පොලිතින් ප්‍රශ්නය විසඳීම නීති රීතිවලින් පමණක් බැරි ය / Can polythene problem be solved through law?

පිකටිංවලට ඩිජිටල් බැනර්
පොලිතින් ප්‍රශ්නයට අත ගසන්නට බස්නාහිර පළාත් පරිසර ඇමති උදය ගම්මන්පිලට ඕනෑ වී තිබේ.


පොලිතින් පාලනය ස්‍රදහා නව නීති හඳුන්වා දීම පිණිස කෙටුම්පත් කර ඇති පනතක් සඳහා ඔහු පාර්ලිමේන්තු අනුමැතිය බලාපොරාත්තු වෙමින් සිටින බව වාර්තා වේ.


ගම්මන්පිලට අනුව ලංකාව ආනයනය කරනු ලබන පොලිතින්වලින් 50%ක් ම පාවිච්චි වන්නේ බස්නාහිර පළාතේ ය.


රු. මිලියන 29,195ක් වැය කරමින් ලංකාව 2008දී පොලිතින් කිලෝ 176,204,056ක් ද, 2009දී රු. මිලියන 18,205ක් වැය කරමින් පොලිතින් කිලෝ 116,249,805ක් ද ආනයනය කර තිබේ.


‍පොලිතින් පාලනය කිරීම සඳහා චම්පික රණවක පරිසර ඇමති වී සිටි කාලයේ ද නීති ගෙන එන ලදමුත් ඒවා සාර්ථක වූයේ නැත.


පොලිතින් භාවිතය ජන ජීවිතයේ සුවිසල් වෙනසක් ඇති කර තිබේ. පොලිතින් සංස්කෘතියක් බිහි වී ඇතැයි පැවසුව ද වරදක් නැත. එහෙයින් නීති රීති හා පොලිතින් ආරක්ෂිතව බැහැර කිරීමේ ක්‍රමවේද ඔස්සේ පමණක් මෙම ප්‍රශ්නය විසඳන්නට බැරි ය. ඒ සඳහා සංස්කෘතික විපර්යාසයක් ද අවශ්‍ය ය.


නිදසුනක් ලෙස මෑතදී සිදු වී ඇති විපර්යාසයක් දෙස ඔබේ අවධානය යොමු කරන්නේ නම් ලංකාව පසුගිය වසර කීපය තුළ විශාල වශයෙන් ඩිජිටල් මුද්‍රිත බැනර්, කටවුට් ආදිය වෙත යොමු වී තිබේ. අවමංගල්‍ය නිවසකට ගොස් එහි ගසා ඇති බැනර් තොගය දෙස බලන්න. පාසලකට ගොස් එහි ඇති ඩිජිටල් ප්‍රින්ටින් ප්‍රමාණය දෙස බලන්න. දේශපාලන ප්‍රචාරක ව්‍යාපාර නිරීක්ෂණය කරන්න. මෙතුළ හුදු පොලිතින් ඉක්මවා ගිය කරුණු කාරණා රැසක් තිබේ. රස වින්දනයේ, රුචිකත්වයන්ගේ විපර්යාස ද ඒ තුළ අඩංගු වේ. 


පොලිතින් ප්‍රශ්නය අප සිතනවාට වඩා ගැඹුරු එකකි. අද කාලයේ විද්‍යාර්ථීන් මෙවැනි ප්‍රශ්න කෙරෙහි ගැඹුරු අවධානය යොමු කර ඒවායේ සමාජ විද්‍යාත්මක පැතිකඩ ගැන පර්යේෂණ කළ යුතු ය.


ඔබේ නිරීක්ෂණ මෙහි සටහන් කරන්න.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කතාව ඇත්ත. මිනිස්සුන්ට ආදේශකයක් නැතිව ඒකෙන් ගලවගන්න අමාරුයි. පොලිතින් තරම් ඒවයෙන් වෙන වැඩේට ආදේශකයක් නැති තරම්. හැබැයි යුද්ධ ව්‍යාපෘතිය වගේ මාධ්‍ය මෙහෙයුමකින් ඕන දෙයක් ගැන මහජන අදහස වෙනස් කරන්න බැරි කමක් නෑ.

    ReplyDelete
  2. ‍පොලිතින් පිටුදකින එක අමාරැ වැඩක් වුනත් අවම කරන්න අපිට පුළුවන්. ආදේශක තියෙනවා. අපේ තරැණ කණ්ඩායම පොලිතින් විරෝධී ව්‍යාපාරයක් දියත් කරලා තියෙනවා. උදවු අවශ්‍යයි...

    ReplyDelete
  3. eiy mona ilawuwakatada pitudakinne? Ewa americawenwath genwana nisada? Wena pitudakinna ewuva nethuwada? Udaya gamman pila pissekne oka kiyana ewa kawuruda ganan ganne? Thawa issarahata mun rata kana heti balaganne puluwan wevi.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා