Posts

Showing posts with the label අතුරුදහන්

ඔබත් පාලක බලධාරීන්ගේ පාමුල ඉඳ ඔවුන් උසිගැන්වූ විට සෙසු මිනිසුන් වෙත කඩා පනින බලු කුක්කෙක් ද?

Image
පාලකයින්ගේ උවමනාව මත අවනීතික මිනිස් ඝාතන, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් ආදිය සිදු කිරීම බඩ රස්සාව හා ආර්ථික හා සමාජමය ලෙස ඉහළ යාමේ මාර්ගය බවට පත් කරගෙන සිටින අයට හොඳ පාඩමක් වාස් ගුණවර්ධන සිද්ධියෙන් උගත හැකි ය. නියෝජ්‍ය පොලිස්පති වූ ද, යම් දිනෙක ලංකාවේ පොලිස්පති වීමට ඉඩ තිබුණා වූ ද වාස් ගුණවර්ධන කුලියට මිනී මරන්නකු බවටත් පත් වී තිබුණු බව දැන් විභාග වන නඩුවලින් පෙනේ.  මෙහි විශේෂත්වය වන්නේ වාස්‍ නීතියේ රැහැනට හසු වූ පසු ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවකු නැති වීමයි. එක අතකට ඔහු විසින් කරන ලද ‍'සේවාවන්' වෙනුවෙන් එකී සේවාදායකයන් ගෙවීම් කර හමාර නිසා මෙතන ප්‍රශ්නයකුත් නැත.  වැඩේ කියන්නේ තමන්ගේ 'මිතුරකු' මැරීම පිණිස වාස්ට කොන්ත්‍රාත්තුව දී, ඔහුව උගුලට රැගෙන ගොස්, ඔහුගේ වාහනය පාරේ දමා එද්දී, අසල නිවසක සීසීටීවී කැමරාවක සටහන් වීම නිසා, සිද්ධිය වැමෑරීමට සිදු වූ පුද්ගලයා දැන් රජයේ සාක්කිකරුවකු කර, කොන්දේසි සහිත සමාවක් ලැබ, නිදහස්ව සිටීමයි. මිනීමැරුමේ චේතනාව මුලින් ම පහළ වූ, ඒ සඳහා වාස්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා මිනීමැරුමට ඇත්තේ අවම සම්බන්ධයක් බව නීතිපතිවරයා පවසයි....

'අපි ශ්‍රී ලාංකිකයෝ' ද?

Image
'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානය විසින් ඊයේ වවුනියා‍ව බස් නැවතුම අසල පවත්වන ලද  උද්ඝෝෂණයට 12,000ක පිරිසක් සහභාගි වූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.  මෙම පිරිස ඉල්ලා සිටින්නේ පසුගිය යුද වකවානුවේ අතුරුදහන් වූ සිය පවුල් සාමාජිකයන්ට සිදු වූ දේ සොයා දෙන ලෙසයි. මෙවැනි ම පිරිසක් පසුගිය දිනෙක ත්‍රිකුණාමලයේදී ද උද්ඝෝෂණයක් කළ හ. උද්ඝෝෂණ කරන්නට තබා කට අරින්නටවත් අවස්ථාවක් නැති තවත් බොහෝ අය සිය ප්‍රියයන් ගැන දුක් වෙමින් නිහඬව ඉන්නවා ඇත. නීතියට පිටින් අතුරුදහන් කරනු ලැබූ  මේ මිනිස්සු ද මේ රටේ පුරවැසියෝ ය. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් රජය වන්දි ගෙවිය යුතු ය. එවැනි සිදු වීම් යළි සිදු නො වන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු ය.  ‍‍ 'අපි ශ්‍රී ලාංකිකයෝ' එදා  මේ මිනිසුන් අතුරුදහන් කරන්නට බලධාරීන්ට ශක්තිය දුන්  ජනතා විමුක්ති පෙරමුණ දායක වී ගොඩ නඟන ලද සාධනීය උත්සාහයකි.  සිංහල ජාතිවාදය කර පින්නා ගැනීම වෙනුවට ලාංකීය ජාතිය ගොඩනැඟීම සඳහා අරගල කිරීම අප දකින අන්දමට නම් සමාජවාදීන්ගේ ජාත්‍යන්තරවාදයේ පළමු පියවරයි.   උතුරේ වැසියන්ගේ අතුරුදහන් වීමේ ප්‍රශ්නය 1989 වකවාන...

