රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඉන්දියන් භීතිකාව / Indian phobia of the Sri Lanka Government Medical Officers' Association

(2011 ජුලි19, W3Lankaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඒ පාර ඉන්දියන් භීතිකාවක් නිර්මානය වී තිබේ. ප්‍රශ්නය ලංකාවේ වැඩ කරන ඉන්දීය වෛද්‍යවරුන්ගේ වෘත්තීය සුදුසුකම් පිළිබඳවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු බලධාරීන් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් තහවුරු කිරීමට පියවර නො ගන්නේ නම් වර්ජනය කරන බව වෛද්‍යවරු කියති. 


ලංකාවේ වෛද්‍යවරු හෙදියන් සමග කාමරයකට රංඩු වී පවා වර්ජනය කළ නිසා මෙම වර්ජනය ද සිදු විය හැකි එකකි. 


අපට පෙනෙන අන්දමට මෙතැන ද ඇත්තේ වෛද්‍ය සංගමය විසින් නියෝජනය කරන වෘත්තීය හීනමානයේ ප්‍රකාශනයකි. ලංකාවේ වෛද්‍යවරු ලෝකයේ බොහෝ රටවල සේවය කරන බව අප අමතක කළ යුතු නැත. 


ඉන්දීය වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිරික්සීම අනිවාර්යයෙන් ම කළ යුතු බව අපේ ද අදහසයි. වෛද්‍ය සංගමයේ තර්කය වන්නේ එම වෛද්‍යවරුන් අධ්‍යපනය ලද විශ්ව විද්‍යාල පිළි නො ගන්නා වෛද්‍ය සභාව එම වෛද්‍යවරුන් මෙහි සේවය කිරීම සඳහා ලියාපදිංචි කිරීම වැරදි බවයි. වෛද්‍ය සභාවේ ලියාපදිංචියේදී අප දන්නා පරිදි මූලික වන්නේ අදාළ වෛද්‍යවරයා ඔහුගේ රටේ ලබා .තිබෙන ලියාපදිංචිය මිස ඔහු අධ්‍යාපනය ලැබූ ආයතනය නො වේ. 


මෙතැන ඇති සැබෑ ප්‍රශ්නය වන්නේ ඉන්දීය වෛද්‍යවරුන්ගේ ආගමනයත් සමග ලංකාවේ වෛද්‍යවරුන්ගේ මිළ අඩු වීම පිළිබඳ බියකි. ලංකාවේ පෞද්ගලික රෝහල් ඉන්දීය වෛද්‍යවරුන්‍ ගෙන එන්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව ඔවුන් මිළ අඩු නිසා ය. 


වෛද්‍ය සංගමය නගන තවත් තර්කයක් වන්නේ ඉන්දීය වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වලදී කරන සැත්කම් වැරදී රෝගී තත්වය උත්සන්න වන අයට ප්‍රතිකාර කිරීමට රජයේ රෝහල්වලට සිදු වී ඇති බවයි. ඉන්දීය වෛද්‍යවරුන් අතින් පමණක් නොව පෞද්ගලික රෝහල්වල පූර්ණකාලීනව හා අර්ධකාලීනව සේවය කරන ලාංකීය වෛද්‍යවරුන් අතින් ද මෙය ඕනෑ තරම් සිදු වේ. 


ඇතැම් වෛද්‍යවරු රජයේ සේවයේදී ද වෙහෙස වී වැඩ කරන බව අපි හොඳාකාරව ම දනිමු. මේ රටේ මහජනතාව සාපේක්ෂ වශයෙන් හොඳ වැටුපක් ඔවුන්ට ගෙවන්නේ හා වෙනත් වරප්‍රසාද රැසක් ලබා දී තිබෙන්නේ ඒ වෙනුවෙනි.


ඉන්දීය වෛද්‍යවරුන් සේවය කරන පෞද්ගලික රෝහල්වල පමණක් නොව සියලු පෞද්ගලික වෛද්‍ය කඩවල අරමුණ ලාභ ලැබීමයි. මෙම ව්‍යාපාර සමග සම්බන්ධ නැති වෛද්‍යවරු ඉතා විරල ය. 


ලංකාවේ වෛද්‍යවරුන් වෘත්තියක් ලෙස ම සංවිධානය වී සිටින්නේ රජයේ රෝහල්වල සේවය කරමින් මහජන මුදලින් උපරිම වරප්‍රසාද ලබා ගන්නා ගමන් අසීමිත ලාභ සඳහා පෞද්ගලික ව්‍යාපාර කිරීම අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කිරීමටයි. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලික අරමුණ සූරා කන පංතියක් ලෙස මතු වීම සඳහා සිය සාමාජිකයන්ට ආරක්ෂිත පරිසරයක් සාදා දීමයි. අප මෙම කරුණෙහිදී දිගින් දිගට ම වෛද්‍ය වෘත්තිතයන්ගේ මෙම සූරාකෑමේ චේතනාවට විරෝධය පළ කරන්නෙමු. එය වනාහි වෛද්‍යවරුන් සමග අපගේ ඇති අන් කිසිදු අරෝවක් නිසා ඇති වන්නක් නො ව, වෙනත් ඕනෑම සූරා කන පංතියක් කෙරෙහි අපගේ ඇති විරෝධය හා සමාන එකකි.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ලංකාවේ දොස්තරලට අපිට නැති ලෙඩක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට හැදෙන්නේ campus එක ඇතුලෙදි, ඒගොල්ලෝ හිතනවා එයාල වෙනම සමාජ පන්තියක් කියලා. මගේ දොස්තර යාලුවෙක් campus එකේදී ජාතික හැදුනුම්පත වෙනස් කලා. කලින් ෆොටෝ එකේ ටයි එකක් තිබුනේ නෑ.
    මේ ලුම්පන් පන්තිය එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා. වරදවා වටහ ගන්න එපා. එක ඉරිසියාවක් නෙවි.

    මම දැන් ජීවත් වෙන්නේ බටහිර රටක, මෙහෙ දොස්තරලා කාමරෙන් එලියට ඇවිත් ලෙඩාව පිලිගන්නවා. පොඩි එවුන් එක්ක ගියහම අපේ අත්වල තියෙන බැග් එකකුත් අරගෙන අයෙත් කාමරේට යනවා. සැප දුක් අහනවා. පැය බාගයක්වත් ලෙඩා එක්ක කතාකරනවා.

    ලංකාවෙන් ආපු මුල් දවස් වල මට ශල්‍ය කර්මයක් කරා. දොස්තරලා , නර්සලා හොදට සැලකුව. ගෙදර ආවට පහුවදා ඇමතුමක් දීලා මගේ විස්තර ඇහුවේ දොස්තර කෙනෙක්, මට පුදුමයි.
    මේ දෙගොල්ලම යැපෙන්නේ ජනතාවගේ බදු සල්ලිවලින්. වෙනසකට තියෙන්නේ නිදහස් අධ්‍යාපනෙන් බිහිඋන අපේ හීනමාන කාරයෝ ටික මේක දන්නේ නෑ.( හිත රිදුනනම් සමාවෙන්න)

    ReplyDelete
  2. indian ewun elawala apollo eka gota gattha neda? kochchara hodada?... hi doctors.. let's globalize ur thingi..u just cant fight against it, ass***. :)) u'r so called world class health system was in 1970's. now it's like a hell. for past 20 so years u have been selling the reputation of the field. ...now it's sold out.nudity exposed...eeeyaaa,..u can cheat lankan godayas with false mortality figures etc,but not the world. the last idiot's union to understand "capitalization" ..i know... i know...u docs still believe u'r union leader's pora talks...let's have a strike or 2...podi ewunge aasawane...MR okata arinawaamai...the field is badly wounded..please u'tand the world is moving fast & if u dont change..the world will change u. it's results r bad..

    ReplyDelete
  3. Amathila, Mathreela sura kana eka gana katha karapan.

    ReplyDelete
  4. එතකොට මෙි ඉන්දියන් වෛද්‍යවරු මාස 9 ක පුහුණුවකින් පසු ලැබුණ දැනුමෙන් හදවත් සැත්කමි කරන බවත්, එයින් අපේ රටෙි රෝගීන්ට සංකූලතා ඇතිවූ බවත්, ඔවුන්ගෙන් සමහරක් ලියාපදිංචිවී තිඛෙන්නේ ඉන්දියාවෙි ප්‍රාන්ත රාජ්‍යවල බවත්, රජයේ වෛද්‍ය සංගමය කරන චෝදනා බොරුද? පුද්ගලික රෝහල්වලින් අපේ රෝගීන් ඉතා අසාධාරණ ලෙස සූරාකන්නේ නැද්ද?

    ReplyDelete
  5. හා...........

    ReplyDelete
  6. "private hospital SUURA KEMA"...there's nothing like that. if they are expensive u can go to gov. hospital. "price" is something u can't regulate. it's "competition standards" that can be regulated.price will adjust. there are thousands willing to offer bus service, but gov. dont give route license.if they do price will be low & consumer gets the benefit.

    ReplyDelete
  7. එතකොට doctor ලියන prescription එකෙන් pharmacy වලින් ලෙඩ්ඩු බෙහෙත් ගත්තම Pharmacy එක ඒ doctorsලගේ නම් ලියාගෙන අදාළ drug company වලට දෙන්නේ නැද්ද? drug companies වලින් රට සවාරි, තෑගී බෝග doctorsලට දෙන්නේ නැද්ද?

    Doctorsලා private practice එකේ lab tests, scans order කලාම private hospitals වලින් මාසේ අන්තිමට commission හම්බවෙන්නේ නැද්ද?

    ReplyDelete
  8. ape harak sudusukan nathi indiyawe baala dostharalagen kelawagaththata passe therei. ohoma yanko.

    ReplyDelete
  9. is it safe to take the medicine from an indian doc..

    ReplyDelete
  10. ලංකාව කියන්නෙ හැම ෙද්කම ෙපාඩි හරි අවුලක් තිෙයන රටක්..ඒක ෙදාස්තරලටත් අදාළයි. ඒයාලා අනිත් අයගෙ ලෙඩ බැලුවට ඒයාලගෙ ලෙඩෙ අහුවෙන් නෑ..නැත්නම් හංගනවා. ඒයාලට අැත්තටම හීනමානයක් තියෙනවා.. කවදාකවත් අායෙ ෙස්නක බිබිලෙ කෙනෙක් බිහිවෙන්නෑ... ඔය ෙදාස්තරලගෙ අවුල දැනගන්න පැරණි ඒක්ස් කණ්ඩායෙම් පෘථවිකරණය සහ හෙජමොනියේ නව ස්වරෑප කියවන්න. ඒතකොට හු්‍රගක් ෙදාස්තරලගෙ ලෙඩෙ අපිට අහුවෙනවා...

    ReplyDelete
  11. ලංකාවෙී දොස්තර වරැ කියන්නෙ මහ ඉරිසියාකාර හැත්තක්
    උන් හිතන් ඉන්නෙ උන්ට වඩා අය රටෙී නැහැ කියලා
    මුන් අහිංසක මිනිස්සු සූරා කන නිසාම ඉන්දියන් අය ගේන එක හරියටම හරි

    ReplyDelete
  12. දවසක් මම නුවර සුවසෙවනේ දොස්තර කෙනෙක් චැනල් කලා. ඌට ලෙඩේ කියන්න ගත්තා විතරයි බෙහෙත් ලියලා දීලා ඉවරයි. ලෙඩේ කියන්න හම්බ වුනේවත් නෑ. මාව පන්නගන්නයි හදිස්සිය තිබුනේ. මොකද පැය 2 ට ලෙඩ්ඩු 50ක් බලලා යන්න මුන්ට හදිස්සිය

    ReplyDelete
  13. @ ""....ape harak sudusukan nathi indiyawe..........ohoma yanko."" umba dannawada SL MBBS eke thathwe...p*** dunnama ques. denawa kiyalaa ratama dannawa..dan lakaawe faculty auto chuun ganna pot wela...un karana medical science ekak neha...so indian docs are no difference. both are crap. so we go for cheaper crap...:(

    ReplyDelete
  14. to guy mentioned " X- TEAM".. do u know any website of them? I've been searching for a while but didn't find one.

    ReplyDelete
  15. dostharala kiyanne irisiyakara haththak nam , ombala mulu haththa buruththa pitinma ungen beheth ganna yanne mona ehekatada........... umbalata ehenam gedarinma beheth tika hada gena beela hedarama mariyallako........ bana bana un gawatama yanne nathiwa.......... umbala umbalage daruwanta ugannane puthe kohoma hari dosthara kenek weyan kiyalana....... ehew eke dostharala gena irisiyawa thiyenne umbalage gawane....... umbala katawath hari umbalage pawulwala kata hari dosthara kenek wenna bari wechcha irisiyawata dostharalata benala wedak nane........ unta ugannanna rajayen karana viyadamama thamai umbalatath karanne... un amaruwen igenagena rate thanakata yana eka gena umbala harinam sathutu wenna ona....... nathnam rajayen viyadam karapu salli nasthi kalala apathayo wage dostharalata irisiyakarana ombalawade ewun thamai niyama kalakanni.......... apita ape lamai dostharala kara ganna bari wuna kiyala api e minissunta baninne ne...... api ledak unama beheth tikak ganna yanne e minissu langata.......... moko nathiwa umbalagen beheth gannaya........

    ReplyDelete
  16. SL education is bull***. katapaadam karana ponnayo set ekak pass wela medicine yanawa. exams don't check logcal, naturalistic,.. etc. intelligence as it's in other countries. Mervin silva MP una rate gobilayek doc. wena eka kajjakda? wrong people in wrong place.

    ReplyDelete
  17. Lankawe dostharala wenna bari una hama ekatama dostharalath ekka irisiyawak thiyanawa. Thamange lamayata AL pass wenna bariuna dawase indanma dostharalath ekka tharahai. thopita lankawe dostharalagen beheth ganna barinam thopi oona ratakata gihilla beheth ganilla. thopita lassana bill ekaka anthimata labevi doller walin. ethakota therevi lankawe doctorsla thopen aya karanne monatharam sochchamakda kiyala. Thopita Indiyawen ena goo bettak unath kate daganeevi.

    ReplyDelete
  18. methana pora talk dunnata ekma ekek wath indian karayangen beheth ganna yanawda ubala.

    ReplyDelete
  19. thopita hondanam apita mokada.we strike when mr fauzi imported some low quality saline.but the medias & this jelaousy rotten lot shouted against us.same thing happen when we protest against a low quality vaccine.go to hell.

    ReplyDelete
  20. Wena vadak nethnam me vagay gon article gana comment karanna kale nasthikaranna puluvani. Ara kiuvath vage goo betta unath shaaruklage ratenne!

    ReplyDelete
  21. lankawe dostharaka kiyanne amu kuhakayo jaathiyak.munta oone health service eke monopoly ekak maintain karanna.heath service eke inna other categories higher studies karala ihalata enawata mun kemathi nehe.hondama example eka thamai Allied health sciences & Nursing degree nathara karanna try karala berima thena mun eeka kohoma hari aurudu 3 ta adukala 4 ta international standard ekata hadala thibba degree courses.anika MBBS ekak aran aawama un hithan inne un doctorate ekak aran aawa kiyala.wena ratawalanam MD eka karana kan mun nikanma General practitioner netham physician.doctor nemei.mun kochchara gonda kiyanawa nam aurudu 4 MBBS eka doctorate ekakata samanawa piliganna kiyal illapu eun tikak.
    pahugiya dawas wala mun lejja nethuwa ahinsaka leddunge jeewitha billata thiyala room ekakata strike ekarapu heti dekkama lejjai..munge athara asahana kaarayo godai.leddunawa rape karana,anawashya widihata athapatha gaana,horen video karana...mun thamai real leddu :P

    ReplyDelete
  22. Jealousy towards doctors at the best of it! Thamusela nam maha pon**yo tikak! Indian doctors la ena ekata mama nam kemathiy! mata hodatama sure thamusela ekek wath unge lagata beheth ganna yanne naha! I have gone to Indian doctors! un maha amanayao jathiyak!

    ReplyDelete
  23. Thopi pitaratawala indan nikan pora talk denawa. Thopi pitaratawalata pena gaththe ayi? Thopi thope harda sakshiyen ahapalla. Thopita therenawa eunata kiyanne neha thopita wada kuhaka jathiyak neha kiyala. thopi bahutharayak rate salli kabasiniya karala apathayo wela igeneganne nethuwa nikan amaruwen katta kala igenagaththa dostharalata irisiya karanawata madiwata suddanta nikan p***th deela katha karanne aduma gane sinhalayage kelehi gune genawath hithanne nethuwa. Thopi kiyana widiyata dostharala nikan amanayonam egollo strike karahama kohomada leddu merenne? Nikan gon kuhaka talks....Indian docs should come to our country. Then only we realize how our docs clever.brainy,skillful,hard working and fair are...!

    ReplyDelete
  24. //වෛද්‍ය සභාවේ ලියාපදිංචියේදී අප දන්නා පරිදි මූලික වන්නේ අදාළ වෛද්‍යවරයා ඔහුගේ රටේ ලබා .තිබෙන ලියාපදිංචිය මිස ඔහු අධ්‍යාපනය ලැබූ ආයතනය නො වේ.

    ඔබ වැරදිය. වෛද්‍ය සභාව සලකා බලන්නේ අදාල ආයතනය මිස ආයතනය අයත් රට නොවේ. ඉන්දියාවේ මනිපාල් සරසවිය මෙලෙස පිළිගත්තත් එකෙස පිළි නොගන්නා ආයත්නද ඇත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා