අළුගෝසුවාට නම් තැබීමේ මංගල්‍යය / Renaming hangman
මරණ දඬුවමට ලොල් ලංකාවේ ජනතාව ඉතා ප්‍රිය කරන රැකියාවක් බව මාධ්‍ය වාර්තා අනුව පෙනෙන‘අලුගෝසු’ යන රැකියාවේ නම වෙනුවට සුදුසු නමක් මහජනතාව වෙතින් විමසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, අපි ද මේ සඳහා සුදුසු නම් කීපයක් මෙසේ ප්‍රසිද්ධියේ ම යෝජනා කරන්නෙමු. මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා සිතන්නේ එයින් රටේ නීතිය හා සාමය ආරක්ෂා වනු ඇතැයි කියා ය. ඒ නිසා අළුගෝසුවාට 'නීති ආරක්ෂක' හෝ 'සාමාරක්ෂක' කියා නමක් දාන්නට පුළුවන. ලංකාවේ මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා අවිහිංසාවාදීන් වන බැවින් අළුගෝසුවාට 'අහිංසක' කියා නමක් දමන්නට ද පුළුවන. එහෙත්, අපට අහිංසක පෙරේරා කියා වාමාංශික මිත්‍රයෙක් සිටියි. ඔහු මෙයට විරුද්ධ වන්නට පුළුවන. බෞද්ධ සාහිත්‍යයේ අහිංසක අංගුලිමාල වී තිබෙන නිසා එහෙනම් අංගුලිමාල කියා කියන්නට පුළුවන. ලංකාවේ මිනිසුන් හමුවේ වැඩියෙන්ම යක්ෂාරෝපණය වූ දේශපාලන ප්‍රතිරූපය ප්‍රභාකරන් බැවින් හා ඔහු ද එකී යක්ෂාරෝපණයට කැමැත්තක් දැක්වූ බැවින් ඒ නම දමන්නට ද පුළුවන. එහෙත්, එයින් ලංකාවේ ජාතික ප්‍රශ්නය තවත් අවුල් විය හැකි ය. එසේ නම්, කොහොම හරි ඒ නම ම දමමු යයි ජාතික හෙළ උරුමය උ...