කොටින් යටත් වූ පොලිස් භටයන් 600ක් මරා අදට 21 වසරයි

(2011 ජුනි 11, W3Lanka) 1990දී, එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී, ජනාධිපති විසින් පොලිස්පති ෆ්‍රෑන්ක් ද සිල්වා හරහා ලබා දෙන ලද නියෝගයකට අනුව කොටි සංවිධානයට යටත් වූ පොලිස් නිලධාරීන් 600ක් දෙනා කොටින් විසින් මරා දමා අදට 21 වසරකි.


1990 ජුනි මස රජයේ නියෝගය අනුව ආයුධ බිම තබා යටත් වූ මෙම සිංහල හා මුස්ලිම් ජාතික පොලිස් නිලධාරීන් කොටි සංවිධානය විසින් කල්කුඩා පරණ පොලිසිය හා කල්කුඩා ජැටිය අසලදී මරා දමන ලද බව කියැවේ.


පොලිස්පති ෆ්‍රෑන්ක් සිල්වා විසින් යුද සන්නිවේදන උපකරණ මාර්ගයෙන් මෙම යටත් වීමේ නියෝගය ලබා දුන් පසු එවකට කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායක කරුණා අම්මාන් ද සන්නිවේදන මාර්ග ඔස්සේ කතා කර, පොලිස් ස්ථානයේ සුදු කොඩියක් ඔසවා යටත් ව පැමිණෙන පොලිස් භටයන්ට අම්පාර සිට ආරක්ෂිතව නිවෙස් කරා යාමට පහසුකම් සලස්වා ඇති බව පැවසූ බව එදා යටත් නො වී පණ බේරා ගත් පොලිස් නිලධාරීහු පවසති.


එහෙත්, පසුගියදා උගත් පාඩම් කොමිෂම හමුවේ සාක්කි දුන් කරුණා අම්මාන් පැවසුවේ මෙම පොලිස් නිලධාරීන්ගේ ඝාතනයට වගකිව යුත්තේ කොටි නායක ප්‍රභාකරන් හා බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් බවයි.


ලංකාවේ ජාතීන් අතර තිරසාර සංහිඳියාවක් ඇති වීමට නම් මෙබඳු සියලු සිද්ධිවල සත්‍යය හෙළි විය යුතු ය. වාර්තා ගත විය යුතු ය. ඒ හා සම්බන්ධ වග උත්තරකරුවන් වගකීම් භාර ගත යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ අය මරපු කරුණා ඇමති කෙනෙක් , එතෙන්ට වැඩ සලස්වපු ප්‍රේමදාස උන්නැහෙගේ පුතා . තාත්ත ගැන කිය කියා යුඑන්පියේ අංක එකේ දේශප්‍රේමීයා වෙන්න දත කනව

    ReplyDelete
  2. දරුස්මාන් ඕවට අන්ධයි.

    ReplyDelete
  3. akanam hoda wadak

    ReplyDelete
  4. jayasrii neeela pottayek

    ReplyDelete
  5. ලැජ්ජ නැද්ද පැරකුම් සංහල ගෝත්‍රවාදෙට කඩේ යන්න?

    ReplyDelete
  6. දරුස්මාන් විතරයෑ ජයශ්‍රීත් ඕවට අන්ධ නොවෑ

    ReplyDelete
  7. ක්‍රිෂ්ණාJune 12, 2011 at 11:01 PM

    කට්ටිය තේරුම් ගන්න ඔන මහින්ද කුණු විකුණන්න දක්ෂයා,මහින්දයා තරම් හොඳට මේ දවස් වල කාටවත් කුණු විකුණන්න බෑ කියලා.ජ.වි.පෙ මහින්දත් එක්ක ගත්තම කුණු කංකාණියෙක්,සජිත් මහින්දගේ කුණු එජන්තයෙක්.

    ReplyDelete
  8. මිනිස්සු චූන් කරවන්න ආණ්ඩුවයි ජෙප්පොයි පරණ කුණු තර‍ඟෙට අවුස්සනවා... බලමු ජූලි මාසෙ අග වෙද්දි අහිංසක දෙමළ මිනිස්සු සිය ගාණක් නිකරුණේ මරල දාපු කළු ජූලියත් මේ දෙගොල්ලන්ට මතක් වෙයිද කියල

    පුලුවන් නං එදාටත් දාන්න ඒ ඝාතන වලට වග කිවයුතු කට්ටිය තාමත් අපේ ‍සමාජය පුරා යහතිං ඉන්න බවත්.

    කරුණාකරල තර‍ඟෙට කුණු අවුස්සන්න එපා. ආණ්ඩුව ඔය කතාව කියන්නෙ ‍මිනිස්සුංගෙ හිතේ ප්‍රභාකරන් (එමඟින් රනිල්, ජෙප්පන්) ගැන වෛරයක් ඇති කරන්න. ඔහෙලා ඔය කතාව කියන්නෙ මිනිස්සුංගෙ හිතේ කරුණා (එමඟින් මහින්ද, බැසිල්, ගෝටා) ගැන වෛරයක් ඇති කරන්න. දෙගොල්ලන්ටම පේන්නෙ නැති දේ තමයි ඒ එක්කම සිංහල මිනිස්සුංගෙ හිතේ දෙමළ මිනිස්සු ගැන වෛරයක් ඇති වෙනවා කි‍යන එක.

    කලු ජූලිය ඇයි මේ වගේ සමරන්නෙ නැත්තෙ. (මං නං කියන්නෙ මේ දෙකෙන් එකක් වත් මතක් කරන්නවත් සුදුසු දේවල් නොවෙයි). ඇයි මේ තමංගෙ පැත්ත වැඩිකරගන්න කුහකකම් කරන්නෙ. කරුණාකරල සිංහල දෙමළ (සහ මුස්ලිම්) මිනිස්සුන්ට මේ රටේ එකට ජීවත් වෙන්න පුලුවන් වාතාවරණයක් ඇති කරන්න මහන්සි ගන්නවද? හැමෝටමයි මං මේ කියන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා