පොලිසිය, පොලුසිය හා බල්ලෝ

(2011 ජුනි 03, W3Lankaපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලුකාරයන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයකු බව ලංකාදීප පුවත්පතේ හා වෙබ් අඩවියේ පළ වූ පුවතකින් පැහැදිලි වේ.


ඊයේ සවස ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව තිබියදී පොලු ගත් මැරවරයන් පිරිසක් ධර්මපාල මාවතේ නීති විරෝධී ජන රාශිගත වීමක යෙදුණ හ.


බස් රථ අටකින් පැමිණි 1000ක පමණ පිරිසකැයි ලංකාදීප පුවත්පත විසින් වාර්තා කරන ලද මෙම මැරවර පිරිස අත පහර දීමක් සඳහා යොදා ගන්නට ගෙන එන්නට ඇතැයි පැහැදිලිව සිතිය හැකි පොලු තිබෙනු ලංකාදීප ඡායාරූප ශිල්පීන් විසින් ඡායාරූප ගත කර තිබිණි. පොලුකාරයන්ගේ ආගමනය සිදු වූයේ ජවිපෙ විසින් සංවිධානය කරන ලද උද්ඝෝසණයක් ලිප්ටන් වටරවුමේ පවත්වන්නට නියමිතව තිබියදී ය.


ධර්මපාල මාවතේ පොලු අතින් ගෙන තර්ජනාත්මකව හැසිරෙමින් සිටි මෙම පිරිස පසුව නගර ශාලාව දෙසට ගොස් අතුරුදහන් වූ හ. මෙම පිරිස ගෙන්වූ අයට ඉහළින් ලැබුණු නියෝගයක් මත හෝ බිය නිසා මෙම පිරිස විසිර ගිය බව පෙනේ. සිය රාජපාක්ෂිකත්වය පෙන්වීම සඳහා පාතාල දේශපාලනඥයන් දෙදෙනෙකු අතර මේ වන විට තරගයක් ඇති වී තිබේ. ඔවුන්ගේ ගොන් වැඩ නිසා ආණ්ඩුව මානව හිමිකම් පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තවත් අපකීර්තියට පත් වීම වළක්වා ගැනීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරීමට ලොක්කන්ට සිදු වී තිබේ. 


අරක්කු සහ මුදල් දී රැගෙන එන මෙවැනි ලුම්පන් මැරවරයන්ට අවශ්‍ය ප්‍රමාණයට මොළේ නැති මුත්, කුඩු ගැසීම හා මන්දපෝසණය වැනි හේතු මත ඇ‍‍ඟේ ද ඇති හයියක් නැති නිසා ඔවුන් සිය ගණනින් ගෙන්වීමට සිදු වී තිබේ.  සිය ගණනින් දහස් ගණනින් ගෙන ආවත් ප්‍රතිප්‍රහාරයක් ආවොත් මුන් වහා පැන දුවන නිසා මෙවැනි සංදර්ශනයකට වැඩි දෙයකට ඔවුන් යොදා ගැනීමට තරම් විශ්වාසයක් ඔවුන් සම්බන්ධයෙන් බලධාරීන්ට නැති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත්, මෙවැනි අයුතු ජන රාශිවලට සහභාගි වීම මේ වන විට, එක් ලුම්පන් පීඩිත පංති ජන කොට්ඨාසයක ජීවිකාව බවට ද පත් ව ඇත.


අපූරු දෙය වන්නේ පොලුකාරයන්ගේ ආගමනය පිළිබදව ලංකාදීප පුවත්පත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩිගෙන් විමසූ විට ඔහු පොලුකාරයන්ගේ මාධ්‍ය ප්‍රකාශක බවට පත් වීමයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන අන්දමට පොලු අතින් ගෙන පාරේ ගිය පමණින් කිසිවකු අත්අඩංගුවට ගත නො හැකිලු. මන්ද පොල්ලක් අතින් ගත් විට හදිසියකට බල්ලකුට වුණත් ගැසිය හැකිලු. (මේවා අහන බල්ලොත් දැන් බත් කන්නේ නැහැලු.)


මෙම අයුතු ජන රාශිය විසින් මාර්ග තදබදයක් ඇති කිරීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙන්නේ කටුනායකත් මාධ්‍ය තදබද ඇති වූ බවයි. මෙම පිරිසට එරෙහිව පැමිණිල්ලක් ලැබී නො තිබුණු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.


ලංකාව කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදී ද යන්න මෙයින් පෙනේ. ඔබත් ආත්මාරක්ෂාවට පොල්ලක් රැගෙන යන්න. බල්ලෝ එමට ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. sakkili...these are human trash...with no future. no education, no life skill to make some money. in a way this "sakkili maanasikathwaya" is somethng generalized to whole SL,as a nation. a nation who cannot figure out a civil democratic political system. "pollak aran BUWA part daana chandi", "buduhaamuduwanta, dutugemunuta relate wena maharajaa" all are parts of same thinking structure. SL will never rise.never ever! we had thousand more hopes when the war ended.but now?....there are great countries, some are big, some small , some in deserts or in north pole. only thing matter is people's thinking...not the piece of land that we stand on...

    ReplyDelete
  2. "පොලු අතින් ගෙන පාරේ ගිය පමණින් කිසිවකු අත්අඩංගුවට ගත නො හැකිලු"
    එක වෑරද්දක් නෙමෙයි....නොදකින් ඔකුන් ගේ කට්වල් අපි බස් හොල්ට් එකක කතා කර කර හිටියත් ජීප් එකෙන් කුදලන් යනවා,පාක් එකක ලවු කරන්න බෑ පොඉසියෙන් උස්සන් යනවා,බලද්දි වෑඩකරන සාමන්ය ජනතාව කොරන්නේම හිරේ යන වෑරදි,මේ ආන්දු පත් කරන්න චන්දේ දුන්නට අපිට හරක් ප*න් තලන්න ඕන......................

    ReplyDelete
  3. පැරකුම් මහත්තයෝ, පරිස්සමින්. ටැබූලට බියොන්ඩ් ෆ්‍රේම්ලට වෙච්චි දෙවල් මතකයි නේද?

    ReplyDelete
  4. ඔය මහත්තයට අරන්තලා ඝාතනේ සංවස්තරේ වෙනුවෙන් මොකුත්ම දාන්නත් බෑ නේද? දාමුද ඒ ගැනත් මොනවා හරි ඔය කටුනාකට ගැන පිළුණු වෙච්චි නිව්ස්, නිෂ්ඵල කතා නොකියා?

    ReplyDelete
  5. ඔබත් ආත්මාරක්ෂාවට පොල්ලක් රැගෙන යන්න.

    බල්ලෝ එමට ය. :D :D

    ReplyDelete
  6. Polisiya ballata gihinda? Ballo polisiyata gihinda?

    ReplyDelete
  7. @ Ano,

    ne ne,
    minissu policiyata gihin

    ReplyDelete
  8. @ 4 th Anonymous
    උම්බෑ කියන්න පෙර කලින් post එක කියවා බලන්න

    ReplyDelete
  9. අනේ ගොන් හරකුනේ, මම ඊයේ හන්දියට ගිහිල්ලා උදලු මිටක් අරගෙන පාර දිගේ ආවා. තොපේ පොන්නසේකා බල්ලෙක් වගේ කූඩු වෙන්නේ නැතිව වැරදිලා හරි රජ වුනානම් මාවත් පොල්ලක් අරන් ගිය පළියට අතඩංගුවට ගන්නවාද? මේ බ්ලොග් එක ලියන්නේ බත් කන හරකෙක්ද?

    ReplyDelete
  10. ආරක්ෂක අන්ශ වලට කාගේ හෝඅනක් ලැබුනු විට ක්‍රියාත්මක වන ආකාරය කටුනායක සිද්ධියෙදි මුලු ලෝකෙම දැක්කා. නිලඇදුම් ඇතුලෙ ඉන්නෙ සත්තු කියල තමයි අපට හිතුනෙ.හැම වෙලාවකම මේඅය බලාගන ඉන්නෙ මිනිස්සුන්ගෙ ඇඟට පනින්න අණ ලැබෙනකම් කියල තමා හිතෙන්නෙ.ලඟදි ගෙදරට ආව නිල ඇදුම් සහිත දෙදෙනෙක්,හිගමනේ, මම කිව්ව ප්‍රතිපත්තියක් විදියට මම ඔබලට ආධාර නොකරන බව. එතකොට කියනව ,ඒ ගොල්ලො නිසාලු අද අපි ඉන්නෙ.මම කිව්ව අපි අවුලපු යුද්ධයක් නෙවි දේශපාලකයන් අවුලපු යුදධයක් ඕගොල්ලො ඉවර කලේ.අපේබඩපටි බලෙන් තද කරල මය් ඕක ඔය කලෙ.එදත් අපට නිදහසක් තිබුනෙ නැහැ අදත් නැහැ. අදටත් අපේ රටෙ කිසිම පුද්ගලයෙකුට ඔයගොල්ලන්ගෙන් ආරක්ශාවක් නැහැ. ඔබල ආරක්ශා කරන්නෙ රටෙ පාලකයන්ව ,අදටත් අපෙ බඩපටි බලෙන් තදකරල ඇති තරම් සූරගන කනව.ඔබලගෙ වියදමට අයවවැයෙන් ප්‍රතිපාන වෙන් කරනවනෙ. අමතර දේවල් ආරක්ශාකරන අයගෙන්ම ඉල්ල ගන්න. ජනතාව ඔයගොල්ලන්ගෙන් ගුටි කන්නත් ඕනි ,ඔගොල්ලන්ට ආධාර කරන්නත් ඔනි,සාධාරනද ඒක කියල පස්සෙ යන්න ගියා . මම කියන්නෙ .අර නායකත්ව පුහුනුව වගේ මෙයාලගෙ මනස යුඩ මානසිකත්වයෙන් මුදවන්නකලයුතු දෙයක් වහාම කලයුතුයි. නැතිනම් ජනතාවට දෙවියන්ගෙම පිහිටයි.

    ReplyDelete
  11. may wage minissu usi ganwana `BALLANTA` chande denne attatama minissuda kiyala hithenakota pudumath hithenawa

    ReplyDelete
  12. All these violent events go to prove that Sri Lanka has committed human rights violations. Rajapakse family regime is the cause of all these problems.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා