නීතියට පිටින් කළ මිනිස් ඝාතන සම්බන්ධයෙන් බරක් ඔබාමා දෝෂාභියෝගයට ලක් කළ යුතු ය.නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය.

(2011 මැයි 05, W3Lankaඔසාමා බින් ලාඩන් මරා දමන ලද මොහොතේ ඔහු සිටියේ නිරායුධව බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරයකු වන ජේ කාර්නි ඊයේ පිළි ගත්තේ ය.


එසේ ම, බින් ලාඩන් ඉදිරියට පැමිණි ඔහුගේ යේමන් ජාතික තරුණ බිරිඳගේ කකුලකට වෙඩි තැබූ බව ද, ඇය මිය නො ගිය බව ද ජේ. කාර්නි පවසයි.


කාර්නි මෙසේ පවසයි: "There was concern that bin Laden would oppose the capture operation, and indeed he did resist."


ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමේ මෙහෙයුමට විරුද්ධ වනු ඇතැයි සිතූ මේ සීල්ස් නාවික හමුදා කණ්ඩායම කර ඇත්තේ ඒ මොහොතේ නිරායුධව සිටි ඒ මිනිසා වෙඩි තබා ඝාතනය කර මිනියත් රැගෙන හෙලිකොප්ටරයකින් ගොස් ඔසාමා ආදාහනය කළ තැන ස්මාරකයක් වනු ඇතැයි බියෙන් ඉස්ලාම් චාරිත්‍රවලට පටහැණිව ගල් ගැට ගසා මිනිය මුහුදට අත හැරීමයි.


ඔසාමා ඝාතන මෙහෙයුම තමන් පෞද්ගලිකව ම මෙහෙයවූ එකකැයි පාරම් බාන එක්සත් ජනපද ජනාධිපති ඔබාමා අපරාධකරුවකු බව තමන්ගේ ම සාක්කියෙන් ඔප්පු වෙයි. මෙම ඝාතනය වචනයේ පරිසමාප්ත අරුතින් ම නීති විරෝධී මරණීය දණ්ඩනයකි.


නීතියට පිටින් කරන ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ මැදිහත්කරු පිලිප් ඇල්ස්ටන් වහා මේ පිළිබද සොයා බැලිය යුතු ය.


ත්‍රස්තවාදියකු වුවත්, ඔසාමා බින් ලාඩන්ට ද ඔහු අසල සිට ඝාතනයට ලක් වූ අයට ද මානව හිමිකම් ඇත. කළ යුතුව තිබුණේ ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයකට ඉදිරිපත් කර වැරදිකරු වී නම් නීති ප්‍රකාරව දඬුවම් කිරීමයි. ශිෂ්ට ලෝකයක නම් යමෙකු වරදකරුවකු බව නීතිය ඉදිරියේ ඔප්පු වනතුරු එම තැනැත්තා නිවැරදිකරුවෙකි.


කාර්නි පවසන ආකාරයට ඔසාමාගේ මළසිරුරේ "gruesome" හෙවත් බිහිසුණු ඡායාරූප නිකුත් කරන්නට ධවල මන්දිරය තවමත් තෙපර බාන්නේ එහි යෝග්‍යභාවය ගැන සංවේදිත්වයක් හෙවත් ඇමරිකන් ඉංගිරිසියෙන් "sensitivities here in terms of the appropriateness" ඇති නිසා ය.


ශිෂ්ට ලෝකයක විනය ගරුක පාලකයන් විසින් ගරු කළ යුතුව ඇති නීතියට පුක පෙන්නා මෙම මෙහෙයුම දියත් කළ බරක් ඔබාමා නම් අපරාධකරුවාගේ මාධ්‍ය ලේකම්ට මෙවැනි වචන පාවිච්චි කිරීමට තරම් විලි ලජ්ජා නැතිකමක් තිබේ.


ඔවුන් මෙම ඡායාරූප සඟවන්නේ ඔවුන් කළ නීති විරෝධී ක්‍රියාව එයින් ඔප්පු වන හෙයිනි. 


මෙම ක්‍රියාව ඔස්සේ සිය දෙවන වර බලයට පත් වීම තහවුරු කර ගන්නට උත්සාහ කරන අපරාධශූරී බරක් ඔබාමා දෝෂාභියෝගයට ලක් කළ යුතු ය. නීතියට පිටින් කළ මිනිස් ඝාතන සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය. දැනට පාකිස්තාන අත්අඩංගුවේ සිටින බව කියන ඔසාමා බින් ලාඩන්ගේ බිරිඳ ද මෙම නඩු විභාගයේ ඇසින් දුටු සාක්කියකි. ඔබාමා ධවල මන්දිරයේ සිට නැරඹූ බව කියන මෙම මෙහෙයුමේ වීඩියෝව ද සාක්කියකි.


එසේ ම, ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන එක්සත් ජනපදයේ ජනතාව මෙම ඉලක්ක කර සිදු කළ මිනීමැරුම හමුවේ කළ ප්‍රීතිඝෝෂා කිරීම්වලින් පෙන්නුම් කළේ ඔවුන් කෙතරම් අශිෂ්ට, වනචාරී පිරිසක් ද යන්නයි. සතුරාගේ මරණය හමුවේ වුව ශිෂ්ට මිනිස්සු මෙසේ නො හැසිරෙති.


(ඉස්ලාම් හෝ වෙනත් කිසිදු ආකාරයක ත්‍රස්තවාදය රාජ්‍ය ත්‍රස්තවාදය ද ඇතුළුව හෙළා දැකීම අපගේ ප්‍රතිපත්තිය බව කරුණාවෙන් සලක්න.)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. 1)Assination of Osama bin Laden by the US Navy SEAL shows how brutual, barbaric ,rude ,inhuman (you name it!) is the US power system.AS W3 clearly indicates even the most murderous assasin of our time (Bush, Obama, Blair,SF, Mahendra, late Prabhakaran, late Osama ..again you name them!) have the right to forward concerns for their deeds.Does it sound more human and more democratic as the US and its allis preach?
    2)On the other hand people who fought against the regimes of various chuvanisms are heroes. They may not heroes of the glosarry of the well accepted political and social sciences. Yet their actions and theoretical explanations are rational.Just think..is it not the same definition of rationality proposed by the assasins of these victims?

    Clement Peris
    Calgary

    ReplyDelete
  2. "ශිෂ්ට ලෝකයක නම් යමෙකු වරදකරුවකු බව නීතිය ඉදිරියේ ඔප්පු වනතුරු එම තැනැත්තා නිවැරදිකරුවෙකි."

    කලිසම් ඇදගෙනද මහත්තයෝ ඔයා මෙහෙම ලියන්නේ? ඔයාගේම අනිත් ලිපි කියවල බලන්න!

    අනිත් මිනිස්සු වරද කා‍රයෝ කරල ඔයාගේ ලිපි වලින් ඔයාම වීරයෙක් වෙන්න හදල පොඩි මානසික ආතල් එකක් අරන් මමයි මේලෝකෙම සත්‍ය සාධාරනය කියල හිතාගෙන හීන ලෝකේ ජීවත් වෙනව.

    බෙහෙත් ටිකක් ගන්න ඉක්මනට සුව වෙයි.

    ReplyDelete
  3. "ත්‍රස්තවාදියකු වුවත්, ඔසාමා බින් ලාඩන්ට ද ඔහු අසල සිට ඝාතනයට ලක් වූ අයට ද මානව හිමිකම් ඇත"
    -මෙම කියමනට අනුව ත්‍රස්තවාදියකු වූ ප්‍රභාකරන්ටද මෙ ආකාරයෙන්ම සැලකිය යුතුව තිබුනා නොවේද?

    "එසේ ම, ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන එක්සත් ජනපදයේ ජනතාව මෙම ඉලක්ක කර සිදු කළ මිනීමැරුම හමුවේ කළ ප්‍රීතිඝෝෂා කිරීම්වලින් පෙන්නුම් කළේ ඔවුන් කෙතරම් අශිෂ්ට, වනචාරී පිරිසක් ද යන්නයි. සතුරාගේ මරණය හමුවේ වුව ශිෂ්ට මිනිස්සු මෙසේ නො හැසිරෙති"
    -එසේනම් ප්‍රභාකරන් මියගියදා වීදි බැස ජයඝෝසා කරමින් කිරිබත් කා බී ප්‍රීති වූ බහුතර බෞද්ධයන් වෙසෙන ශ්‍රි ලාංකික අපිද, අශිෂ්ඨ ජාතියක් බවට නිතැතින්ම පත්වෙනවා.

    මාගේ පෞද්ගලික මතය නම්, ජීවිතහානිය සලකා බලන විට යුද්ධයක් කිසිම අයුරකින් සාධාරණීකරනය කල නොහැකිය යන්නයි. නමුත් සමහරක් හේතූන් මත යුද්ධයක් ඇතිවීම නොවැලැක්වියහැක. අද ඇමරිකාව ශ්‍රිලංකාව අතින් සිදුවු මානව හිමිකම් උල්ලංගන කිරීම් ගැන ඉතා සැලකිලිමත් වුවද ඔවුන් ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ ලිබියාව තුලත් පකිස්ථානය තුල වක්‍රාකාරයෙනුත් ගෙනයන මෙහෙයුම් සියල්ලත් අප රටතුල සිදුවුනාවු සිද්දි හා සමානවම නමුත් ඊට වඩා දහස් ගණනින් දරුණු ඒවාය.
    ඇමරිකාව සතු මූල්‍යම හා යුධමය බලය හමුවේ ඔවුන් "Justice has been done" කියා ලිස්සායයි. ලෝකයේ සියලු බලවත් රටවල්වලට ණයවී සිටින අප වැනි තුන්වන ලෝකයේ රටවල් වලට එතරම් ලේසියෙන් ගැලවීයාමට ඉඩ නැත.

    ReplyDelete
  4. ඔසාම ගියලෝකෙක ඉදන් පැරකුම්ට කොකා පෙන්නවා ඇති මේ කියන දේවල් වලට

    ReplyDelete
  5. අහෝ ඛේදයකි!පොල් පොට් ද සෙකන්ඩ් නොහොත් මහා ජන ඝාතක ඔසාමා බින් ලාඩන් ගොයියා යන ලෝකයට ගියේය.!මෙම ජන ඝාතකයා ගැන -ඔහුගේ මානුෂික අයිතිවාසිකම් ගැන දැන්,
    මෙදෙස් විදෙස් අය කතා කරන්නේ හරියටම අපේ එහා ගමේ පින් හාමි කෑම වැඩිවී උගුරේ හිරවී මැරුනු වේලේ අනේ අපොයි කියා උන්දැගේ මායියා වැලපුනු ලෙසය.
    බින් ලාඩන් ජන ඝාතකයාගේ ක්‍රියා මෙන්න
    1.ගුවන් යානා 2 ක් ඇමරිකාවේ වෙළඳ මධ්‍යස්ථාන ටවර් එකට හප්පා ජාතීන් 30 කට අයත් සිවිල් වැසියන් 3000 පමන ඝාතනය කිරීම
    2.කෙන්යාවේ ඇමරිකානු තානාපති කාර්යාල සංකීර්නයට ප්‍රහාර එල්ල කොට 100 ගණනක් මිනිස් ඝාතන සිදු කිරීම
    3.ඉරාකයේ ඇමරිකානු හිතවාදි පලනයට එරෙහිව බෝම්බ පුපුරුවා සිවිල් වැසියන් ලක්ස ගනනින් ඝාතනය කිරීම
    4.ලොව පුර ජන ඝාතක කල්ලි මෙහෙයවීම හා ඔවුන් පුහුනු කිරීම
    5.ඝාසාවේ Gaza හමාස් Hamas නැමැති අන්තවාදි මුස්ලිම් පාලක කල්ලියට අවශ්‍ය ජන ඝාතක කල්ලි,ඇෆ්ගනිස්තානයේ කඳවුරු තුල පුරුදු පුහුනු කිරීම.
    බින් ලාඩන් ඝාතනය කිරීම ගැන ඇමරිකාව හා පකිස්තානය මොනවා ප්‍රකාශ කළත්, පකිස්තානයේ ඉහලම මිලිටරි ඇකඩමියට ගල් ගහන දුරකින් පිහිටි සුව පහසු මන්දීරයක සිය බිරියන් 9 නා හා දරුවන් 19 දෙනාද සමඟින් වසර 3 ක් පමන හැංගී සිටියාය යන්න පිළිගැනීමට අමාරු කරුනකි.
    මෙයින් ගත හැකි එකම පාඩම නම් විවිධ රටවල බුද්ධි අංශ ඉතාම සූක්ෂම අයුරින් කටයුතු කරන බවය යන්නයි!
    ඔසාමා මැරුනු වේලේ ඇමරිකානුවන් ජය පැන් බීම නිසා ඔවුන් කිතුනු දහමට අයත් වනචාරි ජාතියක් බව කීම දයිවයේ සරදමකි!වාර්තා වන පරිදි ඔසාමා ඇමරිකාවට විරුද්ධව වරින් වර බොරු කයිවාරු ගසමින් තම බරින්දෑවරුන් සමඟ කම් සැප විඳිමින් පසුගිය වසර 3 ක් පමන කාලයක් තුලම මෙහි සිටියේය.! ඇමරිකානූන් එතැනට කඩා වදින විට ඔසාමා සිටියේ නිරායුධවය.!ඇමරිකානු හමුදා භටයෝ ඔහුගේ බිරියන්ට හෝ දරුවන්ට හෝ ජීවිත හානි හැකි තරම් දුරට අවම වන පරිදි ( එක්
    බිරියකගේ කකුලට වෙඩි වැදුනා පමනි ) කිරීමට කටයුතු කලහ.ඒ ක්‍රිස්තියානි ඇමරිකාවේ භටයන්ය!!
    ඇමරිකානුවන් කිරිබත් කෑ බව හෝ රබන් ගැසූ බව හෝ වාර්තා නොවිනි.
    හැබැයි ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්, ඔහුගේ පවුලේ අය සෙසූ අය මියගිය පුවත පලවුනු විට ලංකාවේ හන්දියක් හන්දියක් පාසා කිරි බත්කෑමත්,රතිඤ්ඤා පත්තු කිරීමත් රබන් ගසමින් නැටීමත් සිදුවිය. දයිවයේ සරදමක් යැයි මා කීවේ එබැවිනි.
    අනුරාධපුර යුගයේදී අපේ එක් රජෙක් සිය පියාව වරිච්චි බිත්තියට තබා මැටි ගසා ඝාතනය කලේය.දැන් ඔබට පෙනේවි වනචාරි ජාතිය මොකාද කියා!!
    sorry for post this comment in a wrong place.

    ReplyDelete
  6. ප්‍රභා, ඔසාමා මොකා වුනත් මිනිහෙක් මරපු එක හොඳ යැයි සිතෙන්නේ අමනුෂ්‍යයෙකුට පමණි.

    අමු අමුවේ මිනිසෙක් මැරීම අනුමතක කරන අයට තුවක්කුව එල්ල වූ විට කතා කරන්නට කෙනෙක් ඉතුරුවී නැති වෙන්නට ඉඩ ඇත.

    ReplyDelete
  7. මේ article එක හොදයි දිනමින පත්තරේ පල කරන්න. බින් ලාඩන් ආයුදයක් අරන් එන කල් බලා ගෙන ඉන්නෙ නැතුව වෙඩි තිබ්බ එක ඇමරිකාව කරපු ලොකු වරදක්. බින් ලාඩන් මැරුනම ප්‍රීති ඝෝශා තිබ්බ එක ක්‍රිස්තියනි කමට ගලපෙන්නෙ නැති බව කියන්න කලින් ප්‍රභාකරන් මැරුනට පස්සෙ බහුතරක් බෞද්දයො වෙච්ච සින්හල මිනිස්සු කැවුම් කිරිබත් දන්සල් දාපු හැටි මතක් කර ගත්තොත් හොදයි.
    බින් ලාඩන් මැරුනෙ තනියම උනාට ප්‍රබාකරන් මැරුනෙ තනියම නෙමෙ. අහින්සක දෙමල මිනිස්සු දහස් ගනනක් අවසන් සටනෙදි මිය ගියා. අඩු ගානෙ ඒ මැරුන මිනිස්සු ගැන හිතල වත් අපේ මිනිස්සුන්ට ප්‍රීති ඝොශා නොකර ඉන්න තිබ්බ.

    ReplyDelete
  8. -එසේනම් ප්‍රභාකරන් මියගියදා වීදි බැස ජයඝෝසා කරමින් කිරිබත් කා බී ප්‍රීති වූ බහුතර බෞද්ධයන් වෙසෙන ශ්‍රි ලාංකික අපිද, අශිෂ්ඨ ජාතියක් බවට නිතැතින්ම පත්වෙනවා.

    ReplyDelete
  9. Janaka PriyadarshanaMay 7, 2011 at 8:08 AM

    ම්ලේචත්වය අතින් ප්‍රභාකරන් ලාඩන්ට වඩා සිය දහස් ගුණයකින් වැඩියි .ලාඩන් වගේ ඔහු සැගවිලා සිටිය තැන කාටවත් රහසක් උනේ නැහැ .යුද අවි ජාවාරම, මත්ද්‍රව්‍ය ,නොයෙකුත් අපරාද ,නීතිවිරෝධී ජාවාරම්, සම්බන්ධව ලෝකෙටම පිළිලයක් වුන ප්‍රභාකරන්ට ඇයි ඔබාමා මේ විදියට නොකළේ ,ලෙහෙසියෙන්ම කරන්න තිබුනා .නොකළේ ඔබාමට ප්‍රභාකරන් තර්ජනයක් නොවුන නිසාත් .ඇමෙරිකාව ස්ථාවර වී ලෝකය අස්ථාවර කිරීමට අසරණ කිරීමට ඔහු ඇමෙරිකාවට පිටුවහලක් වූ නිසාත්ය.රටක ස්වාධිපත්‍ය ,ගුවන් නීති ,අමුඅමුවේ උල්ලංගනය කරමින් යුද්දයකින් තොරව කල මේ කැත ක්‍රියාව හෙළාදකිමි . පකිස්ථානයේ මෙන්ම සෑම සිවිල් යුධ තත්ත්වයක්ම ඇති රටවල්වල ඒ පිටුපස ඇමෙරිකන් හස්තය මෙවැනි ක්‍රියා වලින් පැහැදිලිව පෙනෙන අතර ,සිවිල් යුද තත්ව ඇතිකර එවැනි රටවල් වලට මෙවැනි බලපෑම් කිරීම ගැන ඇමෙරිකාවේ ජරා ඉතිහාසය දන්නා අයට නොරහසකි ,මා සිතන අන්දමට ඇමෙරිකාවේ ක්‍රියාකලාපය ලාඩන් හෝ ප්‍රභා ගේ ක්‍රියාකලාපයට වඩා සුක්ෂම හා භයානකය මට පෙනෙන්නේ ඇමරිකාව යනු මතු පිටින් ඉතාම වර්ණවත්ව සැකසු හලාහල විෂ යෙදු කේක් ගෙඩියක් ලෙසයි.වළදන්නට පෙර දෙවරක් සිතන්න [. ප. ලි මගේ විරෝධය ජෙල්වන්සගේ විරෝධය වැන්නක් සේ නොසලකන්න .]

    ReplyDelete
  10. amerecawe debede peleweth keseseth anumatha kala nohaka.thasthawadaya lowa gela ganemata eda deya da nohaka. awagema mululowama muslem weyauthuya keyana anthwadenda lowen ewath kala uthjuwa atha. lowa aththau seyalu agam menesunta kamathe parede adahemata da aithiyak atha. eya muslim athulu seyalu anthawaden peligathauthuwa ath. nathnam ounagada wenashaya atha lagaya.aheth athe prashnaya nam anek ratawal wala sampath nsurakama nathara keremata seyaludena ekwemaya. ape balawath ratawala yatath waseyan noowe yanneya. http://petaratasetaleyame.blogspot.com/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා