Posts

Showing posts with the label 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් වහා ගෙනෙනු!

Image
මහින්දගේ කරේ එල්ලී මනාප ක්‍රමයෙන් ගොඩ යන්නට බලා සිටින සත්ගුණවත් හිටපු ඇමතිවරයෙක්   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු වන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන්නේ ද මතභේදාත්මක සමානුපාතික නියෝජනය හා මනාප ක්‍රමය යටතේ ය. මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමානුපාතික හා කේවල ක්‍රමවල සම්මිශ්‍රණයක් පිළිබඳ පැවති සංවාදය මෙවර ද මගහැර යනු දැකිය හැකි ය. ලංකාවේ දේශපාලන ක්‍රමය දූෂණයට ලක් වන්නට විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල පමණක් නොව, සමානුපාතික නියෝජන ක්‍රමය හා මනාප ක්‍රමය බලපෑවේ ය. නිදසුනක් සලකා බලමු. මහරාජා ආයතනය දේශපාලන පක්ෂ සමග ප්‍රචාරය වෙනුවෙන් දමා ගත් ඩීල්වලට අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා 2010 මහ මැතිවරණයේදී තරග කළ ජේ. ශ්‍රී රංගා මන්ත්‍රීවරයා මැතිවරණයට පසු වහා ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක් වූයේ ය. ඔහු ඊට පෙරත් සිටියේ මහින්ද සමග ය. මේ ශ්‍රී රංගා 2007දී විමල් වික්‍රමසිං...

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද? මුල් ප්‍රශ්නයට ආපසු

Image
අප පහත සඳහන් සටහන තැබුවේ ජනාධිපතිවරණයට පෙර 2014 නොවැම්බර් 26දා ය. එය කියවා බලන්න. ( සම්පූර්ණ සටහන මෙතනින් කියවන්න ) විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි. මෙය කළ නො හැකි ය. අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ. පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය. ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. විධායක ජනාධිපති ධුරය ගැන මම මගේ ස්ථාවරය ඊටත් පෙර සටහන් කළෙමි. ඒ 2014 ඔක්තෝබර් 08දා  ප්...

ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා ද?

Image
ආණ්ඩුව විසින් ගැසට් කර තිබෙන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නැත. සිදු වන්නේ විධායක ජනාධිපතිවරයා විසින් භුක්ති විඳින ලද අසීමිත බලතල ප්‍රමාණයක් සංශෝධනය වීම පමණි. යෝජිත ව්‍යවස්ථාව අනුව ද විධායක ජනාධිපතිවරයා රටේ බලවත් ම පුද්ගලයා වෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුමයැයි උද්ඝෝෂණය කරමින් සිටි ආන්තික කොටස්වලට දැන් මෙය එල්ලෙන්නට හොඳ වැලකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 1977ට පෙර පැවති විධායක අගමැති ක්‍රමය ඇති කළත්, ඇති වන ලොකු වෙනසක් නැත. හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක 1970 - 77 සමයේ රාජ්‍ය පාලනය කළේ ද ‍විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට වඩා ලොකු වෙනස්කමකින් යුක්තව නො වේ. සැබෑ රාජ්‍ය නායකත්වයට විධායක බලතල නො ලැබෙන නවීන ආණ්ඩු ක්‍රම කිසිවක් ලෝකයේ නැත. මේ මොහොතේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විප්ලවවවාදීන්ට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොව තමන්ගේ ඒකාධිපති පාලනය පිහිටුවා ගැනීමට යෝග්‍ය අරාජිකත්වයක් නිර්මානය කර ගැනීමයි.  එහෙත් ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය හා සම්බන්ධ ගැටලුවක් තිබිණි. එම ගැටලුව වන්නේ ලංකාවේ විධායක ජනාධිපතිවරයා සතු...

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා යෝජනාවක්

Image
19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග ම මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ද ඉදිරිපත් විය යුතු ය. එසේම, දින 100 තුළ එය ක්‍රියාත්මක කර මීළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ නව මැතිවරණ ක්‍රමයක් යටතේ ය. පැරණි මැතිවරණ කොට්ඨාස සඳහා මන්ත්‍රීන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමයේ හා සමානුපාතික නියෝජනයේ සම්මිශ්‍රණයක් ඇති කිරීම දැනටත් යෝජනා වී තිබේ. මෙම නව මැතිවරණ ක්‍රමයේදී කුඩා පක්ෂවල නියෝජනය තව දුරටත් තහවුරු වන පරිදි කටයුතු කළ යුතු ය. එය කළ යුතු ආකාරය ගැන මහජන සංවාදයක් ඇති කළ යුතු ය. දැනට මැතිවරණ කොට්ඨාස 160ක් තිබෙන අතර එම කොට්ඨාසවලට මන්ත්‍රීන් 160ක් බහුතර ඡන්දයෙන් තෝරා පත් කර ගත හැකිය. ඉතිරි මන්ත්‍රීන් 65දෙනා ගෙන් 29දෙනෙක් දැනට තේරී පත් වන්නේ ජාතික ලැයිස්තුවෙනි. ඉතිරි ආසන සංඛ්‍යාව 36කි. මේ ආසන සංඛ්‍යාව දිස්ත්‍රික්ක අතරේ බෙදා දීමෙන්, දිස්ත්‍රික්කවලින් නියෝජනයක් නො ලැබූ පක්ෂවල නියෝජනය තහවුරු කළ හැකි ය. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව වැඩි කිරීම ගැටලුවක් නො වේ. සුළු පක්ෂවල නි‍යෝජනය සඳහා දිස්ත්‍රික්කවල ජනගහණය අනුව ආසන එකක්, දෙකක් හෝ තුනක් වෙන් කළ හැකි ය.ඒවා ආසන මට්ටමෙන් කිසිදු නියෝජනයක් නො ලැබූ පක්ෂවලට හෝ ස්ව...

මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනු! (19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාව)

Image
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඉදිරිපත් කර තිබෙන සාකච්ඡ‍ා කෙටුම්පත අපි අගය කරන්නෙමු. ඒ පිළිබඳ අපේ අදහස් කීපයක් රතු අකුරෙන් දක්වන්නෙමු. ඔබේ අදහස් ද ඉදිරිපත් කරන්න. මෙම සංවාද පත්‍රිකාවේ බරපතල අඩුපාඩුවක් තිබේ. දැනට පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු ය. මහ මැතිවරණය පැවැත්විය යුත්තේ නව ක්‍රමය යටතේ මිස පැරණි, දූෂිත, නාස්තිකාරී අනුපාත ක්‍රමය යටතේ නො වේ.  මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සඳහා අමතර කාලය අවශ්‍ය යයි අපි නො සිතමු. එහෙත්, අවශ්‍ය නම් කාලය ලබාගෙන හෝ එය කළ යුතු ය. යෝජිත සංශෝධනවලට අනුව, ජනාධිපතිවරයා අගමැතිවරයා හා නියෝජ්‍ය අගමැතිවරයා යන තිදෙනාගෙන් එක් අයෙකු මෙරට ජීවත් වන දෙමළ බස කතා කරන දෙමළ, මුස්ලිම් ජනවර්ගයන් හෝ වෙනත් සුළුතර ජනවර්ගයක් නියෝජනය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු බව යෝජනා කරමු. ජනාධිපතිවරයා ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයාය. විධායකයේ ප්‍රධානියාය. සියලු හමුදාවල සේනාධිනායකයාය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියාකළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැති...