Posts

Showing posts with the label පොලිතින්

පොලිතින් ප්‍රශ්නය විසඳීම නීති රීතිවලින් පමණක් බැරි ය / Can polythene problem be solved through law?

Image
පිකටිංවලට ඩිජිටල් බැනර් පොලිතින් ප්‍රශ්නයට අත ගසන්නට බස්නාහිර පළාත් පරිසර ඇමති උදය ගම්මන්පිලට ඕනෑ වී තිබේ. පොලිතින් පාලනය ස්‍රදහා නව නීති හඳුන්වා දීම පිණිස කෙටුම්පත් කර ඇති පනතක් සඳහා ඔහු පාර්ලිමේන්තු අනුමැතිය බලාපොරාත්තු වෙමින් සිටින බව වාර්තා වේ. ගම්මන්පිලට අනුව ලංකාව ආනයනය කරනු ලබන පොලිතින්වලින් 50%ක් ම පාවිච්චි වන්නේ බස්නාහිර පළාතේ ය. රු. මිලියන 29,195ක් වැය කරමින් ලංකාව 2008දී පොලිතින් කිලෝ 176,204,056ක් ද, 2009දී රු. මිලියන 18,205ක් වැය කරමින් පොලිතින් කිලෝ 116,249,805ක් ද ආනයනය කර තිබේ. ‍පොලිතින් පාලනය කිරීම සඳහා චම්පික රණවක පරිසර ඇමති වී සිටි කාලයේ ද නීති ගෙන එන ලදමුත් ඒවා සාර්ථක වූයේ නැත. පොලිතින් භාවිතය ජන ජීවිතයේ සුවිසල් වෙනසක් ඇති කර තිබේ. පොලිතින් සංස්කෘතියක් බිහි වී ඇතැයි පැවසුව ද වරදක් නැත. එහෙයින් නීති රීති හා පොලිතින් ආරක්ෂිතව බැහැර කිරීමේ ක්‍රමවේද ඔස්සේ පමණක් මෙම ප්‍රශ්නය විසඳන්නට බැරි ය. ඒ සඳහා සංස්කෘතික විපර්යාසයක් ද අවශ්‍ය ය. නිදසුනක් ලෙස මෑතදී සිදු වී ඇති විපර්යාසයක් දෙස ඔබේ අවධානය යොමු කරන්නේ නම් ලංකාව පසුගිය වසර කීපය තුළ විශාල වශයෙන් ඩිජිටල්...

පාන් පිටි ත්‍රස්තවාදයට එරෙහි නීතිවාදය } Legalism against wheat flour terrorism

Image
හායි! අපේ නීතිවාදී ආණ්ඩුව තවත් නීතියක් ගෙන එන්න යනවා ය.  එය අප වැනි පාන් පිටි කෑම කන්නට ලොල් පාන් පිටි ත්‍රස්තවාදීන්ගේ ශරීර සෞඛ්‍යයට හේතු වේ.  තිරිඟු පිටිවල නිවුඩ්ඩ ඉවත් කිරීම 20% දක්වා සීමා කිරීම අලුත් නීතියයි. මේ දක්වා තිබූ නීතිය අනුව, තිරිඟු පිටිවල පෝෂ්‍ය ගුණය ඇති නිවුඩ්ඩෙන් 74%ක් ම ඉවත් කරගෙන කුකුල් කෑම ආදිය හදන්නට වෙන ම විකුණන්නට පිටි සමාගම්වලට බලය තිබිණි.  මීට පෙරත් අපේ සෞඛ්‍ය ඇමතිතුමා පාන් පිටි ත්‍රස්තවාදයට එරෙහිව සෑහෙන පියවර ගත්තේය. සමහර විට, විමල් වීරවංශ හා ගුණදාස අමරසේකර වැනි වීරයන්ට බයේ වන්නට ඇත. පාසල් කැන්ටින්වල පාන් පිටි කෑම විකිණීම තහනම් කිරීම වැනි නීති ගෙන එන ලදී. ඒ නීතිත් ඉතින් අර මයික්‍රොන් 20ට අඩු පොලිතින් තහනම් කළ නීති වැනි ම ඒවා විය.  කාලයක් මේ රටේ මිනිස්සු ග්‍රීස් යක්කුන්ට මෙන් පාන්වලටත් බිය වූ හ. පාන් ගෙඩිය ගෙදර ගෙන ගියේ පොලිසියෙන් අල්ලා ගනියි ද යන බියෙනි.  එහෙත්, ඒ බොහොම ටික කාලයකට ය.  මයික්‍රොන් 20ට අඩු පොලිතින් කොළවල එතූ, 20%ට වඩා නිවුඩුඩ ඉවත් නළ පාන්වලින් හැදූ සැන්විච් දැන් ඉතින් වෙළඳපොළෙන් තුරන් වනු ඇත.  ම...

අද සිට තවත් අලුත් නීති; කෝ දැන් පරණ නීති?

(2011 ජුලි 01,   W3Lanka )   ලේඛකයා දිනක් සිය නිවස අසල කඩයකින් සුළු අවශ්‍යතාවක් සඳහා සිමෙන්ති කිලෝ පහක් මිළ දී ගත්තේ ය. ගම්වල සිල්ලර කඩවල සාමාන්‍යයෙන් අල්පෙනෙත්තේ සිට පරිභෝජනයට අවශ්‍ය බොහෝ දේ විකිණෙන අතර ගිනි පොලියට ණය දීම ද මේ මුදලාලිලා කරති. මෙම කඩවල ආහාර මෙන් ම කෘෂි රසායනික ද, පෙට්‍රල් ද විකිණීමට තිබෙන අවස්ථා ඇත. සිමෙන්ති මිටිය ද හාල්, සීනි, පිටි ආදියට තරමක් කිට්ටු තැනක තබා තිබුණු අතර මුදලාලි සිමෙන්ති ගැනීමට දැම්මේ හාල් ගෝනියකින් ගත් කෝප්පයකි. එය ආපසු හාල් ගෝනියට ම යන්නට ඇත. මේ මුදලාලිලා පෙට්‍රල්, ලාම්පුතෙල් අත ගෑ අතින් ම බනිස් ද විකුණති. ඒවා බොහෝ විට එතෙන්නේ ළමයින් ඉතා අපවිත්‍ර ලෙස පාවිච්චි කර පසුව ඉවත දමන කොපි පොත්වල කොළ පල්මානික්කම් යෙදූ පාන් පිටි පාප්පවලින් අලවා ගනු ලබන කවර තුළ බහා ය. මෙවැනි නො දියුණු මට්ටමක ඇති ලංකාවේ සිල්ලර වෙළඳාමට බල පාන නව නීතියක් අද සිට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, ආහාර නොවන නිෂ්පාදිතයක් සඳහා භාවිත කර ඇති ලෙස අදහස් කරන යම් ඇසුරුම් ද්‍රව්‍ය, දවටන, බහාලුම් හෝ භාජන කිසිවක් ආහාර සකස් කිරීමට, ඇසිරීමට, ගබඩා කිරීමට, බෙදාහැරීමට හා අලෙවියට ඉදිරිපත...

ඩෙංගුවලින් බේරී වකුගඩුව කුණු කර ගත හැකි පොලිතින් ගින්න | Dioxin issued when burning polythene is hazardous

Image
( 2010 සැප්තැම්බර් 14,  W3Lanka )   අධික ලෙස ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය සමග පාරිභෝජන, සමාජ, සංස්කෘතික විපර්යාසයක් සිදු වී තිබේ. ප්ලාස්ටික් හා පොලිතින් පාරිසරික පමණක් නො ව සෞඛ්‍ය ප්‍රශ්නයකි. ඩෙංගු මරිදනය සඳහා යොදවා තිබෙන නිලධාරීන් දෙන ප්‍රධාන උපදෙසක් වන්නේ කසල ගොඩවල ඇති පොලිතින් හා ප්ලාස්ටික් ගිනි තැබීමයි. මේ හේතුවෙන් බොහෝ අය ඉවත ලන ප්ලාස්ටික්, පොලිතින් ගිනි තැබීමට පෙළඹෙති. එහෙත්, ප්ලාස්ටික්, පොලිතින් ගිනි තැබීම සමස්ත සමාජයට ම එරෙහිව කරන අපරාධයකි. එයට හේතුව පොලිතින්, ප්ලාස්ටික් දහනයේදී නිකුත් වන ඩයොක්සින් රසායනිකය මිනිස් සිරුරට දැඩි ලෙස අහිතකර වීමයි. පරිසර අමාත්‍යංශයේ කයිවාරු කෙසේ වෙතත්, ඉවත ලන ප්ලාස්ටික් පොලිතින් විධිමත් ලෙස බැහැර කිරීමේ ක්‍රම රට පුරා ක්‍රියාත්මක වන්නේ නැත. පහත පළ වන්නේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියකින් උපුටා ගත් වැදගත් කොටස් කීපයකි. මුළු ලිපිය ම කියවීම පිණිස  මෙතැන  ක්ලික් කරන්න. කාබන්, නයිට්‍රජන්, ඔක්‌සිජන් සහ ක්‌ලෝරීන් අඩංගු ද්‍රව්‍ය විවෘත පරිසරයක්‌ තුළදී දහනය කිරීමෙන් ඇතිවන වායුමය ප්‍රතිඵලයකි ඩයොක්‌සින්. දැනට සොයාගෙන ඇති ආක...

පොලිතින් ප්‍රශ්නයට මෙන්න විසඳුම්

Image
You may also like to read our English blog   Lanka Polity

පොලිතින් ඇමතිවරුනි, යන යකා කොරහත් බිඳගෙන යනවාද?

Image
(2010 ජනවාරි 22 -W3Lanka) පොලිසිය පසුගිය දිනවල නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක පුවරු ලෙස යොදා ගැනුණු පොලිතින් කිලෝ 10,290ක් ඉවත් කළ බව පොලිස්පතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.  මෙම පොලිතින් තොගය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති විරෝධී ප්‍රචාරක පුවරු 2070ක් ද සරත් ෆොන්සේකාගේ නිති විරෝධී ප්‍රචාරක පුවරු 479ක් ද සඳහා යොදා ගන්නා ලද ඒවා ය. ඉවත් කරන ලද පචාරක ද්‍රව්‍යවල බර මෙතරම් නම්, ඉවත් නො කරන ලද ඒවා සහ නීත්‍යානුකූල ප්‍රචාරක ද්‍රව්‍ය ලෙස සැලකෙන ඒවා සමග ගත් කල මෙවර ජනාධිපතිවරණයේදී පරිසරයට මුදා හරින ලද පොලිතින් ප්‍රමාණය කිලෝ ලක්ෂයක්වත් විය යුතුව තිබේ. මෙම පොලිතින් ප්‍රමාණයෙන් වැඩි කොටස කිසිදු පරීක්ෂාකාරිත්වයකින් තොරව පරිසරයට මුදා හැරේ.  පරිසර ඇමති කාලයේ පොලිතින් භාවිතය අඩු කිරීම සඳහා නීති ගෙන ආ ඇමති මෛත්‍රීපාල සිරිසේන හා ලංකාවේ පිනට පහළ වී සිටින මහා පරිසරවේදියා නම් තමන් යැයි සිතා සිටින වත්මන් පරිසර ඇමති චම්පික රණවක ද විශාල පොලිතින් ප්‍රමාණයක් මෙසේ පරිසරයට මුදා හරින්නට දායක වී තිබේ.  මැතිවරණ ප‍්‍රචාරය සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගැනීම සිදු නොකරන මෙන් පා...

ඡන්ද පොලිතින් ප්‍රතිචක්‍රීයකරණය කරනු! පරිසර සංවිධාන ඉල්ලයි

Image
(2010 ජනවාරි 07-W3Lanka) මැතිවරණ ප‍්‍රචාරය සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගැනීම සිදු නොකරන මෙන් පාරිසරික සංවිධාන 06ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ඊයේ කරනු ලැබීය.  මැතිවරණ කටයුතු සඳහා පොලිතීන් භාවිතා කිරීමට නීතිමය තහනමක් නැතිවූවද, ආදර්ශයක් ලබාදීම පරිසර හිතකාමිත්වය පෙන්නුම් කිරිමක් බව එම සංවිධාන අවධාරණය කරති.  පොලිතින් සහ ඒ ආශි‍්‍රත නිෂ්පාදන භාවිතයෙන් පසු අවිධිමත්ව බැහැර කිරීම තුලින් විශාල පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළු රාශියකට මෑත කාලයේ මුහුණ දිමට සිදුවිය. දේශපාලන දැන්වීම් පුවරු, පොලිතීන් සැරසිරි ඉවත් කිරීමෙන් පසුව ඒවා අදාළ ප‍්‍රතිචකී‍්‍රකරන ආයතන මගින් යළි ප‍්‍රති නිෂ්පාදනය කෙරේ. පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග පහත සඳහන් ආයතන වලට ප‍්‍රතිචකී‍්‍රයකරණය සඳහා භාරදිය හැකිබව එම නිවේදනයේ සඳහන්ය.  එනම් හෝමාගම හබරකඩ රණාල පාරේ වෝක් ලංකා ඉන්ඩස්ටී‍්‍රස්(දුරකථනය 077-7309217),  මල්වාන, වල්ගම උඩහිටිවලපාරේ ඉසඞ් කේ හෝල්ඩන් සූ ආයතනය (077- 9377732) එම ආයතන වේ. -Election Reporter

තහනමෙන් පසු පොලිතින් භාවිතය වැඩි වෙලා

Image
(අගෝස්තු 07, 2009 - W3Lanka) 2007දී රජය විසින් මයික්‍රෝන 20ට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය තහනම් කිරීමේ නීති ගෙන ඒමෙන් පසු භාවිතා වන සමස්ත පොලිතින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.  රජයේ තහනම කෙසේ වෙතත්, මේ වන විට වෙළඳපොළේ තහනම් පොලිතින් නිෂ්පාදන නිදහසේ අලෙවි වන බව අප විසින් නිරීක්ෂණය කරන ලදී.  තහනම පණවන ලද සමයේ ලංකාවේ පොලිතින් නිෂ්පාදන කර්මාන්තායතන 300ක් පමණ තිබූ බව ද දැන් එය දසගුණයකින් පමණ වැඩි වී ඇති බව ද පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙම ආයතන අධීක්ෂණය කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් හෝ පහසුකම් අමාත්‍යංශයේ නැති බව ද දැනගන්නට තිබේ.  පොලිතින් තහනම හඳුන්වා දෙන ලද සමයේ සිටි පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන පොලිතින් වෙනුවට විකල්ප ඇසුරුම් ද්‍රව්‍ය හදුන්වා දෙන බව කීව ද එය හුදු වාගාඩම්බරවලට සීමා විය. සම්ප්‍රදායිකව මැටි මුට්ටි භාවිතා කළ මී කිරි නිෂ්පාදකයන් වැනි අලුත් පිරිස් පවා දැන් දැන් ප්ලාස්ටික්, පොලිතින් භාවිතයට යොමු වෙමින් සිටිති.  ජල සම්පාදනය, කෘත්‍රිම කාලගුණ තත්වයන් තුළ කෘෂිකර්මාන්තය, ලේ බැංකු,...