Posts

Showing posts with the label කරුණා අම්මාන්

කරුණාගේ පොලිසි කතාව / Karuna Amman on Sri Lanka police

Image
ශ්‍රී ලංකාවේ දෙමළ, සිංහල, මුස්‌ලිම් පොලිසි කියා තුන් වර්ගයක පොලිසි නොමැති බව ද, ශ්‍රී ලංකාවටම ඇත්තේ එක්‌ පොලිසියක්‌ බව ද, එය ශ්‍රී ලංකා පොලිසිය බව ද, උතුරට දෙමළ පොලිස්‌ නිලධාරීන් යෙදවිය යුතු බවට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙක් ප්‍රකාශ කර ඇත.  මේ ඇමතිවරයා වනාහි නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ය.  සභාවේ සිනා ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කොටින් යටත් වූ පොලිස් භටයන් 600ක් මරා අදට 21 වසරයි

Image
(2011 ජුනි 11,   W3Lanka )   1990දී, එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී, ජනාධිපති විසින් පොලිස්පති ෆ්‍රෑන්ක් ද සිල්වා හරහා ලබා දෙන ලද නියෝගයකට අනුව කොටි සංවිධානයට යටත් වූ පොලිස් නිලධාරීන් 600ක් දෙනා කොටින් විසින් මරා දමා අදට 21 වසරකි. 1990 ජුනි මස රජයේ නියෝගය අනුව ආයුධ බිම තබා යටත් වූ මෙම සිංහල හා මුස්ලිම් ජාතික පොලිස් නිලධාරීන් කොටි සංවිධානය විසින් කල්කුඩා පරණ පොලිසිය හා කල්කුඩා ජැටිය අසලදී මරා දමන ලද බව කියැවේ. පොලිස්පති ෆ්‍රෑන්ක් සිල්වා විසින් යුද සන්නිවේදන උපකරණ මාර්ගයෙන් මෙම යටත් වීමේ නියෝගය ලබා දුන් පසු එවකට කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායක කරුණා අම්මාන් ද සන්නිවේදන මාර්ග ඔස්සේ කතා කර, පොලිස් ස්ථානයේ සුදු කොඩියක් ඔසවා යටත් ව පැමිණෙන පොලිස් භටයන්ට අම්පාර සිට ආරක්ෂිතව නිවෙස් කරා යාමට පහසුකම් සලස්වා ඇති බව පැවසූ බව එදා යටත් නො වී පණ බේරා ගත් පොලිස් නිලධාරීහු පවසති. එහෙත්, පසුගියදා උගත් පාඩම් කොමිෂම හමුවේ සාක්කි දුන් කරුණා අම්මාන් පැවසුවේ මෙම පොලිස් නිලධාරීන්ගේ ඝාතනයට වගකිව යුත්තේ කොටි නායක ප්...

කරුණ රසය දනවන කරුණා අම්මාන්

Image
‍ ( 2010 දෙසැම්බර් 15,  W3Lanka )  එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර පළාතේ අණදෙන්නා සහ නියෝජ්‍ය නායකයා වූ කරුණා අම්මාන් ප්‍රසිද්ධව සිටියේ කොටි සංවිධානයේ දැඩි ම මතධාරියකු ලෙසයි. පසුගිය සටන් විරාම සමයේ පවා ඔහු හැසිරුණේ අනම්‍ය ස්වරූපයකිනි. බොහෝ දැඩි මතධාරීන්ගේ දැඩි මත ඔවුන්ගේ මෘදු අභ්‍යන්තරය වසාගෙන සිටින පිට කටු පමණක් බවට සාක්ෂි ඕනෑ තරම් ඇති අතර කරුණා අම්මාන් ද ඒ සඳහා ප්‍රබල සාක්ෂියකි. උගත් පාඩම් හා සංහිඳියා කොමිෂම ඉදිරියේ සාක්ෂි දුන් කරුණා අම්මාන් 1990දී දෙවන දෙමළ ඊලාම් යුද්ධය ආරම්භ වන අවස්ථාවේ කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කරන ලද බව පිළි ගත්තේ ය. වැඩේ කියන්නේ ඒ වන විට නැගෙනහිර කොටි නායකයා ව සිටි කරුණා අම්මාන් එහි සිට නැත. ඔහු සිටියේ යාපනයේ බව ඔහු කියයි. ඔහු සිටියා නම් සමහර විට මෙම යුද අපරාධය සිදු නො වන්නට තිබුණා ය කියා ප්‍රකාශ කිරීමේ උවමනාවක් කරුණා අම්මාන්ට තිබෙන්නට පුළුවන. වැරදි කර අසු වූ විට කවුරුත් කියන්නේ ඔහොම තමයි ය. කරුණා අම්මාන් ගොදුරු වී ඇත්තේ අනුකම්පාව දනවන ඉරණමකටයි. කොටි සංවිධානය විසින් ඔහු පිළිබඳ ගන්නා ලද තීරණයට...

යාපනයේ මෝඩ දෙමළු මුස්ලිමුන් පන්නා වසර විස්සයි | 20 years after the expulsion of Muslims from Jaffna

Image
කාතන්කුඩි පල්ලියේ සංහාරයෙන් මෙහොතකට පසු ( 2010 නොවැම්බර් 15,  W3Lanka )   කොටි සංවිධානය මුස්ලිම් වැසියන් උතුරෙන් පන්නා දමා වසර 20ක් නිහඬව ම ගෙවිණි. වැඩිය සද්ද නැති වුණේ මහින්ද රාජ සමයේ සාම ව්‍යාපෘති කරන රාජ්‍ය නො වන සංවිධානවල ලාච්චු හිස් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. නැතිනම් විස්ස කියන්නේ විස්ස පරවගෙන ඉන්න සංඛ්‍යාවක් නො ව ලක්ෂ විස්සකවත් සෙලිබ්‍රේෂන් එකක් කරන්නට වටින අංකයකි.  කොටින් විසින් කරන ලද වාර්ගික ශුද්ධ කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සැලකිය හැකි මෙම නීච ක්‍රියාව පිළිබඳ ඇති තරම් ලියැවී ඇති බැවින් තවත් ලියන්නට උවමනා නැත. ප්‍රසන්න විතාගගේගේ ඉර මැදියම චිත්‍රපටයේ මේ පිළීබඳ කලාත්මක නිරූපණයක් ඇත.  කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් එල්.ටී.ටී.ඊ. නැගෙනහිර බලකාය මඩකලපුවේ කාත්තන්කුඩි පල්ලියේ යාඥා කරමින් සිටි මුසල්මානයන් 147ක් සංහාරය කළේ යාපනයෙන් මුස්ලිමුන් පළවා හැරීමට මාස කීපයකට පෙරයි. කොටි සංවිධානයට හිතවත් පිරිස් මෙම සිද්ධි පිළිබඳ පසු කලෙක කළ පැහැදිලි කිරීම මෙසේ ය: 'මේ පිළිබඳව විමුක්ති කොටි කණගාටු වෙනවා. ඒ බව මුස්ලිම් වැසියන්ට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා. නැවත එවැන...

විසි වසරකට පෙර කරුණා අම්මාන්ගේ කොටි සංවිධානය විසින් යටත් වූ පසු මරා දමන ලද පොලිස් නිලධාරීන්ගේ කතාව යළි අවධානයට

Image
( 2010 ඔක්තෝබර් 21,  W3Lanka )   1990 ජුනි මාසයේදී දෙවන ඊලාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ඒ වන විට වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිගේ ප්‍රධානත්වයෙන් පැවති නැ‍ඟෙනහිර පළාත් සභාව යටතේ නැ‍ඟෙනහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 600ක් යටත් වූ පසු  කොටි සංවිධානය විසින්   ජාත්‍යන්තර යුද නීතිවලට පටහැණිව මරා දමන ලද සිද්ධිය පිළිබඳ කොටි සංවිධානයේ නැගෙනහිර පළා‍තේ හිටපු නායකයා හා හිටපු නියෝජ්‍ය නායකයා වූ කරුණා අම්මාන් හෙවත් දැන් නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් සමාව ගත යුතු බව ඊයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම හමුවේ සාක්කි දෙමින් නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් පැවසී ය. මෙම සිද්ධියේදී එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වන්නට නියෝග දුන් බව වාර්තා වේ. කොටි සංවිධානයේ භාරයට පත් වූ පොලිස් නිලධාරීන් ගණන 1000ක් පමණ වන අතර එයින් 630ක් අතුරුදහන් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පෙළ ගස්වා වෙඩි තබන ලද බව වාර්තා වේ. මේ අතරින් බහුතරය සිංහලයෝ හා මුස්ලිම්වරු ය.  කරුණා අම්මාන් 2003දී කොටි සංවිධානයේන් බිඳී වෙන් වී...

නැගෙනහිර බැසිල්කරණය අතේ පත්තු වේ. පිල්ලෛයන් මහින්දට සපෝට් නැහැ!

Image
(2009 නොවැම්බර් 29 - W3Lanka ) රාජපක්ෂ පවුල විසින් බැසිල් රාජපක්ෂ හා ආණ්ඩුකාර හිටපු නාවික හමුදා නිලධාරි මොහාන් විජේවික්‍රම හරහා පවත්වාගෙන යන පළාත්සභාව අභිභවා රෙජිමේ ආධිපත්‍යය පැතිරවීමේ ක්‍රියාමාර්ගය අතේ පත්තු වී තිබේ.  නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කර තිබේ.  රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළා‍තේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව දැන් TMVP පවසයි. කොටි සංවිධානයෙන් බිඳී අතුරු හමුදාවක් ලෙස ක්‍රියාත්මක වී පසුව ගොඩනැඟුණු TMVP පක්ෂය ඇමති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යොදවා අභ්‍යන්තර අර්බුද ඇති කොට බිඳ දමන ලද අතර පිල්ලෛයන්ගේ පෞද්ගලික ලේකම් පවා කොළඹ ආසන්නයේදී ඝාතනය කරන ලදී. මේ අතර,...

මාර සෙනඟ වට කරගෙන යම යුද්දේ - පිල්ලෛයන් මැතිඳු අද තනියම වෙල මැද්දේ

Image
(2009 සැප්තැම්බර් 18 - ) පාලක සන්ධානයෙන් ඡන්දයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් ලැබ නැඟෙනහිර පළාත් මහ ඇමති පදවියට පත් වී සිටින සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් නමැති කලින් කොටි සංවිධානයේ හා පසුව කරුණා කණ්ඩායම නම් අතුරු හමුදාවේ සිටි සටන්කරුවා සහ රජය අතර නොහොඳ නෝක්කඩුවක් ඇති වී තිබේ. අලුත්ම සිද්ධියේදී නැඟෙනහිර පළාත් සභාවේ ලේකම් වී. බාලසිංහම් නමැති සැට විය සපුරා සිටින නිලධාරියාගේ සේවය දීර්ඝ කිරීම පිළිබඳ විරෝධය පාමින් පළාත් සභා බලතල අනුව ලේකම් පත් කිරීමේ බලය ඇත්තේ තමන්ට බව පෙන්වා දෙමින් ජනාධිපතිට ලිපියක් යවා තිබේ. මීට පෙර නැඟෙනහිර පළාත් සභාවට අයත් ඉඩම් මධ්‍යම ආණ්ඩුව විසින් සමාගම්වලට බදු දීම ද පිල්ලෛයන්ගේ විරෝධයට තුඩු දුන්නේය. නැ‍ඟෙනහිර පළාත් සභාවේ කටයුතු සඳහා ආණ්ඩුකාරවරයා කරන අත පෙවීම් සහ පළාත් සභා බලය ඉක්මවා ජනාධිපති උපදේශක සහ සහෝදර බැසිල් රාජපක්ෂ පළාතේ කරන කාර්යයන් පිල්ලෛයන්ගේ නොසතුටට හේතු වී තිබෙන බව වාර්තා වේ. ළමා සොල්දාදුවකු ලෙස කොටි සංවිධානයට බැඳී එහි ප්‍රධාන නොවන නිලයක කටයුතු කළ පිල්ලෛයන් ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙහි අත්දැකීම් ඇත්තකු නොවේ. ඔහු සමීපයේ සිටි දක්ෂ සංවිධායකයකු ...

ශ්‍රී ලංකා යුද හමුදාවට දෙමළ වාර්ගික ඒකකයක්

Image
ලංකාවේ හමුදාවේ අති බහුතරයක් සාමාජිකයන් සිංහල වුවත්, එය ශ්‍රී ලංකා හමුදාව ලෙස මිස සිංහල හමුදාව ලෙස වාර්ගික අනන්‍යතාවකින් මෙතෙක් හඳුන්වනු ලැබුවේ නැත. එහෙත් රජයේ ජාතික ඒකාබද්ධතා ඇමති වන කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් පවසන පරිදි ළඟදීම හමුදාවට දෙමළ රෙජිමේන්තුවක් එක් වනු ඇත.මෙය අප දන්නා පරිදි ලංකාවේ හමුදා ඒකකයකට වාර්ගික අනන්‍යතාවක් ලබා දෙන පළමු අවස්ථාවයි. කරුණා අම්මාන් සමග සිට රජයේ අතුරු හමුදා බවට පත් වූ හිටපු කැරැළිකරුවන් 900ක් ‍යුද හමුදාවට බඳවාගැනීම මේ දිනවල සිදුවෙමින් ඇති බවද, 600ක් දැනටමත් බැඳී අවසන් බවද කරුණා අම්මාන් මාධ්‍යවලට කීවේය.  මීට කලින්ද හමුදාවට වතුතරයෙන් හා මුස්ලිම් ජනයා අතරින් පිරිස් සුවිශේෂ කොට බඳවා ගනු ලැබූමුත් වෙනම හමුදා ඒකක එකී වාර්ගික කණ්ඩායම් නමින් ගොඩනඟනු ලැබුවේ නැත.