රස්තියාදුකාරයන්ට ප්‍රාඩෝ

(2011 ජුලි13, W3Lanka) පළාත් සභා ක්‍රමය හේතුවෙන් සිදුවූයේ ගමේ සිටි රස්‌තියාදු පිරිස්‌වලට ප්‍රාඩෝ හිමිවීම පමණක්‌ බව ඇල්ලේ ගුණවංශ හිමි ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් දේශනා කළ හ. එම කියමන ජාතික හෙළ උරුමයෙන් හා ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් සභාවලට ගිය අයට ද අදාළ විය යුතු යයි අපි විශ්වාස කරමු. 


ඇල්ලේ හිමි මෙසේ පවසන අතර අලුතෙන් යොවුන් පාර්ලිමේන්තුවක් ද ලබන 16දා පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. පසුගිය දෙසැම්බරයේදී ඡන්ද පවත්වන ලද මෙම යොවුන් පාර්ලිමේන්තුව අද රැස් වෙයි, හෙට රැස් වෙයි කිය කියා සිටි නමුත් රැස් යන තෙක් රැස් වුණේ නැත. මංගල රැස්වීම ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන බව මුල සිට ම කියැවුණත්, ජුලි 16දා රැස්වීම පවා පැවැත්වෙන්නේ කතානායක චමල් රාජපක්ෂගේ මූලිකත්වයෙනි. යොවුන් පාර්ලිමේන්තුව ඇමති ඩලස් අලහප්පෙරුමගේ ව්‍යායාමයකි. 


ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ දේශනාව පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාව කැඳවා තිබුණේ ජාතික සංවිධාන එකමුතුව නම් ලාහ විසිනි. මෙය නියෝජනය කරන පුද්ගලයන් ම සංවිධාන වන අතර දේශාභිමානී ව්‍යාපාරය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංවිධානයයි.


මොනවා වුණත් එතුමන්ගේ මේ දේශනාවේ නම් ඇත්තක් ඇත.


දකුණේ සිංහලයෝ පළාත් සභා ඉල්ලුවේ නැත.  1987දී අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුම යටතේ 1988දී පළාත් සභා ගෙන ආවේ විශේෂයෙන් ම දෙමළ ජාතික දේශපාලන ඉල්ලීම්වලට විසඳුමක් ලෙස ය. එහෙත්, දෙමළ දේශපාලන නායකත්වය එය ප්‍රතික්ෂේප කළේ ය. අවසානයේදී සිදු වූයේ පළාත් සභා නො ඉල්ලූ සිංහල බහුතරයක් ජීවත් වන පළාත් හතක පළාත් සභා ක්‍රියාත්මක වෙද්දී දෙමළ බහුතරයක් ජීවත් වන උතුරු හා නැගෙනහිර පළාත්වල 1990 සිට වැඩි කාලයක් පළාත් සභා ක්‍රියාත්මක නො වීමයි.


උතුරු පළාතේ තවමත් පළාත් සභාව ක්‍රියාත්මක වන්නේ නැත.


ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සභා සාර්ථක වී නැත. ඒ වෙනුවට වෙනත් විසඳුමක් සෙවිය යුතු ය. 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දුන් බලය බෙදීම ඉක්මවා යාමට සහයෝගය දක්වන පිරිසක් ආණ්ඩුවේ ම සි‍ටිති.


වත්මන් ආණ්‌ඩුව බිහිකිරීමට මුල් වූ තමන් වැනි දේශප්‍රේමීන්ගේ මතවාදය යටපත් කොට බෙදුම්වාදී මතවාදය ඉස්‌මතු කරවීමට නෝර්වේ රටින් සල්ලි ගත් ආණ්‌ඩුවට පසුව එකතු වූ පිරිස්‌ කටයුතු කරන බව ගුණවංශ හිමියෝ දේශනා කළ හ.


උන් වහන්සේ මේ පසුව එක් වූ පිරිසගේ නම් දේශනා කළේ නැත. එසේ නො කළේ බිය නිසා ද කැත නිසා ද යන්න අපි නො දනිමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. etakota alle ruta nanda hari buddimatha da?

    ReplyDelete
  2. Janaka PriyadarshanaJuly 13, 2011 at 11:41 AM

    ඔහොම යනකොට හිමියො නම් ටිකත් දේශනා කරයි ..ඔහොම යං..තාම මහතැන් තට්ටෙ අතගාපුවට දිව පටලැවෙනව ඇති...

    ReplyDelete
  3. 13 විතරක් ද ඔය දෙය කලේ? ඔය ඒකීය ව්‍යවස්ථාව යටතේ උනෙත් රස්තියාදුකාරයෝ පැජරෝ ගත්ත එක තමා. ඒ විතරක් ද පන්සලේ බල්ලටත් බෙන්ස් කාර් ලැබුන. දොරටු පාලයෝ රජ උනා. යසලාලක තිස්සලා හිරේ වැටුනා. කහ සිවුර පාර්ලිමේන්තු වට ගියා. මහජන සම්පත් හොරා කන සෙල්ලම දක්වා සියල්ල පරිවර්තනය කලෙත් ඔය ඒකීය එක තමා.

    ඉක්මනට ලැප් ටොපය හදා ගන්න ලැබීම ගෙන සතුටට පත් උනා. මම හිතුව මොකද පරක්කු කියල. අර කවුද කීව විදිහට එස් බ්‍ ගෙන් නිකන් ලැප්ටොප් ගන්න බැහැ. ඕක අර දුප්පත් සිසුන්ගේ දෙමාපියන්ව නයකාරයෝ කරලා බැංකු වලින් සහ ලැප් ටොප් කොම්පැනි වලිං කොමිස් ගහන වැඩක්. නැතිනම් එයාලගෙම කොම්පැනියක් හදා ගෙන ගානක් හම්බුකරන ක්‍රමයක්.

    ReplyDelete
  4. @ w 3 lanka

    13 අසාර්ථක වුනේ දෙමල දේශපාලන නායකත්වය අකමැති වීම නිසා ඔබ කියනවා.මම හිතන විදිහට 13 කියන්නෙ හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඒකීය රාජ්‍යයක් තුල ක්‍රියාත්මක වෙන සැලකිය යුතු ස්වයංපාලන යාන්ත්‍රණයක්.මම විෂයක් විදිහට නීතිය හදාරනකොට 13 ගැන ලොකු අධ්‍යයනයක් කල කෙනෙක්.නමුත් 13 ට දෙමල දේශපාලන නායකත්වය කැමති නැහැ.මෙතනදී "විසදුම" වෙන්න ඕනෙ දෙමල දේශපාලන නායකත්වය කියල කියාගන්න ( දෙමල ධනපති පංතිය ) ඉල්ලන දේද?දකුනු අප්‍රිකාව වගේ රටක වුනත් අද ක්‍රියාත්මක වෙන්නෙ මධ්‍යයට බර තිබ්බ අර්ධ සන්ධීය ක්‍රමයක්.ඒක බොහෝ දුරට අපේ පලාත් සභාවන්ට පූර්ණ බලතල සහිත තත්වයකට සමානයි.ඉන්දියාවෙ වුනත් සන්ධීය ඒකකවලට තියෙන්නෙ පලාත් සභාවන්ට වඩා අමතර සරල බලයන් කිහිපයක් විතරයි.මහ ජාතික ජාතිවාදය හෙලා දකින ඔබ සුලු ජාතික ජාතිවාදයේ තියෙන මේ අන්තවාදී ස්වභාවය ගැන නිහඩ ඇයි?දෙමල ඉඩම් සිංහලයො අල්ලගන්නව කියල දැන් දෙජාස මන්ත්‍රීලා ගෙනියන උද්ඝෝෂණයයි මුස්ලිම් දෙමල උන්ට දකුනෙ ඉඩම් ව්‍යාපාර කරන්න දෙන්න බැහැ කියන හෙල උරුමයේ අදහසයි අතර වෙනසක් තියෙනවද?

    - ශාන්ත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා