අධ්‍යාපන ඇමති බඩුත් එක්ක ම මාට්ටු

(2011 මැයි 06, W3Lankaශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිපාලනය යනු අවුල් ජාලයකි. සුදුසුකම් රහිතව දේශපාලන අනුග්‍රහය මත වැඩ බලන නිලධාරීන්ගෙන් හා ඊනියා දේශපාලන පළි ගැනීම් මුවාවෙන් පරිපාලන නිලධාරි පත්වීම් ලද නිලධාරීන්ගෙන් සමන්විත එය රටේ අධ්‍යාපනයේ පරිහාණියට ප්‍රධාන හේතුවකි. 


අධ්‍යාපන කාර්යාල බොහොමයක අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගෙන් ඵලදායී සේවයක් ඉටු වන්නේ නැත. බොහෝ කාර්යාලවල ඔවුන්ට හරි හමන් පුටුවක්, මේසයක් හෝ රාජකාරි සඳහා ගුරුවරුන් හමු වීමේ පහසුකම් නැත. 


ඒ අතර ම අධ්‍යාපන පරිපාලන සේවයේ පහළ ශ්‍රේණිවල පුරප්පාඩු රැසක් ඇති බව ද කියැවේ. 


අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා අයදුම්පත් කැඳවන ලදී. විභාග ගාස්තුව රු. 1000කි. ගුරුවරුන් 50,000කට වඩා මෙම විභාගයට අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. එවිට විභාගය හොඳ ආදායම් මාර්ගයක් වේ.


එහෙත්, අධ්‍යාපන අමාත්‍යංශය මෙම විභාගය පවත්වන්නේ හුදෙක් ආදායම් මාර්ගයක් ලෙස පමණක්දැයි සැක සිතෙන තත්වයක් මතු වී තිබේ. 


අධ්‍යාපන පරිපාලන සේවයේ තෙවැනි ශ්‍රේණියේ තනතුරුවල වැඩබලන නිලධාරීන් හත්සියයක්‌ එම තනතුරුවල ස්‌ථිර කරන ලෙස ඉල්ලමින් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය.  


එම ඉල්ලීම පිළිබඳ සොයා බැලීම පිණිස පත් කරන ලද කැබිනට්‌ අනුකමිටුවේ කරුණු පැහැදිලි කිරීම මත කැබිනට්‌ මණ්‌ඩලය එම කැබිනට් පත්‍රිකාව ප්‍රතික්‍ෂේප කර ඇත.


වැඩබලන නිලධාරීන් එම තනතුරුවලම ස්‌ථිර කිරීම සේවා ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ මෙන්ම වැරැදි පූර්වාදර්ශයක්‌ බවද කැබිනට්‌ මණ්‌ඩලයේ අදහස වී ඇත. අධයාපන පරිපාලන සේවයට අලුතින් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම ද මෙහිදී අවධානයට ලක් වී තිබේ. 


ඇමති බඩුත් සමග ම මාට්ටු ය. ඔහු මේ රටේ අධ්‍යාපනය පරිපාලනය කරන්නට යන්නේ ඔහොම ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අහෝ ඛේදයකි!පොල් පොට් ද සෙකන්ඩ් නොහොත් මහා ජන ඝාතක ඔසාමා බින් ලාඩන් ගොයියා යන ලෝකයට ගියේය.!මෙම ජන ඝාතකයා ගැන -ඔහුගේ මානුෂික අයිතිවාසිකම් ගැන දැන්,
    මෙදෙස් විදෙස් අය කතා කරන්නේ හරියටම අපේ එහා ගමේ පින් හාමි කෑම වැඩිවී උගුරේ හිරවී මැරුනු වේලේ අනේ අපොයි කිය උන්දැගේ මායියා වැලපුනු ලෙසය.
    බින් ලාඩන් ජන ඝාතකයාගේ ක්‍රියා මෙන්න
    1.ගුවන් යානා 2 ක් ඇමරිකාවේ වෙළඳ මධ්‍යස්ථාන ටවර් එකට හප්පා ජාතීන් 30 කට
    අයත් සිවිල් වැසියන් 3000 පමන ඝාතනය කිරීම
    2.කෙන්යාවේ ඇමරිකානු තානාපති කාර්යාල සංකීර්නයට ප්‍රහාර එල්ල කොට 100 ගණනක් මිනිස් ඝාතන සිදු කිරීම
    3.ඉරාකයේ ඇමරිකානු හිතවාදි පලනයට එරෙහිව බෝම්බ පුපුරුවා සිවිල් වැසියන් ලක්ස ගනනින් ඝාතනය කිරීම
    4.ලොව පුර ජන ඝාතක කල්ලි මෙහෙයවීම හා ඔවුන් පුහුනු කිරීම
    5.ඝාසාවේ Gaza හමාස් Hamas නැමැති අන්තවාදි මුස්ලිම් පාලක කල්ලියට අවශ්‍ය ජන ඝාතක කල්ලි,ඇෆ්ගනිස්තානයේ කඳවුරු තුල පුරුදු පුහුනු කිරීම.
    බින් ලාඩන් ඝාතනය කිරීම ගැන ඇමරිකාව හා පකිස්තානය මොනවා ප්‍රකාශ කළත්, පකිස්තානයේ ඉහලම මිලිටරි ඇකඩමියට ගල් ගහන දුරකින් පිහිටි සුව පහසු මන්දීරයක සිය බිරියන් 9 නා හා දරුවන් 19 දෙනාද සමඟින් වසර 3 ක් පමන හැංගී සිටියාය යන්න පිළිගැනීමට අමාරු කරුනකි.
    මෙයින් ගත හැකි එකම පාඩම නම් විවිධ රටවල බුද්ධි අංශ ඉතාම සූක්ෂම අයුරින් කටයුතු කරන බවය යන්නයි!
    ඔසාමා මැරුනු වේලේ ඇමරිකානුවන් ජය පැන් බීම නිසා ඔවුන් කිතුනු දහමට අයත් වනචාරි ජාතියක් බව කීම දයිවයේ සරදමකි!වාර්තා වන පරිදි ඔසාමා ඇමරිකාවට
    විරුද්ධව වරින් වර බොරු කයිවාරු ගසමින් තම බරින්දෑවරුන් සමඟ කම් සැප විඳිමින් පසුගිය වසර 3 ක් පමන කාලයක් තුලම මෙහි සිටියේය.! ඇමරිකානූන් එතැනට කඩා වදින විට ඔසාමා සිටියේ නිරායුධවය.!ඇමරිකානු හමුදා භටයෝ ඔහුගේ බිරියන්ට හෝ දරුවන්ට හෝ ජීවිත හානි හැකි තරම් දුරට අවම වන පරිදි ( එක්
    බිරියකගේ කකුලට වෙඩි වැදුනා පමනි ) කිරීමට කටයුතු කලහ.ඒ ක්‍රිස්තියානි ඇමරිකාවේ භටයන්ය!!
    ඇමරිකානුවන් කිරිබත් කෑ බව හෝ රබන් ගැසූ බව හෝ වාර්තා නොවිනි.
    හැබැයි ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්, ඔහුගේ පවුලේ අය සෙසූ අය මියගිය පුවත පලවුනු විට ලංකාවේ හන්දියක් හන්දියක් පාසා කිරි බත්කෑමත්,රතිඤ්ඤා පත්තු කිරීමත් රබන් ගසමින් නැටීමත් සිදුවිය. දයිවයේ සරදමක් යැයි මා කීවේ එබැවිනි.

    අනුරාධපුර යුගයේදී අපේ එක් රජෙක් සිය පියාව වරිච්චි බිත්තියට තබා මැටි ගසා ඝාතනය කලේය.දැන් ඔබට පෙනේවි වනචාරි ජාතිය මොකාද කියා!!

    ReplyDelete
  2. මේ ඇනෝ නංගී ගේ තර්කය මට නං පැහැදිලි නෑ. පොඩ්ඩක් කන්ට්‍රැඩික්ටරි විතින් නේද?

    ReplyDelete
  3. Mun okkoma baduth ekka horu thama..kiyannath deyakada? Un tika "Bin Kundanawa" natawanawa...eeta passe yanawa...anika enawa...ayith "Bin Kundo" natanwa...U hemadama inne gula ethule...hithanne ascharya genath denawa kiyala...

    ReplyDelete
  4. snoge kathawa hari.e wunath api waradidh naha wink

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා