අළුගෝසුවනි, ඉදිරිපත් වනු! / Come on executioners!

බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙකක්‌ පවතින බව බන්ධනාගාර කොමසාරිස් පවසයි.


සම්ප්‍රදායිකව අළුගෝසුකම කළ පවුල්වල කිසිවකු මෙම තනතුරු සඳහා අයදුම් කර නැති බව ද වාර්තා වේ.


ලංකාවේ මරණ දඬුවම නිල වශයෙන් ද ක්‍රියාත්මක කළ යුතු යයි උද්ඝෝෂණය කරන අයට දැන් මේ සඳහා අයදුම් කළ හැකි ය.


මරණ දඬුවමට පක්ෂ විශාල පිරිසක් සිටින නිසා සමහර විට තරග විභාගයක් පවා පවත්වන්නට සිදු වනවා ඇත.


මරණ දඬුවම නියමව සිටින කාන්තාවන් 4 ක්‌ ඇතුළු 357ක් එල්ලා මැරීමේ වාසනාව ඔබට ද හිමි වන්නට පුළුවන.


වහා අයදුම් කරන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වේකන්සිය ෆිල් කරල වැඩක් නෑනෙ මරන්න කස්ටිය නැත්නම්..අනික ඔය තරන් ගානක් එල්ලල මරන එක පාඩුයි...වෙන විදුලි පුටුව වගේ එකක් ගෙනාවනම් ගොඩ...

    ReplyDelete
  2. රටේ සමහර උගත් කියා ලේබලය අලවා ගත්තන් ද එම ලේබලයේ පිහිටෙන් රටම දැනුවත් කරන්නන්ද මේ අලුගෝසුවන් අතර සිටීම සිනහවට් කාරනාවක්, ඇයි මොවුන් මෙවනි තත්වයකට පාත්වූයේ කියා සොයා බලා එම ස්තානය නිවරදි කර ගැනීම වෙනුවටටැ එම ස්තානය නිවරද කිරීමට කතිකාවතක් ගොඩ නොනගනවා වෙනුවට අලුගෝසු කතිකාවක් ගොඩ නැගීම අපේම කරුමයකි.මෙය නිවරද කරයුතු ස්තානය අතිශයින්ම ස1කීර්නය පිලිවෙත් යෙදීමද අතිශයීන් අපහසුය නමුත් ඊට වඩා මරා දැමීම ලේසි කියා නීතිය් ක්‍රියාත්මක කිරීම සමාජ විද්යානුකූලව ආගමානුකූලව මානවවාදිව සුදුසු දෙයක් නොවන බව හැගීමය්. ඔබේ උපහාසය කාලීනයි w3.

    ReplyDelete
  3. "භය" වගේ කෙනෙක් හොඳ නැද්ද?

    ReplyDelete
  4. ඉස්සෙල්ලම එල්ලන්න ඕන රට කන කුඩු ව්‍යාපාර කරන ජාවාරම්කාර දේස පාලුවො ටික.. ඊට පස්සෙ තමා අනිත් උන් එල්ලන්න ඕන.. ඕකුන් ටික එල්ලන්නනම් මම එනව වැටුප් රහිතව (ස්වෙච්ජාවෙන්)..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා