ආසනික් සිල්වලාගේ අලුත් දහං ගැටය කුමක් ද?

(2011 ජුනි 15, W3Lanka) ආසනික් සිල්වා බහුජාතික සමාගම් රූකඩයක් බව දිනමිණ සොයාගෙන ඇත.


"ශ්‍රී ලාංකිකයාගේ ප්‍රධාන දේශීය ආහාරය වූ බත්; කෑමට ගැනීම එපා කරවීම සඳහා විවිධ උපායමාර්ග ක්‍රියාත්මක වේ. ඒ මගින් සහල් නිෂ්පාදනය දුර්වල කොට බහුජාතික සමාගම්වල ආහාර ද්‍රව්‍ය මෙරට ප්‍රචලිත කිරීම ඉහත උපායමාර්ගවල ඉලක්කය වී තිබේ.මෙබඳු උපක්‍රම ගණනාවක් පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතින අතර බහුජාතික සමාගම් හා එම සමාගම්වල දේශීය නියෝජිතයන් බත් කෑම එපා කරවීමේ කුමන්ත්‍රණයක යෙදී ඇති බවද දැනගන්නට ලැබේ. මෙරට සහල්වල ආසනික් රසායනිකය ඇතැ’යි යන ප්‍රචාරය ද ඉහත කුමන්ත්‍රණයේ එක් අදියරක් බව දැනගන්නට ලැබේ," යි දිනමිණ කියයි.


මෙම ප්‍රචාරයේ ප්‍රමුඛයා බටහිර ‍මනෝ විද්‍යාව අනුව නම් දැනට සායනික ප්‍රතිකාර අවශ්‍ය භින්නෝන්මාද තත්වයක සිටින බව පෙනෙන ජාතික චින්තක ආසනික් සිල්වා ය. ඒ නිසා මේ කියන 'බහුජාතික සමාගම් හා එම සමාගම්වල දේශීය නියෝජිතයන්' ගණයට ඔහු ද අයක් විය යුතු ය. ‍‍චෝදනා කරන්නෝ ද චූදිතයෝ ද එක වල්ලේ පොල් නිසා අප ඒ ගැන කතා කරන්නට යන්නේ නැත.


දිවයින කියන පරිදි, විවිධ සමාගම් විසින් ගෙන්වනු ලබන කෘෂි රසායන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමේදී මෙරට තුළදී කිසිදු විද්‍යාත්මක පරීක්‍ෂණයකට ලක්‌ නොකරන බව පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් ජනරාල් අනුර විජේසේකර පෙරේදා (13 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පවසා ඇත.


කාර්මික තාක්ෂණ ආයතනය විසින් සහල් වර්ග 60ක් ආශ්‍රයෙන් කරන ලද පර්යේෂණ අනුව, රජය පවසන පරිදි ලංකාවේ සහල්වල ආසනික් නැත. පලිබෝධ නාශක 28ක් සම්බන්ධයෙන් ද කාර්මික තාක්ෂණ ආයතනය සිදු කළ පර්යේෂණවල දී ඉන් පලිබෝධනාශක දෙකක ඉතා සුළු වශයෙන් ආසනික් අඩංගු බවට තහවුරු වී ඇති බව වාර්තා වේ. එම පලිබෝධනාශක වර්ග දෙක විකිණීම, බෙදාහැරීම සහ ආනයනය මේ වන විටත් තහනම් කර ඇති බව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් අනුර විජේසේකර පවසයි.


කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින්ද සිල්වාගේ මූලිකත්වයෙන් සිදුකරන ලද පර්යේෂණයකින් රජරට ජලයට ආසනික් මිශ්‍ර බව හෙළි කරගනු ලැබ ඇත්තේ විද්‍යාත්මක ක්‍රමයකට නො ව, එම කණ්ඩායමේ සිටි පුද්ගලයකු අධයාත්මික බලයක් යයි සිතන මගකින් දෙවියන් සමග කළ සන්නිවේදනයකින් බව වාර්තා වේ.


ජාතිවාදී ආසනික් සිල්වා නඩය මේ මොහොතේ හිටිහැටියේ බත් කන මිනිසුන්ට එරෙහිව මෙවැනි ..... කේස් එකක් ඇද්දේ ඇයි? හුදෙක් සිය ආතුර මනස් නිසා ම ද? නැතිනම්, ඒ පිටුපස කුමක් හෝ ඔවුන්ගේ බල උපාය මාර්ගයක් හෙවත් ජාතියේ අපාය මාර්ගයක් තිබේ ද?


මෙහිදී පරිස්සම් විය යුතු කාරණය වන්නේ නැත්ත ඇත්ත කිරීමේ ලා මෙම බලවේගයට ඇති ශක්තියයි. ස්වාභාවික හේතූන් මත අපවත් වූ සෝම හිමියන් ක්‍රිස්තියානි හා බටහිර කුමන්ත්‍රනකරුවන් විසින් අපවත් කළ බවට කතාවක් නිර්මානය කර ඒ ඔස්සේ සුවිසල් දේශපාලන පිම්මක් පැනීමට මොවුහු සමත් වූ හ.


ආණ්ඩුව ජලයේ ආසනික් නැති බව පෙන්වීමට පාවිච්චි කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයයි. ආසනික් සිල්වාගේ නඩය බටහිර විද්‍යාත්මක ක්‍රමය ප්‍රතික්ෂේප කර බොහෝ කල් ය. ඔවුන් විසින් දිගින් දිගට ම කරන ලද ප්‍රචාරයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සිංහල සමාජය ද විද්‍යාව ප්‍රතික්ෂේප කර හමාර ය. ආසනික් සිල්වාගේ ජාතිවාදයෙන් අයිසිං කරන ලද අවිද්‍යාව දෘෂ්ටිවාදයක් ලෙස ලංකාව පුරා මුල් ඇද ඇත.


එසේ කීවා ම, ආසනික් සිල්වා මහා පොරකැයි කෙනෙකුට සිතෙනු ඇත. නැත. ඔහු කළේ අශිෂටත්වයෙන් ශිෂ්ටත්වයට පැමිණීමේ දුෂ්කර මගක ගමන් ගනිමින් සිටි සිංහල සමාජයට යළි අශිෂ්ටත්වයට කෙටි මඟක් පෙන්වා දීමයි. භින්නෝන්මාද රෝගීන් වන්දනා කරමින්, ඔවුන්ගෙන් බෙහෙත් කමින්, අනුශාසනා ලබමින්, බොරුවට බටහිරට බනිමින්, බටහිර ම කොපි කරමින් සිටින සමාජයක් හැදීම මහා වැඩක් නො වේ. නො දියුණු සමාජයන් කොයි එකත් එවැනි ය. අවිද්‍යාව, මිථ්‍යාව වැළඳ ගැනීමට මිනිසුන් තුළ සහජ ප්‍රවණතාවක් ඇත. මන්ද, ඒවා අඥානකම සමග බැඳී ඇති හෙයිනි. වඩා දුෂ්කර අරගලය වන්නේ සමාජයක් ප්‍රඥාවන්ත කිරීමයි.


බටහිර ද ඇතුළු ලෝකයේ ආභාසය ලබමින් ගොඩනැ‍ඟෙමින් තිබුණු සිංහල ජාතික චින්තනය විකෘති කළේ ආසනික් සිල්වලාගේ නඩයේ මැදිහත්වීමයි. දේශපාලනික වශයෙන් නාසිවාදයට, සියොන්වාදයට කිට්ටු වන ඔවුන්ගේ මතවාද ජාතියට ආසනික් ය. කෝටියකට මඳක් වැඩි පිරිස් බලයක් ඇති හුදකලා ජන වර්ගයක් වන සිංහලයන්ට ලාංකීය ජාතියක් ලෙස ගොඩනැ‍ඟෙමින් ඉදිරියට යන්නට ඉඩ නො දී, සිංහ‍ල ස්වෝත්තමවාදය වපුරා, සිය පිළිමල් මිතුරා වන දෙමළ අන්තවාදීන් සමග එක්ව, ලංකාව ලෝක බලවතුන්ගේ බල හා ආර්ථික උවමනාවන් ගැටෙන තැනක් බවට පත් කර, රට දෙකඩ වන තත්වයක් නිර්මානය කළේ මෙම බලවේගය විසිනි. සිංහලයාගේ අනාගතය උගසට තබමින් ඔවුන් මේ සියල්ල කළේ සිය පටු බල ව්‍යාපෘති වෙනුවෙනි. නෝබොඩීස් පිරිසකට සම්බොඩීස් වන්නට ය. නර්මාලාප දොඩන්නන්ට න්‍යායාචාර්යවරු වීම පිණිස ය. නිකමුන්ට රාජ්‍ය නායකයන් වීම පිණිස ය. ඒ සඳහා වඩා සුදුසු වන්නේ ප්‍රඥාවන්ත මිනිසුන් වඳ කර සමාජය අවිචාරශීලී මොබ් එකක් හෙවත් ජන රැළක් බවට පත් කර ගැනීමයි. 


මාක්ස් වන්දනා කරමින් සිටි ලංකාවේ රතු කමිසකාරයන්ට මෙම බලවේගය ඉදිරියේ රට අමුඩේ හුලිජ්ජ පහ වීම ඔවුන්ගේ ජයග්‍රහණයේ මූලික සාධකය විය. දෙමළ අරගලය හමුවේ ඇස ගිනි කණ වැටුණ ලංකාවේ සිංහල වාමාංශිකයන් දෙමළ ජාතිවාදයට යට වී ලාංකීය ජාතිය ගොඩනැඟීම අතහැර දමා දෙමළ ජාතියේ ස්වයං නිර්ණ හිමිකමට ලඝු වීම ලාංකීය ජාතියේ අභාග්‍යයකි.


ලංකාවේ සහල්වල ආසනික් ඇද්ද, නැද්ද යන්න අපි නො දනිමු. එහෙත්, කලක සිට ලංකාවේ ව්‍යාප්ත කරන ලද පොහොර හා පලිබෝධ නාශක මත රඳා පවතින විනාශකාරී වානිජ කෘෂිකර්මාන්තය හේතුවෙන් ලංකාවේ පස, ජලය හා පරිසරය ද, ආහාර හා මිනිස් සිරුර ද දූෂ්‍ය වී ඇති බව සත්‍යයකි. ගතානුගතික මාක්ස්වාදීන්ට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විකල්ප චින්තනයක් තිබුණේ නැත. ජාතික ස්වෝත්තමවාදය වැළඳගෙන දෙමළ විරෝධී යුද්ධයට ආවැඩුවා මිස, ඊනියා ජාතික චින්තකයෝ ද, බොරු හරිතවාදීහු ද බටහිර පන්නයේ වානිජ කෘෂිකර්මාන්තයට එරෙහිව කළ කිසිදු අරගලයක් නැත.


කොටින් ම, ජාතිකවාදී හිසක් සහිත මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් රනිල් වික්‍රමසිංහගේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් ගෝලීය ධනවාදයේ නව ලිබරල් වැඩසටහන ඒ අන්දමින් ම කොපි කරමින්, වඩා සාහසික ලෙස ක්‍රියාත්මක කරනවාට ඔවුන් කිසිදු විරෝධයක් පළ කළේ නැත. අධිවේගී මාර්ග, ගල් අගුරු බලාගාර වැනි පරිසර විරෝධී ව්‍යාපෘති ඔවුන්ගේ වර්ණනාවට පවා ලක් විය.


එවැනි පසුබිමක් තුළ නින්දෙන් නැගිට්ටා සේ හිටි හැටියේ ආසනික් කතාවක් මතු කර ගැනීම ඇත්තෙන් ම බරපතල සැකයක් ඇති කරන තත්වයකි. මේ කුමන දහං ගැටයක් ද යන්න ගැන රටට, ජාතියට සැබෑ ආදරයක් ඇති මිනිස්සු සෝදිසියෙන් සිටිය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. sir ,nalin de silva research papers penneuwe ne wagema janithala dammika lath research papers pennuwe nehe.nalin karayagen research paper ahana aya aragollantath arsenic nehe kiyala pennana experimental data penna kiyala kiyanne nethe ?

    ReplyDelete
  2. ලිපියෙ මුල් කොටස් වලට එකඟයි

    ReplyDelete
  3. පිස්සගෙන් වුනත් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න ඕනී,මිනිහා ජාතිවාදීවුනාට මොකද පොරගේ ටෝක්ස් අහලා තමා ගොඩක් අය නිදහස්ව හිතන්න පටන් ගත්තේ,,මිනිහා අන්තයටම යන එක තමා වැරැද්ද,,සුද්දට පුක නොදී ජාතිවාදීත් නොවී නිදහස්ව ඉන්න පුරුදු කලේ මිනිහා තමා මටනම්,,

    ReplyDelete
  4. කීවට වැඩක් නෑ, දිණමිණමයි බලන්නේ!

    ReplyDelete
  5. රට එක්ක තියන වෛරයට බ්ලොග් පඩංගු ලියන පැරකුම්බලාට වඩා ජුවන් ධර්මපාලලා හොඳය !

    ReplyDelete
  6. What Prof. Dhammika (Cyanobacteria)and This Arsenic group has not published and circulate their methodology, Results and the validity and reliability of their tests. It is questionable whether these tests were done in a accredited Laboratory.

    They are only making confusions among general public and among research community. Cause for the Kidney disease should be ascertained through a more scientific, valid, reliable study and through inter sectoral coordination (Medical People, Water, geology).

    For that matter what Prof. Bandra (Cadmium) one was also proved to be a non reliable study by other scholars, even though it was published in several journals.

    Until then please do not confused public with Illusions and Hallucinations, without any scientific evidence.

    ReplyDelete
  7. First, I would like to thank Prof. Silva for drawing the attention of the nation on this killer disease which lead to 20,000 deaths during last 20 years. This disease has two important epidemiological and clinical features: unique distribution of the disease over Rajarata, and the recent emergence and exponential expansion. As a doctor I can guarantee, no other previous hypothesis was able to explain these, except the Arsenic theory. What Prof. Silva's team presented in WHO Kidney Disease Conference was that, Arsenic released from Agrochemicals form stable chemical complexes with Ca and Mg in Hard water mostly in tube wells(85% Kidney ptients drink water from tube wells, Hard water map of Sri Lanka nicely match with disease map). When people drink such water, Arsenic damages the Kidney. To prove that, they showed the figures for high Arsenic levels in water, pesticides, soil, various plants, rice,and specially in Kidney Disease patients. Ignorant people look at the "God" part of the story and never try to understand the factual strength of the theory of Prof. Nalin's group. Recently Dr. Menike came up with a Cyanobacteria (these cannot live without sunlight) theory, but she could not explain the unique distribution of the disease and also she did a big mistake as she said she isolated Cyanobacteria from tube wells (cyanobacteria cannot live in tube wells as they do not get sunlight). This hypothesis was promptly rejected due to that factual error. Cadmium and Aluminium theories also have been rejected as those were unable to explain disease pattern. The other hilarious thing is, at least 2 of 28 Agrochemicals tested have been detected to be containing arsenic which cannot be there even in trace amounts. Now about 1000 agrochemicals are consumed in Sri Lanka. Is this tested sample size is enough to comment on 1000 agrochemicals. Dear friends, you may have your own problems with Prof. Nalin, but the factual strength of his hypothesis so high. Think before criticize.

    ReplyDelete
  8. එක් රැයින් උඩු යටිකුරු වූ ආසනික් කතා වස්තුව.
    http://www.gossip9.com/2011/06/blog-post_3589.html

    ReplyDelete
  9. පිස්සගෙන් වුනත් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න ඕනී,මිනිහා ජාතිවාදීවුනාට මොකද පොරගේ ටෝක්ස් අහලා තමා ගොඩක් අය නිදහස්ව හිතන්න පටන් ගත්තේ,,මිනිහා අන්තයටම යන එක තමා වැරැද්ද,,සුද්දට පුක නොදී ජාතිවාදීත් නොවී නිදහස්ව ඉන්න පුරුදු කලේ මිනිහා තමා මටනම්,,

    ReplyDelete
  10. [පිස්සගෙන් වුනත් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න ඕනී,මිනිහා ජාතිවාදීවුනාට මොකද පොරගේ ටෝක්ස් අහලා තමා ගොඩක් අය නිදහස්ව හිතන්න පටන් ගත්තේ,,මිනිහා අන්තයටම යන එක තමා වැරැද්ද,,සුද්දට පුක නොදී ජාතිවාදීත් නොවී නිදහස්ව ඉන්න පුරුදු කලේ මිනිහා තමා මටනම්,,]
    පුහ්.....

    ReplyDelete
  11. ගොයම් ගහ කියන්නේ අවුරුදු ගණනාවක් තියෙන ගහක් නෙවෙයි නේ.මාස 6 කින් ගහ අස්වැන්න ත් දීලා පිදුරු වෙලා දිරලත් යනවා.ඒක නිසා රසායනික පෙහොර නැතිව මීලග කන්නේ ඉදල වගා කළා නම් (සැලසුම් සහගතව) හාල් වල ආසනික් (තිබුණි නම් ) ඒ ප්‍රශ්නය ලේසියෙන්ම විසදෙනවා.කාටවත් බත් කෑම එපා වෙන්නේ නෑ.කාබනික පොහොර භාවිතය ගැන කෘශීකර්ම දෙපාර්තමේන්තුව ගොවියන්ව දැනුවත් කරයි.පොහොර වල ඇත්තටම ආසනික් තිබ්බත් නැතත් එතකොට ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
  12. Kathandara: If දිනමිණ say there is no "As" in a sample, If confirms that there is "As" in that sample.

    ReplyDelete
  13. 2006-2007 the suspect was Cadmium poisoning through fish (specially thilapiya). So there were news articles about this cadmium poisoning. A senior professor said "it is not good go to media without confirming it within different scientific groups. the reason is if Rajarata farmers stop eating fish, then they will lost their main animal protein source. The effect would be more harmful than the chronic cadmium poisoning. Behavior of general public is unpredictable. In this case I would appreciate if the researchers did the legal procedure in Sri Lanka (If legal system in SL is not functioning properly it is another issue). This "As" related kidney disease (If so) is a chronic one (so the sudden ban or sudden stop of eating rice will not effect much.). What I think is it would be nice to take this issue to Medical councils and scientific bodies and legal actions, even it takes time it will give a solid solution. Of course public awareness is important (but you can see how much the capability of absorbing things by our public). But it should come in better way. In this case I think Dr. Jayasumana has done some mistakes, but what he has found is (maybe) excellent/useful and have to consider seriously.

    ReplyDelete
  14. 100% correct.

    this Prof. sons live in USA. apita vitharai jathika hageema. moo para ballek.... mun thamai rata kanne

    Meka Gov. eke plan ekak.... pension siddiya vahaganna.....

    rahasenma pension ekath devi... nikan hitiyoth

    ReplyDelete
  15. නලින් ද සිල්වාට පිස්සු තමයි

    ReplyDelete
  16. hugak ma kanagatu SOMA hamuduruwo meekata gawagaththa eka,
    den oba thuma kiyanne soma hamuduruwonge maranaya swabawikai kiyala. kawda marana pareekshaka.. obada???
    soma hamuduruwo swabawikawa merune netha, apawath karaweena awajathaka kumantranayaka prathipalayaki,, namuth eda siti kalakanni ee prashnen lassanata beerennata waram laddoya,
    eda eeya jathika sanharayak kara nokaragannata katauthu kaleya.
    eya ese thibiyadi ada eya sadarani karanaya karannata yaama athishain sanweega janakaya,,,

    please prove it..

    ReplyDelete
  17. මේක ලියන ඔබ කියනා කාරන සමහරක් සත්‍යවන අතර සමහරක් අසත්‍යවේ. කෙසේ නමුත් මෙය නිරීක්ශනයේදි නිසැකවම කිවහැකි කරුනක් වන්නේ ඔබ ක්‍රිස්තු භක්තිකයෙකු බවයි.තවද බොහෝ විට මැදිවයසේ පුද්ගලයෙකු බවත්ය.
    මිනිසුන් නිසා බුද්ද දර්ශනයට අගරු නොකරන්න.

    ReplyDelete
  18. ජයශ්‍රී: දන්නවද ගොයම් ගහට As එනවිදිය? ඔය කියන පරියෙෂකයන්ට අනුව As සහල්වල තියනවනම් එක එන්නේ කොහොමද කියල ජයශ්‍රී හරියටම දන්නවද. හරි අපි කියමු සහල්වල As තියනවා කියල. එතකොට ඒ As එන්නේ පරිබෝදනාශක වලින් නම් එහෙම වෙන්න ක්‍රම ගොඩක් තියනවා. ඒවායින් කිහිපයක්: 1. කෙලින්ම පරිබෝදනාශක වලින්. 2. පරිබෝදනාශක මිශ්‍ර වුනු වතුර කලවම් වීමෙන්, 3. පරිබෝදනාශක කලවම් වුනු පසින්. මේ කියපු ඒවායින් ඔය මුල් එක විතරයි ඔය කියපු විදියට නැතිවෙන්නේ. පසට කලවම් උන එව්වයේ බලපෑම් නැතිවෙන්න දශක ගණනාවක් යන්න පුළුවන්. (තව පොඩි කතාවක් කියන්නම්, ඔය ලොකවේ ඉස්ස ර වග කරපු සහල් වර්ග වල පලදාව දැන් ක්ර්මිනාශක වලින් වගා කරන ඒවගේ පලදාවට වඩා කිඉප ගුණයක් අඩුයි. එතකොට එකපාරම organic ක්‍රමයකට යන්න අමාරුයි. ................

    හරි දැන් මම එන්නම් point එකකට: ඔය As කතාව හරියට විද්‍යාත්මකව ඔප්පුකරපු එකක් නෙවෙයි (මම දන්නා විදියට ඔයවගේ සාමාන්‍ය ජනතාවට සංවේදී කාරණාවලදී පරියේෂකයෝ ඔය විදියට ක්‍රියා කරන්නේ නැහැ. තමන් හොයාගත්තු දේවල් තවත් කණ්ඩායම් අතර සාකච්චා කරලා, වෙනත් ක්‍රම වලින් තහවුරු කරනවා). තමන් හොයාගත්තු දේවල් Prereview -Journals වල පබ්ලිෂ් කරනවා. මෙතෙන්දි ඔය මොකුත් වෙලා නැහැ. එක හින්ද As කතාව ඇත්තද බොරුද කියන එකත් සැකයක්. පලමුව්නෙම සැකය දුරු කරගන්න ඕනි. දැනට තියන නීතිමය ක්‍රියා මාර්ග ගන්න ඕනි. මට පෙනේනෙන් පරියෙෂකයෙක් දේශපාලනය ආපුවහම වෙන වැරැද්ද ජසුමන දේශපාලක තුමා කරලා තියනවා (ඔහුට ජයසුමන් පරියේශකය වීමට හැකියාව ලැබවයි පතමි)

    ReplyDelete
  19. meka liyala uba,maha porak wenda epa,ube oluweth thiyenne batahirata horen pukadenda,pako reguwa kare niyama tests eka.gon ballo maharaja(koti hadata)puka deele tho dan renne katinda,meken thota hoda ganak hamba wenda athi,yako thoge hath muthu parapuratama hena gahanawa,.

    ReplyDelete
  20. දිණමින බලනවට වඩා හොඳ නැදද බයිබලේ හරි කුරානෙ හරි බැලුවනන්. මොකද ඒවගෙ තියෙන්නෙ ඕකට වඩා හොඳ පච.....ොකද ඒවගෙ තියෙන්නෙ ඕකට වඩා හොඳ පච.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා