ජවිපෙ සම්මේලන තරගකාරිත්වය / Congressional competition of JVP

ජනතා විමුක්ති පෙරමුණ සම්මේලන තබන්නට සැරසෙයි. 


සම්මේලන පවත්වන්නේ එකක් නොව දෙකක් ය. එකක් සෝමවංශ පිලෙනි. අනෙක ප්‍රේමකුමාර පිලෙනි. 


සම්මේලනයට කැඳවන්නේ කවුරුද යන්න තීරණය කරන්නේ මධ්‍යම කාරක සභාව විසින් බව සෝමවංශ අමරසිංහ පිලේ ලාල් කාන්ත පවසයි. 


ප්‍රශ්නය කිබෙන්නේ මෙකැන ය. කොච්චර පෝස්ටර් ගැහුවත්, පෙළපාලි ගියත්, රැස්වීම් බැලුවත්, ඡන්දෙ දුන්නත් ජවිපෙ සාමාජිකයා යනු කවුරුද යන්න තීරණය කරන්නේ පක්ෂයේ නායකයෝ ය. ඒ නායකයන්ගෙන් ම කොටසක් දැන් සාමාජිකයන් නො වන බව තව නායකයෝ කියති. නිදසුනක් ලෙස ප්‍රේමකුමාර් ගුනරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සාමාජිකයකු නො වන බව සෝමවංශ අමරසිංහ පවසා ඇත. 


ජවිපෙ විසින් පවත්වන ලද එක් පක්ෂ සම්මේලනයක වේදිකා පසුතලය සැකසූ පක්ෂ පූර්ණකාලිකයා පවා එකී සම්මේලනයට කැඳවා නො තිබිණි. වසර ගණනක් පක්ෂයේ පූර්ණකාලීනව වැඩ කර සිරබත් ද කෑ ඔහු වේදිකා පසුතලය සකසා ශාලාවෙන් දොට්ට බැස නිහඬව ම යන්නට ගියේ ය. 


මෙතෙක් කල් නම් ජවිපෙ සම්මේලන යනු ඒකාධිපති මිලිටරි සංවිධානයක මල් වෙඩි සංදර්ශන පමණක් විය. සමාජවාදී පක්ෂ සම්මේලනයක තිබිය යුතු සම්ප්‍රදායන් වෙනුවට ඒවායේ තිබුණේ රතු කමිස ඇඳ ගත් අඳ බාල සාමාජිකයන් පිරිසක් වේදිකාවේ සිට යකඩ කටින් දොඩන වහසි බස්වලට ප්‍රීති ඝෝෂා කරන විකට ජවනිකා ය.


ජනතා විමුක්ති පෙරමුණ මුල් ම ගේම ගහන්නේ අවංක ම සාමාජිකයාට ය. ඔහුගේ (ඇයගේ යයි කීමට තරම් ස්ත්‍රීන් සංඛ්‍යාවක් ජවිපෙ නැත.) අවංකකම සම්ප්‍රදායික වාමාංශිකයන් සලකන්නේ මෝඩකමක් ලෙසයි. 


පක්ෂ සාමාජිකත්වය ඔප්පු කිරීම සඳහා කිසිදු විධිමත් නිල ලේඛනයක් ජවිපෙ සාමාජිකයන්ට නැත. 


පක්ෂයේ නෛතික අයිතිය ඇති සෝමවංශ අමරසිංහ කණ්ඩායමට කීමට ඇත්තේ මොහු අපගේ සාමාජිකයකු නො වේ යන වචන කීපය පමණි. අවශ්‍ය නම් සාමාජික ලේඛන හදන්නට ද මකන්නට ද ඔවුන්ට පුළුවන. 


තමන් ද පක්ෂ සම්මේලනයක් පවත්වන බව ද, නියම ජවිපෙ සාමාජිකයන් යන්නේ කුමන සම්මේලනයට ද කියා එවිට ජනතාවට දැක ගත හැකි වනු ඇති බව ද පුබුදු ජයගොඩ පවසයි. 


එහෙම එකක් වන්නේ නැත. දෙකට ම රැවුල් වැවූ, කැපූ රතු කම්සකාරයෝ ද වෙනත් අය ද යනු ජනතාව දකිනු ඇත. මූ සාමාජිකයා ය, නො වේ ය කියා එකිනෙකාට චෝදනා කර ගන්නට දෙපාර්ශවයට පුළුවන. ඒවායින් රටට ඇති වැඩක් නැත. 


අපට පෙනෙන පරිදි සම්මේලනයක් ඔස්සේ ජවිපෙ නමට උරුම කියන්නට ප්‍රේමකුමාර ගුනරත්නම් පාර්ශ්වයට බැරි ය. බක්ෂ යන්ත්‍රය තුළ කොතරම් ශක්තිමත් වුණත්, ඔවුන් නෛතික වශයෙන් දුබල ය. එයට හේතුව ඔවුන් මෙතෙක් පක්ෂය තුළ කටයුතු කර ඇත්තේ අවංක මෝඩකම සහ හෘදය සාක්ෂිය පරමාදර්ශය කරගෙන හෙයිනි. පක්ෂයෙන් පිටට නම් ඔවුන් ද පසුගිය කාලයේ කර ඇත්තේ ගේම් ගැසීමයි. මේ ගේම්වලට ඔවුන් මෙතෙක් නම් කීවේ පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම් ය කියා ය. 


තමන්ගේ ම අතීතය ගැන ප්‍රශ්න කිරීමට සූදානමක් ඔවුන් තුළ දක්නට ලැබීම සාධනීය ලක්ෂණයකි. පසුගියදා පැවති සම්මන්ත්‍රණයේදී පුබුදු ජයගොඩ පැවැත්වූ කතාව සංවාදයට භාජනය කළ යුතු ය. 


මේ පෙබරවාරියේ පැවති ජවිපෙ හයවන සමුළුවේදී තෝරා ගන්නා ලද මධ්‍යම කාරක සභාවයි



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අවංක දේශපාලනයක (සමාජවාදී හෝ ඕන වාදයක.) රික්තයක්, ඉල්ලුමක් සමාජයේ දරුණු ලෙස තියෙනවා. ඒ සඳහා අවංක මිනිසුන් නොමැතිවීම තමා ප්‍රශ්නය. කුමාර් රූපසිංහලා ඒ දේ ඉටුකරයි කියලා බලාපොරොත්තුවක් තිබුනත්. ඒක එක්තරා පන්තියකට සීමාවෙච්ච ව්‍යාපාරයක් බවට පත්වෙලා.

    ReplyDelete
  2. Why are vanguard parties anti-socialist?

    Lenin laid the foundation of this kind of party in his book What is to be Done? and the vision of the "vanguard" party was explicitly formalised in the Communist International. As Lenin put it, "Bolshevism has created the ideological and tactical foundations of a Third International . . . Bolshevism can serve as a model of tactics for all." [Collected Works, vol. 28, pp. 292-3] Using the Russian Communist Party as its model, Bolshevik ideas on party organisation were raised as a model for revolutionaries across the world. Since then, the various followers of Leninism and its offshoots like Trotskyism have organised themselves in this manner (with varying success).
    It is based on the argument that "socialist consciousness" has to be introduced into the working class from outside. We argue that not only is this position empirically false, it is fundamentally anti-socialist in nature. This is because it logically denies that the emancipation of the working class is the task of the working class itself. Moreover, it serves to justify elite rule. Some Leninists, embarrassed by the obvious anti-socialist nature of this concept, try and argue that Lenin (and so Leninism) does not hold this position. We show that such claims are false.

    Secondly, there is the question of organisational structure. Vanguard parties are based on the principle of "democratic centralism". We argue that such parties, while centralised, are not, in fact, democratic nor can they be. As such, the "revolutionary" or "socialist" party is no such thing as it reflects the structure of the capitalist system it claims to oppose.

    ReplyDelete
  3. Para....

    mama meka therum ganne wathman MARX wadaye eyata uruma wu aniwarya gataluwak widihata. Marx ge Alianation kiyana economic concept ekak widihata prasidda wela thiyena deshapalanika sankalpaya Leninge peratugameethwaya idiriye thiyala adu gane Rosa luxumberg wath kiyawanna gaththa nam hodai.

    Nestor makhno kiyawamu kiwwoth mun api kiyana mokuth ahana ekak nathi nisa...
    :)

    ReplyDelete
  4. කුමාර් රූපසිංහලා ඒ දේ ඉටුකරයි කියලා බලාපොරොත්තුවක් තිබුනත්. ඒක එක්තරා පන්තියකට සීමාවෙච්ච ව්‍යාපාරයක් බවට පත්වෙලා.

    කුමාර් රූපසිංහ? අර හොරාද..? අනේ සකෝ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා