Posts

Showing posts with the label ඔසාමා බින් ලාඩන්

නීතියට පිටින් කළ මිනිස් ඝාතන සම්බන්ධයෙන් බරක් ඔබාමා දෝෂාභියෝගයට ලක් කළ යුතු ය.නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය.

Image
(2011 මැයි 05,   W3Lanka )  ඔසාමා බින් ලාඩන් මරා දමන ලද මොහොතේ ඔහු සිටියේ නිරායුධව බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරයකු වන ජේ කාර්නි ඊයේ පිළි ගත්තේ ය. එසේ ම, බින් ලාඩන් ඉදිරියට පැමිණි ඔහුගේ යේමන් ජාතික තරුණ බිරිඳගේ කකුලකට වෙඩි තැබූ බව ද, ඇය මිය නො ගිය බව ද ජේ. කාර්නි පවසයි. කාර්නි මෙසේ පවසයි: "There was concern that bin Laden would oppose the capture operation, and indeed he did resist." ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමේ මෙහෙයුමට විරුද්ධ වනු ඇතැයි සිතූ මේ සීල්ස් නාවික හමුදා කණ්ඩායම කර ඇත්තේ ඒ මොහොතේ නිරායුධව සිටි ඒ මිනිසා වෙඩි තබා ඝාතනය කර මිනියත් රැගෙන හෙලිකොප්ටරයකින් ගොස් ඔසාමා ආදාහනය කළ තැන ස්මාරකයක් වනු ඇතැයි බියෙන් ඉස්ලාම් චාරිත්‍රවලට පටහැණිව ගල් ගැට ගසා මිනිය මුහුදට අත හැරීමයි. ඔසාමා ඝාතන මෙහෙයුම තමන් පෞද්ගලිකව ම මෙහෙයවූ එකකැයි පාරම් බාන එක්සත් ජනපද ජනාධිපති ඔබාමා අපරාධකරුවකු බව තමන්ගේ ම සාක්කියෙන් ඔප්පු වෙයි. මෙම ඝාතනය වචනයේ පරිසමාප්ත අරුතින් ම නීති විරෝධී මරණීය දණ්ඩනයකි. නීතියට පිටින් කරන ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ මැදිහත්කරු පිලිප් ඇල්ස්ටන් වහා මේ පිළිබ...

ඔසාමා බින් ලාඩන්ගේ මළ සිරුරේ යයි කියන ව්‍යාජ ඡායාරූපය

Image
(2011 මැයි 03,   W3Lanka )  ඔසාමා බින් ලාඩන්ගේ මළ සිරුරේ ඡායාරූපය ලෙස ප්‍රචාරය වෙමින් ඇති සේයාරුව හැදුණේ මෙසේ ද? එසේ නම් මේ ඡායාරූපය හැදූ අයට මීට වඩා හොඳ ෆොටෝෂොප් කලාකරුවකු සොයා ගන්නට බැරි වී ද? වසර ගණනක සිට අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වෙමින් ඇති බව කියන මෙම සේයාරුව Mail, Times, Telegraph, Sun සහ Mirror වැනි ජාත්‍යන්තර වෙබ් අඩවි විසින් ඔසාමාගේ මරණින් පසු මළ සිරුරේ ඡායාරූප ලෙස යොදා ගැනීම ‍හේතුවෙන් ආන්දෝලනයක් ඇති විය. ඔසාමාගේ මළ සිරුරේ සේයා රූ නිල වශයෙන් නිකුත් කිරීමට එක්සත් ජනපද හමුදා මේ මොහොත වන විටත් තීරණය කර නැත. . මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න