'අපි ශ්‍රී ලාංකිකයෝ' ද?

'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානය විසින් ඊයේ වවුනියා‍ව බස් නැවතුම අසල පවත්වන ලද  උද්ඝෝෂණයට 12,000ක පිරිසක් සහභාගි වූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 


මෙම පිරිස ඉල්ලා සිටින්නේ පසුගිය යුද වකවානුවේ අතුරුදහන් වූ සිය පවුල් සාමාජිකයන්ට සිදු වූ දේ සොයා දෙන ලෙසයි. මෙවැනි ම පිරිසක් පසුගිය දිනෙක ත්‍රිකුණාමලයේදී ද උද්ඝෝෂණයක් කළ හ. උද්ඝෝෂණ කරන්නට තබා කට අරින්නටවත් අවස්ථාවක් නැති තවත් බොහෝ අය සිය ප්‍රියයන් ගැන දුක් වෙමින් නිහඬව ඉන්නවා ඇත.

නීතියට පිටින් අතුරුදහන් කරනු ලැබූ  මේ මිනිස්සු ද මේ රටේ පුරවැසියෝ ය. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් රජය වන්දි ගෙවිය යුතු ය. එවැනි සිදු වීම් යළි සිදු නො වන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු ය. 


‍‍'අපි ශ්‍රී ලාංකිකයෝ' එදා මේ මිනිසුන් අතුරුදහන් කරන්නට බලධාරීන්ට ශක්තිය දුන් ජනතා විමුක්ති පෙරමුණ දායක වී ගොඩ නඟන ලද සාධනීය උත්සාහයකි.  සිංහල ජාතිවාදය කර පින්නා ගැනීම වෙනුවට ලාංකීය ජාතිය ගොඩනැඟීම සඳහා අරගල කිරීම අප දකින අන්දමට නම් සමාජවාදීන්ගේ ජාත්‍යන්තරවාදයේ පළමු පියවරයි.  



උතුරේ වැසියන්ගේ අතුරුදහන් වීමේ ප්‍රශ්නය 1989 වකවානුවේදී සිය ප්‍රියයන් අතුරුදහන් වීමේ ප්‍රශ්නයට මුහුණ දුන් දකුණේ සිංහලයන්‍ට තේරෙන තුරු  අපි ශ්‍රී ලාංකිකයන් වන්නේ නැත. 





 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මානුෂික මෙහෙයුම නමින් සිදු කල සමූලඝාතනයට පක්ෂ වීම ඒ දිනවල ජනප්‍රිය වීමට හොඳ ක්‍රමයක් වුණා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් හිටි ජේවීපියත් මේ ලාභ ජනප්‍රියතාවය වෙනුවෙන් පාවාදුන් මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔවුන්ට කවදාවත් සමාව නොදිය යුතුයි. ජනතාව තැබූ බලාපොරොත්තු කඩකරමින් ඔවුන් කවදත් පෙනි පෙනි වැරැදි දේ කිරීම පුරුද්දක් කරගෙන.

    ReplyDelete
  2. Dont spread lies man, just tried read and comprehend what this says..
    there were not 12000 people protesting moron, they claim 12000 have gone missing...
    [The demonstration was convened by the ' we are Sri Lankans’ organization which claims that more than twelve thousand have disappeared. ]
    all ur reports must be based on twisted facts like this...

    ReplyDelete
  3. /* උතුරේ වැසියන්ගේ අතුරුදහන් වීමේ ප්‍රශ්නය 1989 වකවානුවේදී සිය ප්‍රියයන් අතුරුදහන් වීමේ ප්‍රශ්නයට මුහුණ දුන් දකුණේ සිංහලයන්‍ට තේරෙන තුරු අපි ශ්‍රී ලාංකිකයන් වන්නේ නැත.
    */

    වසර 1989 දී පොලිස් ජීප් එකක් දැක බයෙන් දිවූ වරදට ඒ ජීප් එකේම නොඑන ගමනක් ගිය තමන් ගේ බාල සොහොයුරා ගේ මිනියවත් නොදුටු තරුණයෙකු පසුව මෙහෙම කිව්වා.

    "එදා මුං මඩකලපුවේ ඉඳිද්දී අපි උන්ගේ වැඩ කිඩ ගැන කතන්දර අසා හුරේ දැම්මා. අපිට කෙලවුණු අදයි හිතෙන්නේ, මෙදා අපිටම මෙහේදී මෙහෙම නං එදා එහෙදී මුං අරුන්ට කොහොම කෙළවන්න ඇද්ද කියලා."

    සම්පූර්ණ කතාව කතන්දර බ්ලොග් එකේ 2011 ජූනි 5 දා පල කර ඇත.

    ReplyDelete
  4. We republished Daily Mirror news since we do not have news gathering sources.

    Daily Mirror said, "The organisation “We are Sri Lankans” staged a protest yesterday in front of the Kobbekaduwa statue by the Vavuniya bus stand, demanding that the government to trace the whereabouts of those who disappeared or were abducted during the military conflict. More than 12,000 people participated."

    ReplyDelete
  5. [[සිංහල ජාතිවාදය කර පින්නා ගැනීම වෙනුවට ලාංකීය ජාතිය ගොඩනැඟීම සඳහා අරගල කිරීම අප දකින අන්දමට නම් සමාජවාදීන්ගේ ජාත්‍යන්තරවාදයේ පළමු පියවරයි. ]]

    පියවර නම හොඳයි, අරමුණ නම් ඉතින් ....

    මේක තමයි ඔය මහා ලොකු සමාජවාදීන්ගේ ක්‍රියාවලිය. රටේ මිනිසුන්ගේ ප්‍රශ්න අල්ල ගෙන සමාජවාදීන්ගේ ජාත්‍යන්තරවාදය වෙනුවෙන් ඔවුන් කඩේ යැවීම.

    හරි නම ඔබ කල යුත්තේ ඔය කාටවත් නොතේරෙන අපබ්‍රන්ශය මිනිසුන්ට තේරුම කර ඔවුන්ගේ සහය දිනා ගැනීමයි. නමුත් ඔබ කරන්නේ වෙයන් හදන තුම්බසට ඔබේ මුලධර්මවාදී නාගයා රිංගවා ලඟින් යන එවුන් දෂ්ට කර මහා ගිනි විජ්ජුම්බරයක් කරලීමයි. අන්තිමට ඔබෙන් මෙන්ම ඔබ වනසන්නට එන අවුන් ගෙනුත් තැලෙන්නේ මේ වෙයන් ය.

    එහෙම වැඩක් කල ත්‍රස්ත කල්ලියක් සමග කල යුද්ධයේදී අතුරුදන් වූ පිරිසකි මේ කට්ටියත්.

    ReplyDelete
  6. 12 000 ???? Any way a great effort.Young blood of the JVP is doing some change

    ReplyDelete
  7. //හරි නම ඔබ කල යුත්තේ ඔය කාටවත් නොතේරෙන අපබ්‍රන්ශය මිනිසුන්ට තේරුම කර ඔවුන්ගේ සහය දිනා ගැනීමයි. නමුත් ඔබ කරන්නේ වෙයන් හදන තුම්බසට ඔබේ මුලධර්මවාදී නාගයා රිංගවා ලඟින් යන එවුන් දෂ්ට කර මහා ගිනි විජ්ජුම්බරයක් කරලීමයි. අන්තිමට ඔබෙන් මෙන්ම ඔබ වනසන්නට එන අවුන් ගෙනුත් තැලෙන්නේ මේ වෙයන් ය.//

    ඔයා මේ කියන එකේ තේරුම පැහැදිලි කරල දෙනවද?ජාත්‍යන්තරවාදය කියන එකේ අපභ්‍රංසයක් නැහැ.කියන්නෙ හැම ජාතියෙම එවුන් සමගි වෙලා සහෝදරත්වයෙන් හිටපල්ලා කියල.එච්චරයි.සිංහල දෙමල සමගිය වෙනුවෙන් හැමදාම පෙනී හිටියෙ මහ ලොකු සමාජවාදීන් නෙමෙයි නං වෙන කවුරුද කීව නම්?ධනවාදී බුවාල හැමවෙලාවෙම කලේ මේ දෙවර්ගය කොටවලා ගොඩ වඩා ගන්න එක.එහෙම නෙමෙයිද?සමාජවාදය කියන නම දැක්ක ගමන් බුරාගෙන පනින මේ සිරිත ඔයා වෙනත් තැන් වල පෙන්වන නිදහස් චින්තනය හෝ තාර්කිකකත්වය සමග ගැලපෙන්නෙ නැහැ සුජීව

    - ද සිල්වා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා