දින සීයෙන් බැරි නම් දෙසීයෙන් හෝ කළ යුතු දේ කරනු!

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සම්බන්ධයෙන් ජාතික විධායක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා වෙනත් පක්ෂ අතර මතගැටුමක් නිර්මානය වී ඇති බව වාර්තා විය.

මෙම මතගැටුම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නො වෙයි ද යන සැකය දැන් මතු වී තිබේ. 

මෙහිදී මූලික ප්‍රශ්නය වී තිබෙන්න‍ේ මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනවා ද යන්නයි. ශ්‍රීලනිපයට එය ද සංශෝධනයට ඇතුළත් කිරීමට අවශ්‍ය වී තිබේ. එහෙත්, එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති මෛත්‍රීපාලට සහයෝගය දුන් වෙනත් පක්ෂවල තර්කය වන්නේ එය දින සීයේ වැඩසටහනට ඇතුළත් නො වන බව හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කල් අවශ්‍ය බවයි. 

දින සීයට ඇතුළත් වුණත්, නැතත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පුළුල් මහජන අවශ්‍යතාවකි. අනෙක් පැත්තෙන් දින සීයේ වැඩසටහන යනු මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේදී ඉදිරිපත් වූ තේමාවක් මිස ජනතා ඉල්ලීමක් නො වේ. ජනතාවට මේ සියල්ල දින සීයෙන් කර හමාර කර ගන්නට ඇති තදියමක් නැත. 

දින සීයෙන් බැරි නම් දෙසීයෙන් හෝ කළ යුත්තේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. 

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා මූලික පියවර ගන්නට දැන් වුණත් පුළුවන. කොට්ඨාස නිර්ණය කිරීම වැනි කාරණාවලට මහා දිගු කාලයක් ගත වෙනවා ය යන්න පිළිගත හැකි කරුණක් නො වේ. අවශ්‍ය වන්නේ අදාළ ක්‍රියාමාර්ග ගැනීමයි. 

අවශ්‍ය වන්නේ කේවල මන්ත්‍රී ක්‍රමයේත්, සමානුපාතික නියෝජනයේත් සම්මිශ්‍රණයක් බවට මේ වන විට කතිකාවක් නිර්මානය වී හමාර ය. දැන් තීරණය කළ යුතුව තිබෙන්නේ මේ කොටස් දෙකෙහි අනුපාතය කුමක් ද, මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි කරනවා ද, කොට්ඨාස අලුතින් නිර්ණය කරනවා ද, සමානුපාතික නියෝජනය නිර්ණය කරන ආකාරය කෙබඳු ද වැනි ප්‍රශ්න කීපයකි. 

මේ පිළිබඳ සාකච්ඡා කරන්නට බැරි යයි කීම පිළිගත හැකි කාරණයක් නො වේ. 

එජාපය කේවල මන්ත්‍රී මැතිවරණයකට බිය වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ඔවුන්ට ආසන මට්ටමෙන් ඉදිරිපත් කරන්නට කැපී පෙනෙන ආසන සංවිධායක පිරිසක් නැති නිසා ය. 

මේ ප්‍රශ්නය ශ්‍රීලනිපයට ද නැති එකක් නො වේ. අනෙක් පැත්තෙන්, සන්ධානයක් ලෙස තරග කරන ශ්‍රීලනිපයට කේවල ආසන ක්‍රමයකදී ආසන බෙදා ගැනීම පිළිබඳ ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වේ. 

සුළුතර ජාතීන් නියෝජනය කරන පක්ෂ හා වෙනත් කුඩා පක්ෂවලට ද මෙහිදී සැලකිය යුතු අභියෝගයකට මුහුණ දෙන්නට සිදු වේ. 

මෙවැනි අභියෝගවලට මුහුණ නො දී දේශපාලනය කරන්නට බැරි ය. වෙනස කොහොමත් අභියෝගයකි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. ආධ්‍යත්මවේදී කෙප්ප සුමනේ.February 28, 2015 at 9:19 AM

      19 ගෙනැවිත්,කොමිෂන් 5 දාලා මහමැතිවරනයකට ගියොත් දින 100 ට හොඳටම ඇති. ඊට පස්සේ කවුරු ආවත් ලොකු අවුලක් නෑ.

      දින 100න්, පුල් සුවර් රාජපක්ෂලාට නම් නෝ චාන්ස්.

      Delete
    2. දින 100 වැඩ පිලිවෙල යටතේ අ.පැ ජයසිංහ තම විප්ලවීය රැවුල කපන ලදි.

      Delete
    3. මට මතක නෑ ඕයී ! වෙලාවකට පිස්සු වගේ.February 28, 2015 at 12:23 PM

      හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ධූර කාලය තුළ කිසිවෙකුගෙන් දේශපාලන පළිගැනීම් සිදු නොකළ බවත් වෛරී දේශපාලනයක් තමා තුළ නොතිබුණු බවත් ඊයේ (27) ශෂී වීරවංසගේ සුවදුක් විමසීම සඳහා කොළඹ රෝහලට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
      - Lankatruth.com

      Delete
    4. ilaga chanden gedara yana thunen deke bale gena manobawen inna Gay Raniltawath nathi amaruwakne dina 100 gena Ajith Perakum Jayasinghe thamuseta thiyenne a oi mata penne thamuseth ara wikrama bahu wage awalam awajathaka parayek kiyala sulu jathinta bale aran denna wali kana thamusege duwalawa bandala dipan hamba parayekuta dagena arinna puththunwa bandala dipan puka hodan nathi hamba genunta thamusela wage un thamai me sinhala jathiya eda idalama pawala dunne

      Delete
  2. හඟුරන්කෙත ඇනෝවා
    ඉස්සර වගේ ආසන ක්‍රමයට ඊළග ඡන්දය තිබ්බොතින් අපිට තරම් හොඳ චොයිස් එකක් කාටවත්ම ලැබෙන එකක් නෑ, පෙරමුනෙන් එස් බී හෝ උගේ පුතා, යූඑන්පියෙන් උගේම මල්ලී, ජෙප්පො විදිහටත් එස්බීගේ සක්කිලියෝ කීපයක්ම ඉන්නවා.

    ReplyDelete
  3. පක්ෂය මාරු කරමින් මන්ත්‍රී ධූරයේ දිගටම රැඳෙන්නට හැකි නීතිය, ඡන්දදායකයන්ට වග කීමට බැඳී නැති දිස්ත්‍රික් සමානුපාතික නියෝජනය ආදිය වහාම වෙනස් විය යුතුය. කේවල ඡන්ද කොට්ඨාශ වලට හිමි වන ආසන සංඛ්‍යාවට අමතරව සමානුපාතිකව හිමි වන ආසන ප්‍රමාණය ගණන් බැලිය යුත්තේ සමස්ත දිවයින මට්ටමෙනි. (පාර්ලිමේන්තුව බලපාන්නේ මුළු දිවයිනට ම බැවිනි). මෙහිදී සළකාබැලිය යුතු වන්නේ මහජන අපේක්ෂාව විනා (එය සැබැවින්ම නියෝජනය නොකරන) පක්ෂ වල අභිමතය නොවේ.
    ජනාධිපති බලතල කප්පාදු කිරීමේදී පත් කිරීම් සහ ඉවත් කිරීම් (අස් කිරීම්) සඳහා ජනාධිපතිට ඇති බලතල ඉවත් කිරීම, ජනාධිපතිවරයා නීතියට යටත් කිරීම යනාදිය කෙරෙහි ප්‍රමුඛත්වය දිය යුතුය.
    දින සීය ඉලක්කයටම වහල් වීම වැදගත් නොවේ. එහෙත් දින සීයක් ඔහේ බලා සිට එකසිය එකේ සිට වැඩ ආරම්භ කිරීම නම් නොකළ යුතුය.

    ReplyDelete
  4. විධායක බලය ජනාධිපතිගෙන් ඉවත්කරන සංසෝධනය දැන්ම ගෙනෙන එක නුවනට හුරු නැත. එසේ ගෙනාවත් එය අහෝසිවන දිනය වත්මන් ජනපතිගේ ධුරකාලයෙන් පසු බලාත්මක වෙනලෙස වගන්තියක් ඇතිකල යුතුය. නැත්නම් මහින්ද පාර්ලිමේන්තුවට තේරීපත්වී දුශිතයන් ආරක්ෂාතකරන ක්රිනයාමාර්ගයකට අවතීර්ණ වීම වැලැක්විය නොහැක.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සහෝ. මොකා ආවත් කමක් නැහැ මහින්ද නෑවිත්. ඌ තරං ලංකාවට වින ක‍රපු සක්කිලියෙක් ලංකා ඉතිහාසයේම නැතුව ඇති

      Delete
    2. මම නම් හිතන්නෙ ඔය මුකුත් නොකර මහින්ද රාජපක්ස නම් කුරිරු මිනීමරු දූෂිත කුජීත ඒකාදිපතියාට යලි කවමදාකවත් කිසිදු තනතුරක් දැරිය නොහැකි ලෙස නීති සම්පාදනය කර ප්‍රජා අයිතිය අහෝසි කර නීති සම්පාදනය කළ යුතුයි. රාජපක්ස පවුල යලි කිසිදාක බලයට නොපැමිනෙන්නේනම් මෙම සංශෝධන අත්‍යවශ්‍යම නොවනු ඇත. වත්මන් රජයේ පාලනය බොහෝදුරට ජනතාවාදී බැවින් යලි පැරණි රජය හෝ ඒහා සමාන වෙනත් රජයක් පත්නොවන තාක් ජනතාව ආරක්ෂිතය.

      Delete
  5. හෙනහුරා ge adahasa samaga ekaga wenawa !

    ReplyDelete
  6. දින 100 වැඩපිලිවෙල යටතේ සියලු බන්ධනාගාර, බන්ධනාගාර රෝහල් බවට පත්කරනු.
    ඇයි යකෝ ලොකු එවුන් හැමදාම බන්ධනාගාර රෝහලේ. ඇප දීගන්න එකෙක් නැති පොඩි එකා හැමදාම හට්ටියේ.
    පැරා මේක සමාජවාදි වැඩක්.

    ReplyDelete
  7. මේ සියලු දේ දින 100 ඇතුලත වෙන්නෙ නෑ...
    ස්‍රීලනිප මහින්දව ආයෙත් ගේන්න කුමන්ත්‍රන කරනව..
    කරන්න පුලුවන් හොදමදේ ඊලග මහමැතිවරනෙදි එජාප බහුතර ආන්ඩුවක් රනිල් වික්‍රමසිංහ යටතේ පිහිටවාගැනීම...
    ඊට පස්සේ එලබෙන ප්‍රජාතන්ත්‍රවාදී යුගයේ ඔය පැරා කියන වෙනස්කම් කරගන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. මහින්ද එන්න එන්නම ජනප‍්‍රිය වෙනවා.. ඔහු නාවොත් මිනිස්සු කුපිත වෙනවා..
      -- පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම

      නෂ්ඨකාම වෙල්ගම ගේ ගෑනූපොරටෝක් නැතිව ගිහින් ,
      මහින්ද නැතුව මිනිහගේ දැන් කුපිත වෙන්නැලූ.

      පැරා ,ඔයාට චුච්චක්වත් දුක නැඩ්ඩ අෆ්ෆා... කළුතර කොල්ලෙක්නේ...

      Delete
    2. යූඇන්පියට බහුතර බලය දුන්නොත් හරි ලස්සන ප්‍රජාතන්ත්‍රවාදයක් එයි. දැනටම ගම්වල බලෙන් ඔක්කොම අල්ලගෙන .බස්ටෑන්ඩ් ,පතල් අරක මේක.
      කිසිම පක්ෂෙකට බලය දෙන්න හොඳ නෑ. යූඇන්පිය කියන්නෙ තනි පක්ෂයක්. ඒ වගෙ පක්ෂයකට මුළු බලය දුන්නොත් ජේ ආර් ප්‍රේමදාස යුගය වගෙ අදුරු යුගයක් එයි.
      කිසිම පක්ෂයකට බහුතරය දෙන්න හොඳ නෑ.

