ජවිපෙන් කැඩුණු වමට අපේ සහෝදරාත්මක සුබ පැතුම්! / Best complements to split left of the JVP

ජවිපෙ නැවතත් දෙකට කැඩී ඇත. 


මීට පෙර අවසන් වරට කැඩී වෙන් වුණ විමල් වීරවංශ, නන්දන ගුණතිලක ඇතුළු පිරිස දක්ෂිණාංශික කණ්ඩායමකි. ඒ බව ඔවුහු වෙන් වීමෙන් පසු වසර කීපය තුළ සිය ක්‍රියාකාරිත්වයෙන් ඔප්පු කළ හ. 


එහෙත්, මෙවර කැඩී වෙන් වූ කණ්ඩායම වාමාංශික නැඹුරුවක් ඇති පිරිසකි.  ජවිපෙ විසින් බිහි කරන ලද අප දන්නා තරමින් එකම දේශපාලන මණ්ඩල සභික කාන්තා නායිකාව වන දිමුතු ආටිගල, අධ්‍යාපන ලේකම් බව කියන පුබුදු ජාගොඩ, මධ්‍යම කාරක සභික වරුණ දීප්ත රාජපක්ෂ වැනි අය නව කණ්ඩායමට නායකත්වය දෙන බව ප්‍රසිද්ධ ය. 


ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් අඩක් පමණ මෙම කණ්ඩායමට සහාය පළ කරන බව වාර්තා වේ. 


ජවිපෙ දේශපාලනය විසින් පසුගිය කාලයේ මේ රටේ සෑහෙන නිකමුන් පිරිසක් ප්‍රභූන් බවට පත් කරන ලදී. නිකමුන් ප්‍රභූන් බවට පත් වීම පක්ෂය ඇතුළේ ද බරපතල ප්‍රශ්නයක් විය. එහි සිටි අංක එකේ තක්කඩි, අවස්ථාවාදීන් පිරිස විමල් වීරවංශ සමග කැඩී ගිය හ. අලුතෙන් කැඩී වෙන් වුණ කණ්ඩායම පෙනෙන ආකාරයට නම් පක්ෂ සාමාජිකයන්ගේ ලේ, කඳුළු, දහදියවලින් ප්‍රභූත්වය ගොඩ නඟා ගත් පිරිස නො ව, ඉහත කී ඊනියා ප්‍රභූන් ද ඇතුළුව පක්ෂයේ බර දරා සිටි අප්‍රකට නිර්ප්‍රභූ පිරිසයි. 


පසුගිය සමයේ ජවිපෙ වෙතින් සමාජ දේශපාලන සංවාදයට එක් වූ සාධනීය මැදිහත් වීමක් වූ අවුරෝරා සඟරාව ද මෙම පිරිසේ ප්‍රකාශනයක් බව දැනගන්නට ඇත. 


ජවිපෙ දක්ෂිණාංශික හා වාමාංශික ප්‍රවණතා අතර ගැටුමේ උපරිම අවස්ථාව මෙම ඛණ්ඩනයයි. එය විනාශයක් නො ව, නව ප්‍රවණතාවකි. අලුත් ආරම්භයකි. අනිවාර්ය අවශ්‍යතාවකි. 


සහෝදරවරුනි, අපි ඔබට සුබ පතමු. සමාජ වෙනසක් සඳහා ඇති ගමන දුර එකකි. දුෂ්කර එකකි. 


එහෙත්, ඔබ ඉදිරිපිට බොරු වලවල් බොහෝ ය. පටු අරමුණු ඉටු කර ගන්නට ඔබ වටා රොද බඳින මිනිසුන්ගෙන් ආරක්ෂා වීම ඔබට ඇති පළමු අභියෝගයයි. 


(අප ජවිපෙ අර්බුදය පිළිබඳ මීට පෙර ලියූ ලිපියේ අන්තර්ගතය ද සම්පූර්ණයෙන් ම බැහැර නො කරමු)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අපරාදෙ කැඩුන එක ඇතුලෙ ඉඳන් සෙට් වෙලා බලය ඇති කරගත්ත නම් වැදගත්..

    ReplyDelete
  2. තවත් බලාපොරොත්තුවක්...
    අපි බලා සිටිමු...

    ReplyDelete
  3. "ප්‍රභූත්වය ගොඩ නඟා ගත් පිරිස නො ව, ඉහත කී ඊනියා ප්‍රභූන් ද ඇතුළුව පක්ෂයේ බර දරා සිටි අප්‍රකට නිර්ප්‍රභූ පිරිසයි." - අනේ පව් අනේ, සිරිපාදේ සීගිරියේ එහෙම ගිහින් නැතිව ඇති නේද?

    ReplyDelete
  4. ඇත්තටම මේ අය තමා ජවපේ නියම උරුමක්කරුවන්.ඒත් සෝමවංශයි විජිතයි අනුරයි ටිල්විනුයි සුදර්ශනයි තනිකරම පක්ෂය විකුණනවා ඒක උන්ගේ බූදලයක් කරගෙන. හෙට අනිද්දට මංගලගේ වරදාන වලට යට උන ඔය බල්ලෝ ටික ගැන හෙලි උන දවසට මිනිස්සු කෙල ගහනවා ඕකුන්ගේ මුහුණටම.
    වීරෝධාර සොයුරනි අප ඔබ සමඟයි. සෝමවංශ වෙළෙන්දා පන්නමු.

    ReplyDelete
  5. දැන් ජේ වී පී එක කැඩිච්චි එකෙන් පැරා ස්වයං වින්දනයක් ගන්නේ ඇයි.ඕකෙන් රටට වෙන්නේ එක දෙයයි.මහින්දට අමනකම් කිරීමට වඩා වැඩි ඉඩක් හැදෙන එක.ඔයාට ඒක ආතල්ද?

    ReplyDelete
  6. ජවිපෙ බෙදීමතුල පැහැදිලි රේඛාවක් ඇත ග්‍රාමීය‍ ග‍්‍රාම්‍ය ලක්ෂණයක් වූ පලිගැනීම කුහක බල අරගලය තේමා කරගත් එක් කොටසකි. ඔවුන් සමාජය ඉදිරියේ ලොක්කන් ලෙස පෙනී සිටින රොඩ්ඩන් සමූහයකි. මංගල සමරවීර රවී කරුණානායක සමග දේශපාලනයේයෙදී සිටී. ඔවුන් සමග සමාජවාදී ගමනක් කෙසේ වෙතත් අකුලකට වැදී මලපහ කිරීමට යාම හෝ භයානකය. ජනතාවගෙන් ඈත්ව අද පැලවත්තට සීමා වී සිටී. විද්වතුන් වූ සොදුරැ පිරිස දෙවන කොටසයි. ඔවුහු සමාජවාදී ගමන හදුනති. ලෝක දේශපාලනය දනිති. ඔවුන්ට අපේ ආචාරය !

    චන්ද්‍රරත්න

    ReplyDelete
  7. ඉවත් උවන්නට නොව jvp ට සුබ පතමු. දක්ෂයන් පක්ෂයෙන් එලියට දමා (මොරටුවේදී) තමන්ගේ නොහැකියාව වසාගත් ලසිත් ලා සමග දේශපාලනය කරන්නට යන උබලට ගෙදෙට්ට වී විප්ලය කල හැකි වනු ඇත. අවුරුදු 3 කට පෙර පක්ෂය කියන දේ පිළිගන්න කියූ ඔහුට අද කියන්න ඇත්තේ කුමක්ද ?

    ReplyDelete
  8. w3lanka obathumage email eka denna puluwanda,mage mail eka shanaka8939@gmail.com

    ReplyDelete
  9. මේ ලිපියේ ඔබේ අදහස් සාධනීයයි ඒ සමග එකග විය හැකියි ඒත් පෙර ලිපිය ගැන නම් මගේ අදහස එසේමයි

    ReplyDelete
  10. පැරකුම් කරැණා කැඩුණු විටද එයට සුබ පැතුවා මතකය... නේද පැරකුම් මහත්තයෝ

    ReplyDelete
  11. මොනවාඋනත් අපේ සප් ඵක විජේවීර පෙන්නපු දේ කරන පෑත්තටයි.
    අමරණීය විජේවීර සොයුරා හා 60000ක් දිවිපිදූ විරුවන්ගේ බලාපොරොත්තු සුන් කරන්න ඵපා.

    ReplyDelete
  12. somawansa,tilvin,kiyana minissu wijeveera hadunana aya nowei.pemakumar,asoka,dimuthu,pubuu,opatha, wijeweerata asannawa innawa

    ReplyDelete
  13. Dividing is eassy construction is difficult..No future for fragments...other than become part of capitalist parties...May be what lasith and few tells true still resolution is under JVP only...no other option time will prove it

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා