Posts

Showing posts with the label උදය ගම්මන්පිල

උදේ ගම්මන්පිලට අනුව මහින්ද රාජපක්ෂ පරාද වන හැටි

Image
උපුටා ගැනීම 2014 ඔක්තෝබර් මාසේ මව්බිමෙනි. මේ කෑල්ල විශේෂයෙන් කියවන්න.  ලංකාවේ සමස්ත සුළු ජාතික ඡන්ද 25%කි. සිංහලයන් 75%කි. එම සුළු ජාතික ඡන්දවලින් 80%ක් එජාපයට ලැබුණහොත් එය සමස්ත ඡන්දවලින් 20%කි. එසේනම් 50% ජය කණුව ඉක්මවීම සඳහා සමස්ත ඡන්දවලින් 30%ක් හෙවත් සිංහල ඡන්දවලින් 40%ක් ලබා ගත යුතු ය.  මහින්දට සිංහල ඡන්දවලින් 60%ක් ම ගියත් මෛත්‍රී හා මහින්ද දෙන්නා සමාන මට්ටමක. දැන් තිබෙන තත්වය අනුව ඔබ සිතනවාද මහින්දට සිංහල ඡන්දවලින් 60%ක් ලැබෙයි කියලා? ඒ කියන්නේ සෑම දහදෙනෙකුගෙන් ම හයදෙනෙක් මහින්දට ඡන්දය දෙයි කියා හිතනවා ද?  අනෙක් පැත්තෙන්, සුළු ජාතික පක්ෂ බහුතරයක් මෛත්‍රීට සහාය දක්වන වර්තමාන තත්වය තුළ ඔබ සිතනවා ද මහින්දට සුළු ජාතික ඡන්දවලින් 25%ක් ලැබෙයි කියලා? ඒ කියන්නේ සෑම සුළු ජාතිකයන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් ම මහින්දට ඡන්දය දෙයි කියලා ඔබට සිතන්න පුළුවන් ද?  ඌවේ ඡන්දයෙන් පසු උදය ගම්මන්පිල මේ ලියූ විශ්ලේෂණය අභියෝගයට ලක් කරන්න ඔහුට පුළුවන් ද?  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අග...

දෙපා යටින් වල කපා ගන්නා උදය ගම්මන්පිලගේ නියුරම්බර්ග් යෝජනාව

Image
නියුරම්බර්ග් නඩුවලින් මරණීය දණ්ඩනය ලද හර්මන් ගෝරිං නඩු විභාගය අතරතුර යුද අපරාධ සම්බන්ධයෙන්නියුරම්බර්ග් මාදිලියේ නඩු විභාගයක් පැවැත්විය යුතු බව උදය ගම්මන්පිල යෝජනා කර තිබේ. නියුරම්බර්ග් නඩු වනාහි දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසිවාදීන්ට එරෙහිව මිත්‍ර හමුදා පාර්ශ්වයෙන් අසන ලද නඩු පෙළකි. මෙම නඩු පෙළ අසනු ලැබුවේ ම යුදෙව් සංහාරය ඇතුළු මානව වර්ගයාට එරෙහිව අපරාධ හා යුද අපරාධවලට වගකිව යුතු නාසි නායකයන්ට දඬුවම් කිරීමයි. මෙම නඩු විභාගයට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා යෝජනා කළේ මෙම නාසි නායකයන් නඩු විභාගයකින් තොරව මරා දැමිය යුතු බවයි. එහෙත්, ඇමරිකාව එයට එරෙහි විය. එම මරණීය දණ්ඩන වාර්තාගත සාධාරණ හේතු සහගත නීත්‍යානුකූල ඒවා බවට පත් කිරීමට නියුරම්බර්ග් නඩු විභාගය ඉවහල් විය. එමගින් නාසිවාදයේ පරිච්ඡේදය වසා දමන ලදී. නීතිඥයකු වුව ද උදය ගම්මන්පිලට නියුරම්බර්ග් නඩු විභාග ගැන අවබෝධයක් නැති බව පෙනේ. නියුරම්බර්ග් නඩු විභාගය යනු දේශීය පරීක්ෂණයක් නො වේ. දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වය විසින් කරන ලද ජාත්‍යන්තර නඩු විභාගයකි. ජාත්‍යන්තර අධිකරණය ස්ථාපිත වන්නේ මෙම නඩු විභාගවල ඍජු ප්‍රතිඵලයක් ලෙසයි. එසේම, ජන සංහාර ඇ...

අනේ අපොයි “හරි මග ගෙන යන උදය ගම්මන්පිල"

Image
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නීතිය ද, නැතිනම් නීතිය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ද යන ප්‍රශ්නය අදාළ නො වේ. මේ රටේ අද පවත්නා ක්‍රමය අනුව ගෝටඨාභය රාජපක්ෂ යනු නීතියට ඉහළින් පිහිටි බලයකි. එය වත්මන් පාලන ක්‍රමයේ ප්‍රකාශිත මූලික ලක්ෂණයකි. ගම්මන්පිල එච්චර බලයක් නො වේ. ඒත්, ගම්මන්පිල බලය විෂයෙහි ඇඹලයෙකි. මැතිවරණ නීති උල්ලංඝනය නො කරමින් සිය ඡන්ද ව්‍යාපාරය කරන බව කීවත් ඔහු එය දියත් කිරීම සඳහා ‍ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ ගෙන්වන්නට කටයුතු කළේ ය. මෙය ඉතා පැහැදිලිව ම නීති විරෝධී ක්‍රියාවකි. ඒ බව මැතිවරණ කොමසාරිස් ද පිළි ගනියි. එහෙත්, නීතියට ඉහළින් සිටින කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන් කාට ද? මේ ගැන උදය ගම්මන්පිල රාවය පුවත්පතට කියා ඇති කතාව මෙසේ ය: "අමාත්‍යංශයක ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරි තනතුරකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතුවලට සහභාගි වීමට බාධාවක් නැත." ඇත්තට ම මේ නම් අලුත් ම ප්‍රවෘත්තියකි. ඒ අනුව ලංකාවේ දේශපාලන නිලධාරි සේවාව කියා එකකුත් තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් අයත් වනවා ඇත්තේ ඒ සේවාවට ය.  මැතිව...

උදය ගම්මන්පිලගේ රුපියල් සීයේ මැතිවරණ අරමුදල් යෝජනාව

Image
බස්නාහිර පළාත් ඇමතිවරයකු ව සිටි ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල සිය පළාක් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඡන්ද දායකයන්ගෙන් රුපියල් සියය බැගින් ආධාර ඉල්ලීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. උදය ගම්මන්පිල දෘෂ්ටිවාදීමය දේශපාලනයේදී අසාර්ථක දේශපාලකයෙකු යයි තර්ක කරන්නට පුළුවන. තම පක්ෂය එක හෙළා ප්‍රතික්ෂේප කරන බලය බෙදීමේ ව්‍යූහයක  ඇමති ධුරයක් දැරූ හේ දැන් දෙවන ධුර කාලයක් වෙනුවෙන් ද තරග කරයි. ඔහුගේ මෙම සංකල්පය හුදු ප්‍රචාරක උපක්‍රමයක් පමණක් වන්නට පුළුවන. එහෙත්, අවශ්‍ය නම් එයින් අලුත් දේශපාලන සංස්කෘතියක් මතු කර ගැනීමට ද පුළුවන.   අපේක්ෂකයා සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා අරමුදල් ලබා ගැනීමට ඡන්ද දායකයා ළඟට යාම නිකම් ම නිකම් සල්ලි ඉල්ලීමක් පමණක් වන්නේ නැත. අපේක්ෂකයා හා ඡන්ද දායකයා අතර වෙනස් සම්බන්ධයක් ගොඩනැගීමට ද එය ඉවහල් වේ. ඒ සමගම ඡන්ද දායකයා විෂයෙහි අපේක්ෂකයාගේ වගකීම ද වැඩි වේ. දැන් සාමාන්‍යයෙන් සිදු වන්නේ අපේක්ෂකයා තමන්ට මුදල් වියදම් කළ ව්‍යාපාරිකයන්ට පමණක් වගකීමයි.  බොහෝ විට වැඩිපුර ම මුදල් වියදම් කළ ව්‍යාපාරිකයා තමා ම නිසා දේශපාලනයේදී ඔහු වැඩිපුර ම කර ගන්නේ තමන්ට හා තමන...

පොලිතින් ප්‍රශ්නය විසඳීම නීති රීතිවලින් පමණක් බැරි ය / Can polythene problem be solved through law?

Image
පිකටිංවලට ඩිජිටල් බැනර් පොලිතින් ප්‍රශ්නයට අත ගසන්නට බස්නාහිර පළාත් පරිසර ඇමති උදය ගම්මන්පිලට ඕනෑ වී තිබේ. පොලිතින් පාලනය ස්‍රදහා නව නීති හඳුන්වා දීම පිණිස කෙටුම්පත් කර ඇති පනතක් සඳහා ඔහු පාර්ලිමේන්තු අනුමැතිය බලාපොරාත්තු වෙමින් සිටින බව වාර්තා වේ. ගම්මන්පිලට අනුව ලංකාව ආනයනය කරනු ලබන පොලිතින්වලින් 50%ක් ම පාවිච්චි වන්නේ බස්නාහිර පළාතේ ය. රු. මිලියන 29,195ක් වැය කරමින් ලංකාව 2008දී පොලිතින් කිලෝ 176,204,056ක් ද, 2009දී රු. මිලියන 18,205ක් වැය කරමින් පොලිතින් කිලෝ 116,249,805ක් ද ආනයනය කර තිබේ. ‍පොලිතින් පාලනය කිරීම සඳහා චම්පික රණවක පරිසර ඇමති වී සිටි කාලයේ ද නීති ගෙන එන ලදමුත් ඒවා සාර්ථක වූයේ නැත. පොලිතින් භාවිතය ජන ජීවිතයේ සුවිසල් වෙනසක් ඇති කර තිබේ. පොලිතින් සංස්කෘතියක් බිහි වී ඇතැයි පැවසුව ද වරදක් නැත. එහෙයින් නීති රීති හා පොලිතින් ආරක්ෂිතව බැහැර කිරීමේ ක්‍රමවේද ඔස්සේ පමණක් මෙම ප්‍රශ්නය විසඳන්නට බැරි ය. ඒ සඳහා සංස්කෘතික විපර්යාසයක් ද අවශ්‍ය ය. නිදසුනක් ලෙස මෑතදී සිදු වී ඇති විපර්යාසයක් දෙස ඔබේ අවධානය යොමු කරන්නේ නම් ලංකාව පසුගිය වසර කීපය තුළ විශාල වශයෙන් ඩිජිටල්...

විශ්වාස භංගයේදී අපි උදය ගම්මන්පිලට!

Image
(2009 ඔක්තෝබර්  21 - W3Lanka ) බස්‌නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම ගොවිජන සංවර්ධන සුළුවාරිමාර්ග සහ පරිසර කටයුතු පිළිබඳව ඇමැති උදය ගම්මන්පිල පළාත් සභාවේ ඇමතිවරයකු ලෙස සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් ම පළාත් සභා ක්‍රමය හෙළා දැකීම හේතුවෙන් පළාත් සභාවේ විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. එජාපයේ තර්කය වන්නේ ගම්මන්පිල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවයි. එහෙත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විවේචනය නො කළ හැකි යයි එහි කොතැනකවත් සදහන් වන්නේ නැත. විවේචනය කළත් නො කළත් රටේ පුරවැසියන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුව තිබේ. එජාපයේ තර්කය පුස්සකි. ඒම තර්කය මත පදනම්ව කටයුතු කළොත්, විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් එජාපය දැන් එය වෙනස් කරන්නට යෝජනා කිරීම එජාපයට එරෙහිව විශ්වාස භංගයක් සඳහා ද නිමිත්තක් වේ. ව්‍යවස්ථා හදන්නේත්, ඒවා ප්‍රතිසංස්කරණය කරන්නේත් පුරවැසියන් ම බව එජාපයට අමතක වී තිබේ. පළාත් සභා ක්‍රමය සුදු අලියකු බව මුළු රට ම දනී. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙන ආ එය...