හේතුවත් ඒකයි. අභිධර්මය බුද්ධ දේශනාවක්ද කියන එක ගැනත් ගැටළු තිබෙනවා. භාවනාවෙන් මාර්ගඵල ලැබූ කිසිවෙක් ගැන බුදු සමයේ සදහනක් නෑ. සියල්ලෝම සෝවාන් වී ඇත්තේ බණ අහලයි.
ජාතක කතා වගෙ ඒව පහුකාලෙක එකතුවෙන්න ඇති.( සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයෙම තිබිල තියෙන්නෙ ක්‍රි:පූ 6 වන සියවසේ භාරත සමාජය ,එකම විදියෙ අස්ස කරත්ත, එකම නම් ගම් ).ඉන්දියානු ජනකතා ඊසෝප්ගෙ උපමා කතා ඇසුරෙන්.
මේ මාර්ගඵල ලැබීම මම තේරුම්ගන්නෙ මෙහෙමයි. යමක් අවබෝධවීම සෝවාන් කියලයි.සකුදාගාමී කියන්නෙ තවත් අවබෝධවෙනව ,අනාගාමී කියන්නෙ ඊටත් වැඩිය,රහත් කියන්නෙ හොඳටම අවබෝධවෙනව කියන එක.
දහම සරලයි.ඒක ඒ කාලෙ හිටිය නූගත් අයටත් තේරුනා.මේ සරල දේ ඒ කියන්නෙ සියල්ල ඇතිවෙනව නැතිවෙනව මම කියල කෙනෙක් නෑ කියන එක විවිධ ආලවට්ටම් දාල කාටවත්ම නොතේරෙන හත්මළුවක් කරල. සාමාන්ය මිනිහෙක් වුන බුදුන් අද්භූත චරිතයක් කරල.
එක කතාවක් තියනව .එක පළාතකට බුදුන් එනව කියපුවම ඒ පළාතෙ මිනිස්සු පොරකෑවලු බුදුන් බලන්න යන්න. මෙහෙම දුවනකොට එක මහළු භික්ෂුවක් වැටුනලු. ඒක දැඛල එක පුරුෂයෙක් ඒ භික්ෂුව නැගීටෙව්වලු. මොකද මේ කලබලේ කියල අහපුවම අද බුදුන් එනව කියල කිව්ව. ඒ මහළු භික්ෂුව කිව්වලු මම තමා බුදුන් කියල.ඒ කියන්නෙ බුදුන් ඒ කාලෙ සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්කරල හදුනාගන්න පුළුවන් වෙලා නෑ. නමුත් සාහිත්‍යකාරයො මහා පුරුෂ ලක්ෂන කතා නිර්මාණය කරල තියනව.
නූගත් උපාසක උපාසිකාවො සාදු සාදු සා කිව්වට සමන්තල පොත පත කියවල මේ දේවල් තේරුම් අරන් ඉන්නෙ.
සමන්තල වගෙ අලුතෙන් හිතන අය විවිධ වෙනස්කම් කළා. මේක කොයිතරම් පුළුල් වුනාද කීවොත් බඩුගැසීමෙනුත් නිවන් දකින්න පුළුවන් කියන නිකායක් ඇතිවුනා බෙංගාලයෙ.බෙංගාලයෙ අදටත් ඉන්න අඝෝරීන් හා තාන්ත්‍රිකයන්ට මෙය කිට්ටුයි. තන්ත්‍රයානය කියන්නෙ මෙයට. එහි මත්පැනුත් භාවිතා වුනා.මස්මාලුත් තිබුන, පංචමකාරය ( මුද්‍රා,මත්ස්‍ය, මාංශ ,මධ්‍ය,මෛථුන ) පූජාවන්වල භාවිතා වුනා.අපූරු උපමා අපූරු සාහිත්‍යයක් ගොඩ නැගුනා.සේන රජුගෙ කාලෙ රහස් බණ කියල මෙය ලංකාවටත් ආව. මෙය ජනප්‍රිය වුනානම් බුදුදහම සුන්දර ආගමක් වේවි. අන්‍යාගමිකයන් බුදුදහම ගැන වැඩි වැඩියෙන් පැහැදේවි. තරුණයෝ පොරකාවි පැවිදිවෙන්න. කිසිවෙක් සිවුරු නොහරීවි.
මමත් පැවිදිවෙනව කුලියාපිටියේ මධ්‍යස්ථ කියල. සමන්තල එහෙම නිකායක් හැදුවොත් ඒක ජනප්‍රියවෙලා මහා මධ්‍යස්ථ මහරහතන් වහන්සෙ කියල කවුරුහරි ප්‍රසිද්ධ වුනොත් ඒ මං හරිය හෙහෙ හෙහෙ
සමන්ත භද්‍රගෙ ක්‍රමේ හොඳයිද නරකයිද?
ReplyDeleteලොකු රස්සාවල් කරනකල් කිසි කෙනෙකුට උදව් නොකල, වයසට ගියාම ගොක්කොල පෙනෙත්දි හිත රවටගන්න පිංකං කරන නෝනලට ( මහත්තුරුන්ට ), සල්ලි ඉල්ලන, ආධාර පත්තර දික්කරන පන්සල් වෙනුවට පන්සලෙන් කන්න බොන්න දෙන, ආතල් එකේ කොටුවක් පැනගන්න පාර හදල දෙන අතරෙ පාට් ටයිම් එකට බුදුන් වඳින්නත් බණක් අහන්නත් තීන හැකියාව ගැන හිතල යන එන කොල්ලන්ට, කලටි ඇන්ටිලට වගේ අයට මේ ක්‍රමේ හොඳයි.
ප්‍රශ්ණෙ වෙන්නෙ අද මේ සමන්තලගෙ සැප දැකල හෙට ගමේ ඉන්න වේලෙන සාධුලත් ඇවිත් මේ ටවුමෙ ආතල් වලට සෙට් වෙන එකෙන්, ඉස්සරහට නැති බැරි මිනිස්සු ඉන්න ගං ගොඩවල් වල පන්සල් ඉතුරුවෙන්නෙ නෑ, හෝ මේ වගේ සලකන්න බැරි එකෙකුගෙ බණාකට දානෙකට එන්න හාමුදුරු කෙනෙක් නැතිවෙනව. ඇත්ත, ඒ අදහස හරිම ආත්මාර්ථකාමී එකක් වගේ පෙනෙයි. ඒත් ඒක තවත් බෞද්ධයන් කොටසකගෙ අයිතියක්.
ඔබ වැනි අයට පිළිතුරු දීමට මට කිසිදු අවශ්‍යතාවක් නැත. - පැරා
Deleteමෙතැන ඉන්දිකගෙ දෙවැනි ඡේදෙ තියෙන දේ ඇත්තටම වෙන්නෙ නැහැ. අසපු සංස්කෘතිය නිසා ගමේ පන්සල් වෙනස් වෙන්නෙ නෑ. දැන් කොළඹ ෆයිව් ස්ටාර් හෝටල් සංස්කෘතිය නිසා ගමේ බත් කඩ වෙනස් වුනේ නැහැනෙ. ඔය දෙක (හෝ වැඩි ගණන) වෙනම මාකට් සෙග්මන්ට්ස්. එකෙකින් අනෙකට බලපෑමක් නැහැ. සිරිධම්මලා මොනවා කළත් ගමේ හාමුදුරුවො ගමේ හාමුදුරුවොමයි.
Deleteඇනෝ, මචං මම හිතන්නෙ 5ස්ටා හෝටල් උදාහරණය හරියන්නෙ නෑ. මම හිතන්නෙ මේකට ගැලපෙනම උදහරණය තමයි ඉස්කෝල. ලංකාවෙ හැමෝම ට්‍රයි කරන්න ( ආදිශිෂ්‍යයින් විසින් උස්සල තියපු ) ජනප්‍රිය කියන පාසලකට ළමයි දා ගන්න. ඒවට අධි ඉල්ලුමක් තියෙත්දි ගම් වල පොඩි ඉස්කෝල වැහෙනව. එකට උත්තරේ ගම් වල ඉස්කෝල දියුණු කරන එක නම්, ඒක අඩු ගානෙ රජයෙන්වත් කෙරෙන්න ඕන කියතෑකි, ඒත් පන්සල්?
Deleteඅන්තිමේ වෙන්න එක සෙතේම තමා, නැති එකාගෙ තැනට තවත් කෙල වෙනව.
ප/ලි, අලස් මහතා දියුණු කල පාසැල හැර අනෙක්වා සියල්ලම පාහේ වරප්‍රසාද ලත් පාසැල් ලෙසම ඇරඹුනු ඒවා නිසා, රට පුරාම පාසල්වලට නොලැබුනු අමතර වටිනාකමක් ඒවාට සහ සිසුන්ට තිබුනි. එය හරියටම පන්සල් අතරට අසපු බිහිවීමට සමය.
ඇයි මගේ උදාහරණය වැරදි හා ඔබේ උදාහරණය හරි? කරුණාකර පැහැදිළි කළ හැකිද?
Deleteවැරැද්ද ඔය දෙක කේට කරන්නෙ වෙන වෙනම මාකට් සෙග්මන්ට් දෙකකට කීම.
Deleteමේ දෙකම, එනම් අසපු සහ ගමේ පන්සල් දෙකම කේට කරන්නෙ බෞද්ධයන් කියන පොදු මාකට් එකට.
නමුත් තරු හෝටල් වල මාකට් එක නවතින්න එන සංචාරකයො මිසක් වේලක් කන්න එන මිනිස්සු නෙමෙයි.
අනික ගමේ පන්සලට යන කෙනාට අසපුවකට සෙට් වෙන්න අමතර වියදමක් නෑ, ගමේ කඩේ ඉඳල 5ස්ටා හොටෙල් එකකට මාරු වෙනව වගේ. ඒ වගේම ගමේ කඩේ කෙනාට සල්ලි තිබ්බට හොටලෙට යන්න බෑ, ඊට එහා ගිය තවත් දේ තියෙන නිස හොටෙල් සංස්කෘතිය ඇතුලෙ.
නමුත් පන්සල එච්චර අමාරු නෑ. හරියට ගමේ ඉස්කොලෙ එකා 0 බැරිනම් ශිශ්‍යත්වෙ හරි ලොකු ඉස්කෝලෙට පනිනවට වඩා පහසුවෙන් ඉන්න දායකයෙක්ට හේත්තු උනාම අසපුවකට මාරුවෙන්න දායකයන්ටත්, සාධුලටත් පුලුවන්.
මොකද කොයි පන්සලකට උනත් පන්ති දෙකේම දායකයො ඕන, ඒ නිසා අවස්ථාව තියෙනව.
ඔබ වැනි අයට පිළිතුරු දීමට මට කිසිදු අවශ්‍යතාවක් නැත.
Delete@ඉන්දික,
Deleteඔබ ඔය කියන විධියත්, ඔබ අගය කරන විධියත් යන දෙක ම වැරදි නිසායි අපි මෙහෙම හඬ නගන්නේ.
- පැරා
සමන්ත භද්‍ර නමින් පෙනී සිටින පිටිදූවේ සිරිධම්ම නමින් කළින් පෙනී සිටි පුද්ගලයා දේශනා කරන ධර්මය මට වැටහී ඇති ආකාරය අනුව නම් සංක්ෂිප්තව දක්වතොත් ඒ මෙසේය.
ReplyDelete1. බුද්ධාගමේ හරය නිර්වාණය කරා එළැඹීමයි.
2. සෑම බෞද්ධයකුම, විශේෂයෙන් භික්ෂූන්, සියල්ල කළ යුත්තේ ඒ අරමුණ පෙරදැරිවය.
3. නිර්වාණය සඳහා කළ යුත්තේ සියල්ල කෙරෙහි ඇති ඇල්ම අත්හැරීමයි. මේ අත්හැරීම මානසිකව කිරීම ප්‍රමාණවත්ය.
(සිද්ධාර්ත කුමාරයා ගිහිගෙය හැර නොගොස් එහිම ලගිමින් මානසිකව ඇල්ම අත් නොහැරියේ මන්දැයි සිරිධම්ම නොකියයි.)
4. පෙරහැර කිරීම, අලින්ට වද දෙමින් කරඬුව වැඩැම්මවීම, මහා කඨින පූජා පිංකම් යනාදිය ධර්මයට පටහැණි ය.
5. වැඩි විස්තර කැසට් සහ සීඩී මගින් ලබාගත හැකිය.
මේ ක්‍රමයට ලබාගතහැකි යමක් නිර්වාණය ලෙස ඔහු විසින් හඳුනාගෙන ඇත. ඒ කෙසේ වෙතත්, ඔහු පවසන බොහෝ දෑ නිවැරදි ය. පන්සලේ නායක හාමුදුරුවන් යනු අලි ඇතුන් බලා හදා ගෙන ඉඩ කඩම් පරිහරණය කරන අයකු නොවිය යුතුය. කඨින පිංකම් මෑතක සිට විලාසිතාවක් වී තිබේ.
ආගම සහ ධර්මය දෙකකි. බෞද්ධාගමද අනෙකුත් බොහෝ ආගම් මෙන්ම සංස්ථාපිත ආයතනයකි. එය බුදුන් වදාළ ආකාරයේ සංඝ ශාසනයක් නොවන බව මගේ ද මතය වේ. එනමුත් සිරිධම්මයන්ගේ ක්‍රමය ද වැරදි බව සිතමි. සියල්ලට වඩා බුදුන්ට භාවිතා කරන අන්වර්ථ නාම දහසකින් එකක් වන සමන්ත භද්‍ර (සමන් බහදුරු) යන්න තම නම වශයෙන් භාවිතා කිරීම මා අනුමත නොකරමි.
කෙසේ වෙතත්, පැරා මේ ලිපිය නොලිය යුතුව තිබුනු බව මම සිතමි.
ආ හෙන අයියා.......කොහොමද යහපාලනේ? නැගෙනහිරනම් තිතට වැඩ නේද? දයා ගමගේ හොටු පෙරාගෙන අඬනවා දැක්කම හෙන අයියට මාර ත්‍රිල් නේද? තම්බි දක්ෂයි නේද අයියා.....
Delete/3. නිර්වාණය සඳහා කළ යුත්තේ සියල්ල කෙරෙහි ඇති ඇල්ම අත්හැරීමයි. මේ අත්හැරීම මානසිකව කිරීම ප්‍රමාණවත්ය.
Delete(සිද්ධාර්ත කුමාරයා ගිහිගෙය හැර නොගොස් එහිම ලගිමින් මානසිකව ඇල්ම අත් නොහැරියේ මන්දැයි සිරිධම්ම නොකියයි.)/
සිද්ධාර්ථ කුමාරයාට එසේ කළ නොහැකි හේතූන් තිබුණා නේද? පියාගෙන් බිරිඳගෙන් වූ බලපෑම ටිකාක් වැඩියි. අනෙක ඔහු කළේ එක්ස්පරිමන්ට් එකක්. ඉතින් හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා මුලින්ම කියන්න බැහැ. (සිරිධම්ම කරන්නෙත් එක්ස්පෙරිමන්ට් එකක්.)
අද තත්වයන් යටතේ බැඳීම් නැති කර ගන්න සමහරවිට වඩා පහසුයි ගිහිගෙය අතහැර නොගිහින්. විශේෂයෙන්ම පරම්පරාවෙන් හම්බ වෙච්චි ධනයක් තියෙන කෙනෙකුට හෝ විශ්‍රාමිකයකුට.
'නිවන' පොත් සෙට් එක ලියපු දයාරත්න රණසිංහ මහතා පුතා හෙම රැකියාව කරන්න පටන් අරගෙන වගකීම් වලින් මිදුණායින් පස්සෙ ගෙදරට පිටතින් කුටියක් හදාගෙන ඒකෙ තමයි මැරෙණකල්ම ජීවත් වුණේ. එකම ඉඩමෙ හිටියත් පවුල සමඟ සම්බන්ධතා පැවැත්වුයේ අඩුවෙන්. තරහ වෙලා නෙවෙයි. ඔහුට සරල දිවි පෙවෙතක් ගත කරන්න ඕනැ වෙච්චි නිසා. සමහර විට මහණ වුණා නම් ජීවිතේ ඒ තරම් සරල නොවෙන්න තිබුණා.
@ AnonymousFebruary 26, 2015 at 12:15 PM ඔබ කියන දේ හරි. කොහොම වුනත් මේවා ගැන විවරණ විශ්ලේෂණ කරන්න තරම් පරිශීලිත දැනුමක් මා වෙත නැති නිසයි මට හිතෙන කරුණු ගැන පමණක් ලිව්වෙ.
Delete@ AnonymousFebruary 26, 2015 at 12:04 PM
යහපාලනේ තිතට වැඩකරන්නෙ නැහැ. එහෙම වැඩ කරයි කියල මං බලාපොරොත්තු වුනෙත් නැහැ. ලංකාවෙ ඉන්න සමහර මිනිස්සු යහපාලනේට කැමති නැති නිසා වැඩේ අමාරුයි. ඒත් අමාරුයි කියල නිකං ඉන්න එක මනුෂ්‍යත්වයට ගැලපෙන්නෙ නෑ. කොහොම හරි කරන්න ඕනැ. එක පාරටම බැරි වුනොත් දෙපාරකට හරි.
දයා ගමගේ කියන්නෙ කවුද කියල මං දන්නෙ නෑ, මොකක්ද මේ තම්බි කතාව?
දයා ගමගේ කියන්නේ
Delete1. සිරිකොතේ බිල් ගෙවන මනුස්සයා
2. නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ මැතිනියගේ ගෙදර මනුස්සයා
3. නැගෙනහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (දැන් මොන පැත්තේද දන්නේ නෑ)
රට හදන්න කතාකරන හෙන අයියා මුකුත් දන්නේ නෑනේ බලාගෙන ගියාම. අයියා රනිල් වික්‍රමසිංහව දන්නවද?
බ්ලොග් වල කොමෙන්ට් කොටන 90% යහ පාලන වාහෙලා ඉන්නේ ලංකාවේ නෙවෙයි බන්. රට..රට ...පිටරට!!
Deleteහෙනහුරා ඉන්නේ ලංකාවේමයි.
Deleteසිරි කොතේ අර කොතේ මේ කොතේ බිල් ගෙවන එවුන් ගැන දැනගැනීමට මට අවශ්‍යතාවක් නැහැ දරුවා. ලංකාවෙ පාලනය ජරා වෙලා තිබුනු නිසා යහපාලනය ලබාදෙනවයි කියූ මෛත්‍රිපාල කණ්ඩායමට කඩේ ගියානෙ. ඒත් ඒක හරි යන්නෙ නැති පාටයි. ඒත් මහින්දගෙන යහපාලනයේ නම වත් අහන්න නොලැබුන තත්වයකදි දැන් වෙන සුළු දේවල් වුනත් ගොඩක් වටිනව මේ රටට. ඔයාලට පස්සෙ තේරේවි.
මෛත්‍රිලාගෙන් යහපාලනය ලැබුනෙ නැත්නම් ඊට වඩා හොඳ එකෙක් හොයාගන්නව ඇරෙන්න වහ බොන්නයැ.
අඩු වශයෙන් රාජාණ්ඩු මානසිකත්වය හරි මිනිස්සුන්ගෙන් ඈත් වෙනවනම් ඒකත් ලොකු ජයග්‍රහණයක්නෙ. තාම ඉන්නව මෝඩයො කීප දෙනෙක් වැඩවසම්වාදී අදහස් තියන. ඒව හරි යයි ඉස්සරහට.
ඒ නිසා සැලෙන්න එපා. අපි උත්සාහ කරමු මේ රට ගොඩගන්න.
අනේ සීයා දැන් වෙන සුළු දේවල් ටිකත් කිව්වනන් තමයි හොද... දැන් සීයට සුළුදිය පහ වෙනව වගේ නන් පේනවා.
Deleteහෙනහුරා ඉන්නේ දොඩංගොඩක නෙවෙයිද?
Deleteබුද්ධාගම කියන්නෙ බුද්දිමත් මිනිස්සුන්ට ගැලපෙන දෙයක්.ඒත් ඒක ලංකාවට නම් පරාල ඇනයක්.තිත්ත ඇත්ත ඒකයි.
ReplyDeleteමගේ නම් අදහස බුද්ධිමතුන්ට මොනම ආගමක් හෝ ඕනැ නැති බවයි. ඒකනෙ ඔවුන්ට බුද්ධිමතුන් කියන්නෙ. ගමනක් යන්න අත්වාරුවක් ඕනැ කකුල් කැඩිච්චි කෙනකුට මිසක් හොඳින් ඇවිදින්න පුළුවන් කෙනෙකුට නෙවෙයිනෙ.
Delete@ Anonymous February 26, 2015 at 2:44 PM
Delete+++++++++++++++++++++++++
සබ්බේ සත්තා උනමත්තකා
ReplyDeleteඋනමත්තකා නෙමෙයි කොල්ලො උම්මත්තකා
Deleteබුදු දහම පිලිබඳ දැනුමක් නැති (නමුත් මහා දැනුමක් ඇතැයි සිතාගෙන සිටින) සියලුම comment කරුවන්ට කීමට ඇත්තේ සිරි ධම්ම වගේම තමනුත් මෝහයෙන් මුලා වී ඇති බවයි. ඔබලාගේ comment දැකීමෙන් මාගේ සිතේ ද්වේශ සහගත සිතුවිලි ඇති වුවෙත්, මා හට comment කිරීමට සිත් වුවෙත්, මාද නිවනින් බොහෝ දුර නිසායැයි සිතමි.
ReplyDeleteප්‍රොෆයිල් කොමෙන්ට් නම් 100% ම වගේ යහ පාලන නඩෙන් වැටිච්ච ඒවා. දැන් මේක කියවන කාටත් තේරුම් යන්න ඕන සිංහල බෞද්ධ කියන කොට මේ කට්ටියට ජංගියේ චු ගියේ ඇයි කියන එක. පලවෙනි එක මෙකල බෞද්ධාගම ගැන මෙලෝ අලයක් නොදන්නා පිරිසක් වීමයි (මුන් එකෙක්වත් පන්සලක ලඟකදී නම් පස් පාගල නැති බව කැට ඇතුව කියතහැකි). දෙවැන්න නම් බුදුදහමේ විස්තර කරන ජිවිතයකට මොවුන් ආලෝක වර්ෂ ගණනක් දුරින් සිටිමින් සරුවපිත්තල ජිවිතයක් ගත කිරීමයි.මුන්ට හරියනේ රනිල් නායකත්වය දෙන ගිහි සමාජයක, සමන්තභද්‍රල නායකත්වය දෙන පැවැදි සමාජයක ජිවත් වෙන එකයි. අපේ කරුමෙ කියන්නේ මේ ලෙඩ්ඩු උන්ගේ විකාර ලෝකේ අපේ ඔලුව උඩ අතඇරපු එකයි.
DeleteAnonymousFebruary 26, 2015 at 3:32 PM
DeleteAnonymousFebruary 26, 2015 at 4:50 PM
භයියන් දෙන්නෙක් එකම දේ ආකාර දෙකකට කියා ඇති අපූරුව බලන්න.
අරේ බාබා භයියන් නහි, බයියන්,බයියන් ........බයියන්
Deleteආයේ කියන්න බලන්න, බයියන් ......
Sawan Ka Mahina
https://www.youtube.com/watch?v=LbD-9OPjKWs
මේ හාමුදුරුවන්ගේ බර්ත් ඩේ සීන් එක ගැන ලියවෙච්ච ලිපි කීපයක්ම මේ වෙද්දී කියෙවුවා .. දැන් මට ආසයි මේ වගේ උන්වහන්සේගේ වැඩ පිළිවෙළ නිසා අසතුටට පත් වෙච්ච අයට දෙන රිප්ලයි ධර්ම දේශනයක් අහන්න. ඔහුගේ පැවිදි ජිවන රටාව මොන ආකාර වුණත් සයන්ස් මික්ස් කරලා කියන බන නම් නියමයි. අහලා රස විඳලා අමතක කරත්
ReplyDeleteබුද්ධාගමේ තියෙන එක වාසියක් තමා දැඩි නිකාය බේදයක් නැතිවීම උදාහරණයක් හැටියට ලංකාවෙන් ජපානයට යන කෙනෙකුට ජපන් පන්සලකට යන්න පුලුවන් ජපනෙක්ට ලංකාවේ පන්සලකට යන්නත් පුලුවන් අපි මෙම තත්වය ආශිර්වාදයක් කරගත යුතුයි
ReplyDeleteඇමරිකාව වගේ රටකට කතෝලික ආගම ගැලපෙන්නේ නෑ එවුන්ට හරියන්නේ යෙහෝවා වගේ ආගම්
අද තත්වය අනුව ලංකාවේ සමහරුන්ටත් සාම්ප්‍රදායික බුද්ධාගම වෙනුවට බුදුන්ගේ සාක්ෂි කාරයෝ වගේ ආගමක් අවශ්‍යයි එහෙම අය වෙනුවෙන් මේ වගේ ආගමික කණ්ඩායම් තිබීමේ වරදකුත් නෑ
අනිත් අතට මෙහෙම වෙනසක් නැතිවුනොත් බුද්ධාගමත් (ඊනියා)හින්දු ආගම වගේ පරණ ආගමක් වෙනවා වැදගත්ම දේ මෙහෙම අය ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදාය සමඟ ගැටෙන්නේ නැතුව එකිනෙකාට රැස්පොට් දී කටයුතු කිරීමයි.
අප මහා බුදුරජාණන් වහන්සේ සමන්ත භද්‍ර වූ සේක.
ReplyDeleteආ ඒක තමයි අපි එයාගෙත් බර්ත් ඩේ පාර්ටි එක සමරන්නෙ මැයි මාසෙ. දැනුයි තේරුණේ.
Deleteසෝමක්කටයි සමන්තයටයි හොඳ නම් ඔහෙලට මොකද්ද තියන රුදාව? එක එයාලගේ කැමැත්ත. ඔහෙලගෙ මුදල් වලින් එයාල ආතල් ගන්නවානම් මමත් එකට විරුද්ධයි
ReplyDeleteබුදු දහම කියන්නෙ,අල්පේච්චතාව මත පදනම් වුන ආගමක්නෙ.එතකොට මේකට මොකක්ද කියන්නෙ.බුදු දහමට මුවාවෙලා මේ දේවල් කරන එක හරිද ,මෙයාලට සල්ලි කොහෙන්ද ලැබෙන්නෙ?
Delete/බුදු දහම කියන්නෙ,අල්පේච්චතාව මත පදනම් වුන ආගමක්නෙ./
Deleteමෙහෙම තියෙන්නෙ කොහේද? මූලාශ්‍රය දෙන්න පුළුවන්ද?
NIRWANA Bargain Sale,A Short Cut To Nirwana.Please enquire Nirwana mahal or Soma wahini. Buddagamata kelawewa.isis thrasthayanta Jayawewa.
ReplyDeleteColomba mukunuwanna thrasthawaadaya--- kolamba puraama punchi bath kade sita posh kama kadaya dakwa sama thanama mukunuwanna namin 'alligator' shakhaya pala mallum kara laba deema jayatama siduwe. Cargills wala mukunuwanna namin kapaa liaa gath kola packet wala aththeth me alligator shakhayayi.. Ma asa athi lesin alligator shakhaya minis paribojanayata nusudusu wisha sahitha shakhayaki-- karnaakara hama denaama as arinna- mukunuwanna kiya alligator kawana eka nawaththanna api samoma handa nagiya yuthuyi.. Me pilibanda handak nagamu..blog karuwani obe sahayogayath denna
ReplyDeleteදහම් පාසලකට වැස්සකටවත් ගොඩ වෙලා නැති හරක් මෙතන බණ දේශනා කරන අපූරුව......
ReplyDeleteදහම් පාසල් වල උගන්වන්නෙ ධර්මය නෙවෙයි බං. ජාතිවාදය හා ආගම්වාදය. ඒ හන්ද දහම් පාසල් නොගිය එවුන් තමයි ධර්මය දන්නෙ.
Deleteමේ වගේ තැන් වලට කාන්තාවන් ම වැඩිපුර ඇදෙන්නේ මොකද කියන එක නිවැරදිව විග්‍රහ කරගන්න පුලුවන්නම් එතන අද සමාජ දේශපාලනික වටපිටාවේ යථ පිලිබඳ සෑහෙන යමක් අවබෝධ කරගන්නට හැකි වේවි.....
ReplyDelete//සාමාන්‍ය පන්සල්වල ආගමික අභිචාර පැවැත්වීම උපාසිකා උපාසක පිරිසට කයට දුක් දෙන කාර්යයක් වී තිබේ. මේවායේ බණ මඩුවල ලී දඬු ගොඩගහලා ය. වැසිකිලි සේදීමක් ඇත්තේ ම නැත. වැලිමලු මඩ කඩිති ය. ඒ වෙනුවට යම් පිළිවෙලකට අභිචාර පැවැත්විය හැකි ස්ථාන ඔවුන්ට අවශ්‍ය විය// මේ කොටසට අදාලව පවතින පන්සල් විශේෂය ඒ විදිහේ අපිරිසිදු බවක් පවතී නම් ඔබ දැක ඇත්තේ වැරදී ගිය තැනකි. විනයානුකූලව කටයුතු කරන හාමුදරුවරුන් සිටින සාමාන්‍ය පන්සල් වල මූලික කාර්යයක් වන්නේ උදෑසන සේම හවසද පිරිසිදු කිරීමය. “නායක හිමියන්ද ඇමදිය යුතුය“ යනුවෙන් පැවසෙනවා. ඒ නිසා නායක හිමියන් මෙන්ම සෙසු හිමිවරුන්ද රටා හිටින්නට මිදිල බෝමළුව අමදින ආකාරය සාමාන්‍ය ලක්ෂණයක්. හීල් දානය ගෙන එන ගිහි අය ද මීට එකතුවෙනවා. හාමුදුරුවන් උදෑසනම කළයුතු තවත් මූලික කාර්යයක් බව කියවෙන්නේ තමන් පෙර දින කොල ගැසීමට පාවිච්චි කළ පඩික්කම තමා අතින් මුලින්ම සෝදා හැරීමයි. වැසිකිලි කැසිකිලි පාවිච්චියද එහි සෑම පියවරක්ම පාසා නීති රීති මාලාවකට යටත් මෙවැනි සාමාන්‍ය පන්සලක් ලේඛකයාට මුණ ගැසී නැතුවා විය හැකියි.
ReplyDeleteකූට ව්‍යාපාරිකයන් හා ව්‍යාපරයන්ගේ ග්‍රහණයට බොහෝ බෞද්ධාගමිකයන් මෙන්ම සෙසු බොහෝ ආගමිකයන්ද හසු වී තිබෙනවා සේම බොහෝ නිරාගමිකයන් කියා ගන්නා පිරිස් ද බේරි නැති බව මගෙ නිරීක්ෂණයක්. “බොහෝ“ යන විශේෂණ පදය මේ හැම කණ්ඩයමක් වෙන්වෙන්ම භාවිත කර ඇත.