රස්තියාදුකාරයන්ට ප්රාඩෝ
(2011 ජුලි13, W3Lanka ) පළාත් සභා ක්රමය හේතුවෙන් සිදුවූයේ ගමේ සිටි රස්තියාදු පිරිස්වලට ප්රාඩෝ හිමිවීම පමණක් බව ඇල්ලේ ගුණවංශ හිමි ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් දේශනා කළ හ. එම කියමන ජාතික හෙළ උරුමයෙන් හා ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් සභාවලට ගිය අයට ද අදාළ විය යුතු යයි අපි විශ්වාස කරමු. ඇල්ලේ හිමි මෙසේ පවසන අතර අලුතෙන් යොවුන් පාර්ලිමේන්තුවක් ද ලබන 16දා පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. පසුගිය දෙසැම්බරයේදී ඡන්ද පවත්වන ලද මෙම යොවුන් පාර්ලිමේන්තුව අද රැස් වෙයි, හෙට රැස් වෙයි කිය කියා සිටි නමුත් රැස් යන තෙක් රැස් වුණේ නැත. මංගල රැස්වීම ජනාධිපතිතුමන්ගේ ප්රධානත්වයෙන් පවත්වන බව මුල සිට ම කියැවුණත්, ජුලි 16දා රැස්වීම පවා පැවැත්වෙන්නේ කතානායක චමල් රාජපක්ෂගේ මූලිකත්වයෙනි. යොවුන් පාර්ලිමේන්තුව ඇමති ඩලස් අලහප්පෙරුමගේ ව්යායාමයකි. ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ දේශනාව පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාව කැඳවා තිබුණේ ජාතික සංවිධාන එකමුතුව නම් ලාහ විසිනි. මෙය නියෝජනය කරන පුද්ගලයන් ම සංවිධාන වන අතර දේශාභිමානී ව්යාපාරය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංවිධානයයි. මොනවා වුණත් එතුමන්ගේ...