ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරව දෙදරා යාම ඇරඹේ

පසුගිය දිනවල ශ්‍රීලනිපයේ සිදු වූ වෙනස්කම් සමග යම් සුබවාදී තත්වයක් නිර්මානය වෙමින් තිබුණත්, විමල්-වාසු-දිනේෂ්-උදය චතුර්ථය විසින් සංවිධානය කරන ලද නුගේගොඩ රැළියත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ඉරිතලා ගොස් ඇති ආකාරයක් දැකිය හැකි  ය.

බලයට ඇති කෑදරකම හමුවේ හිටපු ඇමතිවරුන් වන සුසිල් ප්‍රේම ජයන්ත වැනි අය යළි මහින්ද රාජපක්ෂගේ පැත්තට හැරෙමින් තිබෙන ආකාරයක් දැකිය හැකි බවයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. 

කපන්න බැරි අත සිඹින්නා සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂයේ නායකත්වයට පත් කර ගත්තත්, ජනාධිපතිවරයාත්, අනාගත අගමැති වීමේ විභවයක් ඇති විපක්ෂ නායක නිමල් සිරිපාලත් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත හා වෛරී සහගත ලෙස කටයුතු කරන ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් ඔවුන්ට එරෙහිව සිය පැරණි රදළ හාම්පුතා වන මහින්ද රාජපක්ෂ ඉදිරියට ගන්නට කැස කවමින් සිටින බව වාර්තා වේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලනිපය අභ්‍යන්තරිකව පුපුරා යාම දැනටමත් ආරම්භ වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාලට පක්ෂ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂ ලෙස පක්ෂය තුළ කණ්ඩායම් දෙකක් ගොඩනැගෙමින් තිබේ. 

ශ්‍රීලනිපයේ නායකත්වයට මෛත්‍රීපාල සිරිසේන පත් කර ගැනීම පක්ෂයේ නායකයන් විසින් මහින්ද රාජපක්ෂට එරෙහිව කරන ලද කුහක ක්‍රියාවක් ලෙස මුලදී විශ්ලේෂණය කෙරිණි. එහෙත්, නුගේගොඩ රැළියත් සමග මහින්ද ගෙනාවොත් ඉක්මණින් ම යළි බලයට පත් වී සුපුරුදු වරප්‍රසාද භුක්ති විඳිමින්, දූෂණ වංචා යට ගසා ගනිමින් පැවැත්ම තහවුරු කර ගැනීමේ බලාපොරොත්තුවක් සහිතව දැන් ඔවුන් නැවතත් මහින්ද රාජපක්ෂ දෙසට ඇදී යමින් ඇති බව වාර්තා වේ.

මේ අතර, ජයග්‍රහණය කිරීමෙන් පසු තමන්ට හිතවත් පිරිස් සමග පක්ෂයක් හදා ගන්නට හා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන්නට සැලසුම් කරගෙන සිටි මෛත්‍රීපාල සිරිසේනට දැන් සතුරන්ගෙන් හා ඊර්ෂ්‍යාකාරයන්ගෙන් පිරි ශ්‍රීලනිපයේ නායකත්වය ගෙන එය කළමනාකරණය කර ගැනීමේ බරපතල අවුලකට මුහුණ දෙන්නට සිදු වී තිබේ.

මේ දිනවල අනුර යාපා, සුසිල් ප්‍රේම ජයන්ත වැනි අය මාධ්‍යවලට ලබා දෙන සම්මුඛ සාකච්ඡා ආදිය ගැඹුරින් අධ්‍යයනය කළ විට ඔවුන් තුළ ජනාධිපති මෛත්‍රීපාල සම්බන්ධයෙන් සැඟවී ඇති වෛරී සහගත හැඟීම් නිරීක්ෂණය කළ හැකි ය.

මහින්ද රාජපක්ෂ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ නායකත්වයට ගෙන ඒම සඳහා පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා දැන් කටයුතු සූදානම් වෙමින් ඇති බව වාර්තා වේ. ඒ සඳහා මුලින් හිටපු ජනාධිපතිවරයා ලවා සිය අභිලාෂය ප්‍රකාශයට පත් කරවා ගැනීමට හා එය නිල වශයෙන් පක්ෂයට දැන්වීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාලට හිතවත් ඇමති හා මන්ත්‍රී පිරිස මෙම තත්වය හමුවේ කැළඹීමට පත් වී සිටිති. 

මහින්ද රාජපක්ෂගේ යළි පැමිණීමත් සමග අලුත් ස්වරූපයක ත්‍රස්තවාදයක් හිස ඔසවමින් තිබේ. නුගේ‍ගොඩ රැළියට පෙර පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට කළ පහරදීම හා මේ වන විට සමාජ මාධ්‍යවල මහින්ද හිතවතුන් හැසිරෙන අාකාරය මෙම තත්වයට සාක්ෂි වේ. 

මෙම තත්වය හමුවේ මහ මැතිවරණයට පෙර ශ්‍රීලනිපයේ දැවැන්ත දෙදරා යාමක් සිදු වීමට ඉඩ තිබේ. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සැලකිය යුතු බරක් තබා ඇත්තේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම කෙරෙහි බවයි. ඒ සඳහා මහින්ද කඳවුරට පූර්ණ අනුග්‍රහය සපයන තත්වයක් නිරීක්ෂණය කළ හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරාත් විශ්‍රාම ගිය දෙශපාලකෙයෙක්. මහින්දත් විශ්‍රාම ගිය එකෙක්. පැරා මෙ රටෙ කිසිම මිනිහෙකුගෙ හදවතෙ නොරැදී විශ්‍රාම ගියා මහින්ද මෙ රටෙ 25%කවත් හදවතෙ ඉදමින් විශ්‍රාම ගියා. පැරාගෙ මානසික ව්යාධිය අපි හදුනා ගත යුත්තෙ අන්න ඒ යථාර්තය ඇතුලෙයි.

    ReplyDelete
    Replies
    1. අඩු තරමින් එක් හෝ වෙනසක් ඇත. පැරා අනුන්ගේ මුදලින් හෝ ජීවිතවලින් දේශපාලනය කර නැත.

      Delete
    2. අනුන්ගේ මුදල් අර්ථ දක්වන්න, ජවිපෙ පෝස්ටර් ගහන කාලේ, හිරු එකේ පච් ලියන කලේ, NGO වල කඩේ යන කාලේ දේශපාලනය කලේ කාගේ මුදල් වලින්ද ???

      Delete
    3. puluwan nam dipallako uththara ,

      okama thamai UNP ekatath den welaa thiyenne ranil gon petiyage weda nisaa

      Delete
    4. මගේ මුළු ජීවිත කාලයම හා දැන් ද මා දේශපාලනය කරන්නේ කම්කරුවකු (බුද්ධිමය) ලෙස උපයන මුදල් වැය කරමිනි. වෙනත් කොහෙන් හෝ මා මුදල් ලබාගෙන නැත. ජවිපෙ පෝස්ටර් ගහන කාලේ අපි ජවිපෙ වෙනුවෙන් ජීවිතය ද දී තිබිණි. හිරු කණ්ඩායමේ වැඩ කරන කාලේ මම ඒ කණඩ‍ායමට මට හැකි පමණින් මුදල් ද දුන්නා. දන්න අයගෙන් අහලා බලන්න.

      Delete
    5. බෙදුම්වාදය පොශණය කරමින් ඔහෙලා කරන්නෙ ජීවිත එක්ක දෙශපාලණයක් තමයි.

      Delete
    6. එක වෙනසක් නෙමෙ පැරා මහින්දයි ඔයයි අහසයි පොලොවයි වගෙ. ඔයා දෙශපාලනයෙ යෙදුනා කියලා රටට බරක් මිසක් එක හොදක් වෙලා නෑ. මහින්ද මෙ රටට කරපු මෙහෙය අතිවිශිශ්ටයි. ඔබ තුමා ආත්ම සීයක් දෙශපාලනය කරත් ඒ වැඩ ටික කරගන්න බෑ.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ශිෂ්ට අන්දමින් වචන හසුරුවන්නේ නැති කමෙන්ට් ඉවත් කරනු ලැබේ.

      Delete
    2. අපි ඒය අගය කරමු. ශිෂ්ඨාචාරය වල් වැදීම නරුමයන්ගේ ඒකායන පැතුමයි. එවිට බඩ කට පිරෙන්නට අසුචි නෑමට නරුම රැලට පුළුවන.

      සමාජය ඉදිරියට මිස පසුපසට ගමන්ගන්නේ නැත....!

      Delete
    3. ඔන්න පැරාලගෙ අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස කොහෙන්දො බෙරෙනවා. මෙ මිනිස්සු බලයට ආවොත් මහින්දට හපන් ඒකාධිපතියො කියන්න තවත් සාක්ශි මොකටො.

      Delete
    4. අනේ ඇනෝ අදහස් ප්‍රකාෂ කිරීමයි කුනුහරුප කීමයි එකයි ද?

      Delete
  3. pera th ranilge hinema kotasak wage hehe sandane bedhunahama UNP ekata nikanma bale ei kiyala hithana ranilge moda katta ranil mahinda mega deal eka UNP eka baleta ena eka ranilgei ranilta kade yana gobbayangei gon athal eka UNP harakta notherena ekamai hoda

    ReplyDelete
  4. Mahinda genna hadanakota Vimukthi eliyata evi.

    ReplyDelete
  5. ඇයි මේ මිනිස්සු හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා විතරක් බලන්නෙ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඉහත කොමෙන්ටුව ශිෂ්ට භාෂා පොලිසියේ සංස්කරණයට ලක්විය හැකිනිසා හැකිතාක් ශිෂ්ටකල වර්ෂන් එක;

      කක්කපැත්තේ ඇති සිදුරේ ඇඟිල්ල ඔබා හඳ දෙස පෙන්නු කල්හි හඳ දැකුමට කලින් කක්ක තැවරුනු ගඳ එන නිසානේ හුටං

      Delete
  6. එක්සත් ජාතික පක්ෂයේ රාජකීය විදුහල් අන්තය* සහ එක්සත් ජාතික පක්ෂයේ බැද්දේගම අන්තය** ලෙස,එක්සත් ජාතික පක්ෂය අන්ත දෙකකට බෙදෙමෙන් පවතියි. බැද්දේගම අන්තය කොට අදින අතර රාජකීය විදුහල් අන්තය පෙරහැරේ යයි.UNP ගමේ බයියෝ (බැද්දේගම අන්තය) මිනි මරාගෙන ඡන්දය දෙයි.UNP ඩීල් කාරයෝ(රාජකීය විදුහල් අන්තය) හොරු සමග හෙළුවෙන්.
    හා බොරුද මං කියන්නේ..
    --------------
    *UNP Royal-Wing
    **UNP Baddegama -Wing

    ReplyDelete
    Replies
    1. රනිල් කුඩු දුමියගේ අයියගේ චැනල් එකට ඉන්ටවිව් එකක් දෙයි. සාක්කි ඇත්තම් තෙපරබාන්නේ නැතව ඉදිරිපත් කරන ලෙස කිරිඇල්ල හිරුනිකාට කියයි. රෙනෝ සිල්වාට කොළඹින් යු.එන් .පීයෙන් ටිකට් එක ලැබෙයි. බඩුම තමයි

      Delete
    2. AnonymousFebruary 22, 2015 at 12:17 AM-
      කතාව අැත්ත.
      රෝහිත බෝගොල්ලාගම වැනි මුදලට හා තනතුරුවලට පක්ෂය පවාදෙමින් මහින්දට සෙට්වෙලා,ඉන් පසුව විදේශ ඇමති ලෙස රටේ සල්ලි කෝටී ගානන් නාස්තිකරපු මිනිහෙක් (ඇමෙරිකන් බර්ත්‍ෙඩේ පාර්ටිය) . එක්සත් ජාතික පක්ෂයට ඉතා අසීරු කාලවකවානුවක තම ජන්ද බල ප්‍රදේශ දිවි හිමියෙන් රැක ගත් ආසන සංවිධායකලා ඉවත්කර යලි ඔහුට ආසනයක් ලබාදීමට සිරිකොත උත්සහකිරීම.
      මෑන්ට ජාතික ලැයිස්තුව ෂුවර්.
      තව ලිස්ට් එක දිගයි.
      දැන් ,සිරිකොතේ UNP ය හා මැදමුලන මහින්ද චින්තන අතර කිසිදු වෙනසක් නැත. මුහුනුත් එකයී.

      Delete
  7. //මේ අතර එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සැලකිය යුතු බරක් තබා ඇත්තේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම කෙරෙහි බවයි. ඒ සඳහා මහින්ද කඳවුරට පූර්ණ අනුග්‍රහය සපයන තත්වයක් නිරීක්ෂණය කළ හැකි ය.//

    හී..හී...දැන් ඔයා කෙලින්ම සිරිකොතේ ඉදන්මද ලියන්නේ, විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. එක නෙමෙයි අන්තිම කෑල්ල ටිකක් වෙනස් වෙන්න ඕන නේද,

    ''ඒ සඳහා නිමල් සිරිපාල කඳවුරට පූර්ණ අනුග්‍රහය සපයන තත්වයක් නිරීක්ෂණය කළ හැකි ය''

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. /** මහින්ද රාජපක්ෂගේ යළි පැමිණීමත් සමග අලුත් ස්වරූපයක ත්‍රස්තවාදයක් හිස ඔසවමින් තිබේ. නුගේ‍ගොඩ රැළියට පෙර පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට කළ පහරදීම... **/

    ඈ පැරෝ මේ කියන්නේ ලංකාව ගැනද ? ලඟකදි ඔලුව කොහේ හරි තදින් වැදුනද ?


    තරහා වෙන්න එපා පැරා..මීට පස්සේ මේ බ්ලොග් එක බලන්න වැය කරන කාලේ මම අයිටීඑන් නිව්ස් බලන්න වැය කරනවා

    ReplyDelete
    Replies
    1. මේ කොත්තමල්ලි බීලා වෙරිවෙලා මෙයා...

      Delete
  10. Mahinda swayam vivechanayakata yanna - Vaasu (Ravaya)
    Me karapu naasthikaara paalanayata eya pramaanawathda? Mata hithenne avurudu keepayakata "swayam bandhanaagaara gathaveema" thamai sudusu. Ane... ane ...Vaasu wena kavuruwath aththema nedda?

    ReplyDelete
  11. ජයවේවා... කමෝන් මහින්ද මහත්තයා... ඕකත් කුඩු කරාම, වැඩේ කොම්ප්ලීට්...

    සිරිසේනට එජාපයේ සරණ ඇර වෙන සරණක් නැත. පැරා නම් සඳහන් කළ සියල්ලන්ම මෛත්‍රි පතුරු ගැසූවන්ය..

    ReplyDelete
    Replies
    1. බලන් හිටපන් බෝය් කොල්ල හාමු මහත්තයල ආණ්ඩුව ගන්නකම්! මෙදාපාර පැරදුනොත් රනිල් ලොක්ක ගෙදර තමයි!

      Delete
  12. (Eksath jathika pakshayata sameepa aranchi marga pawasanne..... )?Oba angawanne obata wiswasadayaka thorathuru lebena marga ethibawakui.Namuth oba Smahara wita Uwamanawenma Athe roll palakaranawa,

    ReplyDelete
  13. මං හිතන්නෙ බලාගෙන ඉන්න එකයි හොඳ ශ්‍රී ලංකා - යූ ඇන් පී කියන ඔය කොයි පක්ෂෙත් දෙදරලා පුපුරලා පැලිල යයිද නැද්ද කියල. ඕව මේ අපට කරල දෙන්න එන පක්ෂ නෙමෙයිනෙ.

    ReplyDelete
  14. හොඳ ලිපියක්... මේවගේ ලිපි තමයි පාඨකයින්ට වැදගත්...
    A good article for readers

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා