සම්බන්ධන් ජනාධිපති හමුවීම තුළින් හෙළිවන ලංකාවේ දෙමළ දේශපාලනයේ නව ප්‍රවණතාව
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවෙයි. ඔවුන් සාකච්ඡා කරන්නට නියමිතව ඇත්තේ නැගෙනහිර පළාත් සභා ආණ්ඩුවේ පාලනයට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වන ආකාරයයි. අද පවතින තත්වය තුළ, ආණ්ඩුවට සම්බන්ධයක් නැති මහජන නියෝජිතයන්ගෙන් මහජනතාවට පලක් ප්‍රයෝජනයක් නැත. ඔවුන්ට ඈත ගමක පාරක් කොංක්‍රීට් කරදෙන්නටවත් බැරිය. මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව සමග කේවෙල් කර තමන්ට වාසි ලබාගනිද්දී දෙමළ ජාතික සන්ධානය එසේ නොකරන්නේ ඇයිද යන ප්‍රශ්නකිරීම ඇති විය. කරුණා අම්මාන්ලා, පිල්ලෙයන්ලා, දේවානන්දාලා වැනි දෙමළ ප්‍රතිගාමීන්ට සමාජ පිළිගැනීමක් ඇතිවන්නේද මෙම සංදර්භය තුළයි. ඉතින් මෙතෙක් පිටතින් සිට කළ නිරීක්ෂක භූමිකාවට තිත තබන්නට දැන් දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටියි. ඔව්හිද ආණ්ඩුව සමග සම්මුතිගත වනු ඇත. මේ වනාහි දෙමළ ඊලාම්වාදයේ තීරණාත්මක පරාජයක් බව පිළිගන්නට සිදුවනු ඇත. ලංකාවේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඩයස්පෝරාවේ පාලනයෙන් මුළුමනින්ම ගිලිහී යමින් තිබේ. එය සිදු වන්නේ ලංකාවේ දෙමළ ජනතාව ජීවත්වන පොළවේ යථාර්ථයන් අනුවය. උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ජනයාට ...