ජවිපෙ ධෛර්යය හා විලි ලජ්ජා නැතිකම | Courage and the shamelessness of JVP

Image
( 2010 නොවැම්බර් 18,  W3Lanka )   සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජවිපෙ සහෝදරවරුන් පිරිසකට යාපනයේදී ගුටි කන්නට සිදු විය. ගුටි කෑවේ යාපනයේ හිටපු මන්ත්‍රිනී පද්මිනී සිදම්බරනාදන්ගේ ගෙදරදී ය.  මේ පද්මිනී එදා ජවිපෙට කොටි දෙනකි. මන්ද, ඇය කොටි සංවිධානයේ බහුජන අංශයක් වූ පොංගු තමිල් සංස්කෘතික කණ්ඩායමේ නායිකාවක වූ නිසා ය. කොටින්ට ද ඒ දිනවල ප්‍රධාන සතුරා වූයේ ජවිපෙ ය.  මේ දෙගොල්ලන් එදාත් යැපුණේ එකිනෙකාගෙනි. ඒ එකිනෙකා සතුරා කරගෙන ය. දැන් දෙගොල්ලෝ ම හාන්සි ය. ඒ නිසා උතුරේත්, දකුණේත් (සුළු ධනේශ්වර) පංති සමගිය සඳහා පසුබිම දැන් හැදී ඇති බව පෙනේ.  ජවිපෙ උද්ඝෝෂණය කරන්නේ යුද සමයේ අතුරුදහන් වූවන්ගේ නම් හෙළි කරන්නැයි කියා ය.  කාලයක් ජවිපෙ පෙනී සිටියේ කොටි සංවිධානය සමතලා කර දැමීම වෙනුවෙනි. ජවිපෙ තමන් විසින් ම ගොඩනඟන ලද ආණ්ඩුවට මුලින් විරුද්ධ වුණේ ආණ්ඩුව යුද්ධය හරියට නො කරන බව කියමිනි. අන්තිමේදී ආණ්ඩුව යුද්ධය ජවිපෙ බලාපොරොත්තු වූ අන්දමින් කළේ ය. අතුරුදහන් වීම් එහි අතුරු ඵල වේ. මේ අන්දමින් දෙමළ අරගලය මර්දනය කරන්නැයි ඉල්ලා සිටි අය අතුරුදහන් වූවන්ගේ නම් හෙළිදරව් කරන්නැයි කියා අතුර...

ජවිපෙ තම ලේ තැවරුණු දෑත් සෝදා ගත යුත්තේ කෙසේද? | How JVP can wash Tamil blood off their hands

Image
(2010 මැයි 31,  W3Lanka )  පහත පළ වන ඡායාරූපවල උතුරේ දෙමළ වැසියන් හමු වෙමින් සිටින්නේ ජවිපෙ දෙමළ නායකයකු වන රාමලිංගම් චන්ද්‍රසේකරන් ය. පසුගිය සමයේ ජවිපෙ යුද්ධයට දැඩි ලෙස පක්ෂපාත ස්ථාවරයක සිටියේ ය. අවසන් යුද්ධයේදී පවා ඔවුන්ගේ තර්කය වුණේ ආණ්ඩුව යුද්ධය හරි හැටි නොකරන්නේ ය යන්නයි. එහෙත්, ආණ්ඩුව යුද්ධය අවසන් කළේ ය. ඒ කෙසේද යන්න කවුරුත් දනිති. උතුරේ මරා දැමුණු කොටි සටන්කරුවා තමන්ගේ ලේ නෑයකු බව රාමචන්ද්‍රන් ඇතුලු ජාතිවාදී නොවන හදවත්  ඇති ජවිපෙ සාමාජිකයනට දැනිය යුතු ය. ඔහු නෑයකු වන්නේ තමන් මෙන් ම පවත්නා අයුක්ති සහගත ක්‍රමයට එරෙහිව සටන් කළ බැවිනි. සටන සඳහා තෝරා ගත් මාවතේ ගැටලු තිබිණි. සටන් මාවත වැරදුණේ උතුරේ දෙමළ සටන්කාමියාට පමණක් නොවේ. දකුණේ සිංහල සටන්කාරමියාට ද එය ම සිදු විය. මේ දෙපිරිසේ ම නායකයෝ මනා අවබෝධයකින් යුතුව එකිනෙකා තමන්ගේ සතුරා ලෙස අර්ථකථනය කරමින් ලංකාවේ ජීවත් වන ජාතීන් දෙකක් අතර යුද්ධයක් නිර්මානය කර ඒ ඔස්සේ ඇති වන අරාජික තත්වය තම කණ්ඩායමට බලය ලබා ගැනීමට පාවිච්චි කිරීමට උත්සාහ කළහ. මේ දෙපාර්ශ්වයට ම තම ගමන් මග දෙස ආපසු හැරී බලන්නට අවශ්‍ය විවේක බු...