පොලිතින් ප්‍රශ්නය විසඳීම නීති රීතිවලින් පමණක් බැරි ය / Can polythene problem be solved through law?
පිකටිංවලට ඩිජිටල් බැනර් පොලිතින් ප්‍රශ්නයට අත ගසන්නට බස්නාහිර පළාත් පරිසර ඇමති උදය ගම්මන්පිලට ඕනෑ වී තිබේ. පොලිතින් පාලනය ස්‍රදහා නව නීති හඳුන්වා දීම පිණිස කෙටුම්පත් කර ඇති පනතක් සඳහා ඔහු පාර්ලිමේන්තු අනුමැතිය බලාපොරාත්තු වෙමින් සිටින බව වාර්තා වේ. ගම්මන්පිලට අනුව ලංකාව ආනයනය කරනු ලබන පොලිතින්වලින් 50%ක් ම පාවිච්චි වන්නේ බස්නාහිර පළාතේ ය. රු. මිලියන 29,195ක් වැය කරමින් ලංකාව 2008දී පොලිතින් කිලෝ 176,204,056ක් ද, 2009දී රු. මිලියන 18,205ක් වැය කරමින් පොලිතින් කිලෝ 116,249,805ක් ද ආනයනය කර තිබේ. පොලිතින් පාලනය කිරීම සඳහා චම්පික රණවක පරිසර ඇමති වී සිටි කාලයේ ද නීති ගෙන එන ලදමුත් ඒවා සාර්ථක වූයේ නැත. පොලිතින් භාවිතය ජන ජීවිතයේ සුවිසල් වෙනසක් ඇති කර තිබේ. පොලිතින් සංස්කෘතියක් බිහි වී ඇතැයි පැවසුව ද වරදක් නැත. එහෙයින් නීති රීති හා පොලිතින් ආරක්ෂිතව බැහැර කිරීමේ ක්‍රමවේද ඔස්සේ පමණක් මෙම ප්‍රශ්නය විසඳන්නට බැරි ය. ඒ සඳහා සංස්කෘතික විපර්යාසයක් ද අවශ්‍ය ය. නිදසුනක් ලෙස මෑතදී සිදු වී ඇති විපර්යාසයක් දෙස ඔබේ අවධානය යොමු කරන්නේ නම් ලංකාව පසුගිය වසර කීපය තුළ විශාල වශයෙන් ඩිජිටල්...