කරුණාගේ පොලිසි කතාව / Karuna Amman on Sri Lanka police

ශ්‍රී ලංකාවේ දෙමළ, සිංහල, මුස්‌ලිම් පොලිසි කියා තුන් වර්ගයක පොලිසි නොමැති බව ද, ශ්‍රී ලංකාවටම ඇත්තේ එක්‌ පොලිසියක්‌ බව ද, එය ශ්‍රී ලංකා පොලිසිය බව ද, උතුරට දෙමළ පොලිස්‌ නිලධාරීන් යෙදවිය යුතු බවට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙක් ප්‍රකාශ කර ඇත. 


මේ ඇමතිවරයා වනාහි නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ය. 


සභාවේ සිනා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සබාවේ සිනා කෙසේ වෙතත් දෙමළ භාෂාවෙන් වැඩ කළහැකි නිලධාරීන් යෙදවීමෙන් උතුරේ ජනතාවට පහසුවක් සැලසේ. බ්ලේක් මහතාට දෙමළ වර්ගවාදය හොදය සිංහල වර්ගවාදය නරකය අපට නම් ඔය මොන වර්ගවාදයත් විසය.

    ReplyDelete
  2. මෙතන හිනා වෙන්න දෙයක් නං නෑ.

    ReplyDelete
  3. At least he had guts to tell this.

    ReplyDelete
  4. කරුණාගේ කථාව ඇත්ත තමයි.කරුණා ඒක තේරුම් අරන් තමයි LTTE එකෙන් අයින් වෙන්න ඇත්තෙ.

    ReplyDelete
  5. කරුනා ltteඑකට කඩේයන කාලේ මේ මොලේ තිබුනේ කොහේදැය් සිතේ .ඒවා මතක් වනවිට අතනටත් කොනකින් සිනා නැගේ කෙසේ වෙතත් බ්ලේක් කියූ නිල නොවන හමුදා විසිරුවාදමිම කාගේත් යහපතයට හේතු වේ එලෙසම ඉහලින් අදහස්දමා ඇති බුද්දිකගේ කතාවටසම්පූර්නයෙන් එකග වෙමි.

    ReplyDelete
  6. කරුණා මේ කරන්නේ ආණ්ඩුවේ කොන්තරාත්තුව. එහෙම උනොත් විතරයි උට යහතින් ඉන්න පුළුවන්. එකයි සභාවේ සිනා.

    ReplyDelete
  7. හෙහ්...හෙහ්....කරුණා දැන් වත් එහෙම හිතන එක බොහොම හොඳයි......හැබැයි වැඩි කාලෙකට ඉහත නෙවෙයි.....අර යටත් වුනු පොලිස් නිලධාරීන් සමූල ඝාතනයෙදි නම් කරුණා ඔහොම කල්පනා කරපු බවක් අපිට නම් මතක නෑ...ඒ වෙලාවෙ ලංකාවෙම තියෙන්නෙ එක පොලිසියයි කියල ඔක්කොම පොලිස් නිලධාරීන් මරනව වෙනුවට කරුණා කලේ මුස්ලිම් සහ දෙමළ නිලධාරීන් අත ඇරල සිංහලයින් විතරක් මරාපු එක......

    මිනිස්සු වැරදි කරනව.....වැරදි අවබෝධයෙන් හරි වෙන මොනයම් හේතුවක් නිසා හරි......ඒ වැරදි හදාගන්ට හැම කෙනෙකුටම අවස්ථාවක් තියෙන්ට ඕන...ඒ අවස්ථාව හැම කෙනෙකුටම ලැබෙන්ටත් ඕන. ඒකෙ කිසිම ගැටළුවක් නෑ.

    එකම ගැටළුව තමයි ඒ වගෙ අමු අමුවෙ මහා අපරාධයක් කරපු කරුණට කිසිම චකිතයක් නැතුව පොලීසිය ගැන මේ වගෙ ප්‍රකාශයක් කරන්ට බලයක් ලැබුනෙ කොහොමද කියන එක......එක අතකට ඒකෙ පුදුම වෙන්ට දේකුත් නෑ.....අපි ඇවිල්ල ආසියාවේ ආශ්චර්ය නෙව........හෙහ්, හෙහ්,

    ReplyDelete
  8. කරුණා රාජපක්ෂ...........

    ReplyDelete
  9. කරුණා රට ඇතුලේ ඉන්නකම් ලෝක පොලිසිය විසින් හෙළයන් මැරූ ත්‍රස්තයෙක් කියා අල්ලගන්න බෑ. මේ රට තමන්ගේ වැසියන් මැරූ ත්‍රස්තයන් පිටරට වලින් බේරාගෙන ඉන්නවා. අවුරුදු 30ක් තුල කළ අපරාධ සොයා නොබලා ඉන්න එකෙන් වෙන්නේ පිට ලෝකය හිතාගන්නවා හෙළයනුත් ඒ හා සමානව අපරාධ කළ නිසා සිංහලයන්ගේ රජය කියා ඩයස්පොරාව නම් කරන ආණ්ඩුව තමන්ගේ වැරදි වසා ගෙන ඉන්නවා කියා.

    කේ.පී එලිපිට කඳුළු සලමින් ඉන්දියාවෙන් සමාව ඉල්ලුවා. එක වචනයක් කිව්වාද තමන් නායකත්වය දෙන ඇල්.ටී.ටි.ඊ. ත්‍රස්ත සංවිධානය කළ ක්‍ර‌ෑර කම් වැරදියි කියා? ඇඬුනේ තමන්ට ඉන්දියාවෙන් ලබාදෙනවා කිවූ උදව් තමන් විහිංම නැති කරගත් වරදට පස්චත්තාප වීමට මිසක මිනී මැරූ දෙයට දුක් වෙලා නොවේ.

    ReplyDelete
  10. ඕනෑම හොරෙක් ලොක්ක ගාවට සෙට් උනාට පස්සේ දේශප්‍රේමියෙක් වෙනවනේ. යකෝ මේක මාර රටක් වෙලානේ .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා