කොටින් යටත් වූ පොලිස් භටයන් 600ක් මරා අදට 21 වසරයි
(2011 ජුනි 11, W3Lanka ) 1990දී, එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී, ජනාධිපති විසින් පොලිස්පති ෆ්‍රෑන්ක් ද සිල්වා හරහා ලබා දෙන ලද නියෝගයකට අනුව කොටි සංවිධානයට යටත් වූ පොලිස් නිලධාරීන් 600ක් දෙනා කොටින් විසින් මරා දමා අදට 21 වසරකි. 1990 ජුනි මස රජයේ නියෝගය අනුව ආයුධ බිම තබා යටත් වූ මෙම සිංහල හා මුස්ලිම් ජාතික පොලිස් නිලධාරීන් කොටි සංවිධානය විසින් කල්කුඩා පරණ පොලිසිය හා කල්කුඩා ජැටිය අසලදී මරා දමන ලද බව කියැවේ. පොලිස්පති ෆ්‍රෑන්ක් සිල්වා විසින් යුද සන්නිවේදන උපකරණ මාර්ගයෙන් මෙම යටත් වීමේ නියෝගය ලබා දුන් පසු එවකට කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායක කරුණා අම්මාන් ද සන්නිවේදන මාර්ග ඔස්සේ කතා කර, පොලිස් ස්ථානයේ සුදු කොඩියක් ඔසවා යටත් ව පැමිණෙන පොලිස් භටයන්ට අම්පාර සිට ආරක්ෂිතව නිවෙස් කරා යාමට පහසුකම් සලස්වා ඇති බව පැවසූ බව එදා යටත් නො වී පණ බේරා ගත් පොලිස් නිලධාරීහු පවසති. එහෙත්, පසුගියදා උගත් පාඩම් කොමිෂම හමුවේ සාක්කි දුන් කරුණා අම්මාන් පැවසුවේ මෙම පොලිස් නිලධාරීන්ගේ ඝාතනයට වගකිව යුත්තේ කොටි නායක ප්...