රට බෙදමු ද? නො බෙදා රැක ගනිමු ද? / Shall we divide Sri Lanka or keep the unity?

(2011 ජුලි 28, W3Lankaපසුගිය කාලයේ ආණ්ඩුවේ ඇතැම් බලවේග විසින් දෙමළ නාසිවාදියකු ලෙස හඳුන්වන ලද එම්. ඒ. සුමන්තිරන් නම් දෙමළ ජාතික සන්ධාන මනිත්‍රීවරයා හොඳ ළමයකු බව ආණ්ඩුවට එක පාරට ම තේරී ඇත.


අද දිනමිණේ මුල් පුවත ද සුමන්තිරන් ගැන ය.

වැඩි දෙනා කැමැති විසඳුම පිළිගන්නදෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්දිරන්ගෙන් දෙමළ ප්‍රජාවට අවවාදයක්රටින් පිට වී සිටින දෙමළ ජනතාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය වෙනස් කිරීමේ කාලය එළඹී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ලන්ඩනයේ දී ප්‍රකාශ කර තිබේ.ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ සටන ගැන එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාව ප්‍රශ්න කළ අවස්ථාවේ දී සුමන්දිරන් මහතා එසේ ප්‍රකාශ කර තිබේ.දෙමළ ජාතික සන්ධානයේ ලන්ඩන් ශාඛාව විශේෂ රැස්වීමක් සංවිධාන කර තිබූ අතර, එම රැස්වීමට එල්ටීටීඊ හිතවාදීන් මෙන්ම මධ්‍යස්ථ මතවාදීන් ද සහභාගී වී සිටි බව අපේ ලන්ඩන් නුවර වාර්තාකරු සඳහන් කරයි.සුමන්දිරන් මහතා මෙම රැස්වීම අමතද්දී එල්ටීටීඊ හිතවාදීහු දිගින් දිගටම ඒ මහතාට බාධා කළහ. එහිදී ඉතා දැඩි ලෙස අදහස් දැක්වූ සුමන්දිරන් මහතා කියා සිටියේ දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාව හා එහි ජනතාව සම්බන්ධයෙන් දරන මතය වෙනස් කර ගත යුතු කාලය එළඹ තිබෙන බවයි.මේ වන විටත් දෙමළ ජාතික සන්ධානය තම දෙමළ ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටී. එම සාකච්ඡා යහපත් අතට හැරෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් ද ගොඩනැගී ඇති බව සුමන්දිරන් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.එමෙන්ම දෙමළ ඩයස් පෝරාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් තුළ දැන් පැහැදීමක් නොමැති බව පෙන්වා දුන් සුමන්දිරන් මහතා, දෙමළ ඩයස් පෝරාවට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බව ද සඳහන් කළේ ය. එම රාජ්‍ය තාන්ත්‍රිකයන් මේ සම්බන්ධයෙන් තමාට අදහස් පළ කර ඇතැයි ද සුමන්දිරන් මහතා පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ බහුතරයක් වාසය කරන්නේ සිංහල ජනතාව යි. ඒ නිසා බහුතර සිංහල ජනතාවක් පිළිගන්නා විසඳුමකට දෙමළ ප්‍රජාව එකඟ විය යුතුªබව ද සුමන්දිරන් මහතා කියා සිටී.දෙමළ ඩයස් පෝරාව සංවිධාන කළ රැස්වීමේ දී සුමන්දිරන් මහතා ගේ මතය ඉස්මතු වූ බව අපේ ලන්ඩන් නුවර වාර්තාකරු කියා සිටී.



දිනමිණ ‍සුමන්තිරන් පිළිබඳ මෙම පුවත වාර්තා කරන්නේ ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජනපදයේ චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධ රැස්වීමකදී කළ කතාව වාර්තා කළ ස්වරයෙන් ම ය. හිටපු නාසිවාදියා දැන් දිනමිණට වීරයෙකි. 


මේ පළහිලව්ව කුමක් ද? 


දෙමළ ජාතික සන්ධානයත්, විදෙස්ගත දෙමළ ප්‍රජාවේ ඊලාම්වාදී සංවිධානත් අතර ගැටුම අලුත් එකක් නො වේ. මේ වනාහි අතීතයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණත්, කොටි සංවිධානයත් අතර පැවති ගැටුමේ ම වර්තමාන ස්වරූපයයි. 


වෙනත් වචනවලින් කියනවා නම්, දෙමළ මධ්‍යස්ථ මතධාරී ජාතිකවාදීන් හා දෙමළ ඊලාම්වාදී දැඩි මතධාරීන් අතර ගැටුමයි. 


දෙමළ මධ්‍යස්ථ මතධාරීන් හැම විට ම ඉන්දියාවට පක්ෂව කටයුතු කර තිබේ. ඔවුන්ට කිසියම් රැකවරණයක් ලැබුණේ ඉන්දියාවෙන් පමණි. දෙමළ දැඩි මතධාරීහු ලංකාවේ පමණක් නො ව ඉන්දියාවේ ආණ්ඩුවලට ද විරුද්ධ ය. සම්මුතියකින් තොරව, පරමාදර්ශී ස්වාධීන දෙමළ ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් දිගින් දිගට සටන් කිරීම දෙමළ දැඩි මතධාරීන්ගේ ස්වභාවයයි. කොටි සංවිධානය පරාජය පෙනි පෙනී, විනාශය වළක්වා ගැනීමට කටයුතු කිරීම ද පමා කිරීමෙන් පෙනී යන්නේ මෙම තීරුවේ භාවාතිශය ලක්ෂණයි. 


දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ඩයස්පෝරාව අතර සීතල යුද්ධය මේ වන විට උච්චස්ථානයට පැමිණ ඇත. 


පහත පළ කරනු ලබන ටැමිල්නෙට්හි පළ වූ ලිපියකින් උපුටා ගත් කොටස් මෙම ගැටුමේ තතුවය පිළිබඳ සාක්ෂි සපයයි. 


Voicing on behalf of the present establishment in New Delhi, sections in the Tamil National Alliance (TNA) unnecessarily declaring against independence of Eezham Tamils and discouraging war crimes investigations are worst of the crimes committed not merely against Eezham Tamils but against human civilization, said Tamil national as well as Left political circles in the island and in the diaspora to TamilNet on Monday. The comments have come responding to TNA views expressed after its victory and during its campaign in the civic elections. TNA leader Sampanthan interpreted the victory as Tamil wish for solutions within ‘united Sri Lanka’ and a confidential document circulated among ‘friends of the TNA’ during the civic elections said that the war crimes investigations were actually directed against India than against Colombo, and hence Tamils should not pin hopes on them. 

Non-TNA Tamil national circles in the island allege that there is a secret negotiation between New Delhi and the TNA for the latter to drop the war crimes charges in favour of New Delhi and Colombo implementing the meaningless 13th Amendment, perhaps with a new nametag. 


පසුගියදා දෙමළ ජාතික සන්ධානය විසින් අත්පත් කර ගන්නා ලද මැතිවරණ ජයත්‍රහණය දෙමළ ජනයා එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ‍විසඳුමක් භාර ගැනීමට සූදානම් බවට කළ ප්‍රකාශයක් ලෙස දෙමළ ජාතික සන්ධාන නායකයා කළැයි කියන අර්ථකථනය මෙහි විවේචනයට ලක් වී ඇත. 


එසේ ම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලංකාවේ දේශපාලනය කරන දෙමළ ජාතික සන්ධානයේ උපායශීලී නිහඬ පිළිවෙත ඔවුන් යුද අපරාධ චෝදනාවලට එරෙහි යයි හුවා දක්වන්නට දෙමළ ඩයස්පෝරාව පාවිච්චි කරමින් සිටින බව ද පෙනේ. 


Tamil national circles in the island also pointed out that many didn’t vote in the civic elections, as they had no hopes in the simulated electoral process, the choice in polity and the choice in candidates. People of awareness are highly concerned about the next turn of affairs leading to the provincial council, non-TNA Tamil national political circles in the island said.

What is the need for TNA leader Sampanthan to interpret the civic elections victory as an Eezham Tamil decision to remain within ‘united Sri Lanka’? For whose sake he is proclaiming this, are questions that are widely asked among Tamils in the island, in the diaspora and in Tamil Nadu.



දෙමළ ජාතික සන්ධාන නොවන දෙමළ කවවල මතය ලෙස ටැමිල්නෙට් පෙන්වා දෙන කරුණක් වන්නේ විශාල පිරිසක් මෙම මැතිවරණයේදී ඡන්දය නො දීමෙන් ඔවුන් මෙම ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසයක් නැති බව ප්‍රකාශ වන බවයි. 


මේ අතර ම, දෙමළ ඩයස්පෝරාව තමිල්නාඩුවේ විපක්ෂය වන කරුණානිධිගේ ඩී.එම්.කේ. පක්ෂයේ කරේ එල්ලෙන්නට ද උත්සාහයක් දරයි. ඒ පරාජිත  ඩී.එම්.කේ. පක්ෂය ලංකාවේ දෙමළ ජනයාගේ ඉරණම තීන්දු කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට සම්මත කර ගත් යෝජනාව අගය කරමිනි. මේ වනාහි, කොටි සංවිධානය සමූලඝාතනය කිරීම සඳහා ලංකාවේ ආණ්ඩුවට අවසන් සටනේදී සහාය දෙමින් තමිල්නාඩු දේශපාලන ප්‍රජාව හා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කළමනාකරණය කර දුන් කරුණානිධි බව දෙමළ ඩයස්පෝරාව කපටි ලෙස අමතක කරයි. මෙකී අවස්ථාවාදය ද ඔවුන්ගේ භාවාතිශයකමේ ම ලක්ෂණයකි. 


In this respect, the DMK in Tamil Nadu on Sunday came out with a resolution to call for a referendum among Tamils in the island.

Equal rights were a long-pending demand in the island nation and a separate Eelam was once seen as the way to achieve it. But, divergent views and stands among Tamil groups came in the way of realising this objective, the DMK's general council observed while calling for a referendum to resolve the issue.

The DMK General Council also resolved that India and other countries that uphold human rights to ensure that those responsible for the war crimes, detailed in the report of a probe panel of the United Nations, face trial in the International Criminal Court.



While Ms. Jeyalalithaa contributed ingeniously in turning the table to provide the necessary political space for the Eezham Tamils, the DMK and Mr. Karunanidhi also could still do a lot more. Mr. Karunanidhi’s affidavit on the war crimes is of historic importance, Eezham Tamil politicians in the island said.


රතු අකුරින් දක්වා ඇති කොටසින් දෙමළ ඩයස්පෝරාව ජයලලිතාටත්, කරුණානිධිටත් එක පිහියේ දෙපැත්තෙන් බටර් ගායි. හාස්‍යජනක ය. 


දෙමළ ඩයස්පෝරාව, ඒ හා සම්බන්ධ කොළඹ දෙමළ මධ්‍යම පංතිකයන් හා සිංහල  වාමාංශික කල්ලි යනු අවස්ථාවාදීන් පිරිසකි. ඔවුන්ගේ අවස්ථාවාදය නිරුවත් වූ අවස්ථාවක් වන්නේ කොටි සංවිධානය පරාජය වූ අවසන් යුද්ධයේදී ඔවුන් හැසිරුණ ආකාරයයි. විනාශ වූ දෙමළ ජීවිත රැක ගැනීම සඳහා ඔවුන් කළ තීරණාත්මක කැප කිරීම කුමක් ද? ලංකාවේ මුල් ඉදිරී ඇති ඔවුන්ට සිය ඊලාම්වාදී සිහිනය තුළ ජීවත් වන්නට පුළුවන, එහෙත්, කිලිනොච්චියේ, මුලතිව්, මන්නාරමේ, යාපනයේ, මඩකලපුවේ, ත්‍රිකුණාමලයේ දෙමළ මිනිසුන්ට තිබෙන්නේ මුළුමනින් ම විනාශ වූ ජීවිත ඉහවහා ගිය මර්දනකාරී පරිසරයක් තුළ නැවත ගොඩනඟා ගන්නේ කෙසේ ද යන ප්‍රායෝගික ප්‍රශ්නයයි. 


යුද අපරාධ පරීක්ෂා කරන්නැයි උද්ඝෝෂණ කරන්නැයි ලංකාවේ දේශපාලනය කරන දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටීමෙන් ම ඔවුන්ට ලංකාව නො තේරෙන බව පැහැදිලි ය. 


ලංකාව දෙකඩ වීමට ආසන්න තත්වයකට පත්ව ඇති බව අපි මීට පෙර ද කීවෙමු. එවන් තත්වයකදී ලංකාවේ දේශපාලන බලය අසීරු කොන්දේසි යටතේ දිනාගෙන තිබෙන දෙමළ ජාතික සන්ධානය දරන ස්ථාවරය සිංහලයන්ට වාසිදායක එකක් බව පෙනේ. එහෙත්, සිංහලයන්ගේ නායකයන් වී සිටින පටු ජාතිවාදීන් හැමදාමත් දෙමළ ජනයා ගැන කල්පනා කළේ ඕනෑ වෙලාවට ප්‍රයෝජනයට ගෙන එපා වෙලාවට 'පර දෙමළු' යයි කියමින් ඉවත දැමිය හැකි මිනිස් කසල විශේෂයකැයි යන ආකල්පයෙනි. 


සිංහලයාගේ මේ ජාතිවාදී සෙල්ලමේ අවසාන ජයග්‍රාහී ජවනිකාව 2009 මැයි 18 දින ප්‍රභාකරන් ඝාතනයත් සමග ම සනිටුහන් විය. තව දුරටත් ඒ සෙල්ලම කළ හැකි යයි සිතා සිටින චම්පික රණවකලා, නලින් ද සිල්වලා කරන්නේ ජාතියට ම සතුරුකමකි. ඔවුන් වනාහි දෙමළ ඩයස්පෝරාව නම් එක ම කාසියේ අනෙක් පැත්තයි. 


මුළු ආණ්ඩු බලය ම යොදා, අනාගත ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් සිටින බැසිල් රාජපක්ෂ උතුරේ පදිංචිව සිටිමින් පරදවන්නට උත්සාහ කළ දෙමළ ජාතික සන්ධානය ඡන්දයෙන් පසු මෙසේ හදිසියේ වීරයකු බවට පත් වීම තේරුම් ගත යුත්තේ මෙම සංදර්භය තුළයි. දෙමළ ජාතික සන්ධානය රැවටී ඇතැයි දෙමළ ඩයස්පෝරාව කියයි. ආණ්ඩුව ද එසේ සිතයි. එහෙත්, දෙමළ ජාතික සන්ධානය පිටුපසින් ඉන්දියාව සිටින බව ද, එහෙයින් එය රවටන්නට යාම අතිශය භයානක බව ද ආණ්ඩුව දැන ගත යුතු ය.   


මහින්ද රාජපක්ෂ පාලනයේ සුවිශේෂත්වය එයට ප්‍රතිපත්තියක් නැතිකම බව අපි 2005දී පමණ නිරීක්ෂණය කළෙමු. අප කීවේ එය වනාහි වතුර වැනි දාන භාජනයේ හැඩය ගන්නා බලයක් බවයි. මෑතදී ජනාධිපතිවරයා හෙළිදරව් කළ පරිදි මාවිල්ආරු ප්‍රශ්නයේදී ආණ්ඩුව එය ගොඩින් බේරා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, තමිල්චෙල්වන් හමු වීමට කිලිනොච්චියට යවා තිබේ. එය අසාර්ථක වූ පසු ආණ්ඩුව ජාතික හෙළ උරුමය විසින් සාදා දෙන ලද භාජනයට රිංගුවේ ය.


මේ වන විට භාජනයේ හැඩය තීරණය කරන සාධක වන්නේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය, ඉන්දියාව, ජාතික හෙළ උරුමය හා දෙමළ ජාතික සන්ධානයයි.


ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දීමේ උවමනාවක් මේ ආණ්ඩුවට නැත. එය ද හරියට රට සංවර්ධනය කිරීමේ උවමනාවක් නැතිවා හා සමාන ය. මෙතැන ඇත්තේ බලය හා ධනයට ඇති කෑදරකම් පමණි.  


අප මෙම මාතෘකාව කෙරෙහි අවධානය යොමු කරනුයේ මෙහිදී සිංහල ප්‍රගතිශීලීන් හා වාමාංශිකයන් විසින් ගත යුතුව තිබෙන ස්ථාවරය පිළිබඳ සංවාදයක් ඇති කිරීමටයි. අභියෝග අලුත් වී ඇත. අප ද අලුත් විය යුතු ය.


අභියෝගය මෙයයි. ප්‍රශ්නය ආණ්ඩුවට, ඉන්දියාවට, දෙමළ ජාතික සන්ධානයට, දෙමළ ඩයස්පෝරාවට හා ජාතික හෙළ උරුමයට භාර දී බලා ඉන්නවා ද? නැතිනම්, සිංහල අතිවාම කල්ලි මෙතෙක් කළා සේ දෙමළ ඩයස්පෝරාවට කඩේ යනවා ද? එහෙමත් නැතිනම් ජවිපෙ දැනුවත්ව හෝ නො දැනුවත්ව කළා සේ චම්පික රණවකට කඩේ යනවා ද? 


එහෙමත් නැතිනම් අපි ජාතීන්ගේ ප්‍රශ්නය ගැන මාර සංවේදීයි කියමින්, සැබෑ අභියෝගය මගහැර ජවිපෙ සමාජවාදී තරුණ සංගමය මෙන් සිංහල, දෙමළ ගම් අතර ක්‍රිකට් මැච් සංවිධානය කිරීම වැනි පරණ තාලේ එන්.ජී.ඕ. වැඩ අලුතින් සොයා ගන්නවා ද?  


අප යෝජනා කරන්නේ වාමාංශිකයන් ප්‍රශ්නයේ වගකිව යුතු පාර්ශ්වකරුවන් විය යුතු බවයි. සරළව කීවොත් බලය බෙදා ගැනීම හෙවත් දෙමළ ඩයස්පෝරාව හා සිංහල අතිවාම කල්ලි විසින් වන්දනාමාන කරනු ලබන කොටි සංවිධානයේ ම වචනවලින් කියැවුණ අභ්‍යන්තර ස්වයං නිර්ණ අයිතිය නම් කරුණ පිළිබඳ නැවත සලකා බැලිය යුතු බවයි. 


අපගේ යෝජනාව අපි විශේෂයෙන් ම, වාමාංශිකකම මෙන් ම සිංහලකම ද නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ වෙත යොමු කරන්නට කැමැත්තෙමු. ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ගැඹුරු දැක්මක් ඇති කර නො ගැනීම ඓතිහාසික වරදක් වන අවධියකට අප එළඹ ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. so...what's up? let's imagine we got 13th amendment....can u predict action of tamil political group after that..? u...terrifying...right..?

    ReplyDelete
  2. "අපගේ යෝජනාව අපි විශේෂයෙන් ම, වාමාංශිකකම මෙන් ම සිංහලකම ද නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ වෙත යොමු කරන්නට කැමැත්තෙමු."

    ජ වි පෙ ට ඔය දෙකම තියෙනවද? සිංහල කම හා වාමාන්ශික මේ දෙක එකට ගත්තු ආකාරය අපි 1989 දී දැක්ක නේ. ඔය සංවිදානය රිෆොර්ම් කරන්න පුළුවන් කියලා ද අපිට‍ කියන්නේ?
    හෙළ උරුමය අද කරන දෙය මෙයාල එදා කලා. මහින්ද ගහල එලියට දැම්මේ නතිනම් අදත් ඔතන තමා.

    ReplyDelete
  3. For everybody cannot understand tamil politics.. when u give some rights to provincial goverment.. TNA will be thrown away and all of the tamils will turned to goverment's side.. they are waiting for it..

    ReplyDelete
  4. /හෙළ උරුමය අද කරන දෙය මෙයාල එදා කලා. මහින්ද ගහල එලියට දැම්මේ නතිනම් අදත් ඔතන තමා./
    නයි අරින්න ඵපා.
    ජවිපෙ සන්දානෙන් ඉවත් උනා මිසක් ඉවත්කලේ නෑ නෙ.
    පස්සෙත් කීපපාරක්ම ශ්‍රි.ල.නි.ප ජේශ්ටයො කතාකලා නේද?????
    අපිත් JVPනෙවෙයි.නමුත් මෙහෙම බොරු කියන්න ඵපා.වගේ වෙන්න ඵපා.

    JVPසන්දානගතවීම සියතින් වලකපාගෑනීමක් උනා ඵයාලටම.
    නමුත් තාමත් දේශපාලන පිටියෙ දාහක් ප්‍රහාර මෑද දෙන ගේම වටිනවා.
    UNPගූ සක්කිලි ඵ්ක්ක ගත්තම තාම සිහිබුද්දියෙන් ඉන්නබව පේනවා.
    හෑබෑයි සන්දානෙට ගිය කරුමෙ නම් ගෙවන්න වේවි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා