Posts

Showing posts with the label සම්මේලන

ජවිපෙ සම්මේලන තරගකාරිත්වය / Congressional competition of JVP

Image
ජනතා විමුක්ති පෙරමුණ සම්මේලන තබන්නට සැරසෙයි.  සම්මේලන පවත්වන්නේ එකක් නොව දෙකක් ය. එකක් සෝමවංශ පිලෙනි. අනෙක ප්‍රේමකුමාර පිලෙනි.  සම්මේලනයට කැඳවන්නේ කවුරුද යන්න තීරණය කරන්නේ මධ්‍යම කාරක සභාව විසින් බව සෝමවංශ අමරසිංහ පිලේ ලාල් කාන්ත පවසයි.  ප්‍රශ්නය කිබෙන්නේ මෙකැන ය. කොච්චර පෝස්ටර් ගැහුවත්, පෙළපාලි ගියත්, රැස්වීම් බැලුවත්, ඡන්දෙ දුන්නත් ජවිපෙ සාමාජිකයා යනු කවුරුද යන්න තීරණය කරන්නේ පක්ෂයේ නායකයෝ ය. ඒ නායකයන්ගෙන් ම කොටසක් දැන් සාමාජිකයන් නො වන බව තව නායකයෝ කියති. නිදසුනක් ලෙස ප්‍රේමකුමාර් ගුනරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සාමාජිකයකු නො වන බව සෝමවංශ අමරසිංහ පවසා ඇත.  ජවිපෙ විසින් පවත්වන ලද එක් පක්ෂ සම්මේලනයක වේදිකා පසුතලය සැකසූ පක්ෂ පූර්ණකාලිකයා පවා එකී සම්මේලනයට කැඳවා නො තිබිණි. වසර ගණනක් පක්ෂයේ පූර්ණකාලීනව වැඩ කර සිරබත් ද කෑ ඔහු වේදිකා පසුතලය සකසා ශාලාවෙන් දොට්ට බැස නිහඬව ම යන්නට ගියේ ය.  මෙතෙක් කල් නම් ජවිපෙ සම්මේලන යනු ඒකාධිපති මිලිටරි සංවිධානයක මල් වෙඩි සංදර්ශන පමණක් විය. සමාජවාදී පක්ෂ සම්මේලනයක තිබිය යුතු සම්ප්‍රදායන් වෙනුවට ඒවායේ තිබුණේ රතු කමිස ඇඳ ගත...