අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මාධ්‍යකරුවෙක්

මෙම ජනමාධ්‍යකරුවාත්, මෙම ත්‍රස්තවාදියාත් අතර වෙනස කුමක් ද?
ලංකාවේ පොලිසිය යනු අපරාධ විමර්ශනයේදී අතිශය අකාර්යක්ෂම ආයතනයකි. නීතිපති දෙපාර්තමේන්තුව වැනි වෙනත් ආයතන ද එවැනි ය. අධිකරණයේ කාර්යක්ෂමතාව ද බරපතල ප්‍රශ්නයකි. 

මේ අතර පසුගිය කාලයේ මේ රටේ ජනප්‍රිය අපරාධ මර්දන මෙහෙයුම වූයේ අපරාධ සැකකරුවන් විවිධ ආකාරයෙන් නීතියට පිටින් ඝාතනය කිරීමයි. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරා දැමීම මෙන් ම සිරගෙවල්වලදී මරා දැමීම ද සුලබ සිදුවීම් විය. 

වැලිකඩ සිරගෙදරදී 1983 ජුලි කලබල අතරතුර දෙමළ දේශපාලන සිරකරුවන් 53දෙනෙකු ඝාතනය කිරීම, බංඩාරවෙල බිඳුණුවැවදී පුනරුත්ථාපනය වෙමින් සිටි දෙමළ තරුණයන් පිරිසක් මරා දැමීම වැනි සිද්ධි මාලාවක තවත් එක් සිද්ධියක් වන්නේ 2012දී සිදු වූ වැලිකඩ ඝාතනයයි. 

ශිෂ්ට සමාජවල නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනවා මිස රජය නීතියට පිටින් මිනිසුන් මරා දමන්නේ නැත. වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු ය. දණ්ඩනයෙන් බලාපොරොත්තු වන්නේ විශෝධනයයි. වැරදිකරුවන් නිවැරදි මිනිසුන් බවට පත් කිරීමයි. 

මෙවැනි සිද්ධි නැවත සිදු නො විය යුතු ය. ඒ සඳහා සිදු වූ සිද්ධි පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු ය. රාජ්‍ය බලය අයුතු ලෙස මෙහෙයවමින් වැරදි කරන්නට මිනිසුන් නො පෙළඹෙන තත්වයක් නිර්මානය කළ යුතු ය. රාජ්‍ය බලය වුව වැරදි කිරීම සඳහා භාවිතා කිරීම නො ඉවසිය යුතු ය. 

වැලිකඩ කැරැල්ල ‍හා එය මුවාවෙන් කරන ලද ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. ඒ සම්බන්ධ සාක්ෂි දෙන්නට ඉදිරිපත් වී ඇති අයට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. සාක්ෂිකරුවන්ට අතීතයේ තිබුණු චෝදනා මෙම කාරණයේදී අදාළ නැත. 

මෙහෙම හිතන්න. ඔබේ දරුවකු, බිරිඳ, සැමියා, මව්පියන් හෝ වෙනත් නෑයකු මරා දමා ඇතැයි සිතන්න. ස්ත්‍රී දූෂකයකු ලෙස චෝදනා ලැබ සිටින අයෙක් එය දුටුවේ ය. දැන් එම පුද්ගලයා මිනීමැරුම ගැන සාක්ෂි දෙන්නට ඉදිරිපත් වූ විට ඔබට වැදගත් වන්නේ එම සාක්ෂිය ද, එහෙම නැතිනම් එම පුද්ගලයාට ඇති අතීත චෝදනාව ද?

ජනමාධ්‍යකරුවන් ලෙස අප ලියන දේ බුද්ධිමත්ව ලිවිය යුතු ය. අපට අපගේ පෑනෙන් මිනී මරන්නට පුළුවන. මේ තිබෙන්නේ එහෙම ලියවිල්ලකි. ලියා ඇත්තේ දිවයින පුවත්පතේ සමන් ගමගේ නම් මාධ්‍යකරුවෙකි. 

මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ "අපිත් හිරේ හිටියා" යැයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය. අප එසේ කියන්නේද නිකන්ම නොව. එදා මෙන්ම අදටත් මුන් රටට බරක්‌ වී නටමින් සිටින නිසාය. (සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න

සමන් ගමගේ කියන්නේ රජය මෙම සාක්කිකරුවා මරා දැමිය යුතු බවයි. මෙය කෙතරම් මෘග ප්‍රකාශයක් ද යන්න විමසා බලන්න. ජනමාධ්‍යකරුවන් යනු අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මිනිසුන් වීම කෙතරම් බරපතල තත්වයක් ද? 

ප්‍රධාන ජනමාධ්‍යවල පළ වෙන මෙවැනි වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන නීතිමය වශයෙන් පියවර ගත යුතු ය.

නැතිනම්, රජයට එවැනි නීති විරෝධී ක්‍රියා කරන්නැයි උපදෙස් නො දී මේ මාධ්‍යකරුවා ම ඔහු කියන මෙම කාර්යය කළ යුතු ය. 

සමන් ගමගේ, ඔබ එයට සූදානම් ද? 

මීට කලින් අවස්ථාවක සමන් ගමගේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් මෙසේ පවසා තිබේ. (ලිපිය මෙතැන ඇත)  

පැහැදිලිවම කිවහොත් කරන්නට තිබෙන්නේ එවුන්ට වෙඩි තබා සැබෑ නරින්ට අනුභව කරන්නට කැලේට වීසි කිරීමය. නමුත් එසේ කරන්නට යෑයි කීමට අපට නොහැකිය. මන්ද එලෙස රට පාවා දෙන්නට කටයුතු කරන්නවුන්ට මෙන් ගෝත්‍රික මානසිකත්වයක්‌ අපට නොමැති නිසාය. (සමන් ගමගේ) 
 

ඔහු එසේ කීවේ 2014 අගෝස්තුවේ ය. මේ වන විට නම් ඔහුට ඒ ගෝත්‍රික මානසිකත්වය ඇති වී තිබෙන බව පෙනේ. මේ පුද්ගලයා මේ වන විට අතිශය භයානක මානසික තත්වයකට ගොදුරු වී ඇති බව පෙනේ. 

මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර දරමින් ජනමාධ්‍යකරණය ගැන ගැඹුරු අදහස් නිරතුරුව සන්නිවේදනය කරන කරුණාරත්න පරණවිතාන මේ වෛරී සන්නිවේදනය ගැන කුමක් කියන්නේ ද යන්න දැන ගැනීමට කැමැත්තෙමි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි :P

      Delete
    2. කාටද ? පැරාට නේද ?
      ඕක තමයි අපි හැමදාම කියනේ පැරාට පොස්ට් කෑලි දානවට ඩොලර් කුට්ටි ලැබෙනවා කියල
      පැ.සු.ජා.ස

      Delete
    3. https://www.facebook.com/saman.divaina?fref=ts

      Delete
  2. //මේ පුද්ගලයා මේ වන විට අතිශය භයානක මානසික තත්වයකට ගොදුරු වී ඇති බව පෙනේ. //

    මේ පුද්ගලයාට මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධ පුවත් පතක පල කිරීමට හැකියාව තිබෙන්නේ රටේ සැලකිය යුතු ප්‍රතිශතයක් ඒ හා සමාන ගෝත්‍රික අදහස් දරන නිසයි.

    ReplyDelete
    Replies
    1. එහෙම තර්ක කරන එක වැරදියි. ප්‍රසිද්ධ පුවත්පතක යම් මතවාදයක් පළ කරනකොට ඒ වගේම තවත් මතවාද ගණනාවක් පළ වෙනවා. අනිත් එක මහජනතාව වැඩි දෙනෙක් “දිවයින“ කියන පත්තරේ කියවන්නෙ (හෝ මිලට ගන්නේ) මෙවැනි “විශේෂාංග ලිපි“ කියවන්නම නෙවෙයි.
      කොහොම වුනත් මේ වන විට “දිවයින“ කියන්නෙ හොඳ මට්ටමේ සේල් එකක තියන පත්තරේකුත් නෙමෙයි මට පේන හැටියටනම්.

      Delete
  3. MR balanna yana senaga genai- katharagama yana minissu narabanna thawath thenak hadaagena.

    ReplyDelete
  4. නෙත් FM කාරයොත් ඔයවගේ.. උන්ම පැමිණිලි කරලා උන්ම නඩු අහල උන්ම දඬුවම් දෙනවා..

    ReplyDelete
  5. පසුගිය අවුරුදු ගණනවක් තිස්සේ මං දිවයින අන්තර්ජාලයෙන් කියවතත්, කතුවැකිය කියවා ඇත්තේ එක් දිනක් පමණි. හරියටම එදා ඒ කතුවැකියේ කියා තිබුණේ ද මෙවැනිම දෙයකි.

    http://www.divaina.com/2013/06/17/editor.html

    Divaina editor is inciting violence.

    1. නවගත්තේගම පාසලේ සිද්ධිය සිදුවන අවස්‌ථාවේදී ඊට එරෙහිව ගුරු මණ්‌ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඩෙක්‌ස්‌ කකුල් සහ පුටු කකුල් අතට නොගැනීම ගැන අපි මහත් සේ දුක්‌ වෙමු.

    2. මෙය කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්තිරියාට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යෑවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති.

    3. මෙය විශ්වවිද්‍යාලයක සිදු වී නම් පළාත් සභා මන්ත්‍රී ඇඳ සිටි ඇඳුම පමණක්‌ ගෙදර යෑවෙනවා ඇත. සිරුර පොලිස්‌ මෝචරියෙන් භාරගත හැකිය.

    4. මන්දá මේ උන්මත්තකයන් කවදා හෝ දවසක පාර්ලිමේන්තුවට ගියොත් විය හැකි අනර්ථය ඉමහත්ය. එදාට ඒ තත්ත්වයට මුහුණ දීමට ගෝඨාභය රාජපක්‍ෂලා දුසිමක්‌වත් අවශ්‍ය වනවා ඇත. අවාසනාවකට මෙන් අපට සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂලා එක්‌කෙනකු පමණි. ජාතියක්‌ විසින් වරකට බිහි කරනු ලබන්නේ ද එබඳු පුද්ගලයන් එක්‌ අයකු පමණි.
    (This last point is a call for mass-murder)

    ReplyDelete
    Replies
    1. ඔය කතා ටික ඔහොමම දෙමෙලෙක් කිව්වනම් හරිම ෂෝයි නේද සිඩ්නි සළුවඩන අයිය?

      Delete
    2. සිඩ්නි සළුවඩන ගේ දරුවෙක් LTTE බෝම්බයකට හසු නොවීම ගැන අප හට කාලකන්නි කනගාටුවක් ඇත

      Delete
    3. ලංකාවෙ සමාජය පාදඩකරණය වීම සඳහා දිවයින සෑහෙන කාර්යභාරයක් කරන බව එතනිනුත් පේනව නේද?

      Delete
    4. සහතික ඇත්ත රසික. මේ තිරිසන් ද්‍රවිඩ සමුල ඝාතනයට මුලික වුන සැමට ජාත්‍යන්තර අධිකරණයකින් දැඩි දඬුවම් දෙන්න ඕන. චන්ද්‍රිකා සහ පොන්සේකා විසින් ප්‍රසිද්දියේ පවසා ඇති පරිදි රාජපක්ෂ සහෝදරයන් සීත කාමර වල හසරක් නොදැන කල් ගෙවන අතර , යුද්ධයෙන් 75% ඉවර චන්ද්‍රිකා විසින් අවසන් කර දමන ලද අතර පොන්සේකාගේ මුලිකත්වයෙන් , අධීක්ෂණයෙන් සහ සම්පුර්ණ සහභාගිත්වයෙන් ඉතිරි 25% අවසන් කරන ලදී.

      එම නිසා බාලචන්ද්‍රන් ඝාතනය ඇතුළු මේ තිරිසන් යුධ අපරාධ මොවුන් දෙදෙනාගේ අනුදැනුම සහ මුලිකත්වය යටතේ සිදුවී ඇති බව රහසක් නොවේ. මේ තිරිසන් අපරාධ කරුවන් අධිකරණය වෙත ගෙනගොස් අහිංසක ද්‍රවිඩ ජනතාවට සාධාරණය ඉෂ්ට කර දීමට අපි සැම පෙරමුණ ගෙන අරගල කල යුතුව ඇත.

      Delete
    5. මා යුද්ධයට පක්ෂව දිවයින ආශ්වාදයෙන් කියවූ කාලයෙත් තේරුම්ගත් දෙයක් තමයි දිවයින සමාජ පාදඩකරණයට කරන මෙහෙය. සංවාදය කියන එක දිවයින දන්නෙම නෑ.
      ඉතාම අන්තවාදීව යම් මතයක් ඒකපාර්ශ්විකව ඉදිරිපත් කරන දිවයින සමාන කළ හැක්කේ සිරසටයි.
      එල්ලුම් ගහ ගැන එක දවසක ඉතාම අශික්ෂිත ලොකු කුඩා ලිපි 11 ක් පල කර තිබුනා. මේ වගෙ වැඩ කරන්නෙ කැළෑපත්තරවල .
      යුද්ධය ගැනත් ඉතාම ඒකපාක්ෂික අන්තවාදී ලිපි තමයි පළ වුනේ. ඒක ඒ කාලෙ සමාජ අවශ්‍යතාවය කියමුකෝ.
      ප්‍රශ්නෙ තියෙන්නෙ දිවයින සමාජය ප්‍රචන්ඩත්වයට යොමු කිරීම. දිවයින සුදුසු මැදපෙරදිගට. මේ නිසා මම කියන්නෙ අල් දිවයින කියල.

      Delete
  6. අපි ලියන දේවල ප්‍රතිඵලයක් තියෙනවා ලොක්කා...

    දිගටම ලියන්න.. දැන් රනිල්ලට, සිරිසේනලාට තේරිලා තියෙන්නේ, මදාවිත් එක්ක මහත්මා කම් බෑ කියලා..

    ReplyDelete
    Replies
    1. මොන මහත්මා කම් ගැනද උඹ කියන්නේ? රනිල් ලැටිමර් ප්‍රතිපත්ති ගැන කියකිය තගරියෙන් අගනිනිසුරු අයින්කලේ; ආණ්ඩුව විසුරුවනවා කියල තග දමල ජෝන් අමරතුංගගේ විස්වසභාන්ගේ යට ගැහැවීවේ

      Delete
    2. මදාවි එක්ක ගණුදෙණු කරන්න ඕන ඒ විදියට තමයි..

      Delete
    3. අනේද කියන්නේ රනිල්ගේ මහත්මා කම!

      Delete
  7. තු: විතරක් මෙහෙමත් මාධ්‍යකාරයො!

    ReplyDelete
    Replies
    1. චන්ද ලක්ෂ 58 ගත් මහිදව දේශපාලනිකව ඝාතනය කරන්න කියල ලියන පැරාටත් තුක් නොදකින්
      ඌට හුරේ දමන උඹවගේ අවස්ථාවාදී හිගන්නන්ටත් තුක් නොදකින්

      Delete
  8. “මාධ්‍ය කරුවෝ“ වෙනුවට //මාධ්‍ය වෙදීන් // අපේ රටටත් අවශ්‍ය කර තිබේ.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට මාධ්‍යකරුවන් කියල ලියන්න ඕනැ තැන් වලත් මාධ්‍ය වේදීන් කියල ලියවෙනවනෙ.

      Delete
  9. මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනූ...

    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනූ...

    සංග්‍රාමයට නවගුණ වැල ගෙන නොඑනූ...

    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිනූ...


    කඩු දුනු හී තෝමර ඈ අවි ගෙන...

    වියරු වැටී සතුරන් දිව එනකල...

    රණ බිම මැද එරමිණිය ගොතා ගෙන...

    දසසිල් වී නවගුණ වැල ගනිමුද...


    කවුරුන් හෝ මගෙ රට බිලි දේ නම්

    නොපනත් කම් ගිනිලා අවුලානම්...

    කුමටද ‍උන් හා සීල සමාදම්...

    සටනින් තොර මුණිවත අවදානම්...

    ReplyDelete
    Replies
    1. සැප්තැම්බර් පහුවෙනකන්වත් මේ වගේ සිංදු නොදා ඉන්නවද කරුණාකරල.

      Delete
  10. වර්තමානයේදී මාධ්‍යකරුවන් ලෙසත් ඇතැම් විට මාධ්‍ය වේදීන් ලෙසත් හඳුන්වනු ලබන බොහෝ අයත් හන්දියෙ කඩේ රොයිටර් සීයලාත් අතර එතරම් වෙනසක් නැත. විද්‍යා වේදීන්, ආර්ථික වේදීන්, නීති වේදීන්, වෛද්‍ය වේදීන් වීමට වඩා ඉතා පහසුවෙන් මාධ්‍ය වේදීන් බවට පත් වීමට හැකිය. ඒ ඒ කාලයට අදාළව නැගල යන පට්ට සීන් එකක් ලිවීම පමණක්ම සෑහේ.
    අනිත් කාරණය දිවයින අලෙවිය අඩු වෙමින් යන නිසා රට ගිනි තියමින් හෝ සේල්ස් වැඩි කර ගැනීමට සිදු වී තිබෙනවා විය හැකිය.

    ReplyDelete
  11. බොහොමයක් දෙනා කාරණා තේරුම් ගන්නේ ඒ වෙලාවේ කතා කරන දෙයට අදාලව පමණයි. 88/89 කාලෙත් ජේවීපී එකෙන් මුලින්ම ගමේ ඉන්න හොරු, කසිප්පු කාරයෝ මරපුවහම මිනිස්සු සතුටු වුණා. විධායක ජනාධිපති පදවියට තරඟකිරීම සීමා රහිත කරනකොට මහින්ද නිසා මිනිස්සු සතුටු වුණා.

    //ප්‍රධාන ජනමාධ්‍යවල පළ වෙන මෙවැනි වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන නීතිමය වශයෙන් පියවර ගත යුතු ය.//
    මේ අදහසත් අදාල වෙන්නේ ඔය කලින් ගොඩටමයි. වෛරී ප්‍රකාශන වලක්වන්න කියලා නීතියක් ගෙනාවහම කවදා හරි තමන්ටම ඒක පාරාවලල්ලක් වෙයි කියලා පැරාට දැන් හිතෙන්නේ නෑ.

    ReplyDelete
  12. http://bitternight.blogspot.com/2015/02/blog-post_22.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා