ඔබත් පාලක බලධාරීන්ගේ පාමුල ඉඳ ඔවුන් උසිගැන්වූ විට සෙසු මිනිසුන් වෙත කඩා පනින බලු කුක්කෙක් ද?

පාලකයින්ගේ උවමනාව මත අවනීතික මිනිස් ඝාතන, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් ආදිය සිදු කිරීම බඩ රස්සාව හා ආර්ථික හා සමාජමය ලෙස ඉහළ යාමේ මාර්ගය බවට පත් කරගෙන සිටින අයට හොඳ පාඩමක් වාස් ගුණවර්ධන සිද්ධියෙන් උගත හැකි ය.

නියෝජ්‍ය පොලිස්පති වූ ද, යම් දිනෙක ලංකාවේ පොලිස්පති වීමට ඉඩ තිබුණා වූ ද වාස් ගුණවර්ධන කුලියට මිනී මරන්නකු බවටත් පත් වී තිබුණු බව දැන් විභාග වන නඩුවලින් පෙනේ. 

මෙහි විශේෂත්වය වන්නේ වාස්‍ නීතියේ රැහැනට හසු වූ පසු ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවකු නැති වීමයි. එක අතකට ඔහු විසින් කරන ලද ‍'සේවාවන්' වෙනුවෙන් එකී සේවාදායකයන් ගෙවීම් කර හමාර නිසා මෙතන ප්‍රශ්නයකුත් නැත. 

වැඩේ කියන්නේ තමන්ගේ 'මිතුරකු' මැරීම පිණිස වාස්ට කොන්ත්‍රාත්තුව දී, ඔහුව උගුලට රැගෙන ගොස්, ඔහුගේ වාහනය පාරේ දමා එද්දී, අසල නිවසක සීසීටීවී කැමරාවක සටහන් වීම නිසා, සිද්ධිය වැමෑරීමට සිදු වූ පුද්ගලයා දැන් රජයේ සාක්කිකරුවකු කර, කොන්දේසි සහිත සමාවක් ලැබ, නිදහස්ව සිටීමයි. මිනීමැරුමේ චේතනාව මුලින් ම පහළ වූ, ඒ සඳහා වාස්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා මිනීමැරුමට ඇත්තේ අවම සම්බන්ධයක් බව නීතිපතිවරයා පවසයි. 

මෙවැනි 'අභාග්‍ය සම්පන්න' ඉරණම්වලට ගොදුරු වූ පාලකයන්ගේ බලු කුක්කන් අතර තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති, ජාතිවාදය නිසා ම ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනෙකු නිරපරාදේ මරා දැමූ පොලිස්කාරයෝ හා චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශයේ සිටිමින් රූකාන්ත‍ ගුණතිලකගේ පවුලට වධබන්ධන පැනවූ පිරිස් ආදිය ද වෙති. 

ඔවුන් සිතුවේ දේශපාලන රැකවරණ නිසා තමන්ට නීතියෙන් ගැලවීමක් ලැබෙනු ඇති ය කියා ය. පාලකයන් එහෙම කරන්නේ නැති බවට හොඳ ම සාක්කිය සරත් ‍ෆොන්සේකා ය. කට අරින අරින තරමට අමාරුවේ වැටෙන්නේ තමන් ම පමණක් බවට ද ඔහු සාක්කියකි. 

වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලද මුල් කාලයේ ඔහුගේ පාර්ශ්වයෙන් තර්ජන එල්ල වුණේ තමන් බේරා නො ගත‍හොත් වෙනත් අය වෙනුවෙන් කළ දේ ද හෙළිදරව් කරන බවයි. සරත් ෆොන්සේකා ද මෙවැනි තර්ජන කළේ ය. 

එහෙත්, බලයෙන් ගිලිහුණු පසුව පවා පාලකයින්ට නම් අපරාධ සම්බන්ධයෙන් මුක්තිය ඇති බවට චන්ද්‍රිකා බංඩාරනායක සාක්කියකි. 

අපරාධ කර නීතියේ රැහැනින් ගැලවී යාමේදී පවා පංති භේදයක් ඇති බව සමාජයේ පංති නැතැයි තර්ක කරන පුද්ගලයන් වටහා ගත යුතු ය. 

මේ කියවන ඔබත් පාලක බලධාරීන්ගේ පාමුල ඉඳ ඔවුන් උසිගැන්වූ විට සෙසු මිනිසුන් වෙත කඩා පනින බලු කුක්කෙක් ද? එසේ නම්, ඊළඟ වතාවේ හෝ කෙනෙකුගේ ඇඟට කඩා පනින විට දෙවරක් සිතන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අයිසෙ පැරා හොඳ ලිපියක්

    ReplyDelete
  2. මේ වගේ ලිපි පුවත්පත් වල පල වෙන්න ඕනි. එතකොට තමයි ලොක්කොන්ගේ අණට ඕනෑම වැඩක් කරන්න ඉන්නා නිලධාරීන් දෙගිඩියාවට පත් වෙන්නේ.

    --
    තව එකක්, පරකුම් සමාජවාදියෙක් වෙන්න උත්සහ දරනවා කිව්වට ඇතැම් වැඩ නම් ඉතාම පහත්. සමාජවාදියෙකුටැ නොවටිනා තරම් දේ.

    මෙතැන කිසිවෙකු හෝ පැරකුම්ටැ විරුද්ධව කොමෙන්ට් දැමු විට හෝ ලිපියක් දැමුවිට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ඇද ගන්නවා.
    කරුණු කරනා බොහොමයක් මා මෙහි දැක්ක නිසයි එය කියන්නේ.
    ඒවා ගැන නම් පැහැදීමක් නෑ.

    ඔබ සමාජවාදීයෙක් කීවාට ඔබලාට බලය ලැබුනත් වෙන්නේ විරුද්ධවාදීන් මර්ධනයම තමයි.

    ReplyDelete
    Replies
    1. "මෙතැන කිසිවෙකු හෝ පැරකුම්ටැ විරුද්ධව කොමෙන්ට් දැමු විට හෝ ලිපියක් දැමුවිට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ඇද ගන්නවා.
      කරුණු කරනා බොහොමයක් මා මෙහි දැක්ක නිසයි එය කියන්නේ.
      ඒවා ගැන නම් පැහැදීමක් නෑ."

      තේරෙන්නෙ නැහැ ආයිබොවං. මට නම් ඉතින් ඇත්තම කියනවා නම් ඔය පෞද්ගලිකත්වය ඇදගන්න වෙලාවක් නැහැ. ඒ නිසා මම නම් ඔය කියන විධියේ දේවල් කරලා නැහැ. හැබැයි ඉතින්, කමෙන්ට්වලදී එහෙම කරන අයට මම මොකවත් කියන්නෙත් නැහැ.

      Delete
  3. දැන් දැන් එක පිළිවෙතක් වත් නැති මෙහේදී, හිමිකම් තියාගෙන හීන මානයෙන් දුක් විදින මෙහේදී, ඉංගිරිසිය පිටට නොව ඇතුළේ ලොකු කතාවක් බව පෙන්නන්නට තුත්තිරි කරගන්නා මෙහේදී, සාමූහිකව නොවූවත් පුද්ගලබද්ධව වුව හිත ඇත්නම් පත කුඩාද කියා බලන්නට හිතෙන්නක්. ඒ මිනිසුන්ගේ ගුණාගුණ බිදක් වත් නොදන්නා මුත් එක හිත ගොඩනැගීමකට මුල් වෙන බව මෙයින් නොපෙනේද? ප්‍රතිපදාවේ සාර අසාර බව අනුව ඔවුන් විපාක විදින්නට සූදානම් නම් එතැන බොරුකාරයින් හෝ කපටින් සිටීවිද? සපුරා නිදොස් බවක් නොව පිළිවෙලක්, පිළිවෙතක් එහි නැතිද?

    ReplyDelete
    Replies
    1. තේරෙන්නෙ නැහැ ආයිබොවං.

      Delete
  4. දේශපාලකයෝ ලග විතරක් නෙමෙයි , රටේ හැම තැනම ඉන්නවා මහ එවුන්ගේ පුකවල්ලෙවකකා අහින්සකයන්ට හිරිහැර කරන පඩත්තලයෝ , හැබැයි ඉතින් අන්තිමට ඔය හැම එකාටම පුක විකාගන වනගත වෙන්ඩ වෙනවා මයි ,

    ReplyDelete
  5. මම රාජ්‍ය සේවයට ආපු අලුත අපේ එකෙක් දුන්න උපදේශයක්.
    "මල්ලී මාණ්ඩලික නිලධාරීන් විශ්වාස කරන්න එපා" කියල.
    මේකත් ඒ වගේ කේස් එකක් තමයි. ලොක්කන්ට ගැලවෙන්න කාරණා තියනව. අපරාධ සම්බන්ධ සිද්ධි පමණක් නොවේ ඊට මෙහා තියන රාජකාරීන් සම්බන්ධව උනත් තත්වය මේකයි.
    හොඳ ලිපියක් පැරකුම් මහත්මයා.

    ReplyDelete
    Replies
    1. //"මල්ලී මාණ්ඩලික නිලධාරීන් විශ්වාස කරන්න එපා" //

      මොනව උනත් රාජ් දීල තියෙන්නෙ ඉතා වැදගත් උපදේශයක්!

      Delete
    2. umbata pissu raaj. kisima raajya sewakayek wiswasa karana epa. strike ekak gana kalpana karala balapanko.

      staff officer

      Delete
  6. ඡන්දෙන් පස්සෙ ඉහළින්ම දිනපු ලොක්කෙක් ලඟට කුක්කෙක් ගියාලු උදව්වක් ගන්න්න.
    දෙබස මෙන්න.
    " සර් ඔන්න අපේ යුතුකම් කලා.දැන් සර්ගෙ යුතුකම් කරන්න "
    "උඹල වැඩකරාට මම සල්ලි දුන්නනේද?"
    " ඔව් සර්"
    " කන්නත් දුන්නනේද?"
    " ඔව් සර්"
    "වාහනත් දුන්නනේද?"
    " ඔව් සර්"
    "ඒවට තෙලුත් ගැහුවනේද"
    " ඔව් සර්"
    "එහෙනම් ආයෙත් ඒවගේ වැඩැක් තියෙනකොට කියන්නම්. එතකොට වරෙල්ලා "
    පොර ටිකක් ඉදලා ඇහුවලු
    "එහෙනම් සර් අපි යන්නම්"
    " යන්නතමය් .......කෝ කිව්වෙ"

    ReplyDelete
  7. මේක ඔබ කලාතුරකින් ලියන හොඳ ලිපියක්. දිගටම මේ වගේ ලිපි ලියන්න.

    ReplyDelete
    Replies
    1. haa machan..................

      para

      Delete
    2. ඔලුව අතගාල ඔය විදියට ටොකු අනින්න හොඳ නෑ නේ ආයිබෝවං

      Delete
  8. වැඩේ තියෙන්නේ ඉතිං මස්කටුව සූප්පු කරන්න ලැබෙනකං ඔය දේ තේරෙන්නේ නැහැ....

    ReplyDelete
  9. http://www.lankaday.com/2013/07/blog-post_2379.html

    Parakum sinhala bauddayantama buran nathiwa mewa ganath liyapan

    ReplyDelete
  10. සිංහල කොල්ලෙක්ට ආදරය කළ වරදට පල්ලියෙන් කොණ්ඩෙ කපපු මුස්ලිම් කෙල්ල 'මව්බිම'ට කියු කතාව

    හවුලඋම්මා ගල්ගමුවේ පදිංචි මුස්ලිම් ජාතික තරුණියකි. ප්‍රදේශයේ සිංහල තරුණයකු සමඟ ඇය ආදරයෙන් බැඳුණාය. සිංහල තරුණයකුට ආදරය කිරීමේ වරදට මුස්ලිම් පල්ලියෙන් ඇයට අපූරු දඬුවමක් ලැබුණි. ඇය පල්ලියට ගෙන්වා අතින් පයින් පහරදී දිගට වැවී තිබුණ කොණ්ඩය කපා දැමුවේය. කුරුණෑගල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා