රණවිරු රියල් ස්ටාර් කවුරු ද?

(උපුටා ගැනීම දිනමිණෙනි .) ලොව ඉහළ ම ආකර්ෂණය දිනාගත් හා වැඩි ම ත්‍යාග ප්‍රමාණයක් ලබා දුන් ප්‍රථම හා විශාල ම “මිලිටරි – රියලිටි” මහා සංගීත ප්‍රසංගය ඊයේ රාත්‍රියේ කොළඹ දී පැවැත්විණි. රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමකින් යුතු ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමුණු මේ තරගය සඳහා එස්. එම්. එස්. පණිවුඩ ලක්ෂ ගණනක්ද ලැබී තිබිණි. වැඩි ම කෙටි පණිවුඩ ලැබු සංදර්ශනය හා තරගය ලෙස ද “මිලිටරි රියලිටි” ප්‍රසංගය ඉතිහාස පොතට එක් ව තිබේ. ලෝකයේ රටවල් සිය ගණනක් ඊයේ (29) අන්තර් ජාලය හරහා මෙම රණවිරු රියල් ස්ටාර් නැරඹූහ. ඊයේ අවසන් තරගයට පෙර පැවැති තරගවලදී තරගකාරී රණවිරුවන් කේටියක පමණ කෙටි පණිවුඩ ලබාගෙන තිබුණි. ලෝකයේ මෙවැනි විශාල කෙටි පණිවුඩ ප්‍රමාණයක් ලබාගත් ප්‍රථම වැඩසටහන ලෙස රණවිරු රියල් ස්ටාර් වාර්තාගත වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කීය. සෑම තරගකරුවකුටම කෙටි පණිවුඩ ලක්ෂ තුනකට වඩා ලැබී තිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මැතිනිය, මැති ඇමැතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෙසු ආරක්ෂක නිලධාර...