      Delete
  8. මොන මළදානේ කරන්න කලින්.. පක්ෂ මාරු කරන්න බැරි වෙන්න නීති හදන්න ඕන. නැත්නම් සර්ව ජන ඡන්ද බලයෙන් ඇති වැඩක් නෑ. විපක්ෂේ උනුත් ආන්ඩුවට සෙට් උනාම අපි දාපු ඡන්දෙයේ වැඩක් තියෙනවය.

    එක්කෝ පක්ෂ මාරු කිරීම නවත්තන්න ඕන..
    එහෙම නැත්නම් අපිටත් ගිනි අවි භාවිතා කරන්න අවසර දෙන්න ඕන..

    ජනපතිවරු අගමැතිවරු මරන්න නෙමෙයි..
    පක්ෂ මාරු කරන උන්ගේ පුකට වෙඩි තියන්න..

    මම හිතන්නේ නෑ පුකට වෙඩි තිබට් මැරෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මාතේ ඕකුන් වාඩිගෙන කරන වැඩ සේරම හිටගෙනම කරයි.

      Delete
    2. පක්ෂ මාරු කරන එවුන්ගෙ මන්ත්‍රීධූර අහෝසි කරන නීති ගෙනත් ස්වාධීන මැතිවරණ කොමිශමක් ගෙනාවට පස්සෙ ඕන එකක්. අනෙක් ඒව හෙමිහිට කරගත්තැහැකි.

      Delete
    3. ඩෝංංංංංංංං!
      අයියෝ මගේ පුක !
      ඇද්ද තොට ? ආවා මෙතන පක්ෂ මාරු කරන්ට හිටං !

      Delete
  9. එමෙම හරියන් නෑ. දින සීයෙන්ම සේරම අකුරක් නෑර කරන්න ඕන. වැඩ පිළිවෙලට වඩා වැදගත් වෙන්නෙ දින සීය . කෙහොම හරි මැතිවරණ ක්‍රම සංශෝධනය මොන මතභේද හදාගෙන හරි කල්දාන්නම ඕන.! (ඒක කවදාවත් නොකර හිටියත් කමක් නෑ. මොකද රටට වඩා වැදගත් වෙන්නෙ සුළු සුළු පක්ෂ නේ) ස්වාධීන කොමිෂන් සභා වගේ එ්ව වුනත් දැම්ම නැතුවට කමන් නෑ.!! ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියල ඉදිරි කාලයෙත් කියන්න තියාගන්න ඕන!!!

    ReplyDelete
    Replies
    1. oyala wage aya thamai UNP ekata ona ranil wage puka hodan nathi ekekge weda piliwela anumath karana oyala wage puka hodan nathi unge gon kamma thamai UNP eka ilaga chanden gedara yanneth

      Delete
  10. මම නම් හිතන්නෙ ඔය මුකුත් නොකර මහින්ද රාජපක්ස නම් කුරිරු මිනීමරු දූෂිත කුජීත ඒකාදිපතියාට යලි කවමදාකවත් කිසිදු තනතුරක් දැරිය නොහැකි ලෙස නීති සම්පාදනය කර ප්‍රජා අයිතිය අහෝසි කර නීති සම්පාදනය කළ යුතුයි. රාජපක්ස පවුල යලි කිසිදාක බලයට නොපැමිනෙන්නේනම් මෙම සංශෝධන අත්‍යවශ්‍යම නොවනු ඇත. වත්මන් රජයේ පාලනය බොහෝදුරට ජනතාවාදී බැවින් යලි පැරණි රජය හෝ ඒහා සමාන වෙනත් රජයක් පත්නොවන තාක් ජනතාව ආරක්ෂිතය.

    ReplyDelete
  11. kohoma unath UNP ekata nam baleta enna denna hoda na (mahinda sandane patta horunwa baleta genna kiyana kathawa neme me) rani wage jathiyak jammayak nathi ekek me rate agamethi wenna ona na uta kade yana awajathaka UNP parayantath awasthawa denna hoda na ***UNP awa kiyanne iguru dila miris gaththaa wage jathayanthara model lankawe gahanna gihilla wenne jathayantharei lankawe inna awajathaka heththai okkoma ekathu wela karanna lankawata arina eka ranil paraya ohe idi eka nisaa UNP eka baleta ena weda piliwela kadanna me dina 100 api kadaa kappal karanna ona ewagema Mahindayawa widuli putuwata thallu karanna ona ranil ekkama

    ReplyDelete
  12. wedagathma de ajith perakumla wage awajathaka parayange jathiyak jammayak nathi me wage mugdha adhas pathurana weda piliwela wal waha mardanaya karala jathimamaka adhas kulu ganwana pachara diyath karala jathiyai ratai witharai UNP sandana wage paksha diyawena weda piliwelak hari gessuwe naththan UNP uni horu sandana karayoi ajithla wage parayoi me rata kanawa

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතා ඇනොනිමස් කියනවාට වඩා හොඳ මගේ දුරකථනයට හෝ කතා කරලා කියන එකයි. එඩිතර වීර පුරුෂයෝ හැසිරෙන්නේ එහෙමයි.

      අපි ඔබ වැනි කොන්ද පණ නැති ඇනොනිමස්කමට මුවා වෙමින් අනුන්ට දත නියවන රිලව් නො වෙයි. බෙල්ල ගහලා ගියත් අපි කියන්නේ ඇත්ත. ගෝඨාභයගේ කටයුතු සිදු වෙද්දිත් අපි බය නැතිව ලංකාවේ ඉඳන් කතා කළ බව මතක් කර ගන්න. නැතිනම් පසුගිය ලිපි සොයා බලා දැනගන්න.

      ඔබ වැනි පෞරුෂයක් නැති මිනිසුන්ට අපි ඉය වන්නේ නැත.

      Delete
    2. අන්න හරි පැරා අත අරින්න එපා. මහින්ද රාජපක්ෂ ගේ කටු කන බල්ලෝ ෆෝම් වෙලා. ඕකුන්ට බලු භාශාවෙන්මයි උත්තර දෙන්න ඕන. අවජාතක හැතිකරේ.

      Delete
    3. අපේ ගෙවල්ගාව කඩේ දාං ඇද ඇද ඉන්න ප්‍රේමසිරි මාමත් බය නැතුව මහින්දට ගෝටට නාමල්ට බැන්නා. දැන් රනිල්ටත් බනිනවා.

      ගෝටා වත් රනිල්වත් පඩේකටවත් ගණන් ගන්නේ නෑ.

      තෙත්කලාපයේ ගුරුවරයාටත් එච්චර තමයි. බොරුවට පොර වෙන්න එපා. ඔයාවත් ගෝටා ගණන් ගත්තෙත් නෑ රනිල් ගණන් ගන්නෙත් නෑ.

      Delete
  13. apita ona JVP baleta genna JVP anduwak

    ReplyDelete
  14. Budu appee... mokatada JVP aanduwak.25-30 vithara diyawannaawe hora guhaawata aawama madai.

    ReplyDelete
  15. සිරිසේන මහත්තයා හිතනවට වඩා කපටියා..... :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මිනිහත් පොන්නයෝ ගහනවද ?

      Delete
  16. ජොලි සීයාMarch 1, 2015 at 2:44 PM

    පැරා ලමයගේ පුක පැත්තේ එල්ලෙන් නැතුව තව දවස් 50 ක් ඉවසපල්ලා .... කොල්ලනේ.

    ReplyDelete
  17. When I see these comments , I realize how poor we are ideologically, most of the commentators expressed their views allegiance only with their political affiliations. They do not think as citizens and forgot their responsibility of a citizen. Though , the confrontations of different ideas are good for consensus solution, but most of the views surface in this dialogue are totally unfruitful for good debate

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රිසියෙන් කිවුවත්
      දෙමලෙන් කිවුවත්
      සිංහලෙන් කිවුවත්
      කුනු හරුපෙන් කිවුවත්
      සරලව කිවුවත්
      සංකිර්ණව කිවුවත්
      මම දන්න ලංකවේ දේශපාලනේ කරන්නේ.....
      සුදු කරපටි හොරු
      පල් හොරු
      තක්කඩි
      දුෂකයෝ
      කුඩු කාරයෝ
      මිනිමරුවෝ
      ඩිල් කාරයෝ‍
      ඡන්දේ දෙන අයත් පට්ට ගේම්කාරයෝ......
      ඇයි බ්ලොග් කාරයෝ....කමෙන්ට්කාරයෝ....බබාලද?
      “Sarathchandra“ගේ ලංකාවේ එසේ නොවේද ?.

      "Sarathchandr‍a" ත් දේශපාලන විචාර හා සංවාද ලෙස ඉංග්‍රිසි රචනා ලිවිමට ප්‍රිය පැරා වැනි අයෙක් නම් It's OK.

      හොඳ සංවාද(වචන) එකකින් කැත වැඩ සීයයක් වැසිය හැක.

      Delete
  18. //වෙනස කොහොමත් අභියෝගයකි. //

    ReplyDelete
  19. අජිත් පැරකුම් 88-89 කාලයේ මිනීමැරුම් , ස්ත්‍රී දූෂන වලට සම්බන්දය , ඒ නිසා ඔහුට එළියකන්ද වදකාගාරයේද ඉන්නට සිදුවිය​. මේ එළියකන්ද වදකගාරයේ ඔහුගේ අත් දැකීමකි.

    අතිශය ම්ලේච්ඡ ලෙස මිනිසුන් මරා දැමීමේ හැකියාව මිනිසුන් තුළ ඇති වනු මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි. එළියකන්ද වධකාගාරයේදී එක් දිවා ආහාර වේලාවක බීමත්ව පැමිණි දැළි රැවුලවත් නො වැවුණු වයස අවුරුදු 19ක සෙබළෙක් ඉහළ නිලධාරියාගේ අණ පරිදි අතට හසු වූ කෙටි උදැල්ලකින් ගසා, සිරකරුවන් වතුර බොන බවුසරය අසලදී සෙසු අයට ද පෙනෙන පරිදි මිනිසුන් දෙදෙනෙකු මරා, එම මොට්ට උදැල්ලෙන් ම ගසා බෙලි කපා ඒවා කම්බි වැටෙන් එහා පැත්තට විසි කළේ ය. ඉන් මොහොතකට පසු මෙම සෙබළා මට තුවක්කුව උරුක් කර කීවේ කම්බි වැට පැන ගොස් එම ‍හිස් දෙක අහුලාගෙන එන ලෙසයි. මගේ වාසනාවකට ඔහුට උසස් නිලධාරියෙක් මා එහි නො යවා වෙනත් සිරකරුවකු යවා එම හිස් දෙක ගෙන්වා ගත්තේ ය. මාතර කොටුවේ හමුදා කඳවුරේ කුස්සියේ සිට එළියකන්දේ සිරකරුවන්ට හා නිලධාරීන්ට කෑම ගෙන ආ කහ පැහැති ඉසුසු ඩබල් කැබ් රියේ පිටුපස එදා රෑ මේ මළ සිරුරු වීදි අයිනක ප්‍රදර්ශනයක් කරා ගෙන යන්නට ඇත. (හමුදා සෙබළුන් පුනරුත්ථාපනය නො කිරීමේ ආදීනව - අජිත් පැරකුම් ජයසිංහ​)

    අජිත් පැරකුම් ජයසිංහ මානසිකව ප්‍රතිකාර ලබගෙන පුනරුත්ථාපනය උනාද අපි දන්නේ නැත​. ඔහු තාම මේ දරුණු අත්දැකීම් නිසා යම්කිසි මානසික රෝගී තත්වයකින් පෙලනවා විය හැක​. මේ අනුව ගුරුවරයෙකු ලෙස ලමයින් සමග අජිත් පැරකුම් ජයසිංහ වැඩ කිරීම භයානක බව පෙනේ. පිලියන්දල පාසලේ කොම්පියුටර් ගුරුවරයා මෙන් අජිත් පැරකුම් ජයසිංහ ගේ අතින් ද ලමයින්ට හානි විය හැකියි. පුද්ගලික මඩ ගැසීමක් නොවේ . මේ ගැන අජිත් පැරකුම් ජයසිංහ උගන්වන පාසලේ විදුහල්පතිවරයා දැනුවත් විය යුතුය​.

    මේ තත්වය ගැන අජිත් පැරකුම් ජයසිංහ කියන්නේ මොනවාද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා