නලින් ද සිල්වා, චතුස්කෝටිකය හා සමාජවාදය / Nalin de Silva, Chathuskotika and Socialism

(2011 ජුලි 31 W3Lankaතමන් විසින් ම නිර්මානය කර ගන්නා ලද නීති රීති පද්ධතියක් සහිත චතුස්කෝටික යයි කියන තර්කන අවකාශයක පාළු ගෙයි වළං බිඳීමේ ශූරයකු වී සිටි අනාථ අසරණ නලින් ද සිල්වා ඇණ ගත්තේ ආසනික් ප්‍රශ්නයෙන් ය.


ඊනි‍යා චතුස්කෝටික චින්තනයෙන් ගොඩනඟා ගන්නා ලද බව කියන බටහිර නො වන විද්‍යාවක මහිමයෙන් රජරට වකුගඩු රෝගයට හේතුව ලෙස ගවේශනය කර ගත් ආසනික් ප්‍රශ්නය නලින් ද සිල්වා විසින් ද්විකොටික චින්තකයන්‍ ලෙස හුවා දක්වන විද්‍යාඥයන් විසින් සාර්ථක ලෙස අභියෝගයට ලක් කරන ලදී. 


නලින් ද සිල්වාගේ චතුස්කෝටිකයට, දිවයින පත්තරයට, ඔහු අදහන කූ ක්ලක්ස් කෑලෑන් කල්ලිවලට, ජාතික හෙළ කරුමයට හා ආණ්ඩුවට බියේ බත් කන්නට  හා දත් මදින්නට පමණක් කට අරිමින් සිටි මේ සරසවි ඇදුරන් නැගී සිටි බලාපොරොත්තු නො වූ විරූ නැගී සිටීම හමුවේ වියරු වැටුණ නලින් ද සිල්වා හා ඔහුගේ අනුගාමිකයෝ ආසනික් සොයා ගන්නට තමන්ට උදව් කළ බව කියන මතු බුදු වන නාථ දෙවියන් අතහැර සීනිගම දෙවියන් වෙත ගොස් තමන්ට අභියෝග කළ පිරිස විනාශ කරන්නැයි පලි ගැසුවේ සිය ඊනියා සිංහල බුද්ධාගමේ නිරුවත ප්‍රදර්ශනය කරමිනි


කැලනිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති වන නලින් ද සිල්වා දැන් වියරුවෙන් මෙන් ඔහුගේ මතයට විරුද්ධව තර්ක කළ, කරුණු ගෙනහැර පෑ ආචාර්යවරුන්ට පරිභව කරමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන් ම ආචාර්යවරියන් ඔහුගේ වාචික හිංසනයන්ට ඉලක්ක වී ඇති බව ද, මේ පිළිබඳව එකී ආචාර්යවරුන් උප කුලපති සරත් අමුණුගමට පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ. 


දැන් චතුස්කෝටික චින්තනය නිකම් ම ද්විකෝටික හෝ ඒක කෝටික වී තිබේ. ඒ අනුව නලින් ද සිල්වා හරි ය; අනෙක් අය වැරදි ය. නලින් ද සිල්වාගේ මතයට පක්ෂ වන්නෝ දේශප්‍රේමියෝ ය; විරුද්ධ වන්නෝ බහුජාතික සමාගම් ඒජන්තයෝ ය. පක්ෂ වන්නෝ දිගු කල් ජීවත් විය යුතු ය; විරුද්ධ වන්නෝ අතු ගෑවී යා යුතු ය. 


තව දුරටත් යන්නේ නම්, රසායනික පොහොර හා පලිබෝධ නාශක එක පාරට ම, මුළුමනින් ම අත්හළ යුතු ය. පවතින දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය කඩා වැටුණහොත් ආහාර ආනයනය කළ යුතු ය. ඒවායේ ආසනික් තිබෙනවා නම් කළ යුත්තේ කුමක් ද යන්න අපි නො දනිමු. රටින් ගෙන්වූ ආහාර මිළ දී ගන්නට මුදල් නැති, වවන්නට ඉඩම් ද නැති දුප්පතුන් මිය යා යුතු ය. 


ධනේශ්වර වානිජ කෘෂිකර්මාන්තයට අප පක්ෂ බවක් මෙයින් අදහස් වන්නේ නැත. සමාජවාදී කඳවුරේ රටවල් විසින් ද පසුගිය සමයේ සමූහ ගොවිපළ තුළ ක්‍රියාත්මක කළේ මෙම ක්‍රමය ම ය. සුළු පරිමාණයෙන් අත්හදා බලන ලද, විකල්ප කෘෂිකර්මයක් ලෝකයේ තිබේ. එය අතීතකාමී එකක් ද නො වේ. මන්ද, වර්තමාන අභියෝග අතහැර අතීතයට පළා යාමට ප්‍රාර්ථනා කිරීම ද ප්‍රායෝගික නො වන, ඒ නිසා ම ප්‍රතිගාමී ද වන ක්‍රියාවක් බැවිනි. 


ලෝකයේ කෘෂිකාර්මික පරිවර්තනයක් කිරීම යනු සෙසු සමාජ, දේශපාලන පරිවර්තනයන්ගෙන් වෙන් කර ගත හැකි ක්‍රියාවලියක් නො වේ. අප නව සමාජවාදය ලෙස හඳුනා ගන්නා මෙම සමාජ, දේශපාලන අරගලය ප්‍රගතිශීලීන්ගේ එකකි. නලින් ද සිල්වා වැනි වාර්ගික හා ආගමික ස්වෝත්තමවාදියෝ, යුදවාදියෝ ආදීහු එදිනෙදා පැවැත්ම හා ජනප්‍රියත්වය වෙනුවෙන් ලෙලවන බොරු සටන් පාඨ අප සීරියස් නො ගත යුත්තේ එහෙයිනි. 


බටහිර විද්‍යාව ප්‍රශ්න කර ඇත්තේ නලින් ද සිල්වා පමණක් නො වේ. නව සමාජවාදීහු නලින් ද සිල්වාට වඩා ගැඹුරින් බටහිර දෘෂ්ටිවාදයන් ප්‍රශ්න කර ඇත. මාරියා මීස් එවැනි අයට එක් උදාහරණයකි. 


සායනික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සමාජයට හානිකර භින්නෝන්මාද රෝගීන්ගේ මතවාද, ක්‍රමවේද ප්‍රවර්ධනය කරන අයට අපි එක් අවවාදයක් කරන්නට කැමැත්තෙමු. ඔබ දායක වෙමින් සිටින්නේ නෝර්වේ මහා ඝාතනය කළ මිනිසා වැනි අය නිර්මානය කරන්නට ය. 


ජාති, ආගම්, කුල, ලිංගික ආදී සකලවිධ ස්වෝත්තමවාදයන්ට ‍එරෙහි වීම සමාජවාදය සඳහා අරගලයේ මූලික කොන්දේසියකි. අපි නලින් ද සිල්වා ගෙඩිය පිටින් ම ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසා ය.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. haa the socialists...good in criticizing and doing nothing as usual ...just empty rhetoric without any substance...

    ReplyDelete
  2. මේ දෙබිඩ්ඩෝ ටිකට මේ විදිහේ හොද මතවාදී අරගලක් ඇති කරන්න ඕනේ. නාථ දෙවියන්ගෙන් පණිවිඩේ අහගෙන එක විශ්වාස කරන නැති එවුන් ටිකට ගම් මිරිස් අබරලා කෙලවලා දැම්මහම හොදයි. ඊට පස්සේ මේ මෝඩචුන් ලා කියන දෙයක් අහගෙන අපිට ඉන්න පුළුවන්. පුතාව කොළඹ රාජකියේට යවලා ඊට පස්සේ බටහිර විශ්ව විද්‍යාලයකට යවලා උව බටහිර දැනුමෙන් සන්නද්ද කරලා , අපිට අයෙමත් පිරිවෙනකට ගිහිල්ල වැලි පිල්ලේ අකුරු ලියපල්ලා කියල තමයි මේ මහා විද්වතා කියන්නේ.

    අඹ යාලුවෝ නවකතාවේ සුදු අප්පෝගේ වලව්කාර අත්තම්මා , නිමල් කොලුවා ගැන හිතපු හැටි මතකද ????

    ReplyDelete
  3. මහාචාර්ය නලින් ද සිල්වාගේ බටහිර විරෝධය රෝගයකි.
    ඔහු මේ ගෝලාකාර ලෝකයේ බටහිර බෙදන්නේ කෙසේද? සම්මත දින රේඛාවෙන් ද? නැත්නම් යුරෝපය සහ ඇමරිකාව පමණක් බටහිරද? කියුබාව, ලතින් අමරිකානු රටවල් මොන ලෝකයේද?
    බටහිරට අපි විරුද්ධ විය යුත්තේ ඇයි?
    පෘථග්ජන ගතිය තමා වෙන් කර ගැනීමයි. සහයෝගය අවශ්යම විටකදී සමූහය ගැන සිතයි. පළමුව තම පවුලය. ඒ මදිනම් ගම, නැත්නම් ජාතිය ගැන කල්පනා කරයි. තවත් මදි වන විට තම කලාපය නැත්නම් මහාද්වීපය ගැන සිතයි.
    තවම එතුමාට ලෝකය අවශ්යන වී නැත. පෙරදිග ලෝකයෙන් සෑහීමට පත් වී තිබේ.
    තවත් කෙ‍නකුට ගම පමණක් ප්ර මාණවත් විය හැකිය. එවිට ඔහු අනෙක් ගම් වලට විරුද්ධ වීම නලින් ද සිල්වාගේ පෘථග්ජන ගතිය අනුව වැරැද්දක් නොවේ.

    ReplyDelete
  4. thopilage jvp eka gaha pitinma prathikshepa karanne ao kiyala hoyapan boruwata eka// mathayanta vahal wewi inne nathuwa makzvaadhii buuruwo ubala.........

    ReplyDelete
  5. Go to this link (http://www.kalaya.org/nds_books.html) and read the book "marxwadaye dharidrathavaya". Your mindset will be change about (stupid)marxism.

    ReplyDelete
  6. http://www.youtube.com/watch?v=QK-WWmqeHNo

    ReplyDelete
  7. First of all anyone must properly understand what Nalin Silva says before writing an article like this. I can't find anything wrong with Nalin's views. I will answer for one comment here. Someone had asked how do you separate West(Batahira) from others.You separate Batahira by the concepts not by land marks. Nalin has also said we must absorb (Awashosanaya karagamu)what is useful from Batahira too. But we must not blindly imitate Westies.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා