Posts

Showing posts with the label අවිහිංසාව

අළුගෝසුවාට නම් තැබීමේ මංගල්‍යය / Renaming hangman

Image
මරණ දඬුවමට ලොල් ලංකාවේ ජනතාව ඉතා ප්‍රිය කරන රැකියාවක් බව මාධ්‍ය වාර්තා අනුව පෙනෙන‘අලුගෝසු’ යන රැකියාවේ නම වෙනුවට සුදුසු නමක් මහජනතාව වෙතින් විමසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, අපි ද මේ සඳහා සුදුසු නම් කීපයක් මෙසේ ප්‍රසිද්ධියේ ම‍ යෝජනා කරන්නෙමු. මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා සිතන්නේ එයින් රටේ නීතිය හා සාමය ආරක්ෂා වනු ඇතැයි කියා ය. ඒ නිසා අළුගෝසුවාට 'නීති ආරක්ෂක' හෝ 'සාමාරක්ෂක' කියා නමක් දාන්නට පුළුවන. ලංකාවේ මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා අවිහිංසාවාදීන් වන බැවින් අළුගෝසුවාට 'අහිංසක' කියා නමක් දමන්නට ද පුළුවන. එහෙත්, අපට අහිංසක පෙරේරා කියා වාමාංශික මිත්‍රයෙක් සිටියි. ඔහු මෙයට විරුද්ධ වන්නට පුළුවන. බෞද්ධ සාහිත්‍යයේ අහිංසක අංගුලිමාල වී තිබෙන නිසා එහෙනම් අංගුලිමාල කියා කියන්නට පුළුවන. ලංකාවේ මිනිසුන් හමුවේ වැඩියෙන්ම යක්ෂාරෝපණය වූ දේශපාලන ප්‍රතිරූපය ප්‍රභාකරන් බැවින් හා ඔහු ද එකී යක්ෂාරෝපණයට කැමැත්තක් දැක්වූ බැවින් ඒ නම දමන්නට ද පුළුවන. එහෙත්, එයින් ලංකාවේ ජාතික ප්‍රශ්නය තවත් අවුල් විය හැකි ය. එසේ නම්, කොහොම හරි ඒ නම ම දමමු යයි ජාතික හෙළ උරුමය උ...

අපේ ප්‍රචණ්ඩ අවිහිංසාව / Our violent non-violence

Image
අපේ රටේ මිනිසුන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරන ඇතැම් ක්‍රියා විස්මය ජනක ය.  සිංහල බෞද්ධයන් මෙහි ලා වෙන් කොට දක්වන්නේ ඔවුන් අන් ජන කොටස්වලට වඩා විශේෂයෙන් හොඳ හෝ නරක හෝ නිසා නොවේ.  ඔවුන්ගේ නායකයෝ නම් අරුම පුදුම දෙපිටකාට්ටුවෝ ය.  බඩ පැලෙන කල් මස්, මාළු, කරවල, උම්බලකඩ කෙළින ජනතාවකගේ නායකයෝ වන මොවුහු මතුපිටින් බොරු අවිහිංසාවාදයක් ප්‍රදර්ශනය කරති. මේ අවිහිංසාවාදීහු සිය වාදය ප්‍රදර්ශනය කරන්නේ ඉතා ප්‍රචණ්ඩ ලෙස ය.  ෂෝ එකට මස්, මාළු නො කන මොවුහු හොරෙන් ඒවා රස කර, කර ගිලිති. මොවුහු මස්, මාළු කන මිනිසුන්ගේ සිත්හි පශ්චාත්තාපයක් ඇති කර, කෑ දේත් හරියට නො දිරවන තත්වයට පත් කර මිනිසුන් ලෙඩ කරති. ඒ අතර, මස්, මාළු කෑම සාමාන්‍ය දෙයක් ලෙස සලකන වෙනත් සංස්කෘතීන්ට අයත් මිනිස්සු හෙළා දකිමින් තමන් උතුම් බව අවධාරණය කරන්නට මහත් වෙහෙසක් ගනිති. සෙස්සන් එය පිළි නො ගන්නා සඳ ඔවුන්ට ‍එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිති.  පසුගිය දිනවල මුන්නේස්වරමේ ප්‍රචණ්ඩ හින්දු අභිචාරයක් වූ සත්ව බිලි පූජාවකට එරෙහිව කටයුතු කිරීමේ සංදර්ශනයකට දේශපාලකයෝ පවා කඩා පැන්න හ. සතුන් නිදහස් කිරීම සඳහා මැදිහත්...