චම්පික, විමල්, කෝ ඔයාලාගේ යුගයේ කාර්යභාරය? ඉතිහාසයේ වගකීම? උණ්ඩුක පුච්ඡය?

(2011 ජුනි 14, W3Lanka) ඉන්දියාවේ බලපෑම මත දෙමළ ජාතික සන්ධානය සමග සිදු වන සාකච්ඡාවලදී දෙමළ ප්‍රශ්නයට විසඳුම් ලෙස 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලය බෙදිමක් කරන බව ආණ්ඩුව ප්‍රසිද්ධියේ පවසයි. මේ පිළිබද යම් එකඟතාවකට පසුගියදා ලංකාවට පැමිණි ඉහළ පෙළේ ඉන්දීය නියෝජිතයන් සමග එළඹී ඇති බව පෙනේ.


ඉඩම් හා පොලිස් බලතල ගැන යම් කෙඳිරි ගෑමක් කළත්, බොහෝ දුරට ඉඩ තිබෙන්නේ පොලිස් බලතල තබාගෙන ඉඩම් බලතල දෙන්නට සිදු වන තත්වයක් නිර්මානය වීම බව අපගේ නිරීක්ෂණයයි. පොලිස් බලතල දෙමළ ජාතිකවාදීන්ට යම් අභිමානයක් වන හෙයින් බොහෝ දුරට ඒ වෙනුවෙන් ද දෙමළ ජාතික සන්ධානය සටන් කරන්නට ඉඩ තිබේ.


මූලිකව ම, දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා මේසයේ තබා ගැනීම ප්‍රමුඛ කොට සලකන්නට සිදු වී ඇති ආණ්ඩුවට පොලිස් බලතල තබා ගැනීම පවා පහසු නැත.


උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීමට හෝ පළාත් සභා පිහිටුවීමෙන් පසු එකී පළාත් සභාවන්ගේ කැමැත්ත මත ඒකාබද්ධ වීමට ඉඩ තැබීමට ආණ්ඩුවට සිදු වනු ඇති බව අපේ නිරීක්ෂණයයි.


දෙමළ ජාතික සන්ධානය සමග ආණ්ඩුවේ ඊළඟ සාකච්ඡා වටය ජුලි 23දා ය. ඉන්දියාවේ හා ජාත්‍යන්තර ප්‍රජාවේ ශක්තිය ගොනු කර ගත් දෙමළ ජාතික සන්ධානය මේ සාකච්ඡා ගැන වැඩි කතා නැත. එයින් ම ඔවුන්ගේ ශක්තිය පෙනේ. ඕනෑවටත් වඩා කෑ ගහන්නේ දුබලයෝ ය. 


තත්වය එසේ ය. එහෙත්, ඉන්දියාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට බියෙන් මේ සියල්ල ම කරන්නේ 1987දී ඉන්දීය බලපෑමෙන් ගෙන ආ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව 24 වසරක් පුරා කඩාකප්පල්කාරී ලෙස හැසිරුණ බලවේගයක් වීම සුවිශේෂ ය. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ දෘෂ්ටිවාදය හැසිරවූ, බලය බෙදා ගැනීමට විරුද්ධ ප්‍රධාන අන්තවාදී කණ්ඩායම් වන ජාතික හෙළ උරුමයේ, ජාතික නිදහස් පෙරමුනේ හා මහජන එක්සත් පෙරමුණේ දැන් කටේ පිට්ටු ය.


චම්පික, විමල්, වර්ණසිංහ, රතන හිමි වැනි අය ජනමාධ්‍යවලින් හැංගී ඇත. 


දැන් නැවතත්, එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට කරණම් ගැසූ ජී.එල්. පීරිස්, රාජිත සේනාරත්න වැනි ෆෙඩරල්වාදීන් කරළියට පැමිණ ඇත.


ආණ්ඩුවේ සැබෑ නායකයන්ට අපට පෙනෙන පරිදි නම් ස්ථාවරයක් නැත. ඔවුන් තනිකර ම පුරවන භාජනයේ හැඩය ගන්නා වතුර මෙනි. තම සන්ධානයේ බලවේග ගැටෙන්නට සලස්වා භාජනයේ හැඩය නිර්මානය වන තෙක් ඔවුහු බලා සිටිති.


එහෙත්, ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ නිහඬ ය. භාජනයට හැඩය දෙන්නට ගොස් තමන්ට කෙළවා ගන්නට ඔවුන් සූදානම් නැත. එළියේ සිටින ඔවුන්ගේ අන්තවාදී බලකාය ද මේ නිසා අමාරුවේ වැටී ඇත. දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය හා වෙනත් එවැනි ජාතිවාදී සංවිධානවලට උද්ඝෝෂණ සඳහා කලහකාරීන් හා මුදල් සපයා දීම මෙම බලවේග විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් ඔවුන්ට නන්නත්තාර වී ඇති බව පෙනේ.


ජාතිවාදයේ මහා චින්තකයා දැන් එක එක අද්භූත බලවේග තමන් අමතන භින්නෝන්මාද හෙවත් ස්කිසොෆ්‍රීනියා තත්වයට පත් වී තිබේ. (ඇඩ් එකක්: ශාස්තෲ කියවන්න) ඔහුට සායනික ප්‍රතිකාර ලබා දුන්නේ නැතිනම් ලංකාවේ මිනිසුන්ට ආසනික්වලට බියෙන් බත් නො කා ඉන්නට සිදු වනු ඇත. පාන් ද කන්නට එපා කියන බැවින් සිදු වන්නේ බඩගින්නේ මැරෙන්නට ය.


සිංහල දෘෂ්ටිවාදී අවකාශය ගිනි ගෙන ඇත. උපායික විශේෂඥ චම්පික නිහඬ ය. (උපාය දන්නෝ අපායේ වැටිලා ද?) විමල්ගේ මුව අගුලු වැටී ඇත.


කතා කරන්න මෙයාලා. කෝ ඔයාලාගේ යුගයේ කාර්යභාරය? ඉතිහාසයේ වගකීම? උණ්ඩුක පුච්ඡය?


අප අසන සරළ ප්‍රශ්නය මෙයයි. ඔබ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමකට පක්ෂ ද? දැන් පක්ෂ නම්, 24 වසරක් තිස්සේ එම 13වන ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධනය කඩාකප්පල් කරමින් නැටූ ජවුසන්වල වගකීම භාර ගන්නවා ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. විමල්ල ගැන කියන්න තියෙන්නෙ යසවැඩෙ කියල තමයි

    ReplyDelete
  2. ගම කන්නයි යන්නේ.ඉක්මන් වෙන්නත් හොදනෑ.අපි බලමු මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  3. අදාළ පාර්ශ්ව 13ට එකඟ විය යුතුද නැතිද යන්නට වඩා මෙහි ඇති බරපතළ ගැටළුව w3lankaගේ මේ සරළ ජෝක් වලට හිනා විය යුතුද ඇඬිය යුතුද යන්න තේරුම් බේරුම් කර ගැනීමයි.

    ප්‍රතිපත්තියක් යන්නෙහි බරපතළකම නොතේරෙතත් w3lanka ප්‍රතිපත්තිමය වශයෙන් බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටී. ඉදින් ආන්ඩුව වැරදීමකින් හෝ 13ට හෝ ඊට එහා ගොස් බලය බෙදන්න යන්නේ නම් w3lanka වැන්නවුන් කල යුතුව ඇත්තේ සද්ද වසා වැඩේ කෙරෙන්නට ඇර බලා සිටීම සහ පුළුපුළුවං තරමින් ඊට සහයෝගයක් දීමයි. එසේ නොමැතිව කළ යුතු වන්නේ මොන යම් හේතුවක් මත හෝ මේ වනතෙක් නිහඬව සිටින්නේ යැයි පැවසෙන බලය බෙදීමට විරුද්ධ පාර්ශ්ව වලින් මේ ආකාරයෙන් 'ගේම ඉල්ලීම' නොවේ'.

    මෙවැනි ඇඩ් වලින් ප්‍රකට වන්නේ w3lanka වැන්නවුන්ගේ සිල්ලර 'තමිල්චෙල්වම් දේශපාලනය' මිස අන් යමක් නොවේ. අරමුණක් එල්ලයක් ඇතිව කෙරෙන දේශපාලන ව්යාපාර හැසිරෙන්නේ මේ ආකාරයට නොවන බව නොමේරූ w3lankaට නොතේරීම ඔහුගේ අවාසනාවයි.

    ReplyDelete
  4. //අප අසන සරළ ප්‍රශ්නය මෙයයි. ඔබ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමකට පක්ෂ ද? දැන් පක්ෂ නම්, 24 වසරක් තිස්සේ එම 13වන ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධනය කඩාකප්පල් කරමින් නැටූ ජවුසන්වල වගකීම භාර ගන්නවා ද? //well said

    ReplyDelete
  5. this guy is famous for fact twisting..what keheliya told was the govt is agreed to talk some thing beyond 13th and not that they agreed to implement such, if this guy is not selective in his gathering im sure he would have found how president even refused to give police and land powers during the talks with indian delegation!

    ReplyDelete
  6. oyamane kiyala thiyenne ' wadiya ke gahanne dubalayo kiyala' me gollo dubalayo nisa e golle ke gahanne ne....

    ReplyDelete
  7. What Keheliya told was reported by The Dinamina newspaper under his direct control as follows on 10th June: උතුරේ ගැටලුවට දේශපාලන විසැඳුමක් ලබාදීමේදී රජය 13 වැනි ව්‍යවස්ථා සංශෝධන රාමුවෙහි රැඳී සිටිමින් ඉන් ඔබ්බට ගිය විසැඳුමක් ලබාදීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    Does this sentence mean "govt is agreed to talk some thing beyond 13th" as you say.

    You anonymous guy, please do not twist facts. Don't be selective. We noticed what President said as it was reported by media.

    President is not the decision maker here. It is India.

    ReplyDelete
  8. W3LANKA...What is the motive of this article.
    Mobilize the chauvinist forces against the 13th full or 13th plus!!!
    Disrupt the current negotiations between the TNA and the Government!!!
    Promote in-fights within the regime and expedite its downfall!!!

    Yes, Devolution (13th) under duress failed. Do you think that these leaders would offer power sharing or sub-national government to the minority leaders without external pressure? Yes, it would broaden the existing coalition which is exploiting our resources. But in the long run that would promote what we expect - the unity among the masses across the ethnic divide. We have to make a choice between those motives and devolution of power to the minorities in the North and East.

    This is what I got by reading between lines in your article.

    ReplyDelete
  9. දෙමළ ජාතික සංධානයේ නිහඬ බව "ඕනෑවටත් වඩා කෑ ගහන්නෝ දුබලයෝය" යන්නඔස්සේ තේරු ගන්නා w3lanka ජාතික හෙළ උරුමය වැනි 13 විරෝධී පාර්ශ්වයන්ගේ නිහඬබව තේරුම් ගැනීමට වෙනම ලොජික් සොයයි. ඔවුනද නිහඬව සිටින්නේ මහින්ද දෙ. ජා. සං. සමග මොන වෙස් බැන්ඳත් අන්තිමට නටන්නේ ජාතික හෙළ උරුමයට උවමනා තොවිලය නිසා විය හැකි බව w3lankaට නිකමටවත් නොහිතෙයි!!!!

    ReplyDelete
  10. ආන්ඩුව සර්ව පාක්ශික සාකච්ඡාවකට එහා නොයන බව මගේ විශ්වාසයයි. එනිසා ආන්ඩුවේ "13 හෝ ඊට එහා යන විසඳුම" ප්‍රකාශයක් පමනක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එවැනි ප්‍රකාශ මෑත ඉතිහාසයේ විරල ද නොවේ. මොන වෙස් බැන්ඳත් අන්තිමට නටන්නේ ජාතික හෙළ උරුමයට උවමනා තොවිලය බව කලින් මිතුරෙක් කී කතාව ඉතා ඇත්තක්. ආන්ඩුවට රට තුල ඇත්තේ ඒ හා බැඳුනු අනාගතයක් පමනි. ජනතාව එයට සහයෝගය දක්වන තාක්, රාජපක්ශ ආන්ඩුවද රජයනු ඇත.

    W3ලංකා,
    චැනල් 4 "කිලිං ෆීල්ඩ්ස්" ගැන ඔබේ අදහස කුමක්ද?

    - Dimithry

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා