Posts

Showing posts with the label නලින් ද සිල්වා

සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!

Image
රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවාට නලින් ද සිල්වා විරුද්ධය.  මන්ද, එම ඉල්ලීම ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මීට කලින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂව කටයුතු කළ නිසාය. බලය බෙදාගැනීම ඊලමට පාර කැපීමකි. ඒ නිසා බලය බෙදාගැනීමට පක්ෂව කතා කරන අය ඊලමට කඩේ යන්නෝය. ඊලම වනාහි  ලෝකෙන් උතුම්ම ජාතිය වන සිංහල බෞද්ධයන් විනාශ කිරීම සඳහා වූ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි.  නලින්ද සිල්වාගේ චතුස්කෝටික තර්කනයට අනුව රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම යුදෙව්, ක්‍රිස්තියානි, බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. එම සටන් පාඨය ඉදිරිපත් කරන්නෝ එන්ජීඕ ඩොලර් කාක්කෝය. අධිරාජ්‍යවාදය භංග වේවා!  සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්! මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

නලින් ද සිල්වා, චතුස්කෝටිකය හා සමාජවාදය / Nalin de Silva, Chathuskotika and Socialism

Image
(2011 ජුලි 31   W3Lanka )  තමන් විසින් ම නිර්මානය කර ගන්නා ලද නීති රීති පද්ධතියක් සහිත චතුස්කෝටික යයි කියන තර්කන අවකාශයක පාළු ගෙයි වළං බිඳීමේ ශූරයකු වී සිටි අනාථ අසරණ නලින් ද සිල්වා ඇණ ගත්තේ ආසනික් ප්‍රශ්නයෙන් ය. ඊනි‍යා චතුස්කෝටික චින්තනයෙන් ගොඩනඟා ගන්නා ලද බව කියන බටහිර නො වන විද්‍යාවක මහිමයෙන් රජරට වකුගඩු රෝගයට හේතුව ලෙස ගවේශනය කර ගත් ආසනික් ප්‍රශ්නය නලින් ද සිල්වා විසින් ද්විකොටික චින්තකයන්‍ ලෙස හුවා දක්වන විද්‍යාඥයන් විසින් සාර්ථක ලෙස අභියෝගයට ලක් කරන ලදී.  නලින් ද සිල්වාගේ චතුස්කෝටිකයට, දිවයින පත්තරයට, ඔහු අදහන කූ ක්ලක්ස් කෑලෑන් කල්ලිවලට, ජාතික හෙළ කරුමයට හා ආණ්ඩුවට බියේ බත් කන්නට  හා දත් මදින්නට පමණක් කට අරිමින් සිටි මේ සරසවි ඇදුරන් නැගී සිටි බලාපොරොත්තු නො වූ විරූ නැගී සිටීම හමුවේ වියරු වැටුණ නලින් ද සිල්වා හා ඔහුගේ අනුගාමිකයෝ ආසනික් සොයා ගන්නට තමන්ට උදව් කළ බව කියන මතු බුදු වන නාථ දෙවියන් අතහැර සීනිගම දෙවියන් වෙත ගොස් තමන්ට අභියෝග කළ පිරිස විනාශ කරන්නැයි පලි ගැසුවේ සිය ඊනියා සිංහල බුද්ධාගමේ නිරුවත ප්‍රදර්ශනය කරමිනි කැලනිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා...

ආසනික් සිල්වලාගේ අලුත් දහං ගැටය කුමක් ද?

Image
‍ (2011 ජුනි 15,   W3Lanka )   ආසනික් සිල්වා බහුජාතික සමාගම් රූකඩයක් බව දිනමිණ සොයාගෙන ඇත. "ශ්‍රී ලාංකිකයාගේ ප්‍රධාන දේශීය ආහාරය වූ බත්; කෑමට ගැනීම එපා කරවීම සඳහා විවිධ උපායමාර්ග ක්‍රියාත්මක වේ. ඒ මගින් සහල් නිෂ්පාදනය දුර්වල කොට බහුජාතික සමාගම්වල ආහාර ද්‍රව්‍ය මෙරට ප්‍රචලිත කිරීම ඉහත උපායමාර්ගවල ඉලක්කය වී තිබේ.මෙබඳු උපක්‍රම ගණනාවක් පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතින අතර බහුජාතික සමාගම් හා එම සමාගම්වල දේශීය නියෝජිතයන් බත් කෑම එපා කරවීමේ කුමන්ත්‍රණයක යෙදී ඇති බවද දැනගන්නට ලැබේ. මෙරට සහල්වල ආසනික් රසායනිකය ඇතැ’යි යන ප්‍රචාරය ද ඉහත කුමන්ත්‍රණයේ එක් අදියරක් බව දැනගන්නට ලැබේ," යි දිනමිණ කියයි. මෙම ප්‍රචාරයේ ප්‍රමුඛයා බටහිර ‍මනෝ විද්‍යාව අනුව නම් දැනට සායනික ප්‍රතිකාර අවශ්‍ය භින්නෝන්මාද තත්වයක සිටින බව පෙනෙන ජාතික චින්තක ආසනික් සිල්වා ය. ඒ නිසා මේ කියන 'බහුජාතික සමාගම් හා එම සමාගම්වල දේශීය නියෝජිතයන්' ගණයට ඔහු ද අයක් විය යුතු ය. ‍‍චෝදනා කරන්නෝ ද චූදිතයෝ ද එක වල්ලේ පොල් නිසා අප ඒ ගැන කතා කරන්නට යන්නේ නැත. දිවයින කියන පරිදි, විවිධ සමාගම් විසින් ගෙන්වනු ලබන කෘෂි රසායන ...

චම්පිකට, නලින්ට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

Image
(2010 අප්‍රේල් 29 -  W3Lanka )  ලංකාවේ පාලකයන් විසින් මේ වන විට ඉදිරියට ගනිමින් සිටින්නේ කිසිදු සදාචාරයක් නැතිව සියල්ල විකුණාගෙන කන ධනවාදයකි. මේ ධනවාදී සැලැස්ම එක්සත් ජාතික පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මෙන් වෙනස් වන්නේ වර්තමානයේදී රාජ්‍ය අංශයේ ව්‍යවසාය වැඩි වීම නිසා ය. රාජ්‍ය ව්‍යවසාය යනු මහජන දේපල යයි වරදවා වටහා ගත යුතු නැත. ඒ වනාහි, දේශපාලන හා නිලධාරි තන්ත්‍රයේ ඉහළින් ම වැජඹෙන පිරිස්වලට ලාභ ලබා දෙමින් මහජනයාට බරක් වන සමාගම් මිස අන් යමක් නොවේ. මෙම කොල්ලකාරිත්වය නිරූපණය කරන කදිම නිදසුනක් වන්නේ මේ වන විට විල්පත්තු අභය භූමියේ සිදු වෙමින් පවතින මහා වන විනාශයයි. යුද්ධයේ නිමාවත් සමග දැන් විල්පත්තු වනයේ වෘක්ෂලතා හා වන සතුන් මුහුණ දෙන්නේ අලුත් යුද්ධයකටයි. ඒ වනාහි විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කිරීමේ දැවැන්ත මෙහෙයුමකි. ඒ අතර මහා දැව ජාවාරමක් ද සිදු වේ. ලංකාවේ මිනිස් ක්‍රියාකාරකම්වලින් අඩුවෙන් ම හානියට පත් වනාන්තර ප්‍ර‍දේශ පිහිටා තිබෙන වනාන්තරයකි, විල්පත්තුව. ජාතික වෘක්‍ෂලතා පනතට පටහැනි වන අයුරින් පුත්තලම – මන්නාරම මහාමාර්ගය ඉදිකිරීමට එරෙහිව මේ...