රණවිරු රියල් ස්ටාර් කවුරු ද?

(උපුටා ගැනීම දිනමිණෙනි.) ලොව ඉහළ ම ආකර්ෂණය දිනාගත් හා වැඩි ම ත්‍යාග ප්‍රමාණයක් ලබා දුන් ප්‍රථම හා විශාල ම “මිලිටරි – රියලිටි” මහා සංගීත ප්‍රසංගය ඊයේ රාත්‍රියේ කොළඹ දී පැවැත්විණි. රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමකින් යුතු ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමුණු මේ තරගය සඳහා එස්. එම්. එස්. පණිවුඩ ලක්ෂ ගණනක්ද ලැබී තිබිණි.


වැඩි ම කෙටි පණිවුඩ ලැබු සංදර්ශනය හා තරගය ලෙස ද “මිලිටරි රියලිටි” ප්‍රසංගය ඉතිහාස පොතට එක් ව තිබේ. ලෝකයේ රටවල් සිය ගණනක් ඊයේ (29) අන්තර් ජාලය හරහා මෙම රණවිරු රියල් ස්ටාර් නැරඹූහ. ඊයේ අවසන් තරගයට පෙර පැවැති තරගවලදී තරගකාරී රණවිරුවන් කේටියක පමණ කෙටි පණිවුඩ ලබාගෙන තිබුණි. ලෝකයේ මෙවැනි විශාල කෙටි පණිවුඩ ප්‍රමාණයක් ලබාගත් ප්‍රථම වැඩසටහන ලෙස රණවිරු රියල් ස්ටාර් වාර්තාගත වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කීය.


සෑම තරගකරුවකුටම කෙටි පණිවුඩ ලක්ෂ තුනකට වඩා ලැබී තිබුණි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මැතිනිය, මැති ඇමැතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෙසු ආරක්ෂක නිලධාරීන්ද රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු තුන්දාස් පන්සියයක පමණ පිරිසක් එම අවස්ථාව නැරඹීමට එක්ව සිටියහ.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ආරම්භ විය.


ත්‍රස්තවාදය පරාජය කර ගිනි අවියට විරාමයක් තැබූ රණවිරුවන්ට ඔවුන්ගේ සෙසු හැකියාවන් උරගා බැලීමට අවස්ථාවක් ලබාදීමේ විවිධ වැඩසටහන් ආරම්භ විය.එහි ප්‍රථම වැඩසටහන මෙම රණවිරු රියල් ස්ටාර් වැඩසටහනයි. එය ආරම්භයේදී උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඇතුළු ත්‍රිවිධ හමුදාවට අයත් දිවයිනේ සියලුම කඳවුරුවලින් රණවිරුවන් විසි දෙදහසක් පමණ සහභාගී වූහ.


අවසන් තරගයේදී ජයග්‍රහණය කරන මෙන්ම මෙම තරගයට සහභාගි වූ රණවිරුවන්ට ඉදිරියේදී විදේශ රටවලින් සංගීත සංදර්ශනවලට ආරාධනා ලැබුණහොත් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත ඊට සහභාගී වීමට අවස්ථාව සැලසෙන බවද ලක්ෂ්මන් හුළුගල්ල මහතා කීය.


(මෙම ලේඛකයා රූපවාහිනිය නරඹන්නේ කලාතුරකින් නිසා මෙවැනි දැවැන්ත වැඩසටහනක් ඊයේ ලංකාවේ පැවති බව දැන ගන්නට නො ලැබිණි. මෙම තරගයේ ප්‍රතිඵල සොයා ගැනීමට අන්තරජාලය හරහා දැරූ උත්සාහය අසාර්ථක විය. ‍රජයේ වෙබ් අඩවියක හෝ මෙම තරගයේ ප්‍රතිඵල අද උදෑසන අට වන විටත් දක්නට නො ලැබිණි. බොහෝ රාජ්‍ය මාධ්‍යවලට මෙම ඓතිහාසික ප්‍රසංගය පුවතක් හෝ වී නො තිබිණි. ප්‍රතිඵල දන්නා අය මෙහි සටහන් කරන්න.)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. 1. Jackson Anthony
    2. Edward JAyakody
    3. Champa Kalhaari Jayasekera

    ReplyDelete
  2. Dear friend add ur blog http://www.lankeeya.info/

    ReplyDelete
  3. මට ආරංචි විදියට වැඩේ නැගල ගිහින් තියෙනවා එස්එම්එස් කවුන්ට් එක බැලුවාම.

    සැබෑ ජයග්‍රාහකයෝ තමයි ඩිජිටල් මොබයිල් ඛැරියර්ස් ලා, ඇඩ් කොම්පැන්වල කෂ්ටිය.

    හොද උත්තේජකයක් ආර්ථිකයට.

    හැබැයි මේ කෝටි ගනං සල්ලි සහ ලාභ සේරම ගෙවන්නේ පාරිභෝගික අපිම තමයි.

    ReplyDelete
  4. Commander (navy) Damian Fernando won the title

    ReplyDelete
  5. ඇයි අළුත් නෑකමකුත් හොයාගත්තේ????

    ReplyDelete
  6. Jackson was the one and only winner.

    He got special award for his finding that MR is a relative of Lord Buddha...Sadhu Sadhu Sadhu

    ReplyDelete
  7. නිදි මරාගන "මහා සිංහලේ වංශ කතාව" බලපු මට ඇට දෙක හපාහන මැරෙන්න හිතුනා ජැක්සන් ඇන්තනි මේකෙදී මහින්ද රාජපක්ෂ බුදුහාමුදුරුවන්ගේ ලේ නෑයෙක් කියලා කිව්වහම"

    ReplyDelete
  8. ලෝකෙ වැඩිම ? මුන්ට අමු කැවිලද, american idol වගේ ඒවට ඔය වගේ සිය ගුනයක sms votes හම්බෙනව

    ReplyDelete
  9. මෙහෙම ජෝක් එකකුත් ලංකාවෙ තිබ්බද ?

    ReplyDelete
  10. http://www.divaina.com/2011/05/31/news22.html

    ReplyDelete
  11. http://www.dinamina.lk/2011/05/31/_art.asp?fn=n1105317

    ReplyDelete
  12. ලගදිම එනවා හොරුන්ගේ මංකොල කාරයන්ගේ රියලිටි ශෝඑක
    මර්විය ගියොත් number 1 තමා...lol

    ReplyDelete
  13. ජයග්‍රහණයට ලොකුම සුදුසුකම ගායන හැකියාවම නොව කාන්තාවක් වීමයි........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා