යක්ෂාගමනයට පෙර වීරවංශ-වාසු-උදය-දිනේෂ් හවුල කුපිත කළ ප්‍රශ්න දහය

කල්‍යා, රිචඩ්, විමල්
ප්‍රකට සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයකු හා මාධ්‍යකරුවකු වන කල්‍යානන්ද පෙරේරා ඇතුළු ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩපයේ පිරිසක් අද උදේ 'යක්ෂාවගමනයට පෙර: වාසුදේවට සහ වීරවංශට ප්‍රශ්ණ දහයක්' යන මාතෘකාව සහිත පත්‍රිකාවක් නුගේගොඩ නගරයේ බෙදමින් සිටියදී කිසියම් මැරවර පිරිසක් ඔවුන්ට පහර දී පත්‍රිකා පැහැරගෙන තිබේ.

මෙම ක්‍රියාව අද දින නුගේගොඩ රැස්වීම සංවිධානය කරන වාසු, වීරවංශ, දිනේෂ්, උදය හවුලට පක්ෂපාත පිරිසක‍ගේ වැඩක් යයි අනුමාන කෙරේ. ඔවුන් මෙවැනි ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන්නේ රාජ්‍ය බලය නොමැති සංදර්භයක් තුළ වීම කාගේත් අවධානයට ලක් විය යුතු කරුණකි.  මොවුන්ට නැවත රාජ්‍ය බලය ලැබුණහොත් ඔවුන් කුමන අන්දමක භීෂණයක් නිර්මානය කරනු ඇද්දැයි සිතා ගත හැකි ය.


‍අලුත් ආකාරයක ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ නො දිය යුතු බව අපි අවධ‍ාරණය කරමු.

මෙම පහර දීම සිදු කළ පිරිසට කුපිත වන්නට හේතු වූ ප්‍රශ්න දහය මෙසේ ය:

1. රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරය ද සඳහා රටපුරාම ජනයා ආණ්ඩුවේ බස් රථවලින් ගෙන ගිය බව රටම දන්නා කරුණකි. ඒ දිනවල කියා සිටියේ එම බස් රථ ලබා ගත්තේ මුදල් ගෙවීමෙන් පසු බවය. නමුත් දැන් හෙළිදරව් වී ඇත්තේ එම ප්‍රකාශය මහා බොරුවක් බවත් එම බස් ගාස්තු වශයෙන් රුපියල් මිලියන 140ක් තවමත් ගෙවීමට තිබෙන බවත් ය. ලංගමය යනු මහා ජනයාගේ වස්තුවකි. මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට යෝජනා කිරීමට පෙර වාසුදේව හෝ වීරවංශ මෙම මුදල පොලිය සමඟ ගෙවන්නේ ද?

2. රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට අතෝරක් නැතිව රාජ්‍ය පාලිත මාධ්‍යයන්හි වෙළද දැන්වීම් පල කළ බව රටම දනී, කවර පාර්ශවයක් වුවත් මාධ්‍යයෙහි දැන්වීම් පළ කරන්නේ නම් ඊට පෙර මුදල් ගෙවිය යුතු ය. රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරයට එම නීතිය බල නොපෑ අතර තවමත් එම දැන්වීම් සඳහා ගෙවීමට ජතික වස්තුවක් වන රූපවාහිනී සංස්ථාවට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 500 කි. මෙම මුදල ගෙවන්නේ විරවංශ ද? වාසුදේව ද?

3. රාජපක්ෂ මහතා ලහි ලහියේ අරලිය ගහ මන්දිරයෙන් පසුබැස යාමෙන් පසු එහි තිබී අඩුමිල නෝට්ටු ලෙස රුපියල් කෝටි 1500ක් සොයා ගන්නා ලදී. මේ මුදල කාගේ ද? කෙළෙස එක් කරන ලද්දේ ද? එපමණ මුදලක් අරලිය ගහ මන්දිරයේ තබා ගත්තේ මන්ද? මේ ප්‍රශ්නය මුදල් වලට ආසා වීරවංශයට ය.

4. පරාජයෙන් පසු ජනෙල් කූරු අතරින් කතා කරමින් රාජපක්ෂ කීවේ තමා ඊලමේ ජන්ද වලින් පරාජය වූ බවය. තමා තවමත් සිංහලයින්ගේ ජනාධිපතිබවත් ඔහු කීවේ ය. එය වර්ගවාදී කතාවක් ද නැත් ද? 2005 ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂවරු උතුරු නැගෙනහිර දෙමළ ජනයා ඡන්දය දීමෙන් වැළැක්වීමට රුපියල් මිලියන මිලියන 200ක් ගෙවූ බවට දිව්රුම් පෙත්සමකින් කියා සිටියේ අද රාජපක්ෂ මහතාගේ සගයකුව සිටින ටිරන් අලස් ය. මේ කරුණු දෙක වාසුදේවට යොමු කැරේ.

5. ගොඨාභය රාජපක්ෂ යටතේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රහසිගතව පවත්වා ගෙන ගිය රක්නා ලංකා ආයුධ ගබඩාවෙන් මැෂින් තුවක්කු 3000 – 5000 අතර ප්‍රමාණයකට වූ දෙයක් නැති බව වාර්තා වී තිබේ. මෙම ආයුධ දැන් තිබෙන්නේ කොහි ද? එම ආයුධ යළි සොයා දීමට වීරවංශ සහ වාසුදේව ගන්නා පියවර මොනවා ද? මෙම ආයුධ අතුරුදහන්වීමට රාජපක්ෂවරු වගකිව යුතු නැත් ද?


6. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කනිෂ්ඨ නායකයකු වන නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා මුදල් නොගෙවා ගුවන් හමුදා යානා වලින් ගුවන් ගමන් වාර 25ක් ලබා දුන්නේ කෙසේ ද? එම ගුවන් ගමන් සඳහා ගෙවා නැති ගාස්තුව වන රුපියල් ලක්ෂ 158ට ගෙවන්නේ වීරවංශ ද? වාසුදේව ද? පසුගිය දෙසැ. 12 දා ශිරන්ති රාජපක්ෂ රත්මලානේ සිට මහරගමට කිලෝ මීටර 10ක් යෑමටත් ගුවන් යානයක් යොදා ගන ඇති අතර එහි බිල පමණක් පන් ලක්ෂ විසි දහසකි. එම බිල ද වැටෙන්නේ ආණ්ඩුවේ ගිණුමට ය. වීරවංශගේ එවැනි ගුවන් ගමන් ද ඇතුලුව ලංකාණ්ඩුව ගුවන් හමුදාවට ලක්ෂ 350ක් තවම ගෙවිය යුතුව තිබේ. මේ බිල් ගෙවන්නේ වාසුදේවගේ අප්පලාගේ බූදලයෙන් ද?

7. සේවයේ යෙදී සිටියදී දේශපාලනය කළ බවට චෝදනා කොට යුද සමයේ යුද හමුදාපති වූ ජෙනරල් ෆොන්සේකා සිර ගත කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුවය. වීරවංශ සහ වාසුදේව ඊට අත් ඉස්සුවේ උජාරුවෙනි. දැන් එක් දිනක් හෝ යුද බිමෙහි නොසිටි නාවික හමුදාවෙහි සිටි කාලය තුළ සුර සැප විදිමින් රගර් ගැසූ යෝශිත රාජපක්ෂ හමුදා සේවයේ සිටින කාලය අතරතුර දේශපාලනය සහ ලාභ උපයන ව්‍යාපාරයක යෙදීම සම්බන්ධයෙන් සිරගත නොකළ යුතු ද? ඔහු දැන් විදේශ ගත වී ඇත්තේ නාවික හමුදා පරීක්ෂණයක් පැවැත්වේ දී නොවේ ද? යෝශිත සිරගත කිරීමට වීරවංශ – වාසුදේව එකඟ ද?

8. ජනාධිපති රාජපක්ෂ බිරිද ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානය වූ සිරිලිය ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවේ සුදු වැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිනුම (අංක 143100146235069) සඳහා ශිරන්ති රාජපක්ෂ නමට 222222222V නම් ව්‍යාජ හැදුනුම්පත් අංකයක් භාවිතා කරන ලද්දේ කෙසේ ද? එවැනි ව්‍යාජ හැදුනුම් පතක් ඇය සතුව තිබුනේ ද? එවැනි හොර ගිණුමක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂට දිය යුතු දඩුවම කුමක්දැයි වාසුදේවට කිව හැකි ද? මෙම හොර හැදුනුම් පත් සකස් කරන ලද්දේ කෙලෙසකදැයි ඒ පිලිබඳ විශේෂඥවරයකු වන වීරවංශට පැහැදිළි කළ හැකි ද?

9. සිගරට් අසුරනයන්හි සිගරට්වලින් වන විනාශය දක්වන වෙළද දැන්වීම් සියයට 80 කළ යුතු බවට ඇතිවූ සාකච්ඡා සඳහා එවකට ජනාධිපතිව සිටි රාජපක්ෂ දුම්කොළ සමාගම් ද කැඳවූ බවත් දකුණු ආසියාවේ අන් රටවල නැති තරම් සියයට 80කම එවැනි දැන්වීම් අවශ්‍ය මන්දැයි සමාගම්කරුවන් ඉදිරියේම තමාගෙන් ඇසූ බවත් ජනාධිපති සිරිසේන පවසයි. මෙය ඇත්තක් නම් එය මරණයේ වෙළෙන්දන් වන දුම්කොළ සමාගම්වලට කඩේ යෑමක් නොවේ ද? මෙම ප්‍රකාශය බොරුවක් නම් සිය නායකයා බේරා ගැනීමට නීති‍‍‍‍‍‍‍‍ඥ වාසුදේව උසාවි යන්නේ කවදා ද?

10.රාජපක්ෂ ආණ්ඩුවේ බලවතා වූ ගෝඨාභය රාජපක්ෂගේ ගජයකු වූ දුමින්ද සිල්වා සිය ධනය ඉපයූයේ මහා පරිමාණ කුඩු ජාවාරමෙන් බවට දැන් සාක්ෂි හෙළිවෙමින් තිබේ. මෙම චෝදනා අධිකරණය ඉදිරියෙහි සනාථ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ද මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ගේ ගජයකු බවත් දුමින්ද වැනි මැරයින්ට රැකවරණය ලබා දුන්නේ ගෝඨාභය බවත් පිළිගෙන බැසිල් රාජපක්ෂ පවුලෙන් පැන්නූ පරිදි මොහුද මුහුදෙන් එතෙරට පන්නා යවනවා ද?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැන් නීතියට අයුතු බලපෑම් නෑනේ, අලුත් ආණ්ඩුවක්, ඉතිං මෙයාල මේ කොළ බෙදා බෙදා ඉන්නේ නැතිව නඩු දැම්මනම් ඉවරයිනේ

    -ප.ගො.

    ReplyDelete
    Replies
    1. පත්‍රිකා බෙදීම කියන්නේ ප්‍රචාරක කටයුත්තක්.

      නීතියේ මූලික දේ හෝ ඉගෙන ගන්න. ලංකාවේ පවතින නීතිය අනුව අපරාධ සම්බන්ධයෙන් නඩු පවරන්නේ රජය මිස ජනතාව නෙමෙයි. නීතිපති, පොලිසිය වැනි ආයතන තමයි ඒ දේ කරන්නේ.

      ජනතාව විධියට උද්ඝෝෂණ කරන්නට සිදු වී තිබෙන්නේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක නො වන නිසායි.

      Delete
    2. නීතිය ඉගෙන ගෙන නෑ, නමුත් මෙතන මුල්‍ය වංචා තියනවා නේද? ඇයි යමෙක්ට හො ආයතනයක නඩු පවරන්න බැරි?

      අනික පොලිසියට පැමිණිල්ලක් දැම්මොත් පොලිසිය නෙවේද මෙවැනි නඩු ගෙනියන්න ඕනේ.


      ///ජනතාව විධියට උද්ඝෝෂණ කරන්නට සිදු වී තිබෙන්නේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක නො වන නිසායි///

      එතකොට මේ ආණ්ඩුවත් නීතියට ඇගිළි ගහනවද? එහෙනම් ඉතින් වෙනසක් නෑනේ.

      -ප.ගො.

      Delete
    3. ජනතාව පැමිණිලි කර තිබෙනවා නේ ද?

      ඒවා විමර්ශනය කරන්න අවශ්‍ය බලපෑම අපි පවත්වාගෙන යා යුතුයි.

      Delete
    4. මෙතන වැඩිය සීරියස් ගන්න දෙයක් නෑ, NGO වල පුකේ වම්මුන්ට නුගේගොඩ රැස්වීම හිතුවට වඩා දේශපාලනිකව සීරියස් කියල ක්ලික් වෙන්න ටිකක් වෙලා ගිහින්. මාසේ අන්තිමට සල්ලි දෙන NGO එකට යවන ප්‍රෝග්‍රස් රිපෝර්ට් එකේ මොකක් හරි මගුලක් ලියන්න එපැයි. දැන් හරි, පොලිස් පැමිණිල්ල තියෙනවා, වෙබ් කීපයක ගිය නිව්ස් කෑල්ලක් තියනව, පැරාගේ බ්ලොග් එක තියනවා. තව මොනවාද මේ මාසෙට ගොඩ.

      Delete
    5. අජිත් ඔබගේ උත්තර අපහු මුලට යමක් පමණයි, ජනතාව පැමිණිලි කර තිබෙනවා යයි මම නොදනී. ඔබ දන්නේ නම් කියන්න. එසේ ජනතාව පැමිණිලි කර තිබෙනවා නම් සහ ඒ වා මේ ආණ්ඩුවෙනුත් හොයන්නේ නැත්නම් කිසි වෙනසක් වෙලා නැනේ.

      අනික මට හරියට ගණන් බෑ, එත නිකමට හිතන්න "අඩුමිල නෝට්ටු ලෙස රුපියල් කෝටි 1500ක් ", මෙහි අඩු මිල නොට්ටු කියන්නේ 1000 කොළ කියල ගමු, 1000 කොළ 100 ක් 1cm ගණකම කියල හිතුවත්, සල්ලි කොළ ටික එක උඩ තිබ්බොත් 1.5km වෙනවා, ඒ කියන්නේ අඩුම ගැනේ කන්ටේනර් පෙට්ටි බගේකවත් සල්ලි කොළ තියෙන්නේ ඕනේ. මම නම් දැක්කේ න tv එකේ එහෙම එකක් පෙන්නනවා වත්. දැන් මේ සල්ලි වලට මොකද වෙලා තියෙන්නේ දන්නේ නෑ නේද? රන්ජන් ගොය්යගෙන් වත් අහන්න ඕනේ.


      තරහ වෙලා කවුරුවත් සරම උස්සගෙන එන්න එපා.

      -ප.ගො.

      Delete
    6. කල්‍යා පැරා ගේ පරණ බෝතල් බොක්කක්, කල්‍යාට පොඩ්ඩක් කඩේ ගියා කියලා යකෝ ඔහොම සරම ගලවන්න එපා. යහ පාලනේ හින්ද මේ දවස් වල ජොකා අදින්නෙත් නෑ, මාද්‍ය නිදහසනේ, ෆුල් ෆ්‍රී එකේ ඉන්නේ. කුට්ටම පෙනෙයි බන් !!

      Delete
  2. නඩු දාලා ඔවා අහන්ඩ පටන් ගන්න ටිකට මුන් තව මීටින් හත අටක් තියලා ඇති එකඉ ඔහොම කොල බෙදුවෙ කොල බෙදන්න බෑ කියලා නීතියක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. නෑ , කොළ බෙදන එක නෙවේ ප්‍රශ්නේ, අපි හැමදාම දැක්කේ තට්ටු මාරු චොදනා විතරයි. එක කට්ටියක් අනිත් කට්ටියට චොදනා, එච්චරයි.


      -ප.ගො.

      Delete
  3. අනේ කල්‍යා පොඩි කාලේ ගත්තු ෆොටෝ එකක් දාගෙන හිටියට දැන් වයසයි නේද? ඇයි මේ චුටි කාලේ කරපු ගොන් පාර්ට් දැන් දාන්නේ ? කලකට කලින් (චුටි කාලේ) ඔහොම ජවිපෙට විරුද්දව කොළ කෑලි ජවිපෙ රැස්වීම ලග බෙදන්න ගිහින් පොඩි වලියක් දාගෙන ලොකු පබ්ලිසිටියක් ගත්තට දැන් ඔය ජෝක් වැඩිය වැලිඩ් නෑ නේද ?? ඔයාගේ මොඩ චුන් දැක්කම අපිට පුකෙනුත් හිනා යනවා. එක නෙමෙයි කලබලේ අච්චු ගහ ගන්න වෙන මුකුත් හොයාගන්න බැරි උනාද ? නැත්නම් ඕක ප්‍රින්ට් කරන්න බාර ගත්තේ රාවයේ පුකේ වමෙක්ද? එහෙනම් ඉතිං බඩුම තමයි .

    අර ගණිකා නිවාසේ වැඩේ ගොඩින් බේරා ගත්තද ? නැත්නම් තාමත් නඩුද ??

    ජවිපෙ මිටින් වගේ නෙවෙයි මහින්දගේ මිටින් වලට එන කොල්ලන්ට ඔයාගේ පදිරි වැඩ වැඩිය දිරවන එකක් නෑ . වයසේ හැටියට වැඩ කරන්න.
    ජය !!

    ReplyDelete
  4. ''සිගරට් අසුරනයන්හි සිගරට්වලින් වන විනාශය දක්වන වෙළද දැන්වීම් සියයට 80 කළ යුතු බවට ඇතිවූ සාකච්ඡා සඳහා එවකට ජනාධිපතිව සිටි රාජපක්ෂ දුම්කොළ සමාගම් ද කැඳවූ බවත් දකුණු ආසියාවේ අන් රටවල නැති තරම් සියයට 80කම එවැනි දැන්වීම් අවශ්‍ය මන්දැයි සමාගම්කරුවන් ඉදිරියේම තමාගෙන් ඇසූ බවත් ජනාධිපති සිරිසේන පවසයි. මෙය ඇත්තක් නම් එය මරණයේ වෙළෙන්දන් වන දුම්කොළ සමාගම්වලට කඩේ යෑමක් නොවේ ද? මෙම ප්‍රකාශය බොරුවක් නම් සිය නායකයා බේරා ගැනීමට නීති‍‍‍‍‍‍‍‍ඥ වාසුදේව උසාවි යන්නේ කවදා ද?'' :D!!!

    ඈ බන් කල්‍යයෝ උඹ මේක බෙදන්න ගියේ මේකේ තියෙන ඒවා කියවන්නේ නැතුවද ?

    ReplyDelete
  5. ජනාධිපතිවරනය අවසන් වූ විගස ජනරාල් සරත් ෆොන්සේකා මෙන් මහින්දවත් හිර කලානං ද හොඳ නැත්තං ද හොඳ? මේ ප්‍රශ්නය දිනේෂ් ට.......

    ReplyDelete
  6. පැරාට ප්‍රශ්ණ දහයක්.

    1. ඔබ තුමා එහා ගෙදර මිනිහා නැති වෙලාවට ඒ ගෙදරට රිංගලා ඒ නෝනත් එක්ක නිදියනවා ඇසින් දුටු සාක්ෂි ඇත. බොරු නන් ඔප්පු කරන්න.

    2. ඔබ තුමා ඔබතුමාගේ නොනාවා සුද්දෙක්ට පැයකට විකුණා රු 50.000ක් ගත් බව ඔබතුමා ගේ නොනාම සාක්ෂි දෙයි. බොරු නන් නෝනා ලවා හෝ ඔප්පු අරන්න.

    3. ඔබ තුමා තමන්ගේම බ්ලොග් එකට වෙනත් නම් වලින් පැමිණ මෝඩ කමෙන්ට් දා හීනමානය ප්‍රදර්ෂණය කරන බව ඔප්පු වී ඇත.
    බොරු නන් හේතු දක්වන්න.

    4. ඔබ එන්ජී ඕ සමාගන් වලට පස්ස ලබා දීමෙන් මහා ලොකු පොහසතෙක් බවටත් තවමත් දවසකට පෝස්ට් බර ගණනක් ලිවීම ජීවිකාව කරගත්තෙක් බවත් වගකීමෙන් කියමි. පිළිතුරු දෙන්න.

    ප්‍රශ්න 4යි බං තියෙන්නෙ දීපන් උත්තර..... ඕවා ඇත්ත.

    ReplyDelete
  7. Mithraya,Mamath nithara prata erehi Comment karanawa,MAMA AHANNE Pathrikawak beduwa minissun kawruunath, Gahanna Ayithiyak nene.Ehemanam Wimalaya karana kiyana ewata Dawasaganema Maranna epaya.(Paththagodaya-Dhargatown)

    ReplyDelete
  8. ඉතින් ගෙදර පලයන් පුස් රජුනි බොරු

    බොදුකම පිරිවරා මැර කෙළි නටන්නා
    රජකම මවමවා රට කෑ යකින්නා
    නකැදුරු ගුලිකකා මතුරා යදින්නා
    පැරදුම පෙනි පෙනී අද තරු පනින්නා

    යුධ බිය විකුණ විකුණා මැඩුවත් ගොයියා
    බලයම පුම්බ පුම්බා කාටත් අයියා
    බිම සිප ගුගුර ගුගුරා ගැසුවත් කයියා
    මැදමුලනට පැන්නා ආයෙත් බයියා

    රජකම් කරුමෙ ජනයා නිම කරනවා
    කප්පම් ගැසුමෙ නීතිය ලූහු බඳිනවා
    අරලිය මැදුරෙ වස්තුව ලොභ හිතෙනවා
    නිරුවත යටින් සාටක පොට වැනෙනවා

    පොතින් මකලා දමමින් නීතියත් ගරු
    සතුන් වාගේ නපුරෙන් පාලනය කෙරු
    යටින් ගහපු සැලසුම් වැරදිලා හැරු
    ඉතින් ගෙදර පලයන් පුස් රජුනි බොරු

    තන්හා බලය හිස ගෙන පන්නා
    කන්නා රටම දුෂිත බව පෙන්නා
    පන්නා වූද මැතිවරණෙන් බම්මන්නා
    එන්නා හදයි යළි වෛරය පා අන්නා

    ගමේ එදින හරකුන් බැඳි ගොපල්ලා
    උනේ සැනෙක ඡන්දෙන් ජනපතිල්ලා
    හොරේ නීතිපොතෙ වැකි උගුල්ලා
    දොරේ හදයි වැජඹෙනු රටම හොල්ලා

    බොරු රඟපෑම නික්මෙන විට මැදුරින්
    නරිගති ආවා නිවසට ගිය සැනකින්
    සොරකම ලොභව බලයට එන්න යටින්
    රළු ජාතිවාදේ අවුලයි කිපී මතින්

    නලියන පැතුම යළි රජ ලෙස දඟලන්න
    මැදමුල සිටම පුස්වෙඩි ගහනවා ඔන්න
    අගමුල නොදත් හෙංචයියන් ගොන්න
    කුලියට හෙළදෙමළ කොටවනවා මෙන්න

    බිහිසුනු සුනාමියෙ මුදලම ගහපු ගරා
    ඉදිකළ අධිමගත්් සූරාකාපු පෙරා
    තොටුපළ හාර හාරා මඩි ගහපු හොරා
    යළි බලයට දත කයි දුෂිතයා මරා

    කටවුට් ගසා රට හැම තැන ඇදිල්ලා
    සයිකල් පගා ලියතුවාද බෙදිල්ලා
    නැකතක් බලා ඡුන්දය තැබු කැකිල්ලා
    නොකවුට් වෙලා මරුවිකල්ව දැවිල්ලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා