Posts

Showing posts with the label නීති විරෝධී ඝාතන

සුදු වෑන් කතාවලට වගකිව යුත්තේ එක්කෙනා දෙන්නා ද?

Image
ලීනා මනිමේකලෙයි (දකුණේ) ලංකාවේ වෑන්වලින් වැඩි හරියක් සුදු පාට ය. ආරක්ෂක අංශවලට සම්බන්ධ නිල නො වන ඝාතක කල්ලි විසින් සුදු වෑන් ම තෝරා ගන්නට ඇත්තේ සාක්කිකරුවන්ට ඒවා මතක තබා ගැනීම පහසු නො වන නිසා විය හැකි ය.අනෙක් පැත්තෙන් ඒවා ජීප් මෙන් ආරක්ෂක අංශ හා දේශපාලනඥයන් විසින් වැඩිපුර භාවිතා කරන වාහන විශේෂයක් නො වේ. ඒවායේ කාර්වලට වඩා ඉඩකඩ තිබේ. විශේෂයෙන් ම පුද්ගලයෙකු හා අවි ආයුධ සඟවා ගෙන යන්නට ඒවායේ ඉඩකඩ ප්‍රමාණවත් ය. ඕනෑවට වැඩිත් නැත. ‍සුදු වෑන් ලංකාවේ පැහැරගෙන යාමේ, නීති විරෝධී අන්දමින් මරා දැමීමේ හා අතුරුදහන් කිරීමේ ක්‍රියාවලියේ සංකේතය බවට පත් වුණේ මාධ්‍ය ප්‍රබන්ධ නිසා ය. කෙසේ වෙතත්, මේ දවස්වල සුදු වෑන් සංස්කෘතියේ පසුබෑමක් තිබේ. සුදු වෑන් හා තවත් දේ ඔස්සේ නිර්මානය කරන ලද භීෂණය හා ප්‍රෝඩාව මගින් මේ වන විට සමාජය නිර්වින්දනය කර හමාර ය. ඒත්, පාක් කර තිබෙන මේ සුදු වෑන් ඕනෑ ම මොහොතක එළියට එන්නට පුළුවන් ආකාරයේ පසුගාමිත්වයක් ලාංකීය සමාජයේ තිබේ. ඒ නිසා කවුරු කවුරුත් පරිස්සම් විය යුතු ය. හැබැයි, සුදු වෑන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, යුද අපරාධ, සංහාර, මානව වර්ගයාට එරෙහි අපරාධ ආදිය පිළිබඳ...

ඔබත් පාලක බලධාරීන්ගේ පාමුල ඉඳ ඔවුන් උසිගැන්වූ විට සෙසු මිනිසුන් වෙත කඩා පනින බලු කුක්කෙක් ද?

Image
පාලකයින්ගේ උවමනාව මත අවනීතික මිනිස් ඝාතන, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් ආදිය සිදු කිරීම බඩ රස්සාව හා ආර්ථික හා සමාජමය ලෙස ඉහළ යාමේ මාර්ගය බවට පත් කරගෙන සිටින අයට හොඳ පාඩමක් වාස් ගුණවර්ධන සිද්ධියෙන් උගත හැකි ය. නියෝජ්‍ය පොලිස්පති වූ ද, යම් දිනෙක ලංකාවේ පොලිස්පති වීමට ඉඩ තිබුණා වූ ද වාස් ගුණවර්ධන කුලියට මිනී මරන්නකු බවටත් පත් වී තිබුණු බව දැන් විභාග වන නඩුවලින් පෙනේ.  මෙහි විශේෂත්වය වන්නේ වාස්‍ නීතියේ රැහැනට හසු වූ පසු ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවකු නැති වීමයි. එක අතකට ඔහු විසින් කරන ලද ‍'සේවාවන්' වෙනුවෙන් එකී සේවාදායකයන් ගෙවීම් කර හමාර නිසා මෙතන ප්‍රශ්නයකුත් නැත.  වැඩේ කියන්නේ තමන්ගේ 'මිතුරකු' මැරීම පිණිස වාස්ට කොන්ත්‍රාත්තුව දී, ඔහුව උගුලට රැගෙන ගොස්, ඔහුගේ වාහනය පාරේ දමා එද්දී, අසල නිවසක සීසීටීවී කැමරාවක සටහන් වීම නිසා, සිද්ධිය වැමෑරීමට සිදු වූ පුද්ගලයා දැන් රජයේ සාක්කිකරුවකු කර, කොන්දේසි සහිත සමාවක් ලැබ, නිදහස්ව සිටීමයි. මිනීමැරුමේ චේතනාව මුලින් ම පහළ වූ, ඒ සඳහා වාස්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා මිනීමැරුමට ඇත්තේ අවම සම්බන්ධයක් බව නීතිපතිවරයා පවසයි....

නීතියට පිටින් කළ මිනිස් ඝාතන සම්බන්ධයෙන් බරක් ඔබාමා දෝෂාභියෝගයට ලක් කළ යුතු ය.නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය.

Image
(2011 මැයි 05,   W3Lanka )  ඔසාමා බින් ලාඩන් මරා දමන ලද මොහොතේ ඔහු සිටියේ නිරායුධව බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරයකු වන ජේ කාර්නි ඊයේ පිළි ගත්තේ ය. එසේ ම, බින් ලාඩන් ඉදිරියට පැමිණි ඔහුගේ යේමන් ජාතික තරුණ බිරිඳගේ කකුලකට වෙඩි තැබූ බව ද, ඇය මිය නො ගිය බව ද ජේ. කාර්නි පවසයි. කාර්නි මෙසේ පවසයි: "There was concern that bin Laden would oppose the capture operation, and indeed he did resist." ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමේ මෙහෙයුමට විරුද්ධ වනු ඇතැයි සිතූ මේ සීල්ස් නාවික හමුදා කණ්ඩායම කර ඇත්තේ ඒ මොහොතේ නිරායුධව සිටි ඒ මිනිසා වෙඩි තබා ඝාතනය කර මිනියත් රැගෙන හෙලිකොප්ටරයකින් ගොස් ඔසාමා ආදාහනය කළ තැන ස්මාරකයක් වනු ඇතැයි බියෙන් ඉස්ලාම් චාරිත්‍රවලට පටහැණිව ගල් ගැට ගසා මිනිය මුහුදට අත හැරීමයි. ඔසාමා ඝාතන මෙහෙයුම තමන් පෞද්ගලිකව ම මෙහෙයවූ එකකැයි පාරම් බාන එක්සත් ජනපද ජනාධිපති ඔබාමා අපරාධකරුවකු බව තමන්ගේ ම සාක්කියෙන් ඔප්පු වෙයි. මෙම ඝාතනය වචනයේ පරිසමාප්ත අරුතින් ම නීති විරෝධී මරණීය දණ්ඩනයකි. නීතියට පිටින් කරන ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ මැදිහත්කරු පිලිප් ඇල්ස්ටන් වහා මේ පිළිබ...