අළුගෝසුවාට නම් තැබීමේ මංගල්‍යය / Renaming hangman

මරණ දඬුවමට ලොල් ලංකාවේ ජනතාව ඉතා ප්‍රිය කරන රැකියාවක් බව මාධ්‍ය වාර්තා අනුව පෙනෙන‘අලුගෝසු’ යන රැකියාවේ නම වෙනුවට සුදුසු නමක් මහජනතාව වෙතින් විමසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


ඒ අනුව, අපි ද මේ සඳහා සුදුසු නම් කීපයක් මෙසේ ප්‍රසිද්ධියේ ම‍ යෝජනා කරන්නෙමු.


මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා සිතන්නේ එයින් රටේ නීතිය හා සාමය ආරක්ෂා වනු ඇතැයි කියා ය. ඒ නිසා අළුගෝසුවාට 'නීති ආරක්ෂක' හෝ 'සාමාරක්ෂක' කියා නමක් දාන්නට පුළුවන.


ලංකාවේ මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා අවිහිංසාවාදීන් වන බැවින් අළුගෝසුවාට 'අහිංසක' කියා නමක් දමන්නට ද පුළුවන. එහෙත්, අපට අහිංසක පෙරේරා කියා වාමාංශික මිත්‍රයෙක් සිටියි. ඔහු මෙයට විරුද්ධ වන්නට පුළුවන. බෞද්ධ සාහිත්‍යයේ අහිංසක අංගුලිමාල වී තිබෙන නිසා එහෙනම් අංගුලිමාල කියා කියන්නට පුළුවන.


ලංකාවේ මිනිසුන් හමුවේ වැඩියෙන්ම යක්ෂාරෝපණය වූ දේශපාලන ප්‍රතිරූපය ප්‍රභාකරන් බැවින් හා ඔහු ද එකී යක්ෂාරෝපණයට කැමැත්තක් දැක්වූ බැවින් ඒ නම දමන්නට ද පුළුවන. එහෙත්, එයින් ලංකාවේ ජාතික ප්‍රශ්නය තවත් අවුල් විය හැකි ය. එසේ නම්, කොහොම හරි ඒ නම ම දමමු යයි ජාතික හෙළ උරුමය උද්ඝෝෂණය කරන්නට ඉඩ තිබේ. මෙම තනතුර සඳහා එකී පක්ෂයේ නම තැබීමට වුවත් ඒ පක්ෂය සුදුසුකම් සපුරා ඇත.


පසුගිය කාලයේ දෙමළ කැරැල්ල හමුවේ හොඳ ම අළුගෝසුවා වූ අය තෝරා ඔහු අමරණීය වීම පිණිස අළුගෝසුවාට ඒ නම යොදන්නට ද පුළුවන.


ලංකාවේ පාතාලය සමග හොඳ ම සම්බන්ධකම් තිබුණු දේශපාලන නායකයා තෝරා ඔහුගේ නම අළුගෝසුවාට තබන්නට ද පුළුවන.


පසුගිය කාලයේ විමල් වීරවංශ ආර්ථික ඝාතකයන් ගැන කතා කළේ ය. ඉතින් ලංකාවේත් එවැනි ආර්ථික ඝාතකයන් සිටී නම් ඔවුන්ගේ නම ද අළුගෝසුවාට සුදුසු ය. එවැනි ආර්ථික ඝාතකයන්ගේ නම් ප්‍රසිද්ධියේ කීමට විමල් බය නම් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී තමන්ගේ නම අළුගෝසුවාට දීමට වුව විමල්ට පුළුවන.


ලංකාවේ වැඩි ම මිනිස් ඝාතන ප්‍රමාණයකට වග කිව යුත්තේ ජනමාධ්‍ය වන නිසා අළුගෝසුවාට මීඩියා කියා නම දැම්මත් වරදක් නැත.


ඔබටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හා W3Lankaට ඇති මෙවැනි නිර්මානාත්මක අදහස් ‍වැනි අදහස් තිබේ නම් මෙහි සටහන් කරන්න.


අළුගෝසු තනතුර සඳහා පවත්වන්නට යන තරග විභාගය පිළිබඳ විස්තර මෙතැනින් කියවන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ගෝතා-බය කියා හෝ මර්වින් සිල්වා හෝ මහින්ද රාජපක්ස කියා නම දැමීමටද පුළුවන.

    ReplyDelete
  2. menna mage yojitha nam 1.Marapaksha. 2.Gotabiya. 3.Podimahinda

    ReplyDelete
  3. අජිත් පැරකුම් ජයසිංහ

    ReplyDelete
  4. විමල් විරවංශSeptember 22, 2011 at 9:18 PM

    මං ‍තෝරන නම-පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ හෝ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ.

    ReplyDelete
  5. අජිත් පැරකුම් ජයසිංහ....! is most suitable

    ReplyDelete
  6. මෙන්න තියනවා වැඩිපුරම ගැලපෙන නම් ටික Descending order එකට....
    1) ගාඩි හේවා සරත් චන්ද්‍රලාල් පොන්සේකා / සරත් පොන්සේකා /ඇස් ඇෆ්/ sf / කළවැද්දා
    2) ජයලත් ජයවර්ධන / කොටියා / බොරු කියන්නා
    3) වික්‍රමභාහු කරුණාරත්න / අවජාතකයා / බහුභූතයා
    4) අජිත් පැරකුම් ජයසිංහ / ...................(fill in the blanks)

    ReplyDelete
  7. ඔබගේ ඇතැම් යෝජනා ආරක්ෂක හේතූන් මත පළ කිරීමට බැරි වීම පිළිබඳ සමා වන්න.

    ReplyDelete
  8. I think the best choice is...ඇස් ඇෆ් / Drohiya

    ReplyDelete
  9. අයියෝ අපේ උන්දලාට හරියට නමක් යෝජනා කරගන්න බැරි හැටි. ඕකට ඔය වාසගම් එක්ක නම් දාල හරියන්නෙ නෑනෙ. නිකං හැංමෑන් වගේ නමක් තමයි හරියන්නේ. එල්ලුම්වරයා, අලුගෝසුතුමා වගේ ටන එකක් කියමුකෝ.

    ReplyDelete
  10. මගේ ප්‍රශ්නය අලුගෝසු කමට කන්තාවක් නුසුදුසු මන්ද යන්නයